Slider[Style1]

මෙහි ඇති සමහර සබැඳියන් ක්‍රියාත්මක නොවිය හැකි අතර, එවැනි සබැඳියක් හමුවූවහොත් ඒ පිළිබඳව අදාල ලිපියෙහි ප්‍රතිචාරයක් දක්වන්න.

ඉන්ටනෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි ගොඩක් හොයන්න - 2015 - P2


තාම දවසට ඩොලර් එකක්වත් හොයාගන්න බැරිවුනාද?

ඕනෑම කෙනෙක්ට ගැලපෙන මුදලකට ඇඩ් පැක්ස් (1$ සිට 50$ දක්වා)
මිළදී ගන්න හැම ඇඩ්පැක් එකකටම 120$ ඉදන් 150% ක් වෙනකම් නැවත ලැබෙන මුදලක්
රෙෆරල් කෙනෙක්ගෙන් 10% ක්
කොටස් අරගෙන විතරක් නෙමේ, ඇඩ් බලලත් සල්ලි හොයන්න
ඩොලර් පහකින් වැඩේ පටං ගන්න
නැත්නං කිසිම සල්ලියක් දාන්නේ නැතිව පටං ගන්න
සතියේ දවස් හතේම සල්ලි අඳින්න
ඩොලර් පහක් සෙට් වුනාට පස්සේ සල්ලි අතට
විනාඩි දෙකකින් ඇඩ් 10 ක් බලලා දවසට ඩොලර් දෙක, තුන හොයන්න

ලෝකය ක්‍රමයෙන් ක්‍රමයේ දියුණු වෙද්දිම ගොඩක් මිනිස්සු කරන්නේ රස්සාවල් වලට නොයා ගෙදර ඉදන් සල්ලි හම්බකරගන්න ක්‍රම හොයාගන්න එක. නැත්නං ගෙදර ඉදන් සල්ලි හම්බකරන්න ක්‍රම හොයන එක. ඉතින් අන්තර්ජාල පහසුකමත් එක්ක මේ දේවල් දැන් ගොඩක් ඉස්සරහට ඇවිත්.

අන්තර්ජාලයෙන් මුදල් හොයාන එක ගැන කතා කරොත් ඇඩ්ස් ක්ලික් කරන එකෙන් පටංගත්තු මේ අන්තර්ජාලය හරහා මුදල් හොයන එක මේ වෙද්දී තමන්ගාව තියෙන යම් භාණ්ඩයක් විකුණලා මුදල් හොයන්න, නැත්නං තමන් ගාව තියෙන කීයක් හරි සල්ලියක් වෙනත් තැනකට යොදවලා ඒකෙන් වැඩිපුර මුදල් හොයන්න, නැත්නං තමන්ගේ මුදල් වලින් යම් වෙබ් අඩවියක් හෝ ආරම්භ කරලා ඒකෙන් යම්කිසි ආකාරයකින් මුදලක් හොයන තත්වයට මේ වෙද්දී අන්තර්ජාලයෙන් මුදල් එහෙමත් නැත්නම් ඉන්ටනෙට් මනී (Internet Money) කියන මේ යුගයට හැකිවෙලා තියෙනවා.

කොහොම නමුත්, ගොඩක් අයට නුපුරුදු දෙයක් තමයි තමන්ගාව තියෙන යම්කිසි මුදලක් වැයකරලා ඒකෙන් ලැබෙන ආදායම හරහා ඉස්සරහට යන එක.

අද මාතෘකාව මෙහෙම ආරම්භ කරමු.




#සර්කිනා වෙන මගේ ලඟ ඩොලර් 50ක් තියෙනවා. මම ඒක යම්කිසි වෙබ් අඩවියකට බැර කරලා කොටස් 50 ක් ගන්නවා. මට දවස් දෙකකට සැරයක් එතකොට ඩොලර් 1.5 ක් ලැබෙනවා. එතකොට, මම යොදවන්නේ ඩොලර් පනහක් වුනත් මාසේ අන්තිමට මට ඩොලර් 24 ක් හොයාගන්න පුලුවන්. මට මාස දෙකයි සතියකින් මම ආයෝජනය කරපු ඩොලර් 50 හොයාගන්න පුලුවන්. ඊට පස්සේ මම කිසිම මුදලක් යොදවන්නේ නැතිව ඒ වෙබ්අඩවියේ තියෙන මගේ ගිණුමට එන මම කලින් ගත්තු කොටස් වල තියෙන ඉතිරියත් එක්ක දවසට ඩොලරයක් ගානේ ලැබෙනවා.

ඕක තමයි ඉතිං මට දෙන්න තියෙන සරළම තේරුම් කිරීම. ඩොලර් පනහක් කිව්වට ඩොලර් පනහක්ම දාන්න ඕන නෑ.



ඔයාට සල්ලි නැතව උනත් මේ වැඩේ පටං ගන්න පුලුවන්. ඒ මොකද මේ මම කියලා දෙන්න වෙබ් අඩවිය කොටස් මිළදී ගැනීමක් විතරක් නෙමේ, ඇඩ්ස් ක්ලික් කරලත් ගාණක් හොයගන්න පුලුවන්. මුලින්ම එහෙනම් සල්ලි කීයක්වත් නොදා සල්ලි හොයන හැටි කියලා දෙන්නම්.

හැබැයි ඉතිං දවසට ඇඩ් 12 යි ලැබෙන්නේ. එක ඇඩ් එකකට 0.001 ක මුදලක් ලැබෙනවා. කොහොමහරි ඇඩ් 1000ක් ගොඩදාගත්තොත් (0.001 x 1000 = 1$) එතකොට ඔයාට ඩොලරයක් නිකම්ම ලැබෙනවා. ඊට පස්සේ ඔයාට ඒ ලැබෙන ඩොලර් එක පාවිච්චි කරලා එක කොටසක් මිළදී ගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට එක මාසයක් ඇදගෙන යද්දී ඒක හරහා තව ඩොලරයක් ලැබෙනවා. ඒ ඩොලරයෙන් තවත් කොටසක් මිලදී ගත්තහම ඔයාට කොටස් දෙකයි. ඒ කරලා තව දවස් පහලවකින් ඔයාට තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව එක කොටසක් මිලදී ගත්තහම ඔයාට කොටස් තුනයි. ඒකෙන් දවස් 10කින් ඔයාට තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් කොටසක් ගත්තහම ඔයාට කොටස් 4 යි. ඒකෙන් ඔයාට දවස් දවස් හතකින් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව කොටසක් ගත්තහම ඔයාට කොටස් පහක් වෙනවා. ඔයාට තව දවස් හයකින් තව ඩොලරයක් ලැබෙනවා. ඉතින් ඔය විදිහට ඒ ලැබෙන ඩොලරයෙන් කොටසක් ගත්තහම ඔයාට කොටස් 6 ක් වෙනවා වගේම, තව ඩොලරයක් දවස් පහකින් ලැබෙනවා. ඊට පස්සේ ඒකෙන් කොටසක් ගත්තහම කොටස් හතයි. දවස් හතරකින් ඔයාට තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව කොටසක් ගත්තහම ඔයාට කොටස් අටයි. ඒකෙනුත් ඔයාට දවස් හතරකින් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙන් තව කොටසක් ගත්තහම ඔයාට කොටස් නමයයි. ඒකෙන් දවස් තුනකින් ඔයාට ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් අර වගේම තව ඩොලරයක කොටසක් ගත්තහම ඔයාට කොටස් 10 ක් වෙනවා වගේම දවස් තුනකින් තව ඩොලරයක් ලැබෙනවා. ඔය විදිහට තව කොටසක් අරගෙන කොටස් 11ක් කරගත්තහම දවස් තුනකින් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙන් තව කොටසක් ගත්තහම කොටස් 12ක් වෙද්දී දවස් තුනෙන් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව කොටසක් අරගෙන කොටස් 13ක් කරගත්තහම ඔයාට දවස් තුනකින් තව ඩොලරයක් ලැබෙනවා. ඔය විදිහට ඒකෙනුත් කොටසක් අරගත්තහම කොටස් 14 යි. එතකොට ඒක දවස් දෙකෙන් තව ඩොලරයක් ලැබෙනවා. ඒ ලැබෙන ඩොලරයෙන් තව කොටසක් අරගෙන කොටස් 15 ක් කරගත්තහම තවත් දවස් දෙකකින් ඩොලරයක් ලැබෙනවා වගේම ඒකෙනුත් කොටසක් අරගන්න. එතකොට කොටස් 16 යි. ඔය විදිහට දවස් දෙක ගානේ ලැබෙන ඩොලර් වලින් කොටස් අරගෙන කොටස් 28 ක් (දවස් 24 කින්) හැදුනාම ඔයාට දවසට එක ඩොලරය ගානේ ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ දවස ගානේ ඩොලර් එකේ ෂෙයාර්ස් අරගෙන ඉතින් ඔයාගේ හීනේ වෙත යන්නයි තියෙන්නේ. ඒ කරලා ඔයාට දවස් 37 න් කොටස් 65 ක් උනාම ඔයාට සල්ලි ගන්න පුලුවන් වෙන විදිහට දවසට ඩොලර් එක ගානේ ලැබෙනවා. ඔය අතරතුර ඔයා අර දවස්, මාස ගණං කට්ට කාගෙන හම්බ කරපු සල්ලි නිකම්ම පුස්වෙලා යන්නේ නෑ. ඒ යොදවන හැම 1$ ම ඔයාට 1.20$ ලැබෙනවා. ඒ කියන්නේ ඔයා මේ වෙද්දී කොටස් 65 ක් අරං තියෙන්නේ. කොටස් 65 ක් කියන්නේ ඩොලර් 65 ක්. ඉතින් ඔයා ඒ අමාරුවෙන් හම්බකරගෙන වියදම් කරපුවාට 13$ වැඩිපුර ලැබෙනවා.  ආසයිනේ.

ඔය කිව්වේ සතයක්වත් මම මේ කියලා දෙන්න හදන වෙබ් අඩවියට ආයෝජනය නොකර සල්ලි හම්බකරන විදිහ. දැං කියලා දෙන්න යන්නේ අතේ තියෙන සල්ලි ටිකක් යොදවලා වැඩ්ඩෙක් වගේ සල්ලි හොයන විදිහ.

මුලින්ම කියලා ඉන්නං අපි මේ කතා කරන්නේ MyPayingAds කියන බේ අඩවිය පිළිබඳව. විස්තර ටිකක් කියලම ඉන්නම්. මේකේ නිර්මාතෘ තමයි 'නාලම් සත්‍යනාරායන'. හැබැයි මෙයා අන්තර්ජාලයේ ඉන්නේ නම් 'උදය නාරා' කියන නමින්. මෙයා ඉපදුනේ ඉන්දියාවේ උනාට දැනට පදිංචිවෙලා ඉන්නේ සිංගප්පූරුවේ. උදයට ඇඩ්මින් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් පිළිබදව PHD එකකුත් තියෙනවා. මේ වෙබ් අඩවිය ආරම්භ කරේ 2015 මාර්තු 30 වෙනිදා.


