How to Root Samsung Galaxy S Duos GT-S7562

මෙම Samsung Galaxy S Duos (GT-S7562) දුරකථනය dual SIM එසේත් නොමැතිනම් සිම්පත් දෙක්ක භාවිතා කල හැකි ස්මාර්ට් ජංගම දුරකථනයකි. නිර්මාණය කර වෙළඳපොලට නිකුත් කරනු ලැබූවේ සැම්සුන්ග් සමාගම විසිනි. සැම්සුන්ග් සමාගමේ අනිකුත් dual sim දුරකථනයන් හා සංසන්දනය කරන විට, මෙම දුරකථනය ඉතාමත් ඉහල අගයක් ගනු ලබනවා. මේ හේතුව නිසාම මෙම දුරකථනය "Galaxy S" පවුලේ සාමාජිකයෙක් විදිහට වෙළඳපොලට නිකුත් වෙනවා. මෙම දුරකථනය වෙළඳපොලට පැමිණෙන්නේ Android 4.0.4 Ice Cream Sandwich මෙහෙයුම් පද්ධතිය සමඟයි. ඒ සැම්සුන්ග් සමාගමේ සුපුරුදු Touchwiz අතුරු මුහුණත සමඟිනි.

සැම්සුන්ග් සමාගමේ අනිකුත් dual SIM දුරකථනයන් වාගේ නොව, මෙම ගැලක්ස් එස් ඩුවෝස් දුරකථනයේ සෑම විටකදීම සිම් කාඩ්පත් දෙකම එකවර ක්‍රියාත්මක පවතී. එම සිම්පත් දෙකටම ඇමතුම් ලැබීම, කෙටි පණිවිඩ ලැබීම යන දෙයාකාරයම මෙම දුරකථනයේදී සිඳුවේ. නමුත්, මෙම Galaxy S Duos දුරකථනයේ data වෙනුවෙන් එනම් සිම්පත හරහා අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කල හැක්කේ එක් සිම්කාඩ් පතකට පමනි.




How to install ClockworkMod Recovery to Samsung Galaxy S Duos

 ගැලක්සි එස් ඩුවෝස් දුරකථනයට ClockworkMod Recovery ස්ථාපනය කරන අයුරු

[මේ සඳහා ඔබට පරිගණකයක් අවශ්‍යය වනු ඇත]

S7562.Recovery.CWM.tar යන ගොනුව බාගත කරගන්න.

Odin for S7562.zip යන ගොනුව බාගත කරගෙන extract කරගන්න.

• Galaxy S Duos දුරකථනය ක්‍රියාවිරහිත කරන්න.

• Volume Down + Home + Power බොත්තම් භාවිතා කරමින් Download mode වෙතට පිවිස එයින් Volume Up ලබා දී එය තහවුරු කරන්න.

• Odin මෘදුකාංගය විවෘත කරගන්න.

•  USB කේබලය හරහා දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.

පියවර අංක 01 - 'PDA' යන්න මත ක්ලික් කර S7562.Recovery.CWM.tar යන ගොනුව තෝරා දෙන්න.

• පියවර අංක 02 - 'Start' යන්න ක්ලික් කරන්න.

 

• මෘදුකාංගය විසින් දුරකථනය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනකම් මදක් රැඳී සිටින්න.

• USB කේබලය ගලවන්න.

• ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වූවාට පසුව, සැම්සුන්ග් සමාගමේ Boot logo එක ඔබට පෙනෙන්නට ලැබෙනු ඇත. එවිට බැටරිය ගලවන්න. එසේ නොකලහොත්, Custom Recovery එක ස්වයංක්‍රීයවම නැවත Stock Recovery වෙතට හැරවෙනු ඇත.

• බූට් වීමේදී කහ පාට ත්‍රිකෝණයක් ඔබට පෙනෙන්නට ලැබුනහොත්, එයින් අදහස් වනුයේ ඔබ සිටින්නේ custom recovery තුල යනුවෙනි.

• දැන් ඔබ සාර්ථකව CWM ස්ථාපනය කරගනු ලැබීය.

සැම්සුන්ග් ගැලක්සි එස් ඩුවෝස් දුරකථනය රූට් කරගන්නා අයුරු:

S7562.Rooting.Superuser.zip යන ගොනුව බාගත කරගෙන Internal memory එකට කොපි කරගන්න.

• Galaxy S Duos දුරකථනය ක්‍රියා විරහිත කරන්න.

• දුරකථනයේ ඇත්තේ දුරකථනයට පැමිණෙනම recovery mode එකනම් ඉහළින් සඳහන් කර ඇති පරිදි CWM recovery mode එක මුලින්ම ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්න.

• Volume Down + Volume Up + Home + Power යන බොත්තම් හතර එකවර ඔබා සිට CWM recovery mode වෙතට පිවිසෙන්න.

• Mount වලට ගොස් System වෙත යන්න.

• ඔබ දැන් සිටිනුයේ CWM වලනම් S7562.Rooting.Superuser.zip යන්න ස්ථාපනය කරන්න.

• "Install zip from sdcard" යන්න තෝරා දෙන්න.

• "S7562.Rooting.Superuser.zip" යන්න තෝරාදී 'Yes' යන්න ලබා දෙන්න.

• Reboot system යන්න තෝරා දෙන්න.

දැන්, ඔබේ දුරකථනය රූට් වී ඇත.

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.