How to Root Samsung Galaxy Pocket GT-S5300

මෙම Samsung Galaxy Pocket යන දුරකථනය (Samsung Galaxy Cori යනුවෙන්ද හඳුන්වනු ලබයි) සැම්සුන්ග් සමාගම විසින් නිපදවනු ලැබූවක් අතර, මෙහි ක්‍රියාත්මක වනුයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. 2012 වර්ෂයේදී වෙළඳපොලට නිකුත් කරනු ලැබූ මෙම දුරකථනය, අඟල් 2.8ක LCD තිරයක් ඇති එකකි. මෙහි ගුණාංගයන් Samsung Galaxy Y දුරකථනයට බොහෝ සෙයින් සමානයි. මෙම දුරකථනයෙහි 832 MHz ප්‍රොසෙසරයක් ඇති අතර, 2GB internal memory එකක් පැමිණේ. 32GB දක්වා microSD කාඩ් පත් යොදා එම මතක ප්‍රමාණය වැඩි කරගත හැක.


සැම්සුන්ග් ගැලක්සි පොකට් දුරකථනය රූට් කරගන්නා අයුරු:

Root_Cori.zip එක බාගත කරගනෙ එය SD කාඩ් පතට හෝ දුරකථනයේ internal memory එකට කොපි කරගන්න.

• Galaxy Pocket දුරකථනය ක්‍රියා විරහිත කරන්න.

• Volume Up + Home + Power යන බොත්තම තුන එකවර ඔබා Recovery mode වෙතට පිවිසෙන්න.

• "Install zip from sdcard" යන්න තෝරා දෙන්න.

• එයින් "Root_Cori.zip" යන්න තෝරා දී 'Yes' ලබා දෙන්න.

•ඉන්පසුව Reboot System යන්න ලබා දෙන්න.

දැන් ඔබගේ දුරකථනය රූට් වී ඇත.

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.