How to Root Samsung Galaxy S Duos2 GT-S7582

මෙම Samsung Galaxy S Duos 2 යන සිම්පත් දෙකක් භාවිතා කල හැකි ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනය, නිෂ්පාදනය කර වෙළඳපොලට බෙදා හරිනු ලැබූයේ සැම්සුන්ග් සමාගම විසිනි. ඒ, ඉතාමත් සීඝ්‍රයෙන් 2012 වර්ෂයේදී සාර්ථකත්වයට පැමිණි Galaxy S Duos සංකල්පයේ තවත් පුරුකක් ලෙසයි. ආසියාව තුල 2013 නොවැම්බර් 30වෙනිදා වෙළඳපොලට මෙම දුරකථනය නිකුත් වූ ලැබූ අතර, අනිකුත් රටවල් වල මෙම දුරකථනය වෙළඳපොලට නිකුත් වූයේ 2013 දෙසැම්බර් මස 05 වැනිදායි. පෙර එලිදැක්වූ Galaxy S Duos දුරකථනයේ සාර්ථකත්වය නිසාම, එහි යම් ගුණාංගයන් වැඩි දියුණු කරමින් මෙම දුරකථනය එලිදක්ව ඇත.


How to install ClockworkMod Recovery to Samsung Galaxy S Duos2 (GT-S7582)

සැම්සුන්ග් ගැලක්සි එස් ඩුවෝස්2 (GT-S7582) දුරකථනයට ClockworkMod Recovery ස්ථාපනය කරන අයුරු

[මෙයට පරිගණකයක් අවශ්‍යය වනු ඇත]

S7582.Recovery.CWM.tar.md5 යන ගොනුව බාගත කරගන්න.

Odin for S7582.zip යන ගොනුව බාගත කරගෙන extract කරගන්න.

• Volume Down + Home + Power බොත්තම් භාවිතා කරමින් Download mode වෙතට පිවිස එයින් Volume Up ලබා දී එය තහවුරු කරන්න.

• Odin මෘදුකාංගය විවෘත කරගන්න.

• USB කේබලය හරහා දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.

පියවර අංක 01 - 'PDA' යන්න මත ක්ලික් කර S7582.Recovery.CWM.tar.md5 යන ගොනුව තෝරා දෙන්න.
 
• පියවර අංක 02 - 'Start' යන්න ක්ලික් කරන්න.
• මෘදුකාංගය විසින් දුරකථනය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනකම් මදක් රැඳී සිටින්න.

• USB කේබලය ගලවන්න.

• ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වූවාට පසුව, සැම්සුන්ග් සමාගමේ Boot logo එක ඔබට පෙනෙන්නට ලැබෙනු ඇත. එවිට බැටරිය ගලවන්න. එසේ නොකලහොත්, Custom Recovery එක ස්වයංක්‍රීයවම නැවත Stock Recovery වෙතට හැරවෙනු ඇත.

• බූට් වීමේදී කහ පාට ත්‍රිකෝණයක් ඔබට පෙනෙන්නට ලැබුනහොත්, එයින් අදහස් වනුයේ ඔබ සිටින්නේ custom recovery තුල යනුවෙනි.

• දැන් ඔබ සාර්ථකව CWM ස්ථාපනය කරගනු ලැබීය.

සැම්සුන්ග් ගැලක්සි එස් ඩුවෝස් 2 දුරකථන රූට් කරන අයුරු:

S7582.Rooting.SuperSU.zip යන ගොනුව බාගත කරගෙන Internal memory එකට කොපි කරගන්න. 

• Galaxy S Duos 2 දුරකථනය ක්‍රියා විරහිත කරන්න.
• දුරකථනයේ ඇත්තේ දුරකථනයට පැමිණෙනම recovery mode එකනම් ඉහළින් සඳහන් කර ඇති පරිදි CWM recovery mode එක මුලින්ම ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්න.
• Volume Down + Volume Up + Home + Power යන බොත්තම් හතර එකවර ඔබා සිට CWM recovery mode වෙතට පිවිසෙන්න.
• Mount වලට ගොස් System වෙත යන්න.
• ඔබ දැන් සිටිනුයේ CWM වලනම් S7582.Rooting.SuperSU.zip යන්න ස්ථාපනය කරන්න.
• "Install zip from sdcard" යන්න තෝරා දෙන්න.
• "S7582.Rooting.SuperSU.zip" යන්න තෝරාදී 'Yes' යන්න ලබා දෙන්න.
• Reboot system යන්න තෝරා දෙන්න.
දැන්, ඔබේ දුරකථනය රූට් වී ඇත.

2 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.