අද ලිපියෙන් ඔබට කියාදෙන්නට යන්නේ 3D Sounds (3ඩී සවුන්ඩ්ස්) පිළිබඳවයි. මීට පෙර 3D එසේත් නොමැතිනම් ත්‍රිමාණත්වය යනු කුමක්ද, මෙම ත්‍රිමාණත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න විස්තර කෙරෙන ලිපි කිහිපයක් පලකරනු ලැබුවා.
ඉතින්, මුලින්ම පැවසූ අන්දමින් අද මෙම ලිපියෙන් ඔබට 3D සවුන්ඩ්ස් එසේත් නැතිනම් මෙම ත්‍රිමාණ ශබ්දය යනු කුමක්දැයි පහදා දෙනු ලැබේ.
ඔබ දන්නවා ඇති, අපට අවට පරිසරයේ ශබ්දයන් ඇසෙනුයේ ත්‍රිමාණවයි. තව ටිකක් සරළව ගතහොත් අපට අවටින් ශබ්දයක් ඇසුනහොත් එම ශබ්දය ඇසුනේ කොතනින්ද, මොන දිශාවකින්ද යන්න අපට තීරණය කරගන්නට හැකියාවක් ඇත. උදාහරණයක් වශයෙන් බල්ලෙක් බිරිවහොත් අපට බල්ලා බිරුවේ කුමන දිශාවෙන්ද යන්න තීරණය කල හැක. නැතිනම්, ඔබ මාර්ගයක් අසල සිටිනවානම්, ඔබ නොදැනුවත්ම වාහනයක් ඔබ පසුකරන් ගියේනම් එම ශබ්දයට අනුව එම වාහනයේ කුමන දිශාවක සිට කුමන දිශාවකට ගියේදැයි ඔබට තීරණය කරන්නට හැක. එමෙන්ම කුමන දුරක එම වාහනය තිබේද නැතිනම් එනු ලබයිද යන්නද තීරණය කල හැක. මෙම පරිසරයේ ඇති ශබ්ද අපගේ කන් දෙකට ඇහිලා මොළය මඟින් සිඳුකරනු ලබන ක්‍රියාකාරිත්වය මඟිනුයි අපට තීරණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ එහි දිශාව මෙන්ම කොපමණ දුරකින්ද තිබෙන්නේ නැතිනම් සිටින්නේ යන්න. මෙම ක්‍රියාවලිය ඩිජිටල් (Digital) තාක්ෂණයට පැමිණෙන විට අපූර්ව ක්‍රියාකාරිත්වයක් සිඳුවනු ලබයි.
අපි මේ පිළිබඳව කතා කරන්නට ප්‍රථම, