ads.txt

ads
Showing posts with label Tricks. Show all posts

HOW TO FIX SINHALA FONT ISSUE IN KALI LINUX

කාලි ලිනක්ස් වල සිංහල පේන්නේ නැති එක හදගමු

Mostly if someone installed newly Kali Linux to your pc or laptop now a day huge problem is the how i can see the sinhala unicodes which using in internet. 


Mostly if someone installed newly Kali Linux to their PC or Laptop, now a days huge problem is how i can see the sinhala unicodes which using in internet. 
 
So, i'm here to help you out. Nothing to do. Just need to download one file and run little bit of codes only. Ok then, we start the thing.
 
  • Firstly you have to make a root access account. For that:,
    1. Open the "Terminal Emulator".
    2. Type sudo -i and enter 
    3. Type your current profile password and press Enter
    4. After typing password it will show new account
    5. Type passwd root and press enter
    6. Then it will ask you give a new password. Type a new Password and press enter.
    7. Enter the same password which you used before.
    8. If you did correctly above steps then you can see on the terminal its saying "password updated successfully".
    9. Log out from current account
    10. From login page for the USERNAME you have to type root and then enter your password which we created before using terminal.

  • Click here to download the font file and after download open the file location which the file downloaded.

  • Then open the terminal and type these commands.
    1. xdg-open /usr/share/fonts
    2. After typing above code press Enter button.
    3. Then it will open another folder.
    4. Copy the file which you downloaded before to newly open window.
  • Now, All done. Try to refreshing the page which you facing trouble.
     
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Android L (5.0) - Launcher, Apps, Keyboard APK, Wallpapers, Fonts, System


ඇන්ඩ්‍රොයිඩ් එල් මෙහෙයුම් පද්ධතියේ  හැඩය ඔබේ දුරකථනයටත් ලබාගන්න.

RAR ගොනුවකට පාස්වර්ඩ් එකක් දාන හැටි.


මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි, අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්.

1. මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න.  

2. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න. 

3. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.  

4. ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න.  ඊට පස්සේ වැඩේ හරි. 

දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න. 



දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.


දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න. 


දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.



IDM එකෙන් බෑවත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න

 
ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 

ඉතිං මේකෙ නම තමයි IDM Optimizer. මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. ගොඩක් දේවල් නම් කරන්න නෑ.

01. පහළින් දීල තියෙන link එක පාවිච්චි කරලා software එක බාගන්න.

02. RAR file එක Extract කරගන්න.

03. දැන් IDM එකෙන් Download වෙන්න දාල තියෙන ඒවා cancel කරලා, IDM එක Task bar එකෙනුත් අයින් කරන්න. කොටින්ම කීවොත් දැන් IDM එක ඔයාගෙ PC එකේ වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.

04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.

05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න. 

06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.

මම පොරොන්දු වෙන්නෙ නෑ මේකෙන් ඔයාගෙ දැනට තියෙන speed එක දෙගුණයකින් වැඩිවෙනවා කියලා.. හැබැයි 150%ක් විතර අනිව වැඩිවෙනව හොඳේ. 

පහළින් ගැජට් එක බාගන්න.


ජනෙල් හත ඇපල් සිංහයෙක් කරගන්න


ගොඩක් අයට තියෙන අවුලක්නේ කොහොමද තමන්ගේ Desktop එක, Computer එක ලස්සන කරන්නේ කියලා. තවත් සමහරුන්ට ඕනි දැනට තියෙන හොඳම OS එකෙන් වැඩ කරන්න. ඒ වගේම මට තිබුනු ප්‍රශ්ණයක් තමයි Apple Mac OS එකට ඇපල් පරිගණකයක් නැතිව වෙන එකකට දාගන්න බැරිද කියලා. ඔහොම ඉද්දී ඉතිං පොඩ්ඩක් නෙට් එකේ දගලද්දී හම්බවුනා Windows 7ට මේ වැඩේ දෙන්න පුලුවන් එකක්. ඒ කියන්නේ Windows 7 වලට අලුතෙන් ආපු Mac OSX OS දාන්න පුලුවන්.

ඇත්තම කීවොත් මමත් දාගෙන බලපු නිසයි කියන්නේ. සිරාවටම මරුයි හොඳේ. ඔන්න යටින් දානවා මගෙ Desktop එකේ screen shot එකක්.

පින්තූරය විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න
කොහොම හරි ඉතිං මේකෙ රොකඩ් ඩොක්ස් සහ ගැජට් ගොඩකින් පිරිල තියෙනවා. 

මේක ගැන ඉතිං කියන්නනම් ගොඩක් දේවල් නෑ. මොකද මේක Install කරන්න උනත් ලේසයි. Install කරල ඉවර වුනාට පස්සේ Reboot කරන්න අහයි. ඊට පස්සේ OK දීලා Reboot කරන්න. එතකොට හරි. 

එහෙනම් ඔන්න පහලින් බාගන්න හොඳේ.




අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.


ගොඩක් අයට එන ප්‍රශ්ණයක්නේ මේ ඉන්ටනෙට් එකේ වේගෙ මදි එක. හැබැයි ඉතිං ඒකට තමන්ගෙ පරිගණකයෙත් හොඳ හැකියාවන් තියෙන්න ඕනි. නැත්නම් මෙලෝ රහක් නැති කම්පියුටරයක් තියාගෙන නෙට් ස්ලෝ කිය කිය හිටියට වැඩ හරියන්නෙ නෑ. කොහොම හරි අද කියල දෙන්න යන්නේ පොඩිම පොඩි දෙයකින් 20%ක් අපේ ඉන්ටනෙට් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.


1. මුලින්ම “gpedit.msc” කියන එක පෙරළි කොමා නැතිව Start → Run හෝ Start → Search වල type කරලා ඒකට පිවිසෙන්න.

2. ඊට පස්සේ Computer Configuration → Administrative Templates → Network → QoS Packet Scheduler කියන පිළිවෙලට යන්න.

3. ඊට පස්සේ ඔයාට පෙනෙයි “Limit Reservable Bandwidth” කියල එකක් තියෙනවා. අන්න ඒක Disable කරලයි තියෙන්නේ. ඉතිං ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ එන windows එකේ Enable කියන එක ක්ලික් කරලා Bandwidth Limit % කියන තැනට "0"(බිංදුව) ලබා දෙන්න.

වැඩේ කරල ඉවරවෙලා ක්ලෝස් කරන්න. දැන් වැඩේ ගොඩ.


ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය ඔබේ අතේ..


ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
01. තිරයේ දීප්තිමත් බව සකසන්න (Screen Brightness)
තිරයේ එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ දීප්තිමත් බවට ගොඩක් වෙලාවට චාර්ජ් එක වැයවෙනවා වැඩියි. ඉතිං ඔයාට පුලුවන් ඉර එළිය හෝ වැඩි දීප්තිමත් තැනක් ඇති තැනක ඔයා වැඩ කරනවනම් දීප්තතාව නැත්නම් Brightness එක 10% වගේ සකසන්න. ඒ වගේම තමයි ඔයා වෙන වැඩක් කරන්නෙ නැතිව සිංදු විතරක් අහනවනම් ඔයාට පුලුවන් Screen එක වහලා දාන්න. ඒ කියන්නේ අපි desktop පරිගණක පාවිච්චි කරද්දී ඔය සිංදු දාල කොහාට හරි යද්දී Monitor එක off කරලා යන්නේ. අන්න ඒ වගේ ලැප්ටොප් පාවිච්චි කරන අයටත් පුලුවන් Screen එක off කරන්න. ඒකට තියෙන්නේ පොඩිම පොඩි ගැජට් එකක්. මෙතන click කරලා ගැජට් එක බාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා වැඩක් කරන්නෙ නැති වෙලාවට ඒ software එක open කරන්න විතරයි. එතකොට Display එක off වෙනවා. මවුස් එක හරි යතුරු පුවරුවේ අකුරක් හරි එබුවනම් ආයෙත් screen එක on වෙනවා. මේ වැඩේ power saver දාලත් පුලුවනි. නමුත් මේකෙන් මුලු screen එකට එන මුලු power එකම නවත්වනවා. 

02. වැඩකට නැති පරිගණකයේ ඉබේම ක්‍රියාත්මක වන වැඩසටහන් නවත්වන්න
සමහරක් software තියෙනවා windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන්. ඉතිං මේවාගෙන් බොහොමයක් දේවල් වැඩකට නැති දේවල්. ඒ කියන්නේ එතරම් අවශ්‍ය නැති දේවල්. අවශ්‍ය උනාම විවෘත කරගන්න පුලුවන් දේවල්. මොකද මේ වැඩකට නැති දේවල් මඟින් ප්‍රොසසර් එකේ වේගය සහ රැම් එකේ ධාරිතාවය වැඩි වෙනවනේ. එතකොට ඒවාට බොරුවට වැයවෙන charge එක රැකගන්න පුලුවන් ආරම්භයේදීම ඒ වැඩසටහන් ඉවත් කිරීම මඟින්.

03. අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති වෙලාවට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න
සමහරක් වෙලාවට මේ අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්භන්ථය හේතුවෙන් පරිගණකයේ චාර්ජ් එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දුරට මේ හේතුව වෙන්නෙනම් Wireless අන්තර්ජාල සම්භන්ධතාවය පාවිච්චි කරන අයටයි. මොකද Wi-Fi  හේතුවෙන් මේ කනෙක්ෂන් එකට වැඩි බලයක් ලැබෙනවා. ඒ මොකද කියල දන්නවනේ. කනෙක්ෂන් එක search වෙද්දී වැඩි බලයක් ලබා ගන්නවනේ. ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා වෙන වැඩක යෙදිල ඉන්නවනම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.

04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න
මේක කියන්නේ Touch pad පාවිච්චි කරන අයට. ඔයත් ටච් පෑඩ් පාවිච්චි කරන කෙනෙක්නෙම් වෙනත් මවුස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ Wireless mouse පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගෙ පරිගණකයේ ආරෝපණය අඩුවෙනවා. ඒ වගේම මේකනම් හැමෝටම වැදගත්. ඔයා ඔයාගෙ පරිගණකය පෞද්ගලිකව සාමාණ්‍ය වැඩ කටයුතු සඳහා යොදාගන්නවානම් එක CD/DVD Drive එකක් හැර වෙන එකක් සම්භන්ධ කරන්න එපා. මොකද ඒකටත් චාර්ජ් එක ගොඩක් වැයවන නිසා. හැබැයි ඉතිං ඒක කිව්වේ සාමාණ්‍ය පාවිච්චි කරන අයට හොඳේ. මොකද CD SHOP කරන අයටනම් ඒ කියමන හරිනෑ. අනික CD SHOP කරන අය ලැප් වලින් CD/DVD Write කොරන්නෙත් නෑනේ. :D ඉතිං කොහොම හරි මේ වැඩුපුර තියෙන ports,, drivers කොහොමද Disable කරන්නේ කියලත් කියල දෙන්න ඕනිනේ. පශළ පින්තූරෙ විදිහට Device Manager වලට ගිහින් පෙන්නලා තියෙන විදිහට වැඩේ කරගන්න. Device manager එකට යන්නේ Computer ---> Right Click ---> Manage ඔන්න ඔහොමයි.


