ads.txt

ads
Showing posts with label Android. Show all posts

අලුත්ම ADB සහ Fastboot SDK ෆ්ලැට්ෆෝම් එක බාගන්න (ඇන්ඩ්‍රොයිඩ් සඳහා)



Android SDK නැත්නම් Android Studio කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් නිපදවන ඩිවලපර්ලාගේ සහයට පාවිච්චි කරන්න තියෙන ඇප්ලිකේෂන් දෙකක්. කොහොම නමුත්, ෆෝන් එකේ බූට්ලෝඩර් අන්ලොක් කරන එක, බූට් එක හරි රිකවරි ඉමේජ් එකක් හරි නැත්නම් ෆුල් ෆැක්ටරි ඉමේජ් එකක් හරි ෆ්ලෑෂ් කරගන්න එක තමුන්ටම කරගන්න පුලුවන් දෙයක්නේ. ඕකට ඩිවලපර්ලා ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ දේ කරගන්න ඔයාලට සම්පූර්ණම Android SDK එක නැත්නම් Studio ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුලුවන් දැන් නවතම ADB සහ Fastboot ෆයිල්ස් පමණක් ඇතුලත් වෙලා තියෙන SDK ෆ්ලැට්ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න.

කලින්නම් මේ ටික විතරක් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තිබුනේ නැහැ. හැබැයි දැන් ගූගල් සමාගම විසින්ම ඒ අයගේ Google Developer වෙබ් අඩවිය හරහාම බාගත කරගන්න ඉඩ ලබා දීලා තියෙනවා.

මේ අලුත් ක්‍රියාදාමයට කලින් යම් කෙනෙක්ට මේ ඇප්ලිකේෂන් එක බාගත කරගන්න අවශ්‍යය වුනානම් ඒ පුද්ගලයාට 400MB සිට 1.6GB දක්වා දත්ත ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ කොටස් කිරීම නිසා අපිට මේ වැයවන දත්ත ප්‍රමාණය 10MB වලටත් වඩා අඩුයි.

පහතින් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ඇති ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Download Latest ADB and Fastboot (Windows/Mac/Linux)





අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔබ විසින් ඩවුන්ලෝඩ් කරගන්නා ලද ස්ථානය මත zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඒ කරලා ෆෝල්ඩර් එක ඕපන් කරලා, "platform-tools" කියන කමාන්ඩ් වින්ඩෝ එක රන් කරන්න.



CMD එක හරියට රන් කරගන්න ඕනනම්, ෆෝල්ඩර් එක ඇතුලේ හිස් තැනක මවුස් කර්සර් එක තියලා කී බෝඩ් එකේ Shift එකයි මවුස් එකේ Right click එකයි (Shift + Right click) කියන බටන් දෙක එකට ඔබන්න. ඒ කරලා "Open command window here" කියන ඔප්ෂන් එක තෝරන්න.



මොකක් හරි ගැටලුවක් තිබුනොත් අහන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Top 5 Battery Saver Android Apps


බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්ට ඇති ගැටළුවක් වන්නේ ඔවුන්ගේ දුරකථනයේ බැටරි ආරෝපණය ඉතාමත් වේගයෙන් බැස යාමයි. දැනට තිබෙන බැටරි ආරෝපණය යම් කාලයක් වැඩිපුර පවත්වාගැනීමට හැකියාවක් ඇති ඇප්ලිකේෂන් රාශියක් පෞද්ගලිකවම පරීක්ෂා කිරීමෙන් අනතුරුව දැනට තිබෙන හොඳම බැටරි ආරෝපණය රැකගැනීමේ ඇප්ලිකේෂන් පහක් දක්වා අඩු කරගැනීමට හැකිවිය. මෙම ලිපියෙන් දැක්වෙන්නේ එම ඇප්ලිකේෂන් පහයි.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2 (Android): Download and Race


ඔබ කවුරුත් රේසින්ග් ක්‍රීඩා වලට කැමැත්තක් දක්වනවා නියතයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔබ තිබෙන හොඳම රේසින්ග් ක්‍රීඩාවන් මොනවාදැයි මේ වනවිටත් නොදන්නවා විය නොහැක. මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට පැමිණ ඇති ජනප්‍රියම ක්‍රීඩාවන් වන්නේ Asphalt 8, GR Racing 2 සහ Real Racing 3 යන ක්‍රීඩාවනුයි. මේ දුරකථන ක්‍රීඩා තුනටම තමන්ටම කියලා අනන්‍යතායක් තිබෙනවා. මමත් පෞද්ගලිකවම මෙම ක්‍රීඩාවන් තුනම ක්‍රීඩාකර තිබෙන අතර ගොඩක් ලොකු කැමැත්තක් දක්වනවා. මේ ක්‍රීඩාවන් තුන තමයි මම අලුත් දුරකතනයක් ගත් සැනින්ම ස්ථාපනය කරනු ලබන්නේත්. නමුත්, බෙන්ච්මාර්ක් අතින් ගත්විට මේ ඇස්පල්ට් 8, රියල් රේසින්ග් 3 සහ ජීටී රේසින්ග් 2 යන ක්‍රීඩාවන් දුරකථනයෙන් දුරකථනයට දක්වන ක්‍රියාකාරිත්වය වෙනස් වනු ඇත.

How to Install Lollipop 5.0 to N9005 (Note 3)


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්හි අලුත්ම සංස්කරණය වන ලොලිපොප් සංස්කරණය නිකුත්ව ඇත. නමුදු යම් උපකරණයන්ට මෙම නව සංස්කරණය ලැබුනත්, සමහර උපකරණයන් වලටත් තවමත් මෙම සංස්කරණය ලැබීමේ ප්‍රවණතාවයක් දක්නට නොමැත. මෙම ලිපිය මඟින් ඔබට ඔබගේ ඇති Galaxy Note 3 (SM-N9005) යන international version ජංගම දුරකථනයට ලොලිපොප් සංස්කරණය (official) ඇතුලත් කරන අයුරු පැහැදිලි කරදී ඇත.


මෙම ක්‍රියාවලිය මා විසින් අත්හදා බැලූ අතර, එය 100%ක්ම සාර්ථක විය. පහත සඳහන් කර ඇති පියවරයන්ට අනුව ඔබ ක්‍රියාකලහොත් ඔබගේ N9005 දුරකථනයට ලොලිපොප් සංස්කරණය සාර්ථකව යාවත්කාලීන කල හැක.

ප.ලි - මෙම ලිපියේ ඇත්තේ තවත් කෙනෙකුට දැනුම ලබා දීමක් පමණක් වන අතර, ඔබ අතින් සිඳුවන වැරදීම් වලින් ඔබගේ උපකරණයට වන අලාභහානී මා විසින් බාර නොගනිමි.

01. මුලින්ම පහතින් දක්වා ඇති අවශ්‍යය කරනු ලබන ගොනු කිහිපය බාගත කරගන්න.

02. ඉහත දක්වා ඇති ගොනු බාගත කරගැනීමෙන් පසුව, ඒවා extract කරගන්න.

03. ඔබ Samsung Galaxy Note 3 USB drivers පරිගණකයට ස්ථාපනය කර නොමැතිනම්, එම ඩ්‍රයිවර්ස් ස්ථාපනය කරන්න.

04. Settings වල ඇති Developer Options වෙත ගොස් එහි ඇති USB Debugging යන්න ඉඳිරියෙන් ඇති කොටුව තුල 'හරි ලකුණ' ඇත්දැයි බලන්න. එසේ නොමැතිනම් එය මත වරක් ටැප් කර හරි ලකුණ සනිටුහන් කරගන්න.

05. ඔබේ දුරකථනයේ 50%කට වැඩි බැටරි ආයුකාලයක් තිබිය යුතුයි.

06. ඔබ බාගත කරගනු ලැබූ Odin 3.09 මෘදුකාංගය විවෘත කරන්න.

07.ඉන්සපුව එහි ඇති PIT යන්න මත ක්ලික් කර ඔබ දෙවනියට extract කරගනු ලැබූ ෆෝල්ඩරය තුල ඇති PIT යනුවෙන් අවසන් වන ගොනුව තෝරාදෙන්න. (මෙහිදී ඔබ භාවිතා කරනුයේ 32GB දුරකථනයක්නම් ඔබ pit ගොනුව මෙම odin වෙත ඇතුලත් කල යුතුයි. ඔබ 16GB දුරකථනයක් භාවිතා කරන්නේනම් මෙම pit ගොනුව odin වෙත ඇතුලත් කිරීමෙන් වළකින්න.)

08. Bootloader යන්න මත ක්ලික් කර BL යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

09. PDA යන්න මත ක්ලික් කර AP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

10. CSC යන්න මත ක්ලික් කර CSC යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

11. Modem යන්න මත ක්ලික් කර CP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

12. Odin මෘදුකාංගයේ ඔබේ වම් පැත්තට වන්නට ඇති තීරුවෙහි Auto Reboot, Repartition, F.Reset Time සහ Phone Bootloader Update යන ඒවා තෝරාදී ඇත්දැයි බලන්න. එසේ තෝරා දී නොමැතිනම් එහි මත ඉදිරියේ ඇති කොටු මත වරක් ක්ලික් කර හරි සළකුණ යොදාගන්න.


13. ඔබගේ දුරකථනය ක්‍රියා විරහිත කර download mod වෙත ක්‍රියාකරවන්න. ඒ සඳහා, Volume Down + Home + Power යන බොත්තම තුන එකවර ඔබාගෙන සිටින්න. යම් කිසි හෙයකින් ඔබට එහිදී තෝරාගැනීමක් කරන්නට සිඳුවූවහොත්, Volume Up බොත්තම ඔබා continue යන්න ලබාදෙන්න.

14. ඔබගේ දුරකථනය කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරවන්න.

15. දුරකථනය නියමිත අයුරින් පරිගණකය හඳුනාගත්තානම් Odin මෘදුකාංගයේදී පළවෙනි ඇති කොටුවේ ID: COM යන්න නිල් පැහැති හෝ කහ පැහැයක් ගනු ලබයි.

16. Start යන්න ක්ලික් කරන්න.

17. විනාඩි දහයකට ආසන්න කාලයක් තුල ඔබගේ දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය වී අවස් වේවි. එතෙක් කේබලය ගලවන්නටවත්, දුරකථනයට කුමක් හෝ කරන්නට නොයන්න. එමෙන්ම දුරකථනය ස්වයංක්‍රීයවම boot වී ඔබට භාෂාව තෝරාදෙන්නට ඇති ස්ථානයට රැගෙන යනතෙක් කේබලය ගැලවීමෙන් වලකින්න.