මේ MyPayingAds කියන වෙබ් අඩවිය හරහා ඔන්ලයින් මාකටින් කරන අයට ගොඩක් ලොකු අවස්ථාවක්. මොකද මේකේ තියෙන ඇඩ් පැකේජස් ඔයා මිළදී ගත්තහම ඔයාට දවසට ලක්ෂයකට වඩා පිරිසකට ඔයාගේ භාණ්ඩය, වෙබ් අඩවිය, නැතිනම් ඔයා ප්‍රමෝට් කරන ඕනම දෙයක් පෙන්වන්න පුලුවන්.

ඒ වගේම කලින් කිව්වා වගේම මේ වෙද්දී මේ MyPayingAds වල ලියාපදිංචි වෙලා ඉන්න සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. මම මේ පෝස්ට් එක ලියද්දි එක්ලක්ෂ එකොලොස්දාස් හයසිය දොලහක් (110612) ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම මේ වෙද්දී ඩොලර් 6139733 ක් මුදල් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් රු. 883446181 ක්.

කලින් කිව්වා වගේම ඇඩ්ස් ක්ලික් කරලත් ගාණක් හොයාගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ලොකු කාලයක් වැයවෙනවා. ඒ වගේම තමන් මුදල් යොදවන්නේ නැතිව රෙෆරල් කෙනෙක් විදිහට මේ සයිට් එක අනිත් අයට හඳුන්වලා දීලා 10% ක රෙෆරල් කමිෂන් එකක් ලබාගන්නත් පුලුවන්.

ලංකාවේ ගොඩක් අයනං ඉතිං තව කෙනෙක් දියුණු වෙනට කැමති නෑනේ. අනේ මංදා. මමත් ඉතිං මේ පෝස්ට් එකේ දාලා තියෙන්නේ හැමතැනම මගේ රෙෆරල් එක. යටින්ම දාන්නං ඉතිං රෙෆරල් කෙනෙක් වෙන්න අකමැති අයට කෙලින්ම ගිහිං වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් කෙනෙක් කියලා දෙන්නේ නෑ. මේක කරන්නේ ගොඩක් අය හොරෙන්. මමත් මේක දැනගත්තේ අහම්බෙන්. ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ කී දෙනෙක් ලේසියෙන් සල්ලි හොයන්න හදනවද කියලා මම අත් දැකීමෙන්ම දන්නවා. අන්න ඒකයි මුලින්ම #BLOGSHAN විදිහට බ්ලොග් එකක් පටං ගෙන ඒකෙන් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ලිපි මාලාවකින්ම කියලා දුන්නේ. දැන් ආපහු ඒ ක්ෂේත්‍රයට මමත් වැඩිපුර නැඹුරුවක් දක්වන හන්දා මට හම්බවෙන හොඳයි කියලා හිතෙන හැම වෙබ් අඩවියක්ම, අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් විශ්වාසනීය වෙබ් අඩවි ඔයාලට මේ 'ඉන්ටනෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි ගොඩක් හොයන්න' කියල ලිපි මාලාව හරහා ගෙන එනවා.

මේකෙදී ඔයා සල්ලි යොදවන්න හිතාන ඉන්නවනම් යොදවන්න පුලුවන් අඩුම මුදල තමා 5$. පහළම තියෙන අවධිය තමයි 1$ කොටස්. ඔයාට ඒ නිසා ඩොලර් පහක් යොදවලා කොටස් පහක් අරං ඔයාගේ අනාගත හීනයට ලගාවෙන්න පුලුවන්.

ඔයා ඩොලර් එකක් යොදවලා ෂෙයාර් එකක් ගත්තොත් ඔයාගේ වෙබ් අඩවිය, භාණ්ඩය හෝ ඕනෑම දෙයක් මේ MyPayingAds හරහා ප්‍රමෝට් කරගන්න ඇඩ් බැනර් ක්‍රෙඩිට් 20 ක් ලබා දෙනවා. ඒ හරහා ඔයාට පුලුවන් ඔයාගේ භාණ්ඩය ඉක්මනටම විකුණගන්න, ඔයාගේ වෙබ් අඩවිය, යූ ටියුබ් වීඩියෝව ප්‍රචලිත කරගන්න වගේම තවත් ගොඩක් දේවල් ප්‍රමෝට් කරගන්න පුලුවන්.

ඔයාට මේ හරහා Payza, Paypal, Perfect Money සහ Solid Trust Pay කියන අන්තර්ජාල බැංකු ගිණුම් හරහා මුදල් ගණුදෙනු කරන්න පුලුවන්. මුදල් යොදවන්නත්, මුදල් ආපසු ගන්නත් මේ ගිණුම් හරහා ලේසියෙන්ම පුලුවන්.

ඔයා මේ හරහා හොයන සල්ලි පැය 24 ත්, පැය 48 ත් අතර කාලයක් ඇතුලත ඔයාට ලබාගන්න පුලුවන්.

ඔයාට ඔයාගේ ගිණුම ගැන, නැත්නම් ඔයාගේ ගිණුමේ යම් යම් ඇතිවන ගැටළුකාරී තත්වයන් ගැන ප්‍රශ්ණ එහෙම තියෙනවනම් කෙලින්ම සපෝට් ටිකට් එකක් දාන්න පුලුවන්. සපෝට් ටිකට් එකෙන් වගේම කෙලින්ම උදය නාරාව ෆේස්බුක් හරහා සම්බන්ධ කරගන්නත් පුලුවන්. ඒ වගේම MyPayingAds නිළලත් ෆේස්බුක් ගෘප් එක හරහා ඔයාට ඒ ප්‍රශ්ණය යොමුකරලා විසදගන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.

එහෙනම් දැන් MyPayingAds වල ලියාපදිංචි වෙන තැන ඉදන් ඉතිරු ටික කතා කරමු.


ඔය තියෙන ඇඩ් එක උඩ ක්ලික් කරපුවාහම අදාල සයිට් එක ලෝඩ් වෙයි. ඒ කරලා Register කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ විස්තර ටික අහනවනේ. ඇත්තම විස්තර දෙන්න. හොර විස්තර දෙන්න අවශ්‍යයකමක් ඇත්තෙම නෑ. ඊට පස්සේ I Accept All the Terms and Conditions කියන තැනට ටික් එක දාලා Sign Up දෙන්න. ඊටපස්සේ ඔයා දුන්න විස්තර අඩංගු ඊමේල් එකක් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට එයි මෙන්න මේ පහළින් තියෙනවා වගේ.

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.

ඊට පස්සේ ඉතිං තියෙන්නේ MyPayignAds වෙබ් අඩවියට ගිහින් ඔයාගේ යූසර් නේම් එකයි පාස් වර්ඩ් එකයි දීලා ලොගින් වෙන්න. ලොගින් උනාට පස්සේ ඔයාගේ එකවුන්ට් එකේ ඩෑෂ්බෝඩ් එක එන්නේ මේ විදිහට.

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.

අපි දැන් එහෙනම් ඔය උඩ තියෙන පින්තූරයේ වගේ තියෙන ඔයාගේ ගිණුමේ ඩෑෂ්බෝඩ් එක අංක පිළිවෙලට අදුරගමු.


01. කොළ පාටින් හරියක් වැටිලා YOU ARE IN SURF MODE කියලා වැටිලා තියෙනවනම් ඔයාට හැම විනාඩි තිහකට සැරයක්ම මුදල් ලැබෙනවා. හැබැයි ඔතන රතුපාටින් කතිරයක් වැටිලා තිබුනොත් ඔයා ආපහු දැන්වීම් දහයක් බලනකං ඔයාගේ ගිණුමට මුදල් හම්බවෙන්නේ නෑ.

02. මේ ගැන මම කලින් කිව්වේ නෑ. මොකද අදාල කාරණය ගාවම අනිත් කාරණය කියපුවාමයි කෙනෙක්ට තේරෙන්නේ. මේ වෙබ් අඩවියෙන් ඔයාට මුදල් හැම විනාඩි තිහකට සැරයක්ම ලැබෙනවා. හැබැයි ඒ ඔයාගේ ටයිමර් එක රන් වෙනවනම් විතරයි. ඔයාගේ ටයිමර් එක රන් කරගන්න කරන්න ඕන කරන්නේ විනාඩි දෙක්ක විතර කාලයක් වැය කරලා ඇඩ් දහයක් බලන එක විතරමයි. ඒකෙන් ඔයාට පැය විසි හතරක කාලයක් ලබාදෙනවා. ඒ පැය විසි හතර ඉවරයක් වෙනකම් ආය ඔයාට ඇඩ්ස් 10 බලන්න උවමනාවක් නෑ. හැබැයි මමනං දවසට දෙපාරක් විතර ඇඩ්ස් 10 ක් ක්ලික් කරනවා. ඒ උදේට ඇඩ් 10 යි. හවස් වෙලා 10 යි. කියන්න බෑනේ ලංකාවේ කරන්ට් එක ගැන එහෙම. කරුමෙටවත් කරන්ට් එක දවස් එක හමාරක් විතර ගිහිං තිබුනොත් මගේ පැය විසි හතර ඉවර වෙලා ආය මම ඇඩ් 10 ක් බලනකම් මට සල්ලි ලැබෙන්නේ නෑ. ඉතිං ඔයාට ඇඩ් ටික බලන්න තියෙන්නේ 

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.


ඔය මම පෙන්නලා තියෙන විදිහට ගිහිං ඇඩ්ස් 10 ක්ලික් කරලා ඉවර උනාට පස්සේ ආපහු Overview වලට ගියාම ඔයාගේ ටයිමර් එක ආපහු පැය විසි හතරකට ඇක්ටිව් වෙලා කියලා දැකගන්න පුලුවන්.

03. Membership Pool - මේ කොටසනම් ආවේ අලුතින්. දැන් දවස් දෙක තුනක් ඇති. මේකෙදී වෙන්නේ මෙහෙමයි. ඔයා ඩොලර් 10ක් මේ වේ අඩවියට යෙදෙව්වා කියමු. ඔයා දවස් කීපයකින් ඒ මුදල් හොයාගෙන ඩොලර් 13ක් ආපහු ඔයාගේ බැංකු ගිණුමට සල්ලි අරගන්නවා. එතකොට ඔයා වෙබ් අඩවියට යොදවපු මුදලට වඩා ඩොලර් 3ක් වැඩිපුර ආපහු ඔයා ලබාගෙන තියෙනවා. එතකොට ඔයා වැටෙන්නේ Membership Pool - 1 එකට. හැබැයි ඔයා ඩොලර් 10 ක් යොදවලා තාම ඩොලර් 10 ට වඩා මුදලක් බැංකු ගිණුමට ඒ වෙබ් අඩවියෙන් අරගෙන නැත්නම් ඔයා Membership Pool - 2 ගණයටයි අයත් වෙන්නේ. ඔයා Membership Pool - 1 කාණ්ඩයට වැටුනොත් ආපහු ඩොලර් 10 ක් වගේ සුළු ගාණක් ආයෝජනය කරන්න. එතකොට ආපහු ඔයා Membership Pool - 2 කාණ්ඩයට වැටෙනවා. ඒ කරලා ඩොලර් පනහක් විතර එකතුවුනාට පස්සේ ආපහු විත්ඩ්‍රෝ කරන්න. ඔය විදිහට පූල් එකෙන් පූල් එකට මාරු වෙන්න පුලුවන්. එහෙම ආපහු මුදලක් ආයෝජනය කරන්න කියන්නේ මොකද පළවෙනි පූල් එකට වැටුනොත් ඒ කෙනාට දවසේ ආයායම ඩොලර් දෙකයිනම් එයාට ලැබෙන්නේ ඩොලර් එකයි. හැබැයි දෙවෙනි පූල් එකේ ඉන්න කෙනාගේ දවසේ ආදායමට කිසිම දෙයක් වෙන්නේ නෑ.


