How to Root Samsung Galaxy Ace-i GT-S5830i

මෙම Samsung Galaxy Ace-i දුරකථනය සැම්සුන්ග් සමාගම විසින් නිපදවන ලද්දක් වන අතර, එහි ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. 2011 වර්ෂයේදී වෙළඳපොලට නිකුත් කල මෙය, CPU එක 832 MHz Broadcom BCM21553 ලෙස වෙනස් කර පෙර තිබූ ගැලක්සි ඒස් දුරකථනයේ නවතම මාදිලියක් ලෙස එලිදැක්වුනි. සියලුම ඒස් දුරකථන හා මෙම දුරකථනය සංසන්දනය කරන විට මෙම දුරකථනයේ බැටරි ආරෝපණයේ ආයුෂකාලය ඉතා ඉහළ අගයක් ගනියි.


සැම්සුන්ග් ගැලක්සි ඒස්-අයි දුරකථනය රූට් කරගන්නා අයුරු:

Root_Cooperve.zip යන ගොනුව බාගත කරගෙන එය ඔබේ SD කාඩ් පතට හෝ දුරකථනයේ internal මතකයට කොපි කරගන්න.

• ඔබගේ Galaxy Ace-i දුරකථනය ක්‍රියා විරහිත කරන්න.

• Volume Up + Home + Power යන බොත්තම් තුන එකවර ඔබා CMW Recovery mode වෙත පිවිසෙන්න.

"install zip from sdcard" යන්න තෝරා දෙන්න.

• එයින් "Root_Cooperve.zip" යන්න තෝරා දී 'Yes' ලබා දෙන්න.

• ඉන්පසුව Reboot system යන්න ලබාදෙන්න.

දැන්, ඔබගේ දුරකථනය සාර්ථකව රූට් වී ඇත. 

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.