සැම්සුන්ග් ගැලක්සි නෝට් 3 දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය කරන අයුරු
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
 

Get Free Calls to Any Number - APP REVIEW 01



අද සිට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පැමිණෙන ඔබට වැදගත් වන, විනෝදය සපයන ඇප් පිළිබඳ ගුණදොස් විවේචණයන්ගෙන් පිරි ලිපි මාලාවක් ඔබට ගෙන එන්නයි සූදානම. මේ එම ක්‍රියාවලියේ පළවෙනි ලිපියයි.

Download Android USB Drivers for Windows and Mac


ඔබ ලඟ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් යන්ත්‍රය පරිගණකයක් සමඟින් සම්බන්ද කරන්නට අවශ්‍යයනම් ඒ සඳහා එම අදාල උපාංගයට අදාල යූඑස්බී (USB) මෘදුකාංගයන් එම පරිගණකයේ තිබිය යුතුයි. මෙම යූඑස්බී මෘදුකාංගයන් තුල ඇන්ඩ්‍රොයිඩ්(Android) එස්ඩීකේ (SDK) මෘදුකාංගයන්, ඒඩීබී (ADB) සහ ෆාස්ට්බූට් (Fastboot) මෘදුකාංගයන්, උපාංගයන් තුල ඇති ගොනු හුවමාරු කිරීමට වැනි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරගැනීමට සහ අවශ්‍යය වනු ලබන ක්‍රියාදාම කිහිපයක්ම තිබෙනවා.මෙම මෘදුකාංගයන් ඔබ ලඟ තිබීම ඉතාමත් වටිනවා. එයට හේතුව, ඔබට යම් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලැබුනහොත් වෙනම එයට අවශ්‍යය වන මෘදුකාංගයන් සොයනවාට වැඩිය පරිගණකයත් සමඟින් උපාංගය සම්බන්ද කල වහාම එම උපාංගය පරිගණකයත් සමඟින් සම්බන්ද වන බැවිනි.

බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් වින්ඩෝස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම අදාල ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් උපකරණය නිපදවා ඇති සමාගම විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා බාගත කරගන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මෙම ලිපිය තුලින් දැනට සොයාගත හැකි යූඑස්බී මෘදුකාංගයන් සියල්ලම පාහේ ඔබට එකම ස්ථානයකින් බාගත කරගැනීමට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් 7 සහ 8 යන මෙහෙයුම් පද්ධතියන් සඳහා සහ මැක් ඕඑස් එක්ස් (Mac OS X) යන මෙහෙයුම් පද්ධතියන් සඳහා අවශ්‍යය කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයන් පලකර තිබෙනවා.

වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.

• Google Nexus: Download Google Nexus Drivers.

• Samsung: Download Samsung USB Drivers හෝ Download Samsung KIES (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

• HTC: Download HTC USB Drivers හෝ Download HTC Sync Manager (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

• Motorola: Download Motorola USB Drivers (Motorola Device Manager).

• Huawei: Download Huawei USB Drivers හෝ Download HiSuite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ HTC MediaPad 10 FHD: Download Drivers.

• LG: Download LG USB Drivers.

    ○ විශේෂිත උපාංගයන් සඳහා, LG වෙබ් අඩවියට ගොස් ඔබගේ උපකරණය එහි සෙවුම් කර Resources යන්න තුලින් අදාල මෘදුකාංගය බාගත කරගත හැක.

• ASUS: Download ASUS USB Drivers හෝ Download ASUS PC Suite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ Nexus 7: Download Nexus 7 USB Drivers.

• SONY: සෝනි සමාගම විසින් වෙන වෙනම මෘදුකාංගයන් දෙකක් වින්ඩෝස් සහ මැක් පද්ධති වලට නිකුත් කර තිබෙනවා.

    ○ For Windows (වින්ඩෝස් සඳහා) : Download Sony PC Companion (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).
    ○ For Mac (මැක් සඳහා): Download Sony Bridge (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

• ZTE: Download ZTE USB Driver.

• DELL: Download DELL USB Drivers (උපාංගය අනුව මෘදුකාංගය වෙනස් වනු ඇත).

• Fujitsu: Download Fujitsu USB Drivers.

• Intel: Download Intel Android USB Drivers.


මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා, Android File Transfer යනුවෙන් මෘදුකාංගයක් ඇත. එයින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ සිට සහ පරිගණකයේ සිට ගොනු හුවමාරු කිරීම ඉතාමත් පහසු කරගත හැක. 


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයට ගැලපෙන මෘදුකාංගය හමුවුනේ නැතිද? ඔබට අවශ්‍යයනම් පහතින් අදාල මෘදුකාංගය සටහන් කර කමෙන්ටුවක් දමන්න. ඔබට අදාල මෘදුකාංගය අප විසින් සොයා දෙනු ඇත.


---------------------------
වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How To Convert Korean Galaxy S To International Version



[ මෙහි දක්වා ඇති සබැඳියන් වලංකු වනුයේ SHW-M110S යන අංකය අයත් වනු ලබන කොරියානු ගැලක්සි එස් ජංගම දුරකථනයන්ට පමණි. ]

කොරියාවට නිෂ්පාදනය කරනු ලබන බොහෝ සැම්සුන්ග් ජංගම දුරකථනයන් ලංකාවේ පාවිච්චියේදී යම් යම් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට ඔබට සිඳුවනු ඇත. සමහරක් දුරකථන වලට සංඥා නොලැබීමේ දෝෂයක් හට ගනු ලබයි; කොරියානු ජංගම දුරකථන වල ඇති ලොකුම ගැටළුව වනුයේ එහි ඇති මැසේජ් (message) ඇප් එකෙහි ඇති සීමාකාරී බවයි. අකුරු 60ක් හෝ 80ක් පමණක් මෙම දුරකථනයන් වල සටහන් කල හැක. එම අදාල සීමාව ඉක්මවූවාට පසුව සිඳුවන්නේ එම පණිවිඩය, නැතිනම් මැසේජය එම්එම්එස් (MMS) ආකාරයට පරිවර්තනය වීමයි.

Best Android launchers for your smartphone & tablet

ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගේ ජංගම දුරකථනය, ටැබ්ලට් යන්ත්‍රය ලස්සනට තියාගන්න. දැනට ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙන හොඳම ලොන්චර් කිහිපයක් මේ ලිපියෙන් දක්වලා තියෙනවා. ගූගල් ප්ලේ ස්ටෝර් හි ඔබට ලොන්චර් රාෂියක් දැකගන්නට ලැබුනත්, බොහෝවෙලාවකට සමහර ඒවා බාගත කරගත්තත් ඔබට ඒවා නොගැලපෙන බවට විගසින් වැටහෙනු ඇත. ඩේටා කලමණාකරනය කරනවා වෙනුවට මේ වගේ වැඩකට නැති ඇප්ලිකේෂන් බාගතකරගෙන වලේ වැටෙන්නේ නැතිව, මේ ලිපියෙන් දක්වා තිබෙන ලොන්චර් භාවිතා කර බලන්න. සමහරවිට ඔබ මේවාගෙන් කිහිපයක් හෝ සියල්ලම ඔබ භාවිතා කර තිබිය හැක. නමුත් මේ ලිපිය මේ පිළිබඳ නොදන්නා අයටයි.

Launcher (ලොන්චර්) යනු ඔබේ home screen එක, app drawer එක, icons, fonts, folders සහ widget යන සියල්ලම පාහේ ඔබට අවශ්‍යය අයුරින් සකසා ගත හැක. එමෙන්ම දුරකථනයේ තිරයන් එහාට මෙහාට කරන විට (swipe) එයටද අලංකාරයක් ලබාදීමට මේවා මඟින් හැකියි. එමෙන්ම සමහර ලොන්චර් මඟින් ඔබට දුරකථනය සමඟින් ලැබෙන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට වඩා වේගවත්ව ක්‍රියාකිරීමේ හැකියාවක් ලැබෙනු ඇත. පහතින් දක්වා ඇත්තේ දැනට පවතින විශිෂ්ඨ ගනයේ ලොන්චර් කිහිපයකි.

• Apex Launcher (ඇපෙක්ස්): දුරකථනය තනිකරම ලස්සන කරගන්න කැමති පිස්සොන්ට!
ඇපෙක්ස් ලොන්චර් කියන්නේ මේ වන විට ගූගල් ප්ලේ ස්ටෝර්හි තිබෙන වඩාත් ප්‍රචලිතම ලොන්චර් එක කිවහොත් නිවැරදියි. මිලියනයකට වඩා වැඩිදෙනෙක් මෙම ඇප්ලිකේෂන් එක තමන්ගේ දුරකථනයට හෝ ටැප්ලට් යන්ත්‍රයට ස්ථාපනය කරගෙන ඇති අතර දැනට ලබා ඇති රේටින් අගය වනුයේ 4.5කි. මෙය මඟින් ඔබට සම්පූර්ණයෙන්ම පාහේ home screen, app drawer යන දෙකෙහිම පාලනය කරන්නට හැකියාවක් ඇත. එමෙසන්ම අයිකන් වල හැඩය, themes, ඇනිමේෂන් සහ transition effect යන සියලුම දේවල් මෙයට අයිතිවනු ඇත. මෙම ඇපෙක්ස් ලොන්චර් එකෙහි නොමිලේ ලබාදෙන ඇප්ලිකේෂන් එකක් වාගේම මුදල් ගෙවා ලබාගත හැකි premium වර්ගයේ ඇප්ලිකේෂනයක්ද ඇත. මුදල් ලබාදී ස්ථාපනය කරගන්නට ඇති වැඩසටහෙනි නොමිලේ ලබාදෙන වැඩසටහනට වඩා වැඩි ක්‍රියාවලින් කිහිපයක්ම තිබෙනු දක්නට ලැබේ. 
AndoridpIT Apex Launcher KitKat
Download Apex launcher - from Play Store
Download Apex launcher - from Zippyshare


Buzz Launcher (බස්): ඔබේ දැනට ඇති ලොන්චර් එකට අකමැතිනම්, ඔබගේ සිතැගි අයුරින් ලොන්චර් එකක් තෝරාගන්න