05. Power Plans සකසා ගන්න
වින්ඩෝස් වල Control Panel වල තියෙන Power Saving Plans කියන එක පාවිච්චි කරලා ඔයාගෙ ලැප්ටොප් පරිගණකයේ චාර්ජ් එක ඉතුරු කරගන්න පුලුවන්.


ඒ වගේම Advanced Power Setting පාවිච්චි කරලා ඔයාට පරිගණකයේ යම් යම් දේවල් පවතින්න අවශ්‍ය වේලාවන් සකසා ගන්න පුලුවන්. මේ වේලාවන් සකසද්දී පුලුවන් අඩුම ඒ කියන්නේ අවම උපරිමය වෙලාව දාන්න උත්සාහ කරන්න.


06. Battery Optamizer Software එක පාවිච්චි කරන්න
Battery Optamizer කියන්නේ බැටරියේ ආයුෂ කාලය සහ පැවැත්ම සකසලා දෙන තවත් හොඳ මෘදුකාංගයක්. මේකෙන් ඔයාගෙ බැටරිය හොඳට පාවිච්චි කරන්න පුලුවන්. මේකෙ තියෙන Analyze කිරීම මඟින් ඔයාගෙ බැටරිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, ඔයා බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට යොමුවෙන්නත් ඉඩ සලසලා දෙනවා. සාමාන්නියෙන් මේ ඇනිලයිස් වීමට විනාඩි දහයක් විතර වැයවෙනවා. ගැජට් එක මෙතන ක්ලික් කරලා බාගන්න.

එහෙනම් ඉතිං හොඳට ලැප් එක පාවිච්චි කරන්න හොඳේ.. මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.

BuySellAds site එකෙන් ලේසියෙන්ම Approve කරගන්න.



ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ BuySellAds ඇයි එයාලගේ sites ඇතුලු කරගන්නෙ නැත්තේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලා දාපු තමන්ගේ බ්ලොග් එකෙන් සල්ලි හොයාගන්නේ මෙහෙමයි කියන post එකේ මේක මම අඩංගු කරල තිබුනා. ඉතිං මට ගොඩක් අය කිව්වා මේක වැඩ කරන්නෙ නෑ කියලා. අන්න ඒක නිසා මට හිතුනා ඇයි එහෙම කරන්න හේතුව කියලා ඔයාල හැමෝටම කියල දෙන්න. ඒ වගේම පහළ මම දීල තියෙන ක්‍රම සියල්ල තියෙනවනම් ඔයාලගේ සයිට් එකට ලේසියෙන්ම buysellads ඇප්රූ කරගන්න පුලුවන්.






01. ඔයාගෙ site එකේ domain එක අනිවාරයෙන්ම හොඳ තත්වයේ එකක් විය යුතියි. (උදාහරණ - www.yourname.com)


02. ඔයාගෙ site එක හොඳ තත්වයෙන් යුතු හොඳ නිමාවකින් යුතු එකක් වෙන්න ඕනි. කොටින්ම කීවොත් හොඳට active ගතියක් තියෙන්න ඕනි.


03. අඩුම ගානෙ ඔයාගෙ site එකේ post 100ක්වත් තියෙන්න ඕනි.


04. කිසිම වැඩිහිටියන්ට පමණක් සීමා වූ දෙයක් අඩංගු වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට ඒවා තිබුනොත් ප්‍රශ්ණ ඇතිවන නිසා ඒවා නොතිබුනොත් ඔයාලගේ ඉල්ලීම තවත් ටිකක් හොඳට සලකා බලනවා.


05. මෙතන තමයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ. මොකද ඔයාගෙ site එක අනිවාරයෙන්ම English වලින් ලියල තියෙන්න ඕනි. මොකද එයාල කියල තියෙනවා එයාලට තවමත් පහසුකම් නෑලු අනික් භාෂා සමඟ වැඩ කරන්න. (sorry, we’re just not able to provide support in other languages right now)


06. ඔයාගෙ site එකේ වැඩක් නැති ads හෝ විශ්වාස කරන්න බැරි ads තිබුනොත් ඔවුන් කියන විදිහට ඔවුන් ඔයාගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.


07. මෙයාල තව දෙයක් කියනවා. ඒක තමයි මොවුන් ගොඩක්ම ඇප්රූ කරන්නේ tech / web design / development / freelancer කියන දේවල් අඩංගු වෙලා තියෙන සයිට්ස්ලු. මොකද ඒවටලු දෙන්න ඇඩ්ස් ගොඩක්ම තියෙන්නේ.


08. තව නොයෙකුත් extensions , widget ආඳියෙන් ඔයාගෙ සයිට් එකේ යම් යම් errors ඇති වෙලානම් ඒවටත් දෙන්නෙ නෑ කියල කියනවා.


ඉතිං මේවා තමයි දැනට සපුරගන්න ඒනි අවශ්‍යම දේවල්. මීට අමතරව තියෙනවනම් කරුණාකරලා comment කරලා අනිත් අයටත් එක්ක දැනගන්න කියන්න කියලා ඉල්ලනවා. අලුත් post එකකින් හම්බවෙමු.



කැරැක්ටර් මැප් එකට අපි කැමති අලුත් කැරැක්ටර්ස් එකතු කරමු! අත්සන උනත් පහරටම හදාගන්න.





වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී හමුවන කැරැක්ටර් මැප් යනු අක්ෂර සහ සංඛේත ගබඩා කරල තියෙන ඇප්ලිකේෂන් එකක්. මේකෙ විවිධ භාෂාවලට අයිති අකුරැ, සංඛේත, හැඩතල ආඳිය තියෙනවා කියලා ඔයාල දන්නවනේ. Start ---> All Programs ---> Accessories ---> System Tools ---> Character Map ඔස්සේ කැරැක්ටර් මැප් වැඩසටහන අපිට විවෘත කරගන්න පුලුවන්. නැත්නම් ඉතිං ලේසියෙන්ම යන්න පුලුවන් Character Map කියලා Search Box එකේ ගැහුවනම්. ඉතිං මේ වැඩසටහන open උනාට පස්සේ අපිට ඕනි කරන character එක copy කරගෙන MS Word වලට හරි නැත්න්ම් වෙන මොනයම් software එකකට හරි ඇරගෙන ගිහින් Paste කරලා ඔයාට ඒ අවශ්‍ය කැරැක්ටර් එක ලබා ගන්න පුලුවන්.




ඇඳ ගත්තු සංකේත, හැඩතල හෝ අකුරැ මේ කැරැක්ටර් මැප් application එකට එකතු කරගැනීමේ හැකියාව ලබා දීල තියෙනවා. මේ සඳහා මුලින්ම Start menu එකට ගිහින් Run option එක තියෙන තැනට ගිහින් , ජනෙල් 7නේම් ඉතිං ස්ටාර්ට් මෙනු එක ඔබපු ගමන්ම යට තියෙනවා සර්ච් කරන්න. කොහොම හරි ඔය දෙක පාවිච්චි කරන අය ඔය Option එකට ගිහින් ඒ තියෙන text box එකේ educedit කියල type කරල ok කරන්න. ජනෙල් 7 අයටනම් ඉතිං මෙනු එකෙන්ම අදලා පිළිතුර පෙන්නනවනේ. තියෙන්නේ ඊට පස්සේ ඒක click කරලා ඕනි එක open කරගන්න. ඉතිං දැං මම මේ කිය කිය ඉන්නේ කැරැක්ටර්ස් නිර්මාණය කරන app එක open කරගන්න විදිහනේ. ඔය කියල තියෙන විදිහට කරපුවහම කැරැක්ටර්ස් හදාගන්න පුලුවන් Private Character Editor කියලා පොඩි window එකක් open වෙනවා. ඒ එන box එකේ Select code කියල තියෙන ඩයලොග් බොක්ස් එකක් OPEN වෙලා තියෙනවා. එතනදී OK කියන option එක click කරන්න.




එතකොට windows වලදී චිත්‍ර අදින්න දීළ තියෙන paint application එකට සමාන වැඩසටහනක් open වෙනවා. ඊට පස්සේ ඉතිං කරන්න තියෙන්නේ ඒකෙ තියෙන tools පාවිච්චි කරලා දකුණු පැත්තේ තියෙන තිරයේ ඔයාට ඕනි කරන සංකේත, අකුරැ, සළකුණු ඇඳ ගන්න එක තමයි. තව දෙයක්. මෙතනදී ඔයාගෙ අත්සන උනත් හදාගන්න පුලුවන් ටිකක් උත්සාහ කරොත්. කැරැක්ටර් එක ඇදල ඉවර උනාට පස්සේ Edit ---> Save Character ගිහින් save කරගන්න.






ඊට පස්සේ RUN text box එකට යන්න. ජනෙල් හතේ අය search වලට යන්න :D... එතනට ගිහින් charmap කියල type කරල Enter key එක ඔබන්න. එතකොට Character map application එක open වෙනවා ඔයාට බලාගන්න පුලුවන් වෙයි. ඊට පස්සේ එතන තියෙන Fonts ලෙස සඳහන් කොටස ඉස්සරහින් තියෙන DropDown list එකෙන් All Fonts (Private Character ) කියන එක තෝරන්න. එතකොට ඔයා හදාගත්තු character එක පොඩි කොටුවක පෙන්වයි. ඒ ඔයා හදපු එක භාවිතයට ගැනීම සඳහා ඒ කොටුව උඩ click කරලා ඒකෙ පහළ තියෙන Select කියන එක click කරන්න. ඊට පස්සේ Character map එක close කරලා Copy කියල තියෙන බොත්තම click කරන්න.




ඊට පස්සේ character map එක close කරලා ඔයා copy කරගත්තු Character එක ඔයාලට අවශ්‍ය තැනට paste කරගන්න. එතකොට ඔයා හදාගත්තු කැරැක්ටර් එක දකින්න ලැබේවි.

ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු. සැමට ජය!!


Related Tags

Increase Character Map
How to add symbol to character map

Windows register එක hack කරමු | නියමයි..



ඔයාලට මම කලිනුත් මේ වගේ පෝස්ට් එකක් දුන්නනේ. හැබැයි ඉතිං ඒක කොටස් දෙකකට තමා දෙන්න උනේ. ඒව බැලුවෙ නැත්නම් පළවෙනි කොටස බලන්න මෙතන click කරන්න. දෙවෙනි එක බලන්න මෙතන click කරන්න. ඉතිං මට හිතුනා තවත් ඒ වගේම පොඩි tricks ටිකක් ඔයාලට කියල දෙන්න. ඔයාල සමහර විට දන්නෙ නැති වෙන්නත් පුලුවන් windows registry එක අපිට ඕනි විදිහට වෙනස් කිරීම මඟින් අපේ මෙහෙයුම් පද්ධතිය අපිට ඕනි විදිහට සකසා ගන්න පුලුවන් කියලා. 'හැකිං ද රෙජිස්ට්‍රි (hacking the registry)' කියල තමයි මේක සාමාන්නියෙන් සුද්දො එහෙම හදුන්වන්නේ. සුද්දෝ කීවට ඔය computer පිළිබඳ උගත් අය එහෙමත් කියන්නේ ඕක තමයි. ඉතිං මේක කරා කියල මේක නීති විරෝධී වැඩක් නෙමේ. ඉතිං මම මේ post එකෙන් ඔයාලට පොඩි trick එකක කියල දෙන්නම්. (වෙලාව තියෙන විදිහටනේ ඕව කියල දෙන්නත් වෙන්නේ)

එහෙනම් මුලින්ම ඔයා registry එකට යන්න. registry එකට යන හැටිනම් මම පළවෙනි post එකෙන් කියල දීල තියෙන නිසා මේකෙ අමුතුවෙන් සඳහන් කරන්න ඕනි නෑනේ. 