04. ඔතන පෙන්නන්නේ ඔයා කවද්ද මේ MyPayingAds වෙබ් අඩවියට බැදුනේ, ඔයා අන්තිමට කවද්ද ආවේ, ඔයා අන්තිමට මොන IP එකෙන් ද ලොග් වුනේ වගේ කරුණු කාරණා.

05, 06. පස්වෙනි අංකයයි හයවෙනි අංකයයි දෙකම එකට අරගන්නම්.

Cash Balance සහ Re-Purchase Balance කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඔයාට දවසට 1$ ආදායමක් ලැබෙනවනම් ඒක සීයට ගාණකට මේ දෙකට බෙදිලයි යන්නේ. ඒ කියන්නේ ඔයාට දවසකට 1$ ආදායමක් ලැබෙනවනම් Cash Balance එකට 30% කුත්, Re-Purchase Balance එකට 70% කුත් විදිහට තමයි මුදල් වැටෙන්නේ. 

මේකෙදී ඔයාට Re-Purchase Balance එකට ලැබෙන මුදල් වලින් කොටස් අරගන්න පුලුවන් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි ඉතිං Cash Balance එක පාවිච්චි කරලා කොටස් මිළදී ගන්නත් පුලුවන්. මමනං කියන්නේ 1$ ඇඩ් පැක් එකේ ඇඩ් පැක් 100ක් වත් තියෙනකම් කෑෂ් බැලන්ස් එකයි රී පර්චස් බැලන්ස් එකයි දෙකම පාවිච්චි කරලා ඇඩ් පැක් මිළදී ගන්න කියලා. මොකද ඒ වෙද්දී ඔයාට කැත නැතිව ෂෙයාර්ස් 100 ක් තියෙනවා වගේම දවසට ඩොලර් 1.5 ක් ඔයාගේ Cash Balance එකට ලැබෙනවා වගේම දවසට ඩොලර් 3.6 ක් ඔයාගේ Re-purchase balance එකට ලැබෙනවා. ඒකෙන් ඔයාට දවසට තව ඇඩ් තුන ගානේ ගන්න පුලුවන්. නැත්නම් දෙවෙනි දැන්වීම් කාණ්ඩය වන ඩොලර් 3 ඇඩ් එකක් මිළදී ගන්නත් පුලුවන්.

ඔව්, මේකේ දැන්වීම් කාණ්ඩ කීපයක් තියෙනවා.


අලුතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටං ගත්ත අයට මේක නොතේරෙනවා වෙන්න පුලුවන්. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලි කරලා කියලම දෙන්නම්.

මේ හැම ඇඩ් ප්ලෑස් එකකින්ම ගන්න පුලුවන් උපරිම කොටස් ගාන 200 යි. දහවෙනි ඇඩ් ප්ලෑන් එකේදී විතරක් කොටස් 2000ක් මිළදී ගන්න පුලුවන්. ඔයා මේ හැම කොටසක්ම 200x9 + 2000 සම්පූර්ණ කරලා තියෙනවනම් ඔයාගේ ගිණුමට දවසට ඩොලර් 1353 ක්, එහෙමත් නැත්නම් ලංකාවේ හැටියට රුපියල් එක් ලක්ෂ අනූහතරදාහකට අධික මුදලක් දවසකට ලැබෙනවා. 

උදා-

AdPack-Plan 1 : මේකෙදී ඔයාට මිළදී ගන්න පුලුවන් වෙන්නේ 1$ කොටස් විතරයි. ඒ වගේම ඔයාට ඔයා මිළදී ගන්න හැම ෂෙයාර් එකකදීම 120% ක් ආපහු ලැබෙනවා. ඒ කියන්නේ එක ඩොලරයකට ඩොලර් 1.20 ක් ලැබෙනවා. ඔයාට මේ ඩොලර් එකේ කොටස් 200 ක් මිළදී ගන්න පුලුවන්. ඊට වඩා බෑ. හැබැයි කොටස් දෙසීයෙන් එකක් හරි කල් ඉකුත් වුනාම ඔයාට කරන්න තියෙන්නේ ආපහු 199 තියෙන එක 200 කරගන්න එකයි.


මේකෙන් කියන්නේ අපිට revenue ලැබෙන්නේ ඒ ඒ Adpack plan එකේ තියෙන shares වල හැටියට Adpack plan 1-9 දක්වා අයට එකක තියාගන්න පුළුවන් උපරිම share position ගැන 200.. 10 වෙනි Pool එකේ යට උපරිම 2000 ක් දක්වා යන්න පුළුවන්.එක plan එකකින් අනිත් plan එකට යන්නනම් අවම active adpacks 100ක් කලින් pool එකේ තියෙන්න ඕනි. 

ඒ කියන්නේ අපිට එක පාර 2, 5, 7 වගේ plan එකකට යන්න බැහැ අපි අනිවාරන් පටන් ගන්න ඕනි පලවෙනි Adpack plan එකේ ඉදලමයි. ඒකෙ අවම packs 100ක් උනාම තමා අපිට දෙවෙනි එක purchase කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම පලවෙනි එකේ 200 කට වඩා තියෙන්නත් බැහැ 200 පිරුණම අනිත් Plan එකට යන්න ඕනි account එක develop කරන්නනම්.

Adpacks ගන්නේ කොහොමද?

Adpacks ගන්නනම් මුලින්ම Funds Add කරලා ඉන්න වෙනවා. ඒක කරන්නේ Site එකේ උඩ තීරුවේ තියෙන Finance කියන තැන Add Fund Option එකෙන්.ඒක දුන්නම එන Add Fund Details කියන තැන deposit කරන ගැන සහ payment processor එක තෝරලා Preview → Pay Now දෙන්න තියෙන්නේ.(සාමායෙන්‍ යෙන් මේ process එක instant නමුත් සමහර අවස්ථා වල උපරිම 30 mints දක්වා ගතවෙන්න පුළුවන්. 30 mints ගිහිල්ලත් add fund වුනේ නැත්තන් support ticket එකක් open කරන්න. )

Funds Add කලට පස්සේ තියෙන්නේ shares ගන්න එක. ඒක ගන්න Finance → Purchase Shares කියන තැනට යන්න. එතන Adpack Plan 1 කියන තැනින් ඔයා add fund කල ගානට හරියන ගාන දීල (1$ shares නිසා 20$ deposit කලානම් 20 type කරලා) Preview → Pay Now දෙන්න 



07. My Referrals - ඔතන තමයි ඉතිං ඔයා කොහාට හරි ඔයාගේ ගිණුමේ ලින්ක් එකක් දාලා ඒ හරහා කෙනෙක් ඇවිත් රෙජිස්ටර් වුනොත් පෙන්නන්නේ. PAID කියලා තියෙන්නේ ඔයාගේ ඉන්න රෙෆරල්ලාගෙන් කොටස් මිළදී ගත්ත අය. FREE කියලා පෙන්නන්නේ රෙජිස්ටර් වෙලා තාම කිසිම කොටසක් මිළදී ගත්තේ නැති අය.

08. ඔයා රෙෆරල්ලාගෙන් හොයපු මුදල ඔතන පෙන්වනවා.

09. SHARE EARNINGS - ඔයා මිළදී ගත්තු කොටස් වලින් ඔයාට මේ වෙද්දී ලැබිලා තියෙන මුදල ඔතන පෙන්වනවා.

10. ෂෙයාර් එකක් මිළදී ගද්දී සර්ෆ් බැනර් ක්‍රෙඩිට් එනවා කිව්වනේ කලින්. ඒවගෙන් ඔයාට පුලුවන් ඔයාගේ භාණ්ඩයක්, වෙබ් අඩවියක්, බ්ලොග් එකක් ප්‍රචාරය කරගන්න දැන්වීමක් හරහා. ඉතින් මෙතන තියෙන ක්‍රෙඩිට් වලින් පුලුවන් ඒ දේ කරගන්න වගේම ඔයා මිළදී ගත්තු ෂෙයාර්ස් වලින් හම්බවුන ක්‍රෙඩිට් ගාණ තමයි ඔතන පෙන්වන්නේ.

11. ඔතනදී ඔයාගේ ගිණුමට සල්ලි ලැබුනාම ඔයා ඒ සල්ලි මොන ගිණුමටද ගන්නේ කියන එකයි පෙන්නන්නේ. ඔයා ගිණුම හදපු ගමන්ම Member Tool → Profile වලට ගිහින් අදාල පේමන්ට් එක විත්ඩ්‍රෝ කරන්නේ මොන එකවුන්ට් එකටද කියලා තෝරලා දෙන්න. ඒ වගේම ඔයාට ඩොලර් පහට වඩා අඩුවෙන් තියෙන ගාණක් විත්ඩ්‍රෝ කරන්න බෑ. ඒ වගේම ඔයා කොටස් මිළදී ගන්න වැඩිපුරම මුදල් යොදවපු ගිණුමට තමයි මේකෙදී මුදල් ලැබෙන්නේ. 

අපි හිතපු ඔයා ඩොලර් 20 ක් PAYZA හරහා දැම්මා කියලා. ඔයාට ඕන ඔයා හම්බකරගත්තු ඩොලර් 7ක් පයිසා වලට නැතිව PAYPAL වලට දාගන්න. ඉතිං පේපැල් වලට ලින්ක් කරලා ඔයා සල්ලි විත්ඩ්‍රෝ කරන්න හැදුවොත් ඔයාගේ ඊමේල් එකට මෙන්න මේ වගේ ඊමේල් එකක් එනවා.

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.

මේ සිද්ධිය වුනේ මට. මේකෙන් කියවෙන්නේ මම වැඩිපුරම සල්ලි දාලා තියෙන්නේ PAYZA ගිණුමෙන් හන්දා මට PAYPAL වලට මට හම්බවෙන මුදල් විත්ඩ්‍රෝ කරන්න බෑ කියන එක. හැබැයි ඔයාගේ එකවුන්ට් එකෙන් Support Ticket එකක් දැම්මොත් ඇඩ්මින් වරයා විසින් ඔයාට කරන්න ඕන දේ පැහැදිලි කරලා ඊමේල් එකක් එවයි. නැත්නම් ඒ අදාල ගැටළුව නිරාකරණය කරලා දෙයි.