බස් ලොන්චර් එක පොඩ්ඩක් විතර අනිකුත් ලොන්චර් වලින් වෙනස් එකක්. ඒ, එහි ඇති අමුතුමපාහේ ඇති නොයෙකුත් නිර්මාණ හැඩයන් නිසාවෙනි. මෙම ලොන්චර් එකද මිලියනයකට වැඩි දෙනෙක් තමන්ගේ උපකරණයට ස්ථාපනය කරගෙන ඇති අතර, රේටින්ග් වශයෙන් 4.4ක් ලබාගෙන ඇත. මෙම බස් ලොන්චර් එක මඟින් ඔබට ඔබගේ home screen එක නොයෙකුත් හැඩයන් වලට තබාගත හැක. මෙහිදී අනිකුත් බස් පාරිභෝගිකයන් නිර්මාණය කරන ලද custom home screen සහ themes ඔබට බාගත කරගත හැක. ඔබට ගැලපෙන තීම් එකක් ලැබෙනකම් ඔබට කරන්නට ඇත්තේ බස් ලොන්චර් එක තුල සෙවීම පමනි. ඔබට අවශ්‍යයනම් ඔබටම කියා තීම් එකක් සාදාගන්නටද මේ මඟින් පුලුවන්.AndroidPIT Buzz Launcher
Download Buzz launcher - from Play Store
Download Buzz launcher - from Zippyshare


Action Launcher (ඇක්ෂන්): ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය නියමිත ප්‍රමිතියකට තබාගන්න

ඇක්ෂන් ලොන්චර් යනු බොහෝම ඉක්මනින් වැඩිදෙනෙක්ගේ අවධානය දිනාගත් වැඩසටහනක්. මේ වන විටත් පක්ෂ දහයකට වඩා වැඩි පිරිසක් ස්ථාපනය කරගෙන ඇති අතර, ලබා ඇති රේටින්ග් ගණන වනුයේ 4.5කි. මෙහි විශේෂත්වය වනුයේ එක් තිරයක සිට දුරකථනයේ සියල්ලක්ම පාලනය කරන්නට ඇති හැකියාවයි. දකුණු පැත්තට තිරය මත ඔබේ ඇඟිල්ල ගෙන ගියහොත් app drawer එකත් ලැබෙනු ඇත. එමෙන්ම මෙම වැඩසටහනටම කියා අලංකාරත්වයෙන් ඉහළ අගයක් ලබාගන්නා අයිකන් පැක් එකක් මෙන්ම, ඔබට වෙනස් කරගත ඇති විජට් රාශියක්ද ඇත. එමෙන්ම ඔබේ ඇති සියලුම ඇප්ලිකේෂන් වර්ග කර දක්වන්නට මෙම වැඩසටහන හපන්කම් දක්වයි. අදාල ෆෝල්ඩර මත කරන එක් ටැප් එකක් මඟින් ඔබට එම වර්ගයේ ඇති සියලුම දෑ ඔබට දැකගත හැක.

AndroidPIT Action Launcher 
Download Action launcher - from Play Store
Download Action launcher - from Zippyshare


Nova Launcher (නෝවා): සෑම පිරිමියෙක්ම භාවිතා කරනු ලබන ලොන්චර් එක (හැමදෙයක්ම එකම තැනකින්)

කතා දෙකක් නොමැතිව දැනට තිබෙන ලොන්චර් වලින් ඉහළින්ම වැජබෙන සහ ලොන්චර් වල රජු ලෙස මෙම නෝවා ලොන්චර් එක සැලකිය හැක. නෝවා ලොන්චර් එක වෙනුවෙන් සෑම දුරකථනයකම ස්ථානයක් තිබෙනු ඇත. එය පොදු කතා ව්‍යවහාරයේ සියල්ලක්ම පාහේ කියනු ලබන දෙයකි. මිලියන පහකට අදික ප්ලේ ස්ටෝර් එකෙන් බාගතකරගනු ලැබූවන් අතර, 4.7ක රේටින්ග් අගයක් මෙයට ලැබී ඇත. නෝවා ලොන්චර් එක ඇපෙක්ස් ලන්චරයට සමානයි. නමුත් නොයෙකුත් ලොන්චර් වලින් බැට කෑ අය නෝවා ලන්චරය භාවිතා කලහොත් එයින් කිසිම දවසක ඉවත්ව නොයන මට්ටමේ සුපිරි වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දිය හැක. මෙම වැඩසටහෙනත් ඇපෙක්ස් ලොන්චර් එකෙහි මෙන්ම මුදල් ගෙවා ලබාගැනීමට ඇති වැඩසටහනක් සහ නොමිලේ ලබාගත හැකි වැඩසටහනක් තිබේ.

AndroidPIT Nova Launcher Beta Home

Download Nova launcher - from Play Store
Download Nova launcher - from Play Store (paid)
Download Nova launcher - from Zippyshare 


Next Launcher 3D shell (නෙක්ස්ට්): දැනට තිබෙන හොඳම 3D ලන්චරය

නෙක්ස්ට් ලොන්චර් එක දැනට තිබෙන හොඳම 3D ලොන්චර් එක ලෙස සැලකිය හැක. අනිකුත් ලොන්චර් සමඟ මෙම ලොන්චර් එක සංසන්දනය කර බලා, නචව වලින් එම විස්තරය කරන්න අමාරුයි. සියලුම හොඳ ගුණාංගයන් මෙහි ඇති නොමිලේ දෙන වැඩසටහන මඟින් ඔබට ලබාගත නොහැකි අතර, සියලුම ගුනාංගයන් ලබාගන්නටම් ඔබට මුදල් ගෙවා ලබාගත යුතු වැඩසටහන මිළඳී ගන්නවට සිදුවනු ඇත. නමුත් පෙනුම අතින් ගතහොත් නොමිලේ ලබාදෙන වැඩසටහනද ප්‍රමාණවත්. 

next screen 

Download Next launcher 3D shell- from Play Store
Download Next launcher 3D shell- from Play Store (paid)
Download Next launcher 3D shell- from Zippyshare


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ලස්සනට තියං ඉන්න කැමති අයට
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How to get android 5 (lollipop) on your PC


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් ලොලීන් ගොඩක්ම ඇහැ ගහගෙන ඉන්න දෙයක් තමයි කවද්ද තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම සංස්කරණය ලැබෙන්නේ කියලා. ඉතින් මේ අලුත්ම සංස්කරණය ලැබෙනකම් ඉවසං ඉන්න බැරි අයට පුලුවන් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. 

emulatore lollipop teaser

මේ ලිපියේ තියෙන විදිහටම කටයුතු කරොත්, අන්තිමට ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් සංස්කරණය ඔබේ පරිගණකයෙන් අත්විදගන්න පුලුවන්. මෙහිදී ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක පහසුකම ඒ හා සමාවන විදගන්නට හැකියාව ලැබෙන අතර, apps ක්‍රියාත්මක කිරීමටනම් Bluestack යන මෘද්‍රකාංගය ඔබට භාවිතා කරන්නට සිඳුවනු ඇත.

අවශ්‍යය කරන දේවල්-:
Android SDK: මෙම වැඩසටහන මඟින් ඔබට Android Lollipop සංස්කරණය සහ එයට අවශ්‍යය කරන අනෙකුත් මෙවලම් භාගත කරගත හැක.

ලොලිපොප් සංස්කරණය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා අයුරු:-
මෙම ක්‍රියාවලිය කොටස් දෙකකින් සමන්විත වේ.

1. අවශ්‍යය කරන දෑ ස්ථාපනය කරගැනීම
  • • Android SDK වෙබ් අඩවිය මඟින් ඔබගේ පරිගණකයට ගැලපෙන සංස්කරණය (32bit හෝ 64bit) බාගත කරගන්න.
  • • එය බාගත වී අවසානයේදී ඔබට ලැබෙනුයේ ZIP ගොනුවක් ලෙසයි. මෙම ගොනුව Win RAR, 7-Zip වැනි ZIP ගොනුවලින් නිදොස් කරගන්නා වැඩසටහනක් භාවිතා කර extract කරගන්න. එමෙන්ම extract විය යුතු ස්ථානය ලබාදීමේදී ඔබ එම ස්ථානය මතක තබා ගැනීම වැදගත්වනු ඇත.
  • • SDK Manager යන්න විවෘත කර ඉන්පසු android-sdk යන්නට යන්න. එය load වී අවසන් වන තෙක් සිටින්න.
  • • එම ලැබෙන තිරයේ ඇති අංග සියල්ලම select කර ඇතිනම් ඒ සිලෙක්ට් වී ඇති සියල්ලම deselect කරන්න. Tools යන ගොනුව තුල Android SDK Platform-tools යන්න සහ එයට පහළින් ඇති Android 5.0 (API 21) යන ගොනු දෙක පමණක් සිලෙක්ට් කර Install Packages යන්න මත ක්ලික් කරන්න. එහිදී මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ කැමතිදැයි අසන ලබන අතර එයට Accept යන්න ලබාදෙන්න. ඉන්පසුව බාගත කරගැනීම් ස්වයංක්‍රීයවම සිඳුවන අතර, ස්ථාපනයවීම්ද එසේම සිඳුවනු ඇත. 
emulatore lollipop 01
තෝරාගත යුතු ගොනු දෙක මෙහි රතුපැහැයෙන් වර්ණ ගන්වා ඇත.

2. ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් පරිගණක සංස්කරණය නිර්මාණය කරගැනීම
ස්ථාපනය වී අවසන් වූවාට පසුව, android-sdk ගොනුවට ගොස් එහි ඇති AVD Manager වැඩසටහන ක්‍රියාත්මක කරගන්න. එහි ඇති Create බට්න් එක තෝරා ලබාදුන් විට නව කවුලුවක් විවෘත වෙනු ඇත. එයට පහළින් දක්වා ඇති අයුරින් අදාල තොරතුරු ලබාදෙන්න.

emulatore lollipop 02

  • AVD Name: මෙම වැඩසටහනට යොදන්නට අවශ්‍යය නම මෙහි සටහන් කරන්න. ඔබ නම යොදන විට ඒ අතර හිස්තැන් නොතබන්න. (උදාහරණ - EmulatoreLollipop)
  • Device: වැඩසටහනෙහි පෙනුම කුමන සංස්කරණයක් ලෙස පෙනිය යුතුදැයි මෙයින් අසනු ලැබේ. මෙහිදී Nexus 5 හෝ ඊට පසුව පැමිණි දුරකථනයක් ලබා දීම හොඳයි.
  • Target: ස්ථාපනය කල යුතු වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය (Android 5.0 - API Level 21)
  • CPU: එහි ඇති "ARM" යන්න තෝරන්න.
  • Skin: "Skin with dynamic hardware controls" යන්න තෝරාදෙන්න.
  • RAM: පෞද්ගලිකව මම විසින් කියනුයේ 512 හෝ 1024 ලබාදෙන්න කියලයි. ඊට වැඩි සංඛ්‍යාවක් ලබාදුන්නොත් ඔබට පරිගණකයෙන් වැඩ කරන්නට අපහසුතාවයක් ඇතිවේවි. ( මෙම වැඩසටහන මඟින් ඔබේ පරිගණකයට අවශ්‍යය කරනු ලබන සංඛ්‍යාව ස්වයංක්‍රීය ලබාගනු ඇත.)
  • අනිකුත් සියල්ල එම තිබෙන ආකාරයටම තිබෙන්න ඉඩ හැර OK යන්න මත ක්ලික් කරන්න.

ඔබට දැන් AVD Manager යන්න තුලින් ඔබ නිර්මාණය කරගත් emulator එක දකින්නට ලැබෙනු ඇත. එය සිලෙක්ට් කර, Start යන්න මත ක්ලික් කරන්න. ඉන්පසුව Launch යන්න ලබාදුන් විට වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. මුල්ම ආරම්භයේදී එය ක්‍රියාත්මක වන්නට විනාඩි කිහිපයක කාලයක් ගතවනු ඇත. ඔබට අවශ්‍යය කරන size එක තෝරාදීමට, Launch Options වෙත ගොස් Start යන්නට පසුව, "Scale to display real size" යන්න තෝරා දී ඔබට අවශ්‍යය කරනු ලබන අගය ලබාදෙන්න.

emulatore lollipop 03

සුභපැතුම්! ඔබ දැන් සාර්ථකව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් emulatorයක් ඔබේ පරිගණකයට ස්ථාපනය කර හමාරයි. දැන් ඔබට මෙම සංස්කරණයට ලැබී ඇති සහ ලැබෙන සියලුම පහසුකම් අත්විදීමට හැක.



ඇන්ඩ්‍රොයිඩ් 5 (ලොලිපොප්) සංස්කරණය ඔබේ පරිගණකයෙන් අත්විදින්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How to fix Goole Play Store errors


Google Play Store කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ඔවුන්ට එදිනෙදා අවශ්‍යය වනු ලබන app සහ ගේම්ස් බාගත කරගන්නට ඇති ප්‍රධානම වෙබ් අඩවියයි. නමුත්, එසේ වූවත් සමහර වෙලාවන්වලට ඔබේ ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් උපකරණයට මෙයින් අවශ්‍යය කරනු ලබන යම් දෙයක් බාගත කරගන්නා අවස්ථාවේදී Error එකක්, නැතිනම් එය ඔබට බාගත කරගන්නට බාධාවක් ඇති කරනු ඇත. සමහරවිට ඔබත් එම අත්දැකීමට මුහුණ දී තිබිය හැක. කෙසේ වූවත් මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්ම මෙම ගූගල් ප්ලේ ස්ටෝර් එකේදී ඔබට අත්දකින්නට ලැබෙන error පණිවිඩයන් වලට ඔබ කල යුත්තේ කුමක්ද, එය විසඳගන්නේ කෙසේද යන්න පැහැදිලි කරනු ඇත.

Google Play - Error 491
ගැටළුව -:
බාගත කරගැනීම් සහ apps/games යාවත්කාලීන කරන්නට නොහැකිවීම.

විසඳුම -:
ඔබේ ජංගම/ටැබ්ලට් උපකරණයෙහි Settings වලට ගොස්, එහි ඇති Accounts යන්නෙන් Google යන්න තෝරා එහි ඇති Remove account යන්න මත ටැප් කරන්න. ඉන්පසුව ඔබගේ උපකරණය Reboot කර නැවත වතාවක් Settings → Accounts → Add account වෙතින් ඔබගේ ගූගල් ගිණුම එකතු කරන්න. ඉන්පසුව Settings වල ඇති Apps (applications) වෙත ගොස් All යන ස්ථානයට ඇඟිල්ලෙන් එහාට මෙහාට කරමින් පිවිසෙන්න. ඉන්පසු එයින් Google Services යන්න තෝරා, Clear Data යන්න මත ටැප් කර ඉන්පසු Force stop යන්න මතද ටැප් කරන්න.


Google Play - Error 498
ගැටළුව -:
ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් කරන බාගත කිරීම් ඔබගේ උපකරණයට බාගතවීමේදී එයට බාධා කිරීම.

විසඳුම -:
මෙයට හේතුව වනුයේ ඔබේ උපකරණයෙහි cache මට්ටම උපරිම අගයක් ගැනීමයි. ඔබට අවශ්‍යය නොමැති ඇප්ලිකේෂන් සහ ලිපිගොනු මකාදමන්න. ඔබේ උපකරණය ක්‍රියාවිරහිත කර Volume down, Home button සහ Power button යන තුන එක්වරම ඔබාගෙන සිටින්න. (බොහෝමයක් samsung උපකරණයන්හී recovery mode වෙත පිවිසෙන්නේ මේ අයුරිනි. සැම්සුන්ග් නොවන උපකරණයක්නම් බොහෝමයක් ඒවාගේ ඇත්තේ volume down සහ power button යන ඒවා එක්වරම ඔබාගෙන සිටීම පමණි.) එවිට ඔබගේ උපකරණය recovery mode වෙත පිවිසෙනු ඇත. එවිට ඔබට විස්තර කිහිපයක්ම දැකගත හැකිවනු අතර ඔබගේ උපකරණයෙහි ඇති ශබ්ධය අඩු හෝ වැඩි කරන කොටස් දෙක මඟින් Wipe cache partition යන්න මතට ගෙනවිත් power button එක ආධාර කරගෙන එය තුලට ඇතුලත්ව Yes යන්න තෝරා දෙන්න.

recovery 02


Google Play - Error 919
ගැටළුව -:
ඔබ බාගතකරගනු ලබන දෙය බාගත වූවත් එය බාගත වී අවසන් වූවාට පසුව ක්‍රියාත්මක නොවේ.

විසඳුම -:
මෙයට හේතුව වනුයේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයෙහි මතක ධාරිතාව නැතහොත් Storage එකෙහි තව දුරටත් ඉතුරු ඉඩක් නොමැති වීමයි. එනයි memory full වීමයි. මෙය විසදාගැනීමටනම් ඔබේ උපකරණයෙහි ඇති MP3, වීඩියෝ පට හෝ වැඩි ඉඩක් හෝ වැඩි ධාරිතාවයක් ඇති ඇප්ලිකේෂන් ඔබේ උපකරණයෙන් මකාදමන්න.


Google Play - Error 413
ගැටළුව -:
ඇප්ලිකේෂන් බාගත කරගැනීමට හෝ යාවත්කාලීන කල නොහැක. ඔබ proxy භාවිතා කරන්නේනම්, එය සමහරවිට Google Play Storeහි ක්‍රියාකාරිත්වයට බලපෑමක් සිඳුවිය හැක.

විසඳුම -:
Settings වලට ගොස්, Apps (හෝ Application manager) සොයාගන්න. ඉන්පසු All යන කොටසට පිවිසෙන්න.  එහි ඇති Google Services යන්නෙහි ඇති Clear data සහ Force stop යන කොටස් දෙකම පිළිවෙලින් ටැප් කරන්න. ඉන්පසුව එහි ඇති Google Play Store ඇප්ලිකේෂන් එක සොයාගෙන එහිද Clear data සහ Force Stop ලබා දී ඔබගේ උපකරණයෙහි අන්තර්ජාලය පිවිසෙන වෙබ් පිරික්සකයේ නැතිනම් browser එකෙහි ඇති cache (කැෂ්) මකා දමන්න.


androidpit play store errors clear data cache




Google Play - Error 921
ගැටළුව -:
ඔබට ඇප්ලිකේෂන් බාගත කරගැනීමට නොහැකියි.

විසඳුම -:
Google Play Store ඇප්ලිකේෂන් එකෙහි ඇති කැෂ් මකාදමා උත්සාහ කරන්න. එයින් ඵලක් වූයේ නැතිනම්, සියලුම Play Store ඇප්ලිකේෂන් එකෙහි දත්ත මකා දමන්න. (ඔබ එසේ කල විට ඔබ විසින් සකසන ලද සියලුම විධානයන් ඉවත්ව යන අතර ඔබට නැවත එම විධානයන් ලබාදීමට සිඳුවනු ඇත.) එම ක්‍රියාවේදීත් ඔබ අසමත් වූයේනම් ඔබේ ගූගල් ගිණුම ඉවත්කර, ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය reboot කර නැවත ගූගල් ගිණුම ඇතුලත් කරන්න.


androidpit google play error remove account




Google Play - Error 403
ගැටළුව -:
බාගත කරගැනීමට නොහැකිවන අතර 'forbidden' යන්න අවශ්‍යය බව පවසයි. මෙය සාමාන්‍යයෙන් සිඳුවනුයේ ගූගල් ගිණුම් දෙකක් විසින් ඔබේ උපකරණයෙහි ඇති ඇප්ලිකේෂන් මිළඳී ගැනීමේදීයි.

විසඳුම 01 -:
ගූගල් Play Store වෙත ඔබ භාවිතා කරනු ලබන නිවැරදි ගූගල් ගිණුමෙන් පිවිසෙන්න. ඔබට මෙම ගැටළුව මතුවන ඇප්ලිකේෂන් එක uninstall කරදමන්න. ඉන්පසුව, නැවත වරක් Play Store මඟින් එම ඇප්ලිකේෂන් එක බාගතකිරීමට උත්සාහ කරන්න. (එවිට එන කවුලුවෙහි ඇති purchase යන්න මත ටැප් කරන්න.)

විසඳුම 02 -:
Play Store වෙත ගොස් එහි ඇති Settings යන්න තෝරා එතුල ඇති Clear search history යන්න තෝරාදෙන්න. මෙයින් ඔබ Play Store එක තුල සෙවුම් කල සියල්ලක්ම මැකී යනු ඇත.

විසඳුම 03 -:
නව ගූගල් ගිණුමක් සාදා එය Play Store සමඟ භාවිතා කරන්න. එම සඳහා Google Play වෙත ගොස් Menu button එක සිලෙක්ට් කරන්න. ඉන්පසුව Accounts යන්න තෝරා New Gmail account යන්න තෝරාදෙන්න. ඉන්පසුව ඇප්ලිකේෂන් එක නැවත ස්ථාපනය කරන්න.



Google Play - Error 923
ගැටළුව -:
ඇප්ලිකේෂන් බාගත කරගැනීමට නොහැක.

විසඳුම -:
ඔබගේ ගූගල් ගිණුම ඉවත් කර සහ ඔබ භාවිතා නොකරන ඇප්ලිකේෂන් ඉවත් කර උපකරණයෙහි මතක ධාරිතාව යම්තාක් දුරකට තබාගන්න. ඉන්පසුව, recovery mode වෙත ඔබගේ උපකරණය reboot කරන්න. Wipe cache partition යන්න තෝරා ඉන්පසුව ඔබේ උපකරණය සුපුරුදු ලෙස ක්‍රියාත්මක කරන්න. බිය නොවන්න. ඔබේ පෞද්ගලික දත්තයන් මැකී නොයනු ඇත. ඉන්පසුව නැවතත් වරක් ඔබේ ගූගල් ගිණුම ලබාදෙන්න.


 http://fs01.androidpit.info/userfiles/3190240/image/WipeCachePartition.jpg



Google Play - Error 492
ගැටළුව -:
ඇප්ලිකේෂන් ඔබේ උපකරණයට ඉන්ස්ටෝල් කල නොහැකියි.

විසදුම -:
Settings වල Apps යන්නෙහි All වලට ගොස් Google Services යන්න තෝරාදෙන්න. ඉන්පසුව Clear Data සහ Force stop යන දෙක මත ටැප් කරන්න. එම ක්‍රියාවලියම Google Play Store ඇප්ලිකේෂනයටද කරන්න.
( ඔබේ ගැටළුව විසඳුනේ නැතිනම්, Dalvik cache මකා දමන්න. මෙය කිරීමට, Custom recovery mode වෙත යාමෙනි (මෙය සිඳුකල හැක්කේ ඔබේ උපකරණය රූට්(root) කර ඇතිනම් පමණි). තවත් විසඳුමක් ලෙස සම්පූර්ණයෙන්ම Data wipe/ Factory reset කිරීමයි. මෙම ක්‍රියාව සියලුම දෙනාට recovery mode මඟින් සිදුකර ගත හැක. මෙම ක්‍රියාව මඟින් ඔබේ උපකරණයෙහි ඇති සියලුම දත්තයන් මැකී යාහැකි අතර, ඔබට අවශ්‍යය කරනු ලබන දත්තයන්ගේ backup එකක් තබාගැනීමට කාරුණික වන්න.



Google Play - Error 927
ගැටළුව -:
බාගත කිරීම් කල නොහැකියි. හේතුව වනුයේ Play Store හි යාවත්කාලිනයන් සිදුවන බැවිනි.

විසඳුම -:
Google Play Store සම්පූර්ණයෙන්ම යාවත්කාලීන වී අවසන් වෙනතුරු ටික වේලාවක් සිටින්න. ගැටළුව තවදුරටත් තිබේනම්, Settings වලට ගොස් Appsහි All යන්නට ගොස් Google Services යන්න මත ටැප් කරන්න. එහි ඇති Clear Data සහ Force Stop යන දෙක මතද පිළිවෙලින් ටැප් කරන්න. එම ක්‍රියාවලියම Google Play Store ඇප්ලිකේෂන් එකටද කරන්න.



Google Play - Install Error 961
ගැටළුව -:
Play Store මඟින් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ස්ථාපනය කිරීමේදී මෙම ගැටළුව පැන නැගේ.

විසඳුම -:
මුලින්ම, ඔබ ඇප්ලිකේෂන් එකක් මිළඳී ගත්තේනම් එය නැවත refund කරන්න. මෙය ඔබ ඇප්ලිකේෂන් එක මිළඳී ගෙන විනාඩි 15ක් ගතවීමට ප්‍රථම කල හැක. මෙය සිඳුකිරීමට Play Store එකෙහි ඇති Repayment යන්න තෝරාදෙන්න. ඉන්පසුව, Settings වෙත ගොස් Application යන්නෙහි ඇති All යන්න තෝරාගන්න. ඉන්පසුව Google Play තෝරා එහි Cache මකාදමන්න. ගැටළුව දිගටම පවතීනම් delete the data යන්නද තෝරාදෙන්න.


මෙම ඉහත දක්වා ඇති විසඳුම් මඟින් ඔබට හැගීයනු ඇති, සියලුම ප්‍රධාන ගැටළු වලට කරන්නට ඇත්තේ එක හා සමාන ක්‍රියාවලි කිහිපයක් බවට. සෑමවිටකදීම ඔබ wipe data හෝ factory/data reset කරන විට පරිස්සම් වන්න. හේතුව, මෙම ක්‍රියාවලි මඟින් ඔබගේ උපකරණයෙහි ඇති පින්තූර, ලිපිගොනු, දුරකථන අංක.... ආදී නොයෙකුත් කරුණු ඔබට අහිමි වීමේ ප්‍රතිශතය ඉහළ අගයක ඇති බැවිනි. මෙම ක්‍රියාවලියන් කිරීමට ප්‍රථම ඔබට අවශ්‍යය කරනු ලබන සියල්ලක්ම පාහේ backup එකක් ලෙස තබාගන්න.


androidpit google play errors factory reset



මෙම ඉහත දක්වා ඇති ගැටළු වලට අමතරව ඔබට ගැටළු පැන නැගී හෝ පැන නැගෙනු ඇතිනම් මාහට දන්වන්න. හැකි අයුරින් ඔබට උදව් කරන්නට මා පොරොන්දු වෙමි.




ගූගල් ප්ලේ ස්ටෝර් එකේ ප්‍රධානතම වැරදි විසඳගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

සැම්සුන්ග් ගැලක්සි 6 ගැන දැනගන්න


සැම්සුන්ග් සමාගම විසින් නිකුත් කරනු ලබන සෑම ගැලක්සි එස් (Galaxy S) ස්මාර්ට් ජංගම දුරකථන මාදිලියකම උසස් තත්වයක් අපේක්ෂා කරනු ලබනවා මෙන්ම ඉඳිරියට පැමිණීමට තිබෙන සැම්සුන්ග් ගැලක්සි එස්6 (Samsung Galaxy S6 (SIV)) ස්මාර්ට් ජංගම දුරකථනයෙන්ද එයම බලාපොරොත්තු වනවා නොඅනුමානය. නමුත්, අනිකුත් ගැලක්සි එස් මාදිලියන්ට වඩා මෙවර මාදිලිය විශාල අවධානයක් ගෙන එනු ලබන වෙනසක් සිඳුවනු ඇතැයි සැලකිය හැක. පැහැදිලිවම මෙම දුරකථනය මඟින් අප ගැලක්සි එස් මාදිලියන්ගෙන් බලාපොරොත්තු වූ දේවල් වලට වැඩි දෙයක් මත අපට බලාපොරොත්තු තබාගත හැකියි. නම්‍ය කරනය වන තිරයක් සහ ලෝහ ආවරණයකින් සමන්විත වන මෙය Octa-core ප්‍රොසෙසරයකින් බලගැන්වෙන බවටයි කටකතා වලින් දැනගන්නට ලැබෙන්නේ. එමෙන්ම, මෙහි ඇති යම් යම් සුවිශේෂිතා අන්තර්ජාලයේ යම් වෙබ් අඩවි තුල කතාවෙනු දක්නට ඇත. මෙම ලිපියෙන් දක්වා ඇත්තේ එම කරුණු සියල්ලම එක් ස්ථානයකට ගෙනහැර දැක්වීමයි. ඒ අතුරින් Samsung Galaxy S6 දුරකථනයේ විශේෂීතාවයන්, ලක්ෂණයන්, මිළ ගණන්, කටකතා සහ අනෙකුත් සියලුම දේ මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට හැකිවෙනු ඇත.

සැම්සුන්ග් ගැලක්සි S6 හි සැලසුම් සංකල්පය (Samsung Galaxy S6 Design Concept) 

S6 Concept
සැම්සුන්ග් ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනය පැහැදිලිවම සැම්සුන්ග් ගැලක්සි S3 (Samsung Galaxy S3) සහ සැම්සුන්ග් ගැලක්සි S4 (Samsung Galaxy S4) යන ස්මාර්ට් ජංගම දුරකථනයන් හා සමාන පෙනුමක් තිබිය හැකියි. එමෙන්ම සැම්සුන්ග් ගැලක්සි S2 (Samsung Galaxy S2) සහ සැම්සුන්ග් ගැලක්සි S3 හෝ බ්ලැක්බෙරි Z10 (Blackberry Z10) හෝ සැම්සුන්ග් ගැලක්සි නෝට් 3 (Samsung Galaxy Note 3) යන ස්මාර්ට් ජංගම දුරකථයන්ගේ තිරයන්හි එකතුවක් ලෙස මෙම දුරකථනයේ තිරය නිමවී තිබිය හැකියි.

සියලුම ගැලක්සි එස් මාදිලියන්ට තිබුනේ ප්ලාස්ටික් ආවරණයක් නිසා ගැලක්සි නෝට් 3 දුරකථනය ලෝහමය ආවරණයකින් සමන්විත වේයැයි සියල්ලන්ම බලාපොරොත්තු වූවත්, එම බලාපොරොත්තූන් සියල්ලක්ම කඩකරමින් නෝට් 3 ජංගම දුරකථනයටද පැමිණියේ ප්ලාස්ටික් ආවරණයකි. නමුත්, මෙවර ගැලක්සි S6 දුරකථනයට ලෝහ ආවරණයකින් සැදුම්ලත් බදක් පැමිණීමේ සාපේක්ෂතාවය 75% දක්වා ඉහළ මට්ටමක පවතිනවා.