 Windows Media Player එකේ title bar එක වෙනස් කරන හැටි..
මුලින්ම රෙජිස්ට්‍රියට ගිහිල්ලා ඒ අදාල වින්ඩෝ එක ලබා ගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනි වෙන්නේ, ඒකෙ HKEY_CURRENT_USER කියන ලයිස්තුවට පිවිසෙන එකයි. ඒකට HKEY_CURENT_USER කියන එක ඉස්සරහින් ඇති ධන (+) ලකුණ click කරන්න.  windows seven වලනම් තියෙන්නේ ඊතලයක්. ඒ අය ඒක click කරන්න. මම මෙතනදී ඊතලය කියන එක භාවිතා කරන්නම්. මොකද රෑප සටහන් වල පෙන්නුම් කරන්න වෙන්නේ ඊතලය සහිත රෑපට සටහන් නිසා. 

එතකොට අනිත් 'keys' (folders ආකාරයට දිස්වෙන ඒවා) දිස්වෙන අතර, එයින් software ඉදිරියේ ඇති ඊතල ලකුණ clcik කරන්න. එවිට එහි ඉදිරියේ ඇති ඊතල ලකුණ ඉවත් වේ. ඒ තුළ ඇති කීස් වලින් Policies කියන එක ඉදිරියේ ඇති ඊතල ලකුණද, click කර පහළින් ඇති Microsoft කියන කී එක select කරන්න. 


ඊලඟට කරන්න ඕනි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකට අලුත් key එකක් හදාගැනීම. ඒකට registry editor window එකේ දකුණු පස දැක්වෙන ස්ථානයේ හිස් තැනක් තුල Right click කරලා ලැබෙන menu එකෙන් New කියන එක click කරන්න. ඊට පස්සේ Key කියන එක තෝරන්න. 
එතකොට කලින් select කරපු Microsoft කියන key එකට යටින් New Key #1 ලෙස අලුත් key එකක් ලැබෙයි. 


දැන් ඒකෙ Right click කරලා ලැබෙන menu එකෙන් Rename තොරලා WindowsMediaPlayer කියන එක හිස්තැනක් ගහන්නෙ නැතිව type කරන්න. හැබැයි වින්ඩොස් සෙවන් වලනම් ඕක කරන්න ඕනි නෑ. ඒකට කෙලින්ම අදාල WindowsMediaPlayer කියලා එතන type කරානම් හරි.


ඒ විදිහට හදාගත්තු WindowsMediaPlayer කියන key එක select කරලා, Registry Editor window එකේ දකුණු පැත්තේ හිස්තැනක් උඩ right click කරලා ලැබෙන menu එකෙන් New ---> Staring value කියන එක click කරන්න. 
එතකොට New Value #1 ලෙස අලුත් කොටසක් ලැබෙයි. 


ඒක උඩ right click කරලා ලැබෙන menu එකෙන් rename කියන එක තෝරලා දීලා TitleBar කියල type කරන්න. 
ඒ විදිහට ඔයා ඇතුලත් කරපු value එක double click කරන්න. ඊට පස්සේ ඔයාට Edit String කියලා ඩයලොග් බොක්ස් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඒ ඩයලොග් බොක්ස් එකේ තියෙන Value data කියන තැනට ඔයාට කැමති නමක්, දෙයක් type කරන්න. ඊට පස්සේ OK බොත්තම click කරන්න.


දැන් ඔයාගෙ computer එක restart කරල windows media player එක open කරලා බලන්න.ඔයා හරියටම කරානම්  title bar එකේ ඔයා ඇතුලත් කරපු නම තියෙනවා දකින්න පුලුවන් වෙයි. 







Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!



 Download link is Reset - බාගතකිරීමේ ලින්කුව නැවත සකසන ලදී

CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා. 
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා. 


දැං අපි මේ software එකේ විශේෂතා බලමු.


  • මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
  • format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
  • Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
  • Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම
මේක support කරන Cards වර්ග
  • Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
  • Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
  • Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
  • MultiMedia card, MMC card
  • SmartMedia, flash card
  • xD Picture card
  • Cellular phone, mobile phone memory card and digital media
  • USB flash drive digital image
මේක support කරන අවස්ථා
  • ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
  • Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැක
  • සහ තවත්  බොහෝ දේ
මේක support කරන Photo/Video File Types
  • Picture Formats: JPG ,JPEG ,TIF
  • Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
  • Audio Formats: MP3, WAV
  • RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග
Support කරන කැමරා වර්ග
  • Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
  • Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
  • LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
  • Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
  • Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට
මෙය support කරන Flash Memory Card නිෂ්පාදකයන්
  • SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
  • FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
  • Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data
  • සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග
ඔන්න එහෙනං පල්ලෙහායින් Download කරගන්න.