12. ACTIVE SHARES - මම මිළදී ගෙන දැනට කොටස් කීයකින් මුදල් හම්බවෙනවාද කියන එකයි ඔතන පෙන්නන්නේ. ඔය උඩ තියෙන පින්තූරේ ගද්දී මට තිබුනේ කොටස් 114 යි. ඒකෙන් 1$ ඒවා 113 ක්, 3$ ඒවා 1ක් වශයෙන්. හැබැයි දැන් 1$ ඒවා කොටස් 114ක් තියෙනවා. මොකද මේ මගේ තියෙන ෂෙයාර් වලට දවසට ඩොලර් 1.8 ක් ලැබෙනවා වගේම, Re-purchase balance එකට දවසට ඩොලර් 4.19 ක් ලැබෙනවා.

13, 14. කලින් කිව්වනේ සල්ලි යොදවන්නේ නැතිව ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන්නත් පුලුවන් කියලා. ඔතන 203 ක් කියලා තියෙන්නේ මම ක්ලික් කරපු ඇඩ් ගාන. එතකොට 0.0203 කියලා තියෙන්නේ මම ඒ ක්ලික් කරපුවාගෙන් හම්බකරගත්තු ගාන. ලොකු ගාණකට යන්න ඉතින් ගොඩ කාලයක් බලාන ඉන්න වෙනවනේ.



--------------------------------------------------------------------------------------------------------

ඉතින් මගේ විස්තර ටිකක් කියන්නම්. මම මුලින්ම මේකට ඩොලර් 60 ක් යෙදෙව්වා. ඒ කියන්නේ මම 1$ ෂෙයාර්ස් 60ක් අරගත්තා. ඊට පහුවෙනිදා බලද්දී මගේ Cash Balance එකේ 0.98$ තිබුනා වගේම 2.18$ Repurchase Balance එකේ තිබුනා. ඊට පස්සේ මම කරේ Re-Purchase Balance එකේ තියෙන සල්ලි වලින් තවත් කොටස් දෙකක් අරගත්තා. දෙවන දවසේදී Cash balance එක 1.89$. Re-purchase එකේ තියෙනවා තවත් ඩොලර් 2යි ගානක්. ඉතින් මම කරේ කොටස් 100ක් හදාගෙනම සල්ලි අදින්න ගන්නවා කියලා හිතාන එක දිගටම මට ලැබෙන Cash Balance එකේ සල්ලියි, Re-purchase balance එකේ තියෙන සල්ලි වලිනුයි කොටස් අරගත්තා. දැං මට දවසට Cash Balance එකට 1.80$ ලැබෙනවා. ඒ වගේම Re-purchase balance එකට 4.19$ ලැබෙනවා. දැං ඉතිං Cash Balance එක හොල්ලන්නේ නැතිව Re-purchase balance එකෙන් කොටස් ගන්න එකයි කරන්නේ. මට ඕනනම් 3$ කොටස් එකකුයි, 1$ කොටස් එකකුයි දවසකට ගන්න පුලුවන්. ඒත් මම කරන්නේ මගේ 1$ කොටස් 200 කම්ප්ලීට් කරන එක. මට ඒ ටාගට් එකට යන්න ලේසියි දැන්. මට තව දවස් හතරකින් මගේ Cash Balance එක ඩොලර් දෙකක් වෙනවා.                                            

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. තමන් ගාව තියෙන කීයක් හරි යොදවලා ඊට වඩා ආදායමක් ගන්න හැටියි මේ කියලා දුන්නේ. 

තමතමන්ගේ අවශ්‍යතාවේ හැටියට මේකෙදි ප්‍රධාන strategy දෙකක් අනුගමනය කරන්න පුළුවන්. 

1. මුලින් ඉන්වෙස්ට් කරලා shares ගානක් ගත්තට පස්සේ. Cash Balance එක හොල්ලන්නෙ නැතුව Re -Purchase balance එකේ එකතු වෙන හැම 1$ වලින්ම shares අරගෙන account එක manage කරන එක. මේ ක්‍රමෙන් ඔයාට වේගෙන් invesment එක cover කරගන්න පුළුවන්. Account එකත් හෙමීට develop කරන ගමන්. (මේ අය share Purchase කරද්දී අනිවාර්යෙන් Use Re-Purchase Balance first කියන තැන tick කරන්න ඕනි, එහෙම නැත්තන් share purchase එකට use වෙන්නේ cash balance එක. )

2. මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ සයිට් එක ගැන විශ්වාසයක් හොදටම තියෙන අය තමන්ගේ target එකකට යනකල් දිගටම FULL REPURCHASE කරන එක. ඒ Target එක යම් plan එකක shares ගානක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් එක Plan එකකින් අනිත් එකට යන එක වෙන්න පුළුවන්. . එහෙම ගිහිල්ල ඊට පස්සේ Cash Balance එක ඉතුරු කරලා Re-Purchase Balance පාවිච්චි කරලා Account එක manage / Develop කරන එක. 

එහෙම නැත්නම් තමන්ටම අනන්‍ය Strategy එකක් හදාගන්නත් පුළුවන් සයිට් performance ගැන අවබෝදයක් ආවාහම.

මගේ රෙෆරල් ලින්ක් එක අද තමයි එන්න ඉස්සෙල්ලාම මේකේ දාන්නේ.

ඉතිං, කවුරුහරි කෙනෙක් කැමතිනම් ඒ හරහා ඇවිත් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම මගේ රෙෆරල් කෙනෙක් වෙලා ඩොලර් පහකට වැඩි ෂෙයාර්ස් ගත්තොත් මම ඒ කෙනාට තව ඩොලර් 5 ක් ලබා දෙනවා


ඉතින්.. එහෙනම් තවත් කොටසකින් මුණ ගැහෙමු. මොනවහරි මේ ගැන ගැටළුවක් තියෙනවනම් අහන්න. ජය.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
www.facebook.com/lionshan
www.twitter.com/sirkinaa

ඉන්ටනෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි ගොඩක් හොයන්න - 2015 - P1



කොහොමද ඉතින් හැමෝටම!

අවුරුදු කීපයකට කලින් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ගැන ලිපි කීපයක් පල කරා. හැබැයි ඒ මේ වෙබ් අඩවියේ නෙමෙයි. ඒ #blogshan කියන වෙබ් අඩවියේ. කාලයාගේ ඇවෑමෙන් ඒ වෙබ් අඩවිය කෙමෙන් කෙමෙන් මේ අද තියෙන #sirKinaa කියන බ්ලොග් අඩවිය බවට පෙරලුනා. කොහොමවුනත්, ඒ ලිපි වලට හොඳ ඉල්ලුමක් තිබුන නිසාම මේ 2015 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ අවුරුද්දේ මම පාවිච්චි කරපු වෙබ් අඩවි වලින් මට සෑහීමකට පත්වෙන්න පුලුවන් අන්තර්ජාලයෙන් මුදල් හොයනන්න පුලුවන් අඩවි කීපයකම විස්තර ඔබට කියලා දෙන්නයි මේ සූදානම.

පහතින් සඳහන් කරලා තියෙන හැම වෙබ් අඩවියක්ම මේ වෙද්දී අන්තර්ජාලයේ ඉතාමත් පිළිගත් වෙබ් අඩවි කිහිපයක්. ඒ සෑම අඩවියකින්ම ඔබට අනෙක් වෙබ් අඩවි හා සංසන්ධනය කරනවිට ඊට වඩා බොහෝ විශාල මුදලක් ඔබට ඉපැයීමට හැකියාවක් ලැබෙනු ඇත. මේ සෑම අඩවියකටම මුදල් ගෙවනු ලැබූ ප්‍රමාණය, ඔවුන්ගේ නම් ද සමඟ ඇතුලත්ව ඇති නිසා, අලුතින් ලියාපදිංචි වීමට සිටින සාමාජිකයෙකුට වූවත් එම වෙබ් අඩවිය පිළිබඳ හොඳ අවබෝධයක් ඒ මඟින් ලබාගන්නට හැකිය.  ඒ වගේම, මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී කිසිම මුදලක් ඔවුන්ට ලබා දීමට අවශ්‍යය නොවේ. සම්පූර්ණයෙන්ම නොමිලේ ලියාපදිංචි වීමට ඔබට හැකිවෙනු ඇත.

මෙම වෙබ් අඩවි වල ඇති ප්‍රධාන කාරණයක් වනුයේ, අනෙකුත් මුදල් සෙවීමේ වෙබ් අඩවි වලට වඩා බොහෝ අඩු කාලයක් වැයකොට ඉතා පහසුවෙන් මුදල් සෙවිය හැක. එමෙන්ම, මෙහි සඳහන් කර ඇති සමහර වෙබ් අඩවි මඟින් ඔබට කැසිනෝ ආකාරයේ ක්‍රීඩා කරන්නට හැකි අතර, ඒවාගෙන් ඔබට සැබෑ මුදල් අයකිරීමටත්, වැය කිරීමටත් හැකියාවක් ඇත. පහත දක්වා ඇති වෙබ් අඩවි වලින් මුදල් විශාල වශයෙන් සොයන අයුරු පිළිබඳ සටහනක් ද එම අඩවි වලට වෙන් වෙන් වශයෙන් ඔබට මේ ලිපියේ දී ම පැහැදිලි කර ඇත.

අදාල වෙබ් අඩවියේ සටහන ඇති කොටසේ ඇති පින්තූරය මත ක්ලික් කර එම අඩවියට පිවිස සාමාජිකයකු වී ඔබටත් සතියක්, දෙකක් ඇතුලත ඩොලර් පහකටත් වඩා ආදායමක් ගත හැක.

ඔබ මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වූවාට පසුව, ඉඳිරියට ඔබ කලයුතු දේවල් පිළිබඳව ඔබට අවශ්‍යයනම් මට උදව් කල හැක. එම වෙබ් අඩවි පිළිබඳ තිබෙන සෑම දුර්වරණ වූ මතකයක්ම :P දුරු කර ඔබට හැකි උපරිම අයුරින් උදව් කරන්නට මා වග බලා ගනිමි. :3 :O

මේ වෙබ් අඩවි වලින් බොහෝමයක් ම මුදල් ගණුදෙනු කරනු ලබන්නේ PayPal අන්තර්ජාල බැංකු ගිණුම හරහායි. ඔබ මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වීමට ප්‍රථම, ඔබට PayPal ගිණුමක් නොමැතිනම් දැන්ම එම ගිණුමක් විවෘත කරගන්න. මෙම වෙබ් අඩවි වල පේපැල් වලට ගෙවීම් නොකරනවානම් අනිවාර්යෙන්ම ඔබට ඔබේ බැංකු ගිණුමට මුදල් බැරකර ගත හැක.

ඔබට වැඩි වැඩියෙන් මුදල් හම්බරකර ගැනීමට අවශ්‍යයනම්, පහත දක්වා ඇති සියළුම අඩවි වල ලියාපදිංචි වීම මම නිර්දේෂ කරනු ලබනවා.