සැම්සුන්ග් ගැලක්සි S6හි බලාපොරොත්තු වනු ලබන සැලසුම(Samsung Galaxy S6: Expected Design)

ගැලක්සි S5 (Galaxy S5) ජංගම දුරකථනය ප්ලාස්ටික් ආවරණයකින් සමන්විත නිසා පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කලකිරීමෙන් සිටිනු දක්නට ලැබුනා. මේ හේතුව නිසා ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනයට ශක්තිමත් බද ආවරණයක් යොදාගන්නට උත්සාහ කරනු ඇතැයි විශ්ලේෂකයින්ගේ මතය. ඒ ජංගම දුරකථනයේ ආවරණය ඇලුමීනියම් හෝ ග්‍රාෆේන් යන ලෝහයන්ගෙන් නිර්මාණය වන බවයි. කෙනෙකුට මේ අනුව මෙම දුරකථනයේ බර පිළිබඳව ගැටලුවක් පැන නැගෙනු ඇත. මෙම ජංගම දුරකථනය සුපුරුදු පරිඳිම සැහැල්ලු, බරින් අඩු දුරකථනයක් වූවත් ලෝහ ආවරණය නිසා යම් කිසි කුඩා බරක් එකතු වනු ඇත. ඇලුමීනියම් භාවිතා නොකර ග්‍රාෆේන් භාවිතා කලහොත් බර ඒකාකාරී බවකින් පවත්වාගෙන යන්නට හැකිවනු ඇතැයි විශ්ලේෂකයින් තවදුරටත් පැවසීය.

S6 Specs

ස්මාර්ට් ජංගම දුරකථනයන්ගේ වර්ධනයත් සමඟම තිරයෙහි විශාලත්වයද වැඩිවෙමින් පවතිනු ලබයි. මෙම ගැලක්සි S6 දුරකථනයෙහි තිරයෙහි විශාලත්වය අඟල් 5.1ක් පමණ වනු ඇත. මෙම තිරය විශාල ඉහළ තාක්ෂණයකින් සමන්විත වනු ඇත. දිගු කාලයක පටන් සැම්සුන්ග් සමාගම පවසා සිටියේ ඔවුන්ගේ ගැලක්සි දුරකථන මාදිලියට නම්‍යකරනය වන තිරයක් හඳුන්වා දෙනු ලබන බවට. ඔබට දැනට නම්‍ය කරනය වූ තිරයක් ඔබට දැකගැනීමට ඇත්තේ ගැලක්සි රවුන්ඩ් (Galaxy Round) සහ ගැලක්සි ෆිට් (Galaxy Fit) යන උපකරණයන්ගේ පමණි. නමුත්, මෙම උපකරණයන් දෙකට තවත් උපකරණයක් ඉඳිරියේදී එකතුවනු ඇත. කටකතා වලට අනුව නම්‍ය කරනය වූ තිරයක් ගැලක්සි S6 දුරකථනයට ස්තාපිත කරන්නට සැලසුම් කරනු ලබනු ඇත.

සැම්සුන්ග් ගැලක්සි S6 හි ලක්ෂණයන් (Samsung Galaxy S6: Expected Features)

සෑම නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් සමඟම, පාරිභෝගිකයින් බලාපොරොත්තු වන්නේ විශාලත්වය, ක්‍රියාශීලී බව, වේගවත් බව සහ තවත් කොට්ඨාෂයක් ලස්සන බවද බලාපොරොත්තු වනු ලබනවා. සැම්සුන්ග් සමාගමද මෙම සියලුම අපේක්ෂාවන්ට තැනක් ලබා දී තිබෙනවා. නමුත් ප්‍රොසෙසරය, කැමරාව, තිරය සහ කල්පැවැත්ම යන කාරණයන්ට තවමත් විශාල වශයෙන් අවධානයක් යොමු කර නොමැත.
  • *. පෙර තිබූ එස් මාදිලියේ දුරකථයන්හි කැමරාව මෙම දුරකථනයට පැමිණෙන විට හැත්පසින්ම වෙනස් වනු ඇත. ඒ මෙගා පික්සල් 20ක පිටුපස කැමරාවක් සහ මෙගාපික්සල් 4-7 අතර ඉඳිරිපස කැමරාවක් මෙම දුරකථනයට එකතු වනු ඇත.
  • *. ගැලක්සි S5 දුරකථනයට ඇත්තේ 32GB ප්‍රොසෙසරයකි. මෙම දුරකථනයට පැමිණෙන විට, මෙම ප්‍රොසෙසරය භාවිතයට නොගනු ඇත. තරඟකරුවන් මෙම 32GB ප්‍රොසෙසරය අභිබවා ගොස් ඇති බැවින් සැම්සුන්ග් සමාගමද 64GB ප්‍රොසෙසරයකට ගමන් කරනු ඇතැයි සැලකිය හැක. කටකතා වලට අනුවනම් මෙහි Octa-core ප්‍රොසෙසරයක් දැකගත හැකිවනු ඇත.
  • *. මෙම ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනය නවතම ඇන්ඩ්‍රොයිඩ් 5.0 (ලොලිපොප්) සංස්කරණය සමඟ සැම්සුන්ග් සමාගමේ Touchwiz අතුරු මුහුණත සමඟින් පැමිණෙනු ඇත. 
  • *. 40ppi සමඟින් පුළුල් Quad HD  අඟල් 5.1කින් සමන්විත තිරයක් මෙම දුරකථනය එකතු වනු ඇත. S5 දුරකථනයෙහි ඇත්තේ 1080 full screen HD තිරයක් වන අතර, මෙම S6 දුරකථනයෙහි 2560×1440 ක තිරයක් අපේක්ෂා කරනු ලබයි.
  • *. සියල්ලන්ටම අවශ්‍ය වනුයේ ඔවුන්ගේ දුරකථනයෙහි ඇති බැටරියේ ආයු කාලය වැඩියෙන් තිබීමටයි. සැම්සුන්ග් සමාගම මෙයට පිළිතුරක් වශයෙන් S5 දුරකථනයට බැටරියෙහි ආරෝපණය අඩු වූ විට එය ටික වේලාවක් වැඩිපුර තබාගන්නට පිළියමක් එකතු කරනු ලැබුවා. දක්නට ලැබෙන කාරණයන්ට අනුව මෙම දුරකථනයේ බැටරිය 4000mAH වනු ඇත. එමෙන්ම 5000mAH ගැලක්සි S6 දුරකථනය වෙනුවෙන් නිර්මාණය වනු ලබන බවටද ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. නමුත් බොහෝ දෙනෙකු පවසනු ලබන්නේ 4000mAH බැටරියක් මෙම දුරකථනයත් සමඟින් පැමිණෙනු ඇති බවටයි.
  • *. මෙම දුරකථනයට රැහැන් රහිත ආරෝපණ (Wireless charging) ක්‍රිමයක් හඳුන්වා දෙනු ලබනු ඇත. 
  • *. මෙම දුරකථනය 32GB සහ 64GB වශයෙන් මතක ධාරිතාවන් වර්ග දෙකකින් සමන්විත වනු ඇත. එමෙන්ම 256GB මතක ධාරිතාවක් microSD චිප් භාවිතා කර වැඩිකරගත හැක.
  • *. S5 දුරකථනයෙන් හඳුන්වා දුන් ඇඟිලි සළකුණු සුපිරික්සනය (Finger print scanner) බොහෝ දුරට සාර්ථක දෙයක් නොවුනු අතර මෙම S6 දුරකථනය මඟින් එම විශේෂාංගයද තවත් අලුත් මට්ටමකට, නවීකරණය වූ මට්ටමකට ගෙනියනු ලබනු ඇත. 
  • *. 2G, 3G සහ 4G LTE යන නෙට්වර්ක් මට්ටම් තුනේදීම මෙම S6 දුරකථනය ක්‍රියාත්මක වනු ඇත.
  • *. S5 දුරකථනය ජලයට යම්තාක් ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. එම හැකියාවම S6 දුරකථනයනටත් අඩංගු වනු ඇත. නමුත්, විශ්ලේෂකයින් පවසන අන්දමට සම්පූර්ණයෙන්ම ජලයට ඔරොත්තු දීමේ හැකියාවක් මෙම ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනයට ඇත. 

බලාපොරොත්තු විය හැකි මිළ ගණන් (Expected Prices)

Samsung Galaxy S6 Android
සැම්සුන්ග් ස්මාර්ට් ජංගම දුරකථනයන් සෑම විටකදීම නවතම දුරකථනයක් වෙළඳපොලට පැමිණි විගස එහි මිළ ගණන් බොහෝ සෙයින් අධිකයි. මෙම දුරකථනයේද එම මට්ටම සුපුරුදු අයුරින්ම දකින්නට ලැබෙනු ඇත. නමුත්, මෙම දුරකථනය පෙර තිබූ ගැලක්සි එස් මාදිලියන්ට වඩා ටිකක් මිළ වැඩිවීමක් දක්නට ලැබෙනු ඇතැයි සිතිය හැකියි. ඒ ඇමරිකානු ඩොලර් 750ට තිබෙන දුරකථනය ඩොලර් 800කට ලබා දෙන මට්ටමේ මෙම දුරකථනය තිබෙන බැවිනි.
  • *. ඉන්දියාවේ මිළ (Samsung Galaxy S6 Price In India): Rs 55,000/- (ආසන්න වශයෙන්)
  • *. එක්සත් රාජධාණියේ මිළ (Samsung Galaxy S6 Price In UK): $800 (ආසන්න වශයෙන්)
  • *. කැනඩාවේ මිළ (Samsung Galaxy S6 Price In Canada): $800 (ආසන්න වශයෙන්)
  • *. ඇමරිකාවේ මිළ (Samsung Galaxy S6 Price In US): $800 (ආසන්න වශයෙන්)
  • *. ඩෙන්මාර්කයේ මිළ (Samsung Galaxy S6 Price In Denmark): 5000 DK (ආසන්න වශයෙන්)
  • *. ඉතාලියේ මිළ (Samsung Galaxy S6 Price In Italy): යුරෝ 674 (ආසන්න වශයෙන්)
  • *. චීනයේ මිළ (Samsung Galaxy S6 Price In China) : 5501.15 Chinese Yuan (ආසන්න වශයෙන්)
  • *. රුසියාවේ මිළ (Samsung Galaxy S6 Price In Russia): 29654.18 Russian Ruble (ආසන්න වශයෙන්)
  • *. ඕස්ට්‍රේලියාවේ මිළ (Samsung Galaxy S6 Price In Australia): 997.205 Australian Dollar (ආසන්න වශයෙන්)
  • *. කොරියාවේ මිළ (Samsung Galaxy S6 Price In Korea): 1004617.52 South Korean Won (ආසන්න වශයෙන්)
  • *. සිංගප්පූරුවේ මිළ (Samsung Galaxy S6 Price In Singapore): 1139.105 Singapore Dollar (ආසන්න වශයෙන්)
  • *. මලයාසියාවේ මිළ (Samsung Galaxy S6 Price In Malaysia): 2924.790 Malaysian Ringgit (ආසන්න වශයෙන්)
  • *. ශ්‍රී ලංකාවේ මිළ (Samsung Galaxy S6 Price In Sri Lanka): 118357.85 Sri Lankan Rupee (ආසන්න වශයෙන්)
  • *. බෙල්ජියම්හි මිළ (Samsung Galaxy S6 Price In Belgium) : Euro 674 (ආසන්න වශයෙන්)
  • *. ජර්මනියේ මිළ (Samsung Galaxy S6 Price In Germany): Euro 674 (ආසන්න වශයෙන්)
  • *. දකුණු අප්‍රිකාවේ මිළ (Samsung Galaxy S6 Price In South Africa): 8925.57 South African Rand (ආසන්න වශයෙන්)
  • *. නවසීලන්තයේ මිළ (Samsung Galaxy S6 Price In New Zealand): 1134.925 New Zealand Dollar (ආසන්න වශයෙන්)
  • *. ඉන්දුනීසියාවේ මිළ (Samsung Galaxy S6 Price In Indonesia): 9243055.58 Indonesian Rupiah (ආසන්න වශයෙන්)
  • *. ඉරාකයේ මිළ (Samsung Galaxy S6 Price In Iraq): $800 (ආසන්න වශයෙන්)
  • *. ඉරානයේ මිළ (Samsung Galaxy S6 Price In Iran): $800 (ආසන්න වශයෙන්)
  • *. හොන්ග් කොන්ග් වල මිළ (Samsung Galaxy S6 Price In Hong Kong): 6972.90 Hong Kong Dollar (ආසන්න වශයෙන්)

පාරිභෝගිකයාට නිකුත් කරන දිනය (Expected Release Date)
2015 මාර්තු මාසයේ තිබෙන MWC එක වෙනකම් නිළමට්ටමෙන් ප්‍රකාශිත දිනයක් දන්වන්නේ නැහැ. නමුත් ආරංචි වලට අනුව, සැම්සුන්ග් සමාගමට ප්‍රකාශිත මෝස්තරයක් තිබෙනවා. ඒ, සැම්සුන්ග් ගැලක්සි S5 පාරිභෝගිකයාට නිකුත් කරේ 2014 අප්‍රේල් මාසයේදීයි. පෙනෙන අයුරින් ඊලඟ S මාදිලිය ප්‍රකාශයට පත් කරන්නේ 2015 අප්‍රේල් මාසයේ විය යුතුයි.


ප.ලි - මෙය හුදෙක් නිළමට්ටමෙන් ප්‍රකාශිත නොවූවක් වන අතර, අන්තර්ජාලය තුල ඇති නොයෙකුත් තොරතුරු එකතු කරගනිමින් නිර්මාණය වුනු ලිපියක් වේ. මෙහි ඇති කරුණු කාරණා සහ පින්තූර ඉඳිරියේදී නිවැරදි නොවිය හැකි අතර, මෙය දැනට ඔබට මේ පිළිබඳව යම් ආකල්පයක් ලබාගැනීමට නිර්මාණය වූවක් බව කරුණාවෙන් සළකන්න.


Samsung Galaxy S6 Specification, Features ,Price ,Rumors And Everything You Need To Know
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Android L (5.0) - Launcher, Apps, Keyboard APK, Wallpapers, Fonts, System


ඇන්ඩ්‍රොයිඩ් එල් මෙහෙයුම් පද්ධතියේ  හැඩය ඔබේ දුරකථනයටත් ලබාගන්න.

ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් ඔබේ දුරකථනයටත් ලැබෙනවාද බලාගන්න


අලුතින් මේ ගූගල් සමාගම විසින් නිපදවපුප ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් එහෙමත් නැත්නම් Android 5.0 Lollipop සංස්කරණය මගේ ජංගම දුරකථනයටත් ලැබෙයිද, මගේ ටැබ් එකටත් ලැබෙයිද, ලැබෙනවනම් කවදා වගේ ලැබෙයිද කියලා හිතන පිරිසක් මේ වෙද්දී බිහිවෙලා ඉන්නවා. සමහරවිට ඔබත් ඒ කොටසේ කෙනෙක් වෙන්න පුලුවන්. 

ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් අත්හදා බැලීමේ සංස්කරණය ස්ථාපනය කරන හැටි


ගූගල් සමාගම විසින් Android 5.0 Lollipop (ලොලිපොප්) අත්හදා බැලීමේ තුන්වෙනි සංස්කරණය මේ වෙද්දී Nexus 5 සහ Nexus 7 යන උපකරණයන්ට නිකුත් කර තිබෙනවා. ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් L ගැන ගූගල් අයි/ඕ එකේදී කියපුවාහම, ගොඩක් අය හිතුවේ මේ අත්හදා බැලීමේ සංස්කරණයන් පවා එන්න ටික කාලයක් ගතවෙයි කියලා.

ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරණය එලි දක්වයි

ගූගල් සමාගම විසින් නිළමට්ටමෙන් ඔවුන්ගේ නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන, Android 5.0 Lillipop (ඇන්ඩ්‍රොයිඩ් 5.0 ලොලිපොප්) මෙම අවුරුද්දේ පවත්වනු ලැබූ Google I/O හීදී පාරිභෝගිකයන්ට දැක බලාගන්නට සලසවනු ලැබුවා. මේ සතියේ බදදා වෙනකම්ම මෙම නව සංස්කරණයෙහි නම වූයේ Android "L" ය.

සැම්සුන්ග් සමාගම Galaxy Grand Prime ස්මාර්ට් ජංගම දුරකථනය එලිදක්වයි

Samsung Galaxy Grand Prime (සැම්සුන්ග් ගැලක්සි ග්‍රෑන්ඩ් ප්‍රයිම්) නැමැති මෙම ජංගම දුරකථනය මුලින්ම ලොවට එලිකලේ වියට්නාම වෙබ් අඩවියකින්. Galaxy Grand යනු ඉන්දියාවේ ප්‍රසිද්ධම ස්මාර්ට් දුරකථන වර්ගයක් කිව්වොත් නිවැරදියි. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් පහක ප්‍රමාණයෙන් ඉදිරිපත් වූ ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස මෙම ගැලක්සි ග්‍රෑන්ඩ් ප්‍රයිම් ජංගම දුරකථනය නම්දරනු ලබනවා. මෙයින් අදහස් වනුයේ ඉදිරියට ඒමට නියමිත සෑම ගැලක්සි දුරකථනයකටම මෙගාපික්සල් පහක ඉදිරිපස කැමරාවක් පැමිණෙන බවයි. මෙම ඉදිරිපස කැමරාව අංශක 85ක පුළුල් කෝණයක් සහිතයි.

http://www.sammobile.com/wp-content/uploads/2014/09/grand-prime-2.jpg
විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න
ඉහළ මෙගාපික්සල් ප්‍රමාණයක කැමරාව ඇරෙන්න, ගැලක්සි ග්‍රෑන්ඩ් ප්‍රයිම් දුරකථනයේ තවත් විශේෂතා කිහිපයක් තිබෙනවා. ඒ අඟල් පහක HD තිරයක් (540x960), Quad-core 1.2GHz ප්‍රොසෙසරයක්, 1GB ධාරිතාවයකින් යුතු RAM එකක්, 8GB මූලික මතකයක් ඇති අතර microSD කාඩ් සම්බන්ධ කරන්නටද ස්ථානයක්, මෙගාපික්සල් 8ක පිටුපස කැමරාව, සිම්පත් දෙකක් භාවිතා කරන්නට ඇති හැකියාව, 2600mAh බැටරිය යන ඒවා මෙහි සුවිශේෂීයි. මෙම දුරකථනයේ භාවිතා වනුයේ Android 4.4 සංස්කරණයයි. ඒ Galaxy S5 හි ඇති TouchWiz UX  යන සංස්කරණයත් සමඟිනි. ඔක්තෝම්බර් වනවිට සුදු පැහැයෙන් සහ අළුපැහැයෙන් සමහරවිට මෙම දුරකථනය එලිදැක්වෙන්න පුලුවන්.
මෙම Galaxy Grand Prime ස්මාර්ට් දුරකථනයෙහි මිළ ඉන්දියානු රුපියල් 15,499 ($250)ක් වනු ලබනවා. එනම් ශ්‍රී ලංකා රුපියල් 32,710ක් පමණ වනු ඇත. නමුත්, ඉන්දියාව වැනි රටක මේ ආකාරයේ මුදලක මෙම දුරකථනය අලෙවි කිරීමට අපහසු කටයුත්තක් වනු ඇත. කිමද, මෙම ග්‍රෑන්ඩ් ප්‍රයිම්හි මිළ Xiaomi mi 3, අලුත් හඳුන්වා දුන් Moto G සහ ASUS ZenFone 5 යන දුරකථනයන්ට වඩා වැඩිමිළක් ගැනීමයි. 