Direct downloading links





එහෙනං ඔන්න මම ගියා. අලුත් post එකකින් හමුවෙමු. ඔයාලට මේක වැදගත් උනානං comment පාරක් එහෙම දාල follow කරල නැත්නම් follow පාරකුත් දාගෙනම යන්න... එහෙනං ඔයාලට ජය!!





Avast Internet Security 6 දැන්ම නොමිලේ බාගන්න




ඔයාල හැමෝම දන්නවනේ Avast virus guard එක ගැන. ඒක නොමිලේ තමයි දෙන්නේ. නමුත් මේ Avast virus guard software අතරේ තියෙනවා Avast Internet Security කියලා software එකක්. අන්න ඒකනම් හැබැයි නොමිලේ ලබා දෙන්නෙ නෑ. අන්න ඉතිං අපිට සල්ලි දීල ගන්න තරම් වත්කමක් තියෙනවනම් මෙහෙම ඉදීයැ. ඔන්න එහෙනං අද මම ඔයාලට දෙන්නේ මේ Avast internet security guard එක. මේත අලුත්ම සංස්කරණය.




මේ ගැන ඉතිං සමහරකක් විට ඔයා දන්නවා වෙන්නත් පුලුවන්. ඒත් මේක අපිට Avast company එකෙන් මිළ නියම කරලා තියෙන්නේ ඩොලර් 49.99කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්නියෙන් රැපියල් 5590ක් විතර වෙනවා. 
අප්පේ!! ඔච්චර සල්ලි දීල නිකං DVD එකක් විතරක් ගනිංකෝ.. කනවා තව හොදා ඔය සල්ලි වලට..
මොනා කරන්නද ඉතිං. ඒ ගොල්ලන්ටත් ඉතිං පැවැත්මක් තියෙන්න ඕනිනේ. අන්න ඒ නිසා ඉතිං අපි normal security guard එක free download කරගත්තට මේකනම් දෙන්නේ සල්ලි වලට. ඉතිං අපි මේකෙ ගොඩක් දේවල් අඩංගු වෙලා තියෙනවා. මේ software එකේ හොඳක් කියන්නේ අපේ computer එකෙන් හම්බුන virus එකක් ඉබේම ඒක avast virus lab වෙත යැවීමක් සිඳුවෙනවා. එහෙම ගිහිල්ලා ඒක මේ වෙද්දී මෙම virus guard  එකෙහි update වීක් සිඳවී නැතිනම් මේක auto update වෙනවා. එතකොට ඔයාගේ මේ ඉන්ටනෙට් වයිරස් ගාඩ් එකෙන් ඒ වයිරස් එක ආවත් කිසිම අවුලක් නෑ. ඒ කියන්නේ අලුතින් එන වයිරස් වලට ඔයා ඔයාගෙ guard එක නිසි පරිදි update වීමක් සිදුකරනවානම් ඔයාගෙ computer එකේ ඉඩක් නෑ කියන එකයි.

මෙහි ඔයා games play කරද්දී virus එකක් අහුවුනොත් සද්දයක් නැතිව ඉබේම ක්‍රියාකාරි වන්නට Game mode කියලා වෙනම කොටසක් තියෙනවා. තව Network lock ඛියලා වැඩසටහනක් තියෙනවා. 

මෙහි scan කිරීම වර්ග 6කට ගොනු කරලා තියෙනවා.
  1. Quick Scan - ඉක්මනින් පරිගණකයේ ඇති නරක වැඩසටහන් සෙවීමට
  2. Full system scan - මුලු පරිගණක පද්ධතියේම ඇති නරක වැඩසටහන් සෙවීමට
  3. Removable media scan - පරිගණකයට පිටින් ගෙනවිත් සම්භන්ධ කරන දේවල්හි නරක වැඩසටහන් සෙවීමට
  4. Select Folder to scan - folder එකක් පමණක් තෝරාගෙන එහි ඇති නරක වැඩසටහන් සෙවීමට
  5. Scan from windows Explorer - Windows Explorer web browser එක හරහා ඔබේ පරිගණකයේ අන්තර්ජාලය හරහා භාවිතා වන දත්ත වල ඇති නරක වැඩසටහන් සෙවීමට
  6. Screen Saver scan - Screen savers වල ඇති නපුරැ වැඩසටහන් සෙවීමට

පේනවා ඇතිනේ මේ පින්තූරයෙන් මෙම guard එක මිල කරල තියෙන හැටි

මේකෙන් පේනවා ඇතිනේ මේක මිල කරල තියෙන ගාන සාදාරණයි කියලා. මොකද උපරිම ආරක්ෂාවක් ලබා දෙන හින්දා



දැන් මම ඔයාලට මේක download කරගන්න පල්ලෙහායින් link එකක් දෙනවා. අන්න ඒක ඉස්සෙල්ලා download කරගන්න. ඊට පස්සේ software එක install කරන්න. ඊට පස්සේ software එක open කරගෙන MAINTENANCE වල තියෙන Subscription කියන එක click කරන්න.

ඊට පස්සේ ඊලඟට මම දීල තියෙන license file එක download කරගන්න. ඊට පස්සේ ඔයාගෙ internet connection එක ටික වෙලාවකට disconnect කරන්න වෙනවා. disconnect කරලා ඉවරවෙලා දැන් උඩ පින්තූරේ පේන්න තියෙනවා වගේ Insert license file කියන එක click කරලා ඔයා download කරපු license file එක තෝරලා දෙන්න. ඊට පස්සේ වැඩේ ගොඩ. වැඩ ඔක්කොම ඉවරවෙලා Computer එක restart පාරක් දාන්න. ඊට පස්සේ එලම තමා. ඇතුලේ තව කෑලි බෑලි තියෙනවා. ඒව ඔයාට ඕනි විදිහට වෙනස් කරගන්න. මේ මම පාවිච්චි කරන්නෙත් ඕකම තමා. මම පාවිච්චි කරන්නෙත් වෙන කෙනෙක්ගේ ලයිසන් ෆයිල් එකක්. පේනවනේ ඉතිං නේද? :D ... හරි එහෙනං ඔන්න එහෙනං download කරගෙන  වැඩේ ගොඩදාගන්න. ඔන්න මම වීඩියෝ එකකුත් දැම්මා.




Avast Internet Security Guard... V - 06

License File එක download කරගන්න

එහෙනං ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.. 

මේක වැදගත් උනානම් follow පාරක් එහෙම දාන්න ..... තව දෙයක්. comment එකකුත් ඈ





Right Click+Selecting+Printing කිසි ගේමක් නැතිව Disable කරමු





මේ post එකේදී යාලට කියල දෙන්න යන්නේ කොහොමද Right click , Select කිරීම හා Print කිරීම එක code එකකින් නවත්වන හැටියි. ඔයා මේක ඔයාගේ blog එකට දාගන්න කැමතිනම් පහළ තියෙන steps ඒ විදිහටම හරියටම කරන්න. 




මුලින්ම  blogger dashboard--> layout- -> Edit HTML වලට යන්න.


Expand Widget Templates කියන එක click කරන්න.


Ctrl+F එකවර ඔබා </body> කියන එක හොයාගන්න.


දැන් පහළ තියෙන code එක copy කරගෙන ගිහිල්ලා </body> කියන එක ඉස්සරහින් මේක paste කරන්න. 



<script type='text/javascript'>
//<![CDATA[
var message = "That functionality is currently disabled";
function click(e) {
 if (document.all) {
     if (event.button==1) {
        return false;
     }
     if (event.button==2) {
        alert(message);
        return false;
     }
 }
 if (document.layers) {
     if (e.which > 1) {
        alert(message);
        return false;
     }
 }
}
if (document.layers) {
 document.captureEvents(Event.MOUSEDOWN);
}
document.onmousedown=click;
document.oncontextmenu=new Function("alert(message);return false")
document.write(unescape("%3C%53%43%52%49%50%54%20%4C%41%4E%47%55%41%47%45%3D%22%4A%61%76%61%53%63%72%69%70%74%22%3E%3C%21%2D%2D%0D%0A%68%70%5F%6F%6B%3D%74%72%75%65%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%30%30%28%73%29%7B%69%66%28%21%68%70%5F%6F%6B%29%72%65%74%75%72%6E%3B%64%6F%63%75%6D%65%6E%74%2E%77%72%69%74%65%28%73%29%7D%2F%2F%2D%2D%3E%3C%2F%53%43%52%49%50%54%3E"));
hp_d00(unescape("%3C%53%43%52%49%50%54%20%4C%41%4E%47%55%41%47%45%3D%22%4A%61%76%61%53%63%72%69%70%74%22%3E%3C%21%2D%2D%0D%0A%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6E%65%28%29%7B%72%65%74%75%72%6E%20%74%72%75%65%7D%6F%6E%65%72%72%6F%72%3D%68%70%5F%6E%65%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%6E%28%61%29%7B%72%65%74%75%72%6E%20%66%61%6C%73%65%7D%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%65%28%65%29%7B%72%65%74%75%72%6E%28%65%2E%74%61%72%67%65%74%2E%74%61%67%4E%61%6D%65%21%3D%6E%75%6C%6C%26%26%65%2E%74%61%72%67%65%74%2E%74%61%67%4E%61%6D%65%2E%73%65%61%72%63%68%28%27%5E%28%49%4E%50%55%54%7C%54%45%58%54%41%52%45%41%7C%42%55%54%54%4F%4E%7C%53%45%4C%45%43%54%29%24%27%29%21%3D%2D%31%29%7D%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6D%64%28%65%29%7B%69%66%28%65%2E%77%68%69%63%68%3D%3D%31%29%7B%77%69%6E%64%6F%77%2E%63%61%70%74%75%72%65%45%76%65%6E%74%73%28%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%4D%4F%56%45%29%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%6D%6F%76%65%3D%68%70%5F%64%6E%7D%7D%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6D%75%28%65%29%7B%69%66%28%65%2E%77%68%69%63%68%3D%3D%31%29%7B%77%69%6E%64%6F%77%2E%72%65%6C%65%61%73%65%45%76%65%6E%74%73%28%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%4D%4F%56%45%29%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%6D%6F%76%65%3D%6E%75%6C%6C%7D%7D%69%66%28%6E%61%76%69%67%61%74%6F%72%2E%61%70%70%4E%61%6D%65%2E%69%6E%64%65%78%4F%66%28%27%49%6E%74%65%72%6E%65%74%20%45%78%70%6C%6F%72%65%72%27%29%3D%3D%2D%31%7C%7C%28%6E%61%76%69%67%61%74%6F%72%2E%75%73%65%72%41%67%65%6E%74%2E%69%6E%64%65%78%4F%66%28%27%4D%53%49%45%27%29%21%3D%2D%31%26%26%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%21%3D%30%29%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%6F%6E%73%65%6C%65%63%74%73%74%61%72%74%3D%68%70%5F%64%6E%7D%65%6C%73%65%20%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%6C%61%79%65%72%73%29%7B%77%69%6E%64%6F%77%2E%63%61%70%74%75%72%65%45%76%65%6E%74%73%28%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%55%50%7C%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%44%4F%57%4E%29%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%64%6F%77%6E%3D%68%70%5F%6D%64%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%75%70%3D%68%70%5F%6D%75%7D%65%6C%73%65%20%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%67%65%74%45%6C%65%6D%65%6E%74%42%79%49%64%26%26%21%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%6F%6E%6D%6F%75%73%65%64%6F%77%6E%3D%68%70%5F%64%65%7D%7D%69%66%28%77%69%6E%64%6F%77%2E%6C%6F%63%61%74%69%6F%6E%2E%68%72%65%66%2E%73%75%62%73%74%72%69%6E%67%28%30%2C%34%29%3D%3D%22%66%69%6C%65%22%29%77%69%6E%64%6F%77%2E%6C%6F%63%61%74%69%6F%6E%3D%22%61%62%6F%75%74%3A%62%6C%61%6E%6B%22%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6E%6C%73%28%29%7B%77%69%6E%64%6F%77%2E%73%74%61%74%75%73%3D%22%22%3B%73%65%74%54%69%6D%65%6F%75%74%28%22%68%70%5F%6E%6C%73%28%29%22%2C%31%30%29%7D%68%70%5F%6E%6C%73%28%29%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%70%31%28%29%7B%66%6F%72%28%69%3D%30%3B%69%3C%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%3B%69%2B%2B%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%73%74%79%6C%65%2E%76%69%73%69%62%69%6C%69%74%79%21%3D%22%68%69%64%64%65%6E%22%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%73%74%79%6C%65%2E%76%69%73%69%62%69%6C%69%74%79%3D%22%68%69%64%64%65%6E%22%3B%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%69%64%3D%22%68%70%5F%69%64%22%7D%7D%7D%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%70%32%28%29%7B%66%6F%72%28%69%3D%30%3B%69%3C%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%3B%69%2B%2B%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%69%64%3D%3D%22%68%70%5F%69%64%22%29%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%73%74%79%6C%65%2E%76%69%73%69%62%69%6C%69%74%79%3D%22%22%7D%7D%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%62%65%66%6F%72%65%70%72%69%6E%74%3D%68%70%5F%64%70%31%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%61%66%74%65%72%70%72%69%6E%74%3D%68%70%5F%64%70%32%3B%64%6F%63%75%6D%65%6E%74%2E%77%72%69%74%65%28%27%3C%73%74%79%6C%65%20%74%79%70%65%3D%22%74%65%78%74%2F%63%73%73%22%20%6D%65%64%69%61%3D%22%70%72%69%6E%74%22%3E%3C%21%2D%2D%62%6F%64%79%7B%64%69%73%70%6C%61%79%3A%6E%6F%6E%65%7D%2D%2D%3E%3C%2F%73%74%79%6C%65%3E%27%29%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%63%28%29%7B%68%70%5F%74%61%2E%63%72%65%61%74%65%54%65%78%74%52%61%6E%67%65%28%29%2E%65%78%65%63%43%6F%6D%6D%61%6E%64%28%22%43%6F%70%79%22%29%3B%73%65%74%54%69%6D%65%6F%75%74%28%22%68%70%5F%64%63%28%29%22%2C%33%30%30%29%7D%69%66%28%6E%61%76%69%67%61%74%6F%72%2E%61%70%70%4E%61%6D%65%2E%69%6E%64%65%78%4F%66%28%27%49%6E%74%65%72%6E%65%74%20%45%78%70%6C%6F%72%65%72%27%29%3D%3D%2D%31%7C%7C%28%6E%61%76%69%67%61%74%6F%72%2E%75%73%65%72%41%67%65%6E%74%2E%69%6E%64%65%78%4F%66%28%27%4D%53%49%45%27%29%21%3D%2D%31%26%26%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%21%3D%30%29%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%26%26%6E%61%76%69%67%61%74%6F%72%2E%75%73%65%72%41%67%65%6E%74%2E%69%6E%64%65%78%4F%66%28%27%4F%70%65%72%61%27%29%3D%3D%2D%31%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%77%72%69%74%65%28%27%3C%64%69%76%20%73%74%79%6C%65%3D%22%70%6F%73%69%74%69%6F%6E%3A%61%62%73%6F%6C%75%74%65%3B%6C%65%66%74%3A%2D%31%30%30%30%70%78%3B%74%6F%70%3A%2D%31%30%30%30%70%78%22%3E%3C%69%6E%70%75%74%20%74%79%70%65%3D%22%74%65%78%74%61%72%65%61%22%20%6E%61%6D%65%3D%22%68%70%5F%74%61%22%20%76%61%6C%75%65%3D%22%20%22%20%73%74%79%6C%65%3D%22%76%69%73%69%62%69%6C%69%74%79%3A%68%69%64%64%65%6E%22%3E%3C%2F%64%69%76%3E%27%29%3B%68%70%5F%64%63%28%29%7D%7D%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6E%64%64%28%29%7B%72%65%74%75%72%6E%20%66%61%6C%73%65%7D%64%6F%63%75%6D%65%6E%74%2E%6F%6E%64%72%61%67%73%74%61%72%74%3D%68%70%5F%6E%64%64%3B%2F%2F%2D%2D%3E%3C%2F%53%43%52%49%50%54%3E"));
//]]>
</script>

දැන් Save කරන්න. 

ඔයා හරියටම කරානම් ඔයාගෙ blog එකේ  Right Click+Selecting+Printing කිසිවක් වැඩ කරන්නේ නෑ. 


ප.ලි. - මේක තියෙන site එකක java script disable කරහොත්නම් මේක වැඩ කරන්නෙ නෑ. නමුත් ඉතිං ඔය වැඩ කෑල්ල දන්නේ කවුද.. 


If you like this post Follow this Blog.......