01. Paidverts

PaidVerts

Paidverts කියන්ේ වැඩි වශයෙන් ගෙවීම් කරනු ලබන ොමිේ මුදල් සෙවිය හැකි වෙබ් අඩවියක්. ඔබට තත්පර 30 ක පමණ කාලයක් වලංගු වන දැන්වීම් නරඹන්නට සිදුවනු ඇත. සමහර ේලාවට එම දැන්වීම් ඉතාමත් වැඩි මුදලක් ගෙවනු ලබන දැන්වීම් වනු ලබනවා. අනෙකුත් වෙබ් අඩවි වල එකම මුදල ලබා දුන්නත්, මෙම වෙබ් අඩවිේ දී දැන්වීමකට ලැබෙනු මුදල එකිනෙකට වෙනස් වනු ලබනවා. සමහර දැන්වීම් වලට ොලර් 1 ක් පවා ලැබෙන අවස්ථා ද දක්නට ලැබෙනවා. සෑම රටකටම වෙබ් අඩවිය විවෘතයි. ොලර් 2 කින් පසුව ඔේපැල් ගිණුමට මුදල් බැරකර ගැනීමට ද හැක. 

ඔබට මෙම Paidverts මඟින් මුලින් කීවාක් මෙන්ම වැඩි වශයෙන් මුදල් සෙවිය හැකි මෙන්ම මෙම අඩවිය ඉතාමත් විශ්වාසදායී වෙබ් අඩවියක්. මේ වනතෙක් කිසිම සාමාජිකයෙකුගෙන් මුදල් නොලැබීමක් පිළිබඳ ෆීඩ්බැක් එකක් හොයාගන්නවත් නැති තරම්. මේ Paidverts කියන වෙබ් අඩවිය Mytrafficvalue කියන වෙබ් අඩවියේ කොටසක්. Mytrafficvalue කියන්නේ අවුරුදු ගාණක ඉදන් තමන්ගේ පාරිභෝගිකයන්ගේ විශ්වාස තබාගෙන මුදල් ගෙවනු ලැබූ/ ලබන වෙබ් අඩවියක්. ඔබට ඉතාමත් කෙටි දවස් කිහිපයකින් ඩොලර් 2 ක් සොයාගෙන එය ඔබේ පේපැල් ගිණුමට බැරකර ගත හැක. ඉහතින් ඇති ඉමේජය මත ක්ලික් කර පෙයිඩ්වර්ට්ස් වෙත ගොස් ලියාපදිංචි වී දැන්ම මුදල් සෙවීම ආරම්භ කරන්න.

මෙම වෙබ් අඩවියෙන් මුදල් සෙවීම ඉතාමත් පහසුයි. නමුත්, ඔබ ඊට ප්‍රථම මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ අවධානයක් යොමුකල යුතුයි. මෙම වෙබ් අඩවියේ ඇති දැන්වීම් ඔබට පෙන්වනු ලබන්නේ මෙහි ඇති BAP (Bonus Ad Points) යන පොයින්ට් තිබෙනාවනම් පමණි. ඔබට දැන්වීම් පෙන්වීමට කලින් ඔබට BAP සොයාගන්නට සිදුවනු ඇත. ඒ සඳහා ඔවුන් BAP පොයින්ට් සොයාගැනීමට දවසට දැන්වීම් කිහිපයක් දෙනු ලබනවා. එහි ඇති එක දැන්වීමකින් ඔභට BAP 25 ක් ලබාදෙනු ලබයි. එහි ඇති BAP පොයින්ට් එකතු කරගත්තාට පසුව ඔබට මුදල් සෙවිය හැකි දැන්වීම් පෙන්වනු ලබනවා.

මේ වෙබ් අඩවියට මුදල් ඉන්වෙස්ට් කරන අය දවසට ඩොලර් 100 ට වඩා හම්බකරනවා. තමන්ගේ දැනට තියෙන සල්ලි ඉන්වෙන්ස්ට් නොකර නිකම්ම සල්ලි හොයන්න ඕනනම් ඉතින් කරන්න තියෙන්නේ BAP පුලුවන් තරම් හොයලා දැන්වීම් අරගෙන හොයන එකයි. හැබැයි ඩොලර් 1 ක් වෙච්ච ගමන් ඒක ගන්න හදන්න එපා. පුලුවන් තරම් ඒක ඉන්වෙස්ට් කරන්න. ඩොලර් 300 ට වඩා දවසට තමන්ගේ අතට ගන්න ගොඩක් අය ඉන්නවා.

 PaidVerts

එකවුන්ට් එක හදලා හැමදාම ලොග් වෙලා ඔයාට තියෙන BAP සේරම අරගන්න. ඔයාගේ BAP එක වැඩිවෙන තරමට ඔයාට ලැබෙන දැන්වීම් වල වටිනාකමත් වැඩිවෙනවා. ඒ වගේම මතක තියාගන්න. එක BAP එකක් කියන්නේ ඩොලර් 0.0005 ක්. ඉතින් ඔයා BAP එකතු කරන ගානට ඔයාට නොදැනීම කොයි පැත්තකින් හරි ඔයාට මුදල් ලැබෙනවා. BAP ටික ඉවරයක් කරාට පස්සේ කෙලින්ම දවසට තියෙන දැන්වීම් ටික ක්ලික් කරන්න පටං ගන්න. ඒ වගේම දෙයක් කියන්න ඕන. ඔයාගේ BAP අගය 0 යිනම් ඔයාට කිසිම දැන්වීමක් ලැබෙන්නේ නෑ. එතකොට අනිත් දවස වෙනකම්ම ඉන්න වෙනවා. ඒ නිසා ගේම් ගහන්න ගිහිං තමන් හොයාගත්ත BAP ටික නැත්තටම නැති නොකරගත්තනම් තමයි හොඳ. 

කලින් කිව්වා වගේම ඔයා ඩොලර් 1 ක් හොයාගත්ත ගමං සල්ලි අරගන්න දගලන්න එපා. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමා ඩොලර් 1 කට මිළඳී ගන්න පුලුවන්කම තියෙන ඇඩ්වර්ටයිසින්ග් ඇඩ් පැකේජ් එකක් මිළදී ගන්න එක.

ඔයා මිලදී ගන්න හැම ඩොලර් 1.05 ක ඇඩ්වර්ටයිසින් පැක් එකකටම ඔයාට BAP 3100 ක් ලැබෙනවා. ඒ වගේම ඔයාට ඊලඟ දවස් කීපයට ඩොලර් 1.55 ක් වටිනා දැන්වීම් ලැබෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයා වියදම් කරන හැම ඩොලර් 1.05 කටම ඔයාට ඩොලර් 1.55 ක් ආපහු ලැබෙනවා. ඒ වගේම ඔයා මිලදී ගන්න මේ ඩොලර් 1.05 ඇඩ් පැකේජ් එකෙන් ඔයාට ඔයා ලබා දෙන ලින්ක් එකට සීමාවක් නැතිව විසිටර්ස්ලා තත්පර 5 ක ඇඩ් එකක් එක්ක අරගන්න පුලුවන් වෙනවා. 

උදාහරණ-
ඔයා ඩොලර් 1.05 ඇඩ් එකක් මිළදී ගන්නවා.
ඒකට ඔයා වෙබ් සයිට් එකේ ලින්ක් එකක් දෙනවා www.www.com වගේ එකක්.
එතකොට ඔයාට ඒ සයිට් එකට සීමාවක් නැතිව ඒ ඔයා දුන්න සල්ලි බෙදිලා යනකම් විසිටර්ස්ලා එනවා.
ඒ වගේම ඔයාට BAP 3100 ක් ලැබෙනවා.
ඒ වගේම ඔ්‍යාට ඩොලර් 1.55 ක් වෙන්න ඊලග දවස් දෙක තුනේ දී දැන්වීම් ලැබෙනවා.

 ඉතින් ඔයාට කරන්න තියෙන්නේ Buy Ads වලට ගිහින් Create Campaign වලට යන්න. ඒ කරලා ඔයාගේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි ලින්ක් එක දෙන්න. ඔයාට ඕනනම් එතනින් preview එකක් වුනත් බලාගන්න පුලුවන්.  ඊට පස්සේ ඉතින් ඔයාට බැනර් තියෙනවනම් ඒවා පේන්න දාලා, නැත්නම් බැනර් නොදමා හරි සල්ලි ගාන බැදලා ටික වෙලාවක් ඉන්නයි තියෙන්නේ. ඒ නිසා ඔයා ඩොලරයක් හොයන හැම වෙලාවේම ඩොලර් 1.05 ඇඩ් පැකේජ් එකක් එකක් මිළදී අරගෙන ඩොලර් 1.55 ක මුදලක් ආපහු ලබාගන්න. ඔයා දිගටම මේක කරොත් ඔයා සයිට් එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහට එයාලා පිළිඅරගෙන ඔයාට ලැබෙන ආදායම වැඩිවෙන්න ගන්නවා. 

ඒ වගේම දැනගන්න, ඔයාට ලැබෙන දැන්වීම රදා පවතින්නේ පැය 18 ක කාලයක් විතරයි. ඔයා ඒ පැය 18 අතර දැන්වීම් බැලුවේ නැත්නම් ඒක වෙන කෙනෙක්ට ලැබෙනවා.

ඔයාට BAP ගොඩක් තිබුනත් සමහර වෙලාවට ඔයාට දැන්වීම් ලැබෙන්න ටික වෙලාවක් ගතවෙන්න පුලුවන්. මම මේ සයිට් එකේ ලියාපදිංචි වෙලා මගේ BAP 400 හෙව්වට පස්සේ පලවෙනි දවසෙම, එදා දවසේ මට කිසිම දැන්වීමක් දැකගන්න පුලුවන් වුනේ නෑ. හැබැයි ඊට පහුවෙනිදා මට දැන්වීම් ගොඩක් තිබුනා. ඒ වගේම ඊලග දවස් කීපයේ මට තත්පර තිහක දැන්වීමකට 0.20$ ගෙවන දැන්වීම් දෙක තුනකුත් තිබුනා. ඔයා සල්ලි ඉන්වෙස්ට් කරලා BAP ගොඩක් හෙව්වොත් ඔයාට ඩොලර් 1 දැන්වීම් වුනත් ලැබෙන්න පුලුවන්. ඒ වගේම ඩොලර් 20ක එකක් වුනත් මේ තත්පර 5, තත්පර 30 දැන්වීම් බලලා. 

ඒ හන්දා සන්සුන්ව ඉදලා හැම පැය 18 කට ම වරක් සයිට් එකට ගිහින් බලන්න. BAP තියෙන ගාණ වැඩිවෙන තරමට ඔයාට ලැබෙන දැන්වීම් වල ගෙවීම වැඩිවෙනවා. ලඟදී මට 5$ක දැන්වීමක් ලැබුනා තත්පර 5ක් බලලා. ඒ මොකද මගේ ලඟ BAP ගොඩක එකතුවක් තියෙන නිසා.