Samsung Announces The Galaxy Grand Prime
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

සැම්සුන්ග් ගැලක්සි නෝට් 4 දුරකථනය නිකුත්කරන දින ප්‍රකාශයට පත්කරයි

සැම්සුන්ග් සමාගමේ Galaxy Note යන වෙළඳ නාමය යටතේ එලිදැක්වෙන නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වනුයේ Samsung Galaxy Note 4යි. මෙය දකුණු කොරියාවේ 2014 සැප්තැම්බර් මස 26වෙනි දින සිට පාරිභෝගිකයාට මිලදී ගැනීමට ඉඩ වෙන්කරනු ලැබුවා. මෙම ඔක්තෝම්බර් මාසය අවසන් වන විට රටවල් 140කට වඩා වැඩි ප්‍රමාණයකට මෙම දුරකථනය එලිදක්වනු බවට සැම්සුන්ග් සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

ඇන්ඩ්‍රොයිඩ් L නවතම මෙහෙයුම් පද්ධතියේ විශේෂාංගයන් පිටවෙයි


2014 පැවති ගූගල් I/O වැඩසටහනේදී, ගූගල් සමාගම කියා සිටියා ඊලඟ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වනුයේ "Android L" යනුවෙන් බව. මෙම සංස්කරණය තාමත් පැමිණීමට කාලය තිබුනත්, ඊටකලින් යම් යම් ඕපාදූම මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබඳ වටින් පිටින් අසන්නට ලැබෙන්නට දැන් දැන්ම පටංගෙන ඇත. Android L යනුවෙන් නාමය ගූගල් සමාගම විසින් ප්‍රසිද්ධ කරනු ලැබූවද, තවමත් මහජනතාවට හරියටම මෙම නාමයමයි යෙදෙන්නේ කියලා තවමත් නිශ්චිතබවක් නොමැත.  කෙසේවූවත්, අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු වලට අනුව එම සංස්කරණය "Android Lollipop" ලෙස නම් වනු ඇතිබවට සැකයක් උපදියි. ඒ Android L ඊලඟ සංස්කරණය වන බවට ගූගල් සමාගම මේ වන විටත් පවසා ඇති හෙයිනි. ගූගල් සමාගම තවමත් Android L මෙහෙයුම් පද්ධතිය මහජනතාවට ලබාදී නොමැත. නමුත්, ඔබ දන්නා අයුරින් මෙම සංස්කරණය භාවිතා වන උපකරණයන් වල අත්හදා බැලීමට ඒ ඒ අදාල නිෂ්පාදකයින්ට ඕනෑම සංස්කරණයක් ලබා දෙනු ඇත. එම නිෂ්පාදකයන්ට පමණයි මෙම කේත වලට ඇතුලත් විය හැක්කේ.

Samsung, HTC සහ Sony වල ප්‍රධාන භාෂාව ලෙස සිංහල සක්‍රීය කරගන්න



ඇන්ඩ්‍රොයිඩ් (Android) යනු මේ වන විට තිබෙන බොහෝමයක්ම ජනප්‍රිය ජංගම දුරකථන OS එකක්. ලෝකය වඩා ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් බිලියන ගණනකින් සිටියදී, එක දවසකට අලුතින් ඇන්ඩ්‍රොයිඩ්හට ආකර්ෂණය වන අය දවසකට

Android Phones වලට හොඳම Antivirus Programs 5ක්!





අලුත්ම තත්වය අනුව Google smartphone OS එක වන Android OS එක දැන් වඩාත් සීඝ්‍රෙයන් ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. ඉතිං මේ ජනප්‍රියතාව නිසා මෙයට නොයෙකුත් බලපෑම් ඇතිවෙනවා. මීට පෙර ඔයාලට මම දුන්නා Android ජංගම දුරකථන වලට හොඳ Web browser ටිකක්. ඒක බලන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ Android භාවිතයේදී සහ ඕනෑම OS එකක් සමඟ වැඩ කරද්දී අපගේ පද්ධතිය ආරක්ෂා කරගන්න වෙනවා. ඉතිං අපිට හොඳ Antivirus program එකක් දාල අපේ පද්ධතිය ආරක්ෂා කරගන්න පුලුවන්. මම මේ අද දෙන්න යන grads වලින් ඔයාට Black arrows වලින් ඔයාගෙ ජංගම දුරකථනය ආරක්ෂා කරගන්නත් පුලුවනි.



ඉතිං ඊයෙ දීපු post එකට comment වැටිල තිබුනේ දෙකක් උනාට ඒක ගොඩක් අය බලපු වගනම් හොඳට පේනවා.    කොහොම උනත් ඉතිං අපි සැලෙන්නෙ නෑනේ. කොහොම හරි ඔයාට දෙයක් කියල දෙන්න තමයි බලන්නේ. ඔන්න එහෙනම් අද කියල දෙන් යන්නේ තවත් වැදගත් දෙයක් ගැන. ආහ්. එය අතරේ මට පොඩි දෙයක් මතක් උනා. Nokia එකෙන් 41MP mobile එකක් ගහලා. ඇත්තටම මට ඒක ගන්නකම් හදිස්සියි. ඔන්න ඒකෙ රෑපයකුත් මම පල්ලෙහායින් දානවා එහෙනම්. ඒක නම් කරල තියෙන්නේ Nokia 808 PureView කියලා. 


කතාවෙන් පිටපනිද්දිම පටස් ගාල ආයෙත් පාරට ඔන්න දාගත්තා. හරි එහෙනම් අපි අද post එක බලමු.


01. AVG Free 


AVG කියන නම එයාලට ගොඩක් හුරැපුරැදු ඇති කියලා මම හිතනවා. මොකද ගොඩක් අය මේ ගාඩ් එක පරිගණක වල භාවිතා කරනවා. මමත් පාවිච්චි කරන්නේ දැන් AVG තමයි. කොහොම උනත් මේ ගාඩ් එක PC එකේ මෙන්ම Mobile එකෙත් හොඳට වැඩ කරනවා. ඔවුන් මේ වන විටත් Android භාවිතා කරන අයට ඔවුන්ග් සමාගමෙන් AVG Android mobile edition නිකුත් කර හමාරයි. ඉතිං ඔයාලට ඒක Android market එකෙන් Download කරගන්න පුලුවන් නොමිලයේම. ඒනිනම් ඉතිං AVG site එකෙන් උනත් download කරගන්න පුලුවන්. AVG mobile edition එකේ anti-virus සහ anti-spyware, link scanner, මොන link එකද හොඳ හෝ නරක කියා සොයා බැලීම යන ප්‍රධාන කරැණුද ඇතුලුව තවත් නොයෙකුත් විශේෂ ගති ගුණ පිහිටා තිබෙනවා. ඔයාට තවත් හොඳ දේවල් ලබා ගන්න පුලුවන් ඔයා AVG Mobile edition එකේ premium එක ලබා ගත්තනම්.




02. Lookout Mobile Security


මේක තවත් ශක්තිමත් Antivirus app එකක්. මේකෙන් පුලුවන් ඔයාගෙ mobile එක දවස ගානෙ හෝ සතිය ගානේ scan වෙන්න ඉබේම දාන්න. මේකෙදී ඉබේම backup එකක් තියාගන්නවා ඔයාගෙ files වල. මොකද හදිස්සියක් උනොත් ඔයාට ආයෙත් restore කරගන්න පුලුවන් නිසා. මේකෙ විශේෂත්වයක් වන්නේ GPS යොදාගනිමින් ඔයාගේ දුරකථනය තිබෙන තැන හොයාගන්න පුලුවන් වීමයි. හදිස්සියකදී ඔයාගෙ දුරකථනය නැතිවුනොත් ඒක කවුරැ හරි අහුලගෙන බැරි වෙලාක්වත් internet ගියොත් ඔයාට පුලුවන් ඔයාගෙ mobile එක තියෙන තැන හොයාගන්න. ඉතිං මේකත් නොමිලේ ලබා දෙන්නක් වන අතර මේක Android market එකෙහි වැඩියෙන් download කරගත්තු app අතරට එකතු වෙලා තියෙනවා.




03. SmartGuard Mobile Security


මේකත් ගොඩක් හොඳ නොමිලේ ලබා දෙන antivirus program එකක්. මේ app එකෙන් ඔයාගෙ mobile එක හැම වර්ගයකම malware වලින් ආරක්ෂාව ලබා දෙනවා. මේ app එකත් ඔයාට උදව් වෙනවා නැතිවුනු දුරකථනය GPS හරහා සොයාගැනීමට. මෙහි අන්තර්ගතය වන්නේ antispam, call block, remote lock, application lock, audio ping, remote silent, simCard guardian සහ තවත් බොහෝ දේ තියෙනවා. 




04. Norton Anti-virus Security


මේකත් Antivirus නාම අතර ගොඩක්ම ශක්තිමත් නාමයක්. මටනම් මේක පාවිච්චි කරන්න හම්බවුනේ නෑ. නමුත් මගේ යාලුවෙක් මේක පාවිච්චි කරා. මේකත් ඔයාගෙ PC එක ආරක්ෂා කරනවා වගේම ඔයාගෙ mobile එකත් ආරක්ෂා කරනවා. මේකෙදී හැම පහසුකමක්ම තියෙනවා ඔයාගෙ ජංගම දුරකථනය සොරාගත්විට සොයාගැනීමට හා සොයාගන්නා තුරැ ඔබේ ජංගම දුරකථනය සිදු කල යුතු දේ කිරීමට. ඒ වගේම Call screeing option, anti virus, anti spyware, සහ තවත් නොයෙකුත් අංග මෙයට ඇතුලත් වෙලා තියෙනවා. මොනව උනත් මම ඔයාලට දෙයක් කියන්නම්. ඔවුන්ට ඔබව කලකිරවීමටනම් අවශ්‍ය තාවයක් නෑ.




05. Droid Security


මේකත් AVG එකෙන් නිකුත් කරන ලද සංස්කරණයකින් ලබා ගත් කොටසක්. හැබැයි මේකත් AVG හා සාපේක්ෂව හොදට වැඩ කරනවා. මේක තමයි ඇන්ඩ්රොයිඩ් ජාල හිමියන් විසින් බොහෝ දුරට සාක්ච්ඡා උනු ආරක්ෂක App එක. ඉතිං මේකේ නොමිලයේ ලබා දෙන සේවයේ බොහෝ දේවල් ඇතුලත් වෙලා තියෙනවා. හොරන්ගෙන් ආරක්ෂාවට, Antivirus, සතියක් ඇර සතියක් හෝ දවස ගානේ scan වීමට, SMS protection, Internet Security, සහ තවත් නොයෙක් දේවල්. Market එකේ හොයල බලන්න. ඔයාට මේක download කරගන්න පුලුවන්. 




ඉතිං ඔන්න එහෙනම් ඒකත් ඉවරයි. ඔයාට කැමතිනම් තව තව ආරක්ෂක විදි භාවිතා කරන්න පුලුවන්. හැබැයි මම මේ දීල තියෙන්නේ නොමිලයේ ලබා දෙන හොඳ antivirus guards පහ. ඔබ මේ මොනව හරි app එකක් පාවිච්චි කරලා තියෙනවනම් අනිත් අයත් එක්ක එබේ අදහස් හුවමාරැ කරගන්න අමතක කරන්න එපා. එහෙනං ඉතිං ඔන්න මම ගියා. අලුත් post එකකින් හමුබවෙමු.