How to Root Samsung Galaxy Ace GT-S5830

Samsung Galaxy Ace (එසේත් නැතිනම් සමහර අය Samsung Galaxy Cooper ලෙසද මෙම දුරකථනය හඳුන්වයි) යන දුරකථනය සැම්සුන්ග් සමාගම විසින් නිපදවනු ලබන, එහි ක්‍රියාත්මක වනු ලබන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. මෙම දුරකථනය වෙළඳපොළට නිකුත් කරනු ලැබූවේ 2011 වර්ෂයේදීයි. මෙම ගැලක්සි ඒස් දුරකථනයේ 800MHz Qualcomm MSM7227 ප්‍රොසෙසරයක් Adreno 200GPU එකක් සමඟින් අඩංගුව ඇත.

මෙම ගැලක්සි ඒස් දුරකථනය 3.5G ස්මාර්ට් ජංගම දුරකථනයකි. මෙම දුරකථනයේ GSM සහ HSDPA (900/2100) යන සංඥා පරාසයන් දෙක තුලම ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇත. මෙහි TFT LCD තිරයක් ඇති අතර එය අඟල් 3.5ක් වේ. තිරයෙහි ආරක්ෂාවට මෙම තිරය පැමිණෙන්නේ Gorilla Glass යන තිර ආරක්ෂක සබැඳියත් සමඟිනි. LCD ෆ්ලෑෂ් එකක් සමඟින් මෙගා පික්සල් 5ක කැමරාවක් මෙම දුරකථනයේ පිහිටා ඇත. මෙම දුරකථනයේ බැටරිය 1250 MAh Li-Ion බැටරියක් වේ.


සැම්සුන්ග් ගැලක්ස් ඒස් දුරකථනය රූට් කරන අයුරු:

• මෙහි බාගත කරගැනීමට ලබාදී ඇති ගොනුව බාගත කරගෙන, ඉන්පසුව එය ඔබේ දුරකථනයේ SD කාඩ් එකට හෝ, නැතිනම් දුරකථනයේ ඇතුලාන්ත (internal) මතකයට copy කරගන්න. (බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න).
• ඔබේ ගැලක්සි ඒස් දුරකථනය ක්‍රියා විරහිත කරන්න.
Home+Power යන බොත්තම් දෙක එකවර ඔබාගෙන සිටීම මඟින් CWM recovery mode වෙතට පිවිසෙන්න.
"install zip from sdcard" යන්න තෝරාදෙන්න.
"Root_Cooper.zip" යන්න තෝරා, එය තහවුරු කර දෙන්න.
• ඉන්පසුව Reboot system යන්න ලබාදෙන්න.

දැන් ඔබගේ දුරකථනය රූට් වී තිබෙනු ඇත. 

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.