ඒ වගේම මේකේ තව එක වැදගත් දෙයක් තියෙනවා ad filter කියලා. ඒකෙන් ඕනනම් පුලුවන් ඔයාට වැඩිපුර ගෙවන දැන්වීම් විතරක් ඔයාගේ දැන්වීම් ලැයිස්තුවේ පෙන්වාගන්න. ඔයාට ඇත්තටම ඕනනම් දැන්වීම් ගොඩක් විවෘත නොකර ඉක්මනටම සල්ලි හොයාගන්න එහෙනම් මේ ad filter කියන ඔප්ෂන් එක ඔයාලා එකතු කරගත්තනම් තමා හොඳ. ඒකට වියදම් වෙන්නේ ඩොලර් 10 ක් විතරයි. හැබැයි මාසෙන්, දෙකෙන් කල් ඉකුත් වෙන්නේ නෑ. ඒක ඉතින් ඔයාගේ එකවුන්ට් එක තියෙනකම්ම තියෙනවා. ඔයා එකපාරක් ඒක මිළදී ගත්තහම ඔයාට ඕන වෙලාවක ඒකේ තියෙන වටිනාකම වෙනස් කරගන්න පුලුවන්.

උදාහරණ-
මම 10$ දීලා ad filter එකක් ගන්නවා.
මම value එක 0.10 දෙනවා.
අනිත් දවසේ ඉදන් මට ලැබෙන්නේ 0.10ට වඩා වැඩියෙන් ආදායමක් ලැබෙන දැන්වීම් විතරයි.

ඒවගේම ඔයාට රෙෆරල්ලා පාවිච්චි කරලත් සල්ලි හොයාගන්න පුලුවන්. ඔයාට ඔයාගෙන් රෙෆ් වෙන කෙනා ගන්න ඇඩ් පැකේජ් වලින් 10%ක මුදලක් ලැබෙනවා. ඒ වගේම එයා දැන්වීම් බලලා හොයන සල්ලි වලින් 3% මුදලකුත් ලැබෙනවා. 

දැන්වීමක් නරඹනකොට එතන කොටු 3ක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒ කොටුවට උඩින් තියෙන ටෙක්ස්ට් එක කොපි පේස්ට් කරන්න විතරයි. එතකොට ඔයාට ඇඩ් එක දැකගන්න පුලුවන්. මේක දාලා තියෙන්නේ ඒ ඇඩ් එකට ලොකු අවධානමක් ඒ බලන කෙනා විසින් දෙන්නයි. හැබැයි අන්න ඒකම තමා හේතුවත් ඒ ඒ දැන්වීම් වලට ලොකු ගාණක් ගෙවන්නත්.

එහෙනම් වැඩේ කරගන්න. අනිත් සයිට් එක්ක ඉක්මනටම හම්බවෙමු. ජය!
  Good luck :)
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Top 5 Battery Saver Android Apps


බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්ට ඇති ගැටළුවක් වන්නේ ඔවුන්ගේ දුරකථනයේ බැටරි ආරෝපණය ඉතාමත් වේගයෙන් බැස යාමයි. දැනට තිබෙන බැටරි ආරෝපණය යම් කාලයක් වැඩිපුර පවත්වාගැනීමට හැකියාවක් ඇති ඇප්ලිකේෂන් රාශියක් පෞද්ගලිකවම පරීක්ෂා කිරීමෙන් අනතුරුව දැනට තිබෙන හොඳම බැටරි ආරෝපණය රැකගැනීමේ ඇප්ලිකේෂන් පහක් දක්වා අඩු කරගැනීමට හැකිවිය. මෙම ලිපියෙන් දැක්වෙන්නේ එම ඇප්ලිකේෂන් පහයි.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2 (Android): Download and Race


ඔබ කවුරුත් රේසින්ග් ක්‍රීඩා වලට කැමැත්තක් දක්වනවා නියතයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔබ තිබෙන හොඳම රේසින්ග් ක්‍රීඩාවන් මොනවාදැයි මේ වනවිටත් නොදන්නවා විය නොහැක. මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට පැමිණ ඇති ජනප්‍රියම ක්‍රීඩාවන් වන්නේ Asphalt 8, GR Racing 2 සහ Real Racing 3 යන ක්‍රීඩාවනුයි. මේ දුරකථන ක්‍රීඩා තුනටම තමන්ටම කියලා අනන්‍යතායක් තිබෙනවා. මමත් පෞද්ගලිකවම මෙම ක්‍රීඩාවන් තුනම ක්‍රීඩාකර තිබෙන අතර ගොඩක් ලොකු කැමැත්තක් දක්වනවා. මේ ක්‍රීඩාවන් තුන තමයි මම අලුත් දුරකතනයක් ගත් සැනින්ම ස්ථාපනය කරනු ලබන්නේත්. නමුත්, බෙන්ච්මාර්ක් අතින් ගත්විට මේ ඇස්පල්ට් 8, රියල් රේසින්ග් 3 සහ ජීටී රේසින්ග් 2 යන ක්‍රීඩාවන් දුරකථනයෙන් දුරකථනයට දක්වන ක්‍රියාකාරිත්වය වෙනස් වනු ඇත.

How to Know If Samsung Galaxy Phone is Genuine or Fake/Cloned


සැම්සුන්ග් සමාගමේ සියලුම ගැලක්සි දුරකථන මාදිලියන්හි ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය වනුයේ ඇන්ඩ්‍රොයිඩ්ය. ඇන්ඩ්‍රොයිඩ් යනු Open source (විවෘත මෘදුකාංග) ගනයට අයත් වන මෙහෙයුම් පද්ධතියක්. Open source එහෙමත් නැත්නම් විවෘත මෘදුකාංගයන් යනු කුමක්දැයි දැනගැනීමට පහත සඳහන් ලිපිය නරඹන්න.


මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් වූ නිසා ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍යය කරනු ලබන උපකරණයකට ගැලපෙන අයුරින් කේතයන් වෙනස් කරගැනීමට හැකියාවත් ඇත. මේ හේතුව නිසා සමහරක් දුරකථන නිපදවන සමාගම් හෝ පුද්ගලයන් මෙය තමන්ගේ වාසියක් බවට හරවා ගනු ලැබේ. ඒ, ජනප්‍රියතාවයෙන් ඉහළ ඇති දුරකථනයන් හා සමානව ඔවුන් නිර්මාණය කරනු ලබන බාල/දුර්වල දුරකථනයන්ට එම මෘදුකාංගයන් යොදා අඩු මුදලකට විකුණා ඔවුන් මුදල් හම්බකරගනු ලබයි. ඉතාමත් අඩු මිළ මට්ටමකට මෙම දුරකථනයන් විකුණනු ලබන නිසා බොහෝමයක් පාරිභෝගිකයන් මෙම මිළ මට්ටම සැලකිල්ලකට ගෙන එම දුරකථන මිළඳී ගැනීමක් සිඳු කරනු ලබයි. නමුත් එම දුරකථන වල ඇති දුර්වලතාවයන් ගැන ඔවුන්ට කිසිම දැනීමක් නොමැත. 

මෙම ලිපිය මඟින් සැම්සුන්ග් ගැලක්සි ජංගම දුරකථන මාදිලිය සැම්සුන්ග් සමාගම විසින් නිපදවනු ලද original එසේත් නොමැතිනම් මූලික පිටපතක්ද, එසේත් නොමැතිනම් වෙනත් සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් නිපදවනු ලද බොරු/බාල දුරකථනයක්ද යන වග දැනගත හැකි ක්‍රම කිහිපයක් ඔබට දැනගන්නට හැකියාවක් ලැබෙනු ඇත.

බොහෝ ව්‍යාජ දුරකථන් සමඟින් මූලික පිටපතක් සංසන්දනය කර බලන විට පිටතින්ම එය මූලික පිටපතක්ද නැතිනම් ව්‍යාජ පිටපතක්ද යන්න තේරුම් ගැනීමට හැක. ඔබ භාවිතා කරන්නේ කුමන සැම්සුන්ග් ගැලක්සි දුරකථනයක් වූවත්, එහි ඇති යම් පිටතට පෙනෙන්නට තිබෙන කාරණා මඟින් පහසුවෙන්ම ව්‍යාජ පිටපත් වෙන් කර හඳුනා ගැනීමට හැකියාවත් ඇත.

මෙම පහත පින්තූරයෙන් දක්වා ඇති කරුණු සියලුම ගැලක්සි දුරකථනයන්ට පොදු ලක්ෂණයන් වනු ඇත. ඒ මඟින් ඔබට සරල නිගමනයකට එලෙබීමට හැකියාවක් ලැබේ.

01. දුරකථනයේ තිරයෙහි දීප්තිමත් බව (brightness) සහ vibrate භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැම්සුන්ග් සමාගම විසින් ගැලක්සි දුරකථනයන්ට යොදවනු ලබන AMLOED තිරයන්හි ඇත්තේ අපගේ ඇසට ප්‍රියමනාප පෙනුමක් ඇති පැහැයන්ය. ස්වාභාවික වර්ණයන් මෙම තිරයන්ට පෙන්වන්නට හැකියාවක් ඇත. එමෙන්ම, එහි ඇති වයිබ්‍රේට් තත්වය ඉතාමත් සියුම් එකකි. නමුත්, ව්‍යාජ දුරකථනයන් වල තිරයෙහි ඇත්තේ තද සුදු පැහයකි. එය තිරය වසා දමනු ලැබූවත් යාන්තමින් දක්නට ලැබේ. නමුත්, ඔරිජිනල් ගැලක්සි දුරකථනයක තිරය වසා දැමුවහොත් එසේ කිසිම අයුරකින් කිසිම පැහයක් නොපෙන්වනු ලබන අතර තනිකරම කලු පැහැති තිරයක් පමණක් දිස්වෙයි. දීප්තියේද අඩුවක් දක්නට ලැබෙනු ඇත. එමෙන්ම ව්‍යාජ දුරකථයන් වල වයිබ්‍රේට් තත්වය ඉතාමත් ඉහළ අගයක් ගනු ලැබේ. කිසිම සියුම් ගතියක් නොමැත.

02. දුරකථනයේ තිරයෙහි දෙපැත්තෙහි ඇති දාරයෙහි පරතරය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ව්‍යාජ දුරකථනයන් වල තිරයේ සිට දුරකථනයේ අවසන් දාරයට ඇති පරතරය වැඩිවනු ඇත.

03. ඉදිරිපස ඇති SAMSUNG සන්නායක නාමය (logo) මත ඔබගේ ඇඟිල්ල ගෙන යන්න. ව්‍යාජ දුරකථනයන් වල ඇති සැම්සුන්ග් සන්නායක නාමය ඔබගේ ඇඟිල්ලට ඉදිරියට නෙරා පැමිණ ඇති බවක් දැනෙන්නට ඇත. ඔරිජිනල් දුරකතනයන් වල එසේ සන්නායක නාමය ඔබේ ඇඟිල්ලට දැනෙන්නේ නොමැත. එසේ ඇඟිල්ලට දැනෙන සන්නායක නාම ඇති ව්‍යාජ දුරකථනයන්වල ඇති එම නාමය පහසුවෙන් ගලවා ඉවත් කරන්නටද හැකියි.

04. දුරකථනයෙන් පිටත ඇති බොත්තම පිළිබඳ සැලකිලිමත් වෙන්න. Home, Power, Volume button පිළිබඳ සැලකිල්ලක් දැක්වූ විට ඒවාගේ ප්‍රමිතිය සහ තිබිය යුතු ස්ථානයන් ව්‍යාජ දුරකතනයන් වල වෙනස්ව දක්නට ඇත. ඉහත පින්තූරයේ දක්වා ඇති අයුරින්ම, එම බොත්තම් වල හැඩය, ප්‍රමාණය වෙනස් වනු ඇත.

05. දුරකථනයෙහි ඇති සෙන්සර් (sensors) පිළිබඳවද අවධානය යොමු කරන්න. ව්‍යාජ දුරකථනයන් වල සමහරක් සෙන්සර් දක්නට නොලැබෙන අතර, සෙන්සර් තිබේනම් ඒවා ඇති ස්ථානයන් වෙනස් වනු ඇත. 

06. තිරය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න. තිරය මත ඔබගේ ඇඟිල්ල රැගෙන යන විට එය වීදුරුවක් අයුරින් නොව ප්ලාස්ටික් තිරයක් මෙන් දැනෙනාවනම් එය ව්‍යාජ දුරකථනයකි. බොහෝ දුරට මෙම ව්‍යාජ දුරකථනයන් වල තිරය මත ඇඟිල්ල යම්තාක් බරක් යොදා තද කරනු ලැබූ විට එම තිරය දුරකථනය තුලට එබෙන බව ඔබට දැනෙනු ඇත.

ක්‍රියාකාරිත්වය අනුව ව්‍යාජ ගැලක්සි දුරකථනයක්ද වග දැනගන්න.

සමහර ව්‍යාජ ගැලක්සි දුරකථනයන් වල පිටතින් බලා එය ව්‍යාජ එකක්ද නැතිනම් මූලික පිටපතක්ද යන වග තේරුම් ගැනීමට අපහසුතාවයක් ඇතිවනු ඇත. කෙසේ වූවත්, දුරකථනයේ ක්‍රියාකාරිත්වය (performance) පිළිබඳව අවධානයක් යොමු කල විට, ව්‍යාජ දුරකථනයක්නම් දුරකථනයෙන් කිසිම වැඩක් කරගන්නට බැරි තරමට මන්දගාමී වනු ලබයි. පහත සඳහන් ඒවාද උත්සාහ කර බලන්න.

01. දුරකථනය තුල ඇති ඇප්ලිකේෂන් (applications) එකවර කිහිපයක්ම විවෘත කරන්න. Music player එක විවෘත කර ගීතයක් වාදනය වීමට ඉඩ හරින්න. ඉන්පසුව, එයින් පිටවෙන්නේ නැතිව Home button එක ඔබා එම ඇප්ලිකේෂන් එක ධාවනයට වන්නට ඉඩදී තවත් ඇප්ලිකේෂන් කිහිපයක්ම විවෘත කරන්න. කිසිදු ඇප්ලිකේෂන් එකකින් පිටනොවෙන්න. ඒ වෙනුවට Home button එක ඔබා අනිත් ඇප්ලිකේෂන් විවෘත කරන්න. ව්‍යාජ දුරකථනයක්නම් ඔබ ඇප්ලිකේෂන් හතරක් පමණ එකවර ක්‍රියාත්මක කරන විට එය මන්දගාමී වනු ඇත. නැතිනම් ක්‍රියාත්මක නොවී stuck වෙනු ඇත.


02. කැමරාව පිළිබඳ සැලකිලිමත් වන්න. පින්තූර කිහිපයක් දුරකථනයේ කැමරාව භාවිතා කර ලබාගන්න. කැමරාව විසින් පින්තූරයක් ලබාගැනීමට ගතවන කාලය පිළිබඳව සැලකිලිමත් වන්න. එකවර පින්තූර කිහිපයක් ගන්නා විට බොහෝ ව්‍යාජ දුරකථනයන් stuck වනු ඇත. එමෙන්ම ව්‍යාජ ගැලක්සි දුරකථනයන් වල පින්තූර වල ගුණාත්මකභාවය (quality) බොහෝසෙයින් අඩු මට්ටමක පවතියි. එමෙන්ම, කැමරාව විවෘත කර එහාට මෙහාට රැගෙන යන විට තිරයෙහි දක්නට ලැබෙන දර්ශනය කැඩි කැඩී සෙමින් ඔබට කැමරාව එහාට මෙහාට සොලවන විට දක්නට ලැබෙයිනම් එයද ව්‍යාජ දුරකථනයක් හදුනාගැනීමේ එක් ලක්ෂණයක් වනු ඇත.


03. බොහෝමයක් අලුතින් පැමිණෙනු ලැබූ ගැලක්සි දුරකථනයන් වල වීඩියෝ කරන අතරතුර පින්තූර ගැනීමේ හැකියාවක් පවතියි. නමුත් මෙම ව්‍යාජ දුරකථනයන් වල එම පහසුකම දක්නට නොලැබේ.


සැම්සුන්ග් කයිස් (Samsung Kies) භාවිතා කර අව්‍යාජ ගැලක්සි දුරකථන හඳුනා ගන්න

දැනට අව්‍යාජ එසේත් නොමැතිනම් ඔරිජිනල් ගැලක්සි දුරකථනයක් හඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් වන්නේ සැම්සුන්ග් කයිස් මෘදුකාංගය භාවිතා කිරීමයි. සැම්සුන්ග් කයිස් මෘදුකාංගය විසින් ඔබේ දුරකථනය පිළිබඳ විස්තර සොයා බලා අදාල දුරකථනය පිළිබඳ විස්තර ඔබගේ පරිගණක තිරය මත අදාල මෘදුකාංගය මඟින් පෙන්වනු ලබයි. ඔබේ දුරකථනය සැම්සුන්ග් කයිස් මඟින් හඳුනාගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න:

01. Samsung Kies බාගත කරගෙන ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගන්න.


02. ඔබට ලැබී ඇති USB කේබලය භාවිතා කර, දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.


03. කයිස් විසින් ඔබගේ දුරකථනයෙහි නම සහ එහි ඇති මෘදුකාංගයන් පිළිබඳ තොරතුරු ඔබට දිස්කරනකම් මොහොතක් සිටින්න. එසේ තොරතුරු කයිස් විසින් ඔබට පෙන්වනු ලබයිනම් එය ඔරිජිනල් දුරකථනයක් යනුවෙන් අපට සැලකිය හැකියි.


04.  ඔබගේ දුරකථනය හඳුනා නොගත්තොත්, නැවත කේබලය ගලවා සවිකරන්න. කේබලයේ යම් පලුද්දක් ඇතිදැයි පරීක්ෂා කරන්න. එසේ කිසිවක් නොමැතිනම්, එම දුරකථනය ව්‍යාජ එකක් බව සැලකීමට හැක.


යෙදුම් මඟින් සැම්සුන්ග් ගැලක්සි දුරකථනයක් අව්‍යාජද යන්න සොයාගන්න

සැම්සුන්ග් ගැලක්සි දුරකථනයන් වලට වෙන්වූ කේතික යෙදවුම් (codes) කිහිපයක් ඇත. ඒවා මඟින් දුරකථනයේ යම් ක්‍රියාකාරකම් පරීක්ෂා කරන්නටද, දුරකථනයේ තොරතුරු දැනගන්නටද හැකියාවක් ඇත. ඔබට කරන්නට ඇත්තේ ඩයල් පෑඩ් (dial pad) එක මඟින් මෙම අංක ලබා දුන්විට ස්වයංක්‍රීයවම දුරකථනය විසින් එම කේත වලට ප්‍රතිචාර දක්වනු ලබයි. බොහෝ දුරට භාවිතා වන සැම්සුන්ග් කේත කිහිපියක් මෙහි දැක්වේ.

*#06# [Displays device IMEI number]
*#1234# [Displays device current firmware]
*#*#1472365#*#* [GPS test settings]
*#*#197328640#*#* [Service mode main menu]
*#*#4636#*#* [Diagnostic and general settings mode]
*#0*# [General Test Mode]
*#0228# [ADC Reading]
*#0283# [Audio Loopback Control]
*#0289# [Melody Test Mode]
*#03# [NAND Flash S/N]
*#0588# [Proximity Sensor Test Mode]
*#0589# [Light Sensor Test Mode]
*#0673# [Audio Test Mode]
*#07# [Test History]
*#0782# [Real Time Clock Test]
*#0842# [Vibra Motor Test Mode]
*#12580*369# [SW & HW Info]
*#1575# [GPS Control Menu]
*#2263# [RF Band Selection]
*#232331# [Bluetooth Test Mode]
*#232337# [Bluetooth Address]
*#232338# [WLAN MAC Address]
*#232339# [WLAN Test Mode]
*#2663# [TSP / TSK firmware update]

මෙම කේතයන් වල ප්‍රධානම කේතයන් කිහිපයක් පමණක් ව්‍යාජ දුරකථනයන් වල ක්‍රියාත්මක නොවේ. එම කේත ක්‍රියාතමක වන්නේ හුදෙක් අව්‍යාජ එසේත් නැතිනම් ඔරිජිනල් දුරකථනයන් වල පමණි.

01. ඔබගේ දුරකථනයේ LCD පරීක්ෂණික කේතය යොදවා බලන්න. ඒ සඳහා ඩයල් පෑඩ් එකෙහි *#0*# යන්න යොදන්න. එවිට පහත දක්වා ඇති පින්තූරයේ මෙන් ඔබගේ දුරකථනයේ එම මෙනුව පැමිණෙනවානම් ඔබේ දුරකථනය ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක. 


02. ඔබගේ දුරකථනයේ IMEI අංකය දිස්වන කේතය යොදවා බලන්න. ඒ සඳහා *#06# යන්න ඩයල් පෑඩ් එකෙහි සඳහන් කරන්න. එහි දැක්වෙන IMEI අංකය ඔබගේ දුරකථනයේ පිටුපස සඳහන්ව ඇති අංකයට සමාන විය යුතුය.

03. ඔබගේ දුරකථනයේ සංස්කරණය (version) කුමක්දැයි බලන්න. ඒ සඳහා, *#1234# යන්න ඩයල් පෑඩ් එකෙහි සඳහන් කරන්න. 

ඉහත සඳහන් ක්‍රම තුනම ඔබගේ දුරකථනයේ පෙන්වනු ලැබුවේ නැතිනම්, එයින් අදහස් වනුයේ එම දුරකථනය ව්‍යාජ දුරකථනයක් බවයි.

ඔබ සැලකිලිමිත් විය යුතු තවත් කරුණු කිහිපයක්

• බොහෝ විට ව්‍යාජ දුරකථනයන් වල ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය දක්වන කොටසේ ඇති සංස්කරණ අංකය වෙනස් විය හැක. උදාහරණ වශයෙන් ගතහොත් Jellybean ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ගන්න. එහි අන්තිම සංස්කරණය වන්නේ 4.2.2 ය. නමුත් මෙම ව්‍යාජ දුරකථනයන් වල බොහෝවිට එය 4.2.6 වැනි අයුරින් පෙන්වනු ලබයි. නමුදු 4.2.6 යනුවෙන් සංස්කරණයක් ගූගල් සමාගම විසින් නිපදවා නොමැත.

• දුරකථනයෙහි මතක ධාරිතාවය (internal storage) 32GB වැනි අයුරකින් පෙන්වූවත් එය එසේ නොවේ. ඇත්තේ 5GB වලට වඩා අඩු මත ධාරිතාවයකි. එයිනුත් අපට ප්‍රයෝජනයට ගත හැකිවන්නේ 2GB වලටත් වඩා අඩු ධාරිතාවයකි.

• *#0*# යන කේතය අව්‍යාජ දුරකථනයන් වල පමණක් ක්‍රියාත්මක වූවාට, HDC නමින් නිර්මාණය කරනු ලබන ව්‍යාජ ජංගම දුරකථනයන් වල මෙම කේතය ක්‍රියාත්මක වනු ලබයි. එම නිසා, මෙම කේතය ක්‍රියාත්මක වන නිසාම එම දුරකථනය පිළිබඳව නිගමනයකට එලබීමෙන් වලකින්න. 

• එමෙන්ම, මෙම HDC නිර්මාණ කරුවන් made by Korea යනුවෙන් සඳහන් කරනු ලබනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කරන්න.

• සමහරක් ව්‍යාජ දුරකථනයන් වල IMEI අංකය නැරඹීමට ඇත්තේ වෙමන කේතයකි. එය මොඩමයක් මඟින් ව්‍යාජ දුරකථනයකට කේතාංගික කරනු ලැබූ එකකි. බොහෝවිට *#66# යනු එවැනි කේතයකි. මෙම කේතය මඟින් සමහර ව්‍යාජ දුරකථනයන් වල IMEI අංකය ලබා ගත හැක. නමුත්, ඔරිජිනල් දුරකථනයක IMEI අංකය ලබාගත හැක්කේ *#06# යන කේතයෙන් පමණි. එමෙන්ම ඔබට IMEI අංකයෙහි විස්තර පෙන්වනු ලබන වෙබ් අඩවියක් භාවිතා කර එම දුරකථනය පිළිබඳ තීරණයකට එලබීමට හැක. (http://www.imei.info/)

• ඔබට micro USB Jig උපකරණයක් මීලඳී ගැනීමට හෝ සොයාගැනීමට හැකියාවක් තිබේනම්, එය දුරකථනයට සම්බන්ද කල විට Downloading mod වලට දුරකථනය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න. එසේ ස්වයිංක්‍රීයවම downloading mod වලට දුරකථනය පිවිසුනහොත් එය ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක. (මෙම ජිග් එක තුල ඇත්තේ 300 K OHM ප්‍රතිරෝධකයකි(resistor). මයික්‍රෝ USB ජැක් එකක් ඔබ සතුව තිබෙනවානම් ඔබට මෙම jig එකක් නිර්මාණය කර ගත හැක. ඒ සඳහා දළ සැලසුමක් බැලීමට මෙතන ක්ලික් කරන්න).


• දුරකථනයේ ඉඳිරිපස නිරීක්ෂණය කර ව්‍යාජ දුරකථනයක්ද යන බව දැනගන්නවාක් මෙන්ම, පිටුපස කවරය ගලවා ඔරිජිනල් දුරකථනයක් සමඟ සංසන්දනය කර බැලීමෙන්ද එහි ඇති වෙනස්කම් නිසාවෙන් ව්‍යාජද, අව්‍යාජද යන බව සොයාගත හැක.

• ඔරිජිනල් කොරියන් දුරකථන වල model අංකය ආරම්භ වන්නේ SHV වලින්. Anycall දුරකථනයන් වලදී මෙය ආරම්භ වනුයේ SHW වලින්. නමුත් මෙම දුරකථනයන් දෙකේම model number එක අවසන් වෙන්නේ S, K හෝ L යන අක්ෂරයන් වලින්. ඔබට කොරියාවේ සිට වෙනත් රටක භාවිතයට ගැනීමට කොරියානු දුරකථනයන් ගෙන්වා ගැනීමට අවශ්‍යයනම් ඔබ කල යුත්තේ model number එක K අක්ෂරයෙන් අවසන් වන දුරකථනයක් ගෙන්වා ගැනීමයි (උදා: SHV-****K). නමුත් කොරියානු දුරකථනයන් වලට වඩා ඉක්මනින් ජාත්‍යන්තර (international) දුරකථනයන් වලට Updates/Firmware/Software ලැබෙනවා. ඔබ සැම්සුන්ග් දුරකථනයක් මිළඳී ගන්නට සිතනවානම් ජාත්‍යන්තර සංස්කරණයක් ඇති සැම්සුන්ග් දුරකථනයක් මිළඳී ගන්නවනාම් හොඳයි.

• ඩයල් පෑඩ් එක මත *#0*# යන්න සඳහන් කරන්න. එවිට ලැබෙන මෙනුවෙහි ඇති Sensor යන්න මත වරක් ටැප් කරන්න. ඉන්පසුව දකුණු පස උඩ කෙලවරෙහි ඇති Image test යන්න මත ටැප් කරන්න. එවිට Chihuahua සුනඛයෙක් ඔබට දැකගත හැකිනම් එයද ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක.


මේ පිළිබඳ ඔබ දන්නා කරුණුද එකතු කරන්න. මෙහි අඩුපාඩු ඇතිනම් ඒවාද මෙහි සඳහන් කරන්න.



සැම්සුන්ග් ගැලක්සි දුරකථනය ව්‍යාජ එකක්ද අව්‍යාජ එකක්ද යන්න දැනගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How to Install Lollipop 5.0 to N9005 (Note 3)


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්හි අලුත්ම සංස්කරණය වන ලොලිපොප් සංස්කරණය නිකුත්ව ඇත. නමුදු යම් උපකරණයන්ට මෙම නව සංස්කරණය ලැබුනත්, සමහර උපකරණයන් වලටත් තවමත් මෙම සංස්කරණය ලැබීමේ ප්‍රවණතාවයක් දක්නට නොමැත. මෙම ලිපිය මඟින් ඔබට ඔබගේ ඇති Galaxy Note 3 (SM-N9005) යන international version ජංගම දුරකථනයට ලොලිපොප් සංස්කරණය (official) ඇතුලත් කරන අයුරු පැහැදිලි කරදී ඇත.


මෙම ක්‍රියාවලිය මා විසින් අත්හදා බැලූ අතර, එය 100%ක්ම සාර්ථක විය. පහත සඳහන් කර ඇති පියවරයන්ට අනුව ඔබ ක්‍රියාකලහොත් ඔබගේ N9005 දුරකථනයට ලොලිපොප් සංස්කරණය සාර්ථකව යාවත්කාලීන කල හැක.

ප.ලි - මෙම ලිපියේ ඇත්තේ තවත් කෙනෙකුට දැනුම ලබා දීමක් පමණක් වන අතර, ඔබ අතින් සිඳුවන වැරදීම් වලින් ඔබගේ උපකරණයට වන අලාභහානී මා විසින් බාර නොගනිමි.

01. මුලින්ම පහතින් දක්වා ඇති අවශ්‍යය කරනු ලබන ගොනු කිහිපය බාගත කරගන්න.

02. ඉහත දක්වා ඇති ගොනු බාගත කරගැනීමෙන් පසුව, ඒවා extract කරගන්න.

03. ඔබ Samsung Galaxy Note 3 USB drivers පරිගණකයට ස්ථාපනය කර නොමැතිනම්, එම ඩ්‍රයිවර්ස් ස්ථාපනය කරන්න.

04. Settings වල ඇති Developer Options වෙත ගොස් එහි ඇති USB Debugging යන්න ඉඳිරියෙන් ඇති කොටුව තුල 'හරි ලකුණ' ඇත්දැයි බලන්න. එසේ නොමැතිනම් එය මත වරක් ටැප් කර හරි ලකුණ සනිටුහන් කරගන්න.

05. ඔබේ දුරකථනයේ 50%කට වැඩි බැටරි ආයුකාලයක් තිබිය යුතුයි.

06. ඔබ බාගත කරගනු ලැබූ Odin 3.09 මෘදුකාංගය විවෘත කරන්න.

07.ඉන්සපුව එහි ඇති PIT යන්න මත ක්ලික් කර ඔබ දෙවනියට extract කරගනු ලැබූ ෆෝල්ඩරය තුල ඇති PIT යනුවෙන් අවසන් වන ගොනුව තෝරාදෙන්න. (මෙහිදී ඔබ භාවිතා කරනුයේ 32GB දුරකථනයක්නම් ඔබ pit ගොනුව මෙම odin වෙත ඇතුලත් කල යුතුයි. ඔබ 16GB දුරකථනයක් භාවිතා කරන්නේනම් මෙම pit ගොනුව odin වෙත ඇතුලත් කිරීමෙන් වළකින්න.)

08. Bootloader යන්න මත ක්ලික් කර BL යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

09. PDA යන්න මත ක්ලික් කර AP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

10. CSC යන්න මත ක්ලික් කර CSC යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

11. Modem යන්න මත ක්ලික් කර CP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

12. Odin මෘදුකාංගයේ ඔබේ වම් පැත්තට වන්නට ඇති තීරුවෙහි Auto Reboot, Repartition, F.Reset Time සහ Phone Bootloader Update යන ඒවා තෝරාදී ඇත්දැයි බලන්න. එසේ තෝරා දී නොමැතිනම් එහි මත ඉදිරියේ ඇති කොටු මත වරක් ක්ලික් කර හරි සළකුණ යොදාගන්න.


13. ඔබගේ දුරකථනය ක්‍රියා විරහිත කර download mod වෙත ක්‍රියාකරවන්න. ඒ සඳහා, Volume Down + Home + Power යන බොත්තම තුන එකවර ඔබාගෙන සිටින්න. යම් කිසි හෙයකින් ඔබට එහිදී තෝරාගැනීමක් කරන්නට සිඳුවූවහොත්, Volume Up බොත්තම ඔබා continue යන්න ලබාදෙන්න.

14. ඔබගේ දුරකථනය කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරවන්න.

15. දුරකථනය නියමිත අයුරින් පරිගණකය හඳුනාගත්තානම් Odin මෘදුකාංගයේදී පළවෙනි ඇති කොටුවේ ID: COM යන්න නිල් පැහැති හෝ කහ පැහැයක් ගනු ලබයි.

16. Start යන්න ක්ලික් කරන්න.

17. විනාඩි දහයකට ආසන්න කාලයක් තුල ඔබගේ දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය වී අවස් වේවි. එතෙක් කේබලය ගලවන්නටවත්, දුරකථනයට කුමක් හෝ කරන්නට නොයන්න. එමෙන්ම දුරකථනය ස්වයංක්‍රීයවම boot වී ඔබට භාෂාව තෝරාදෙන්නට ඇති ස්ථානයට රැගෙන යනතෙක් කේබලය ගැලවීමෙන් වලකින්න.





සැම්සුන්ග් ගැලක්සි නෝට් 3 දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය කරන අයුරු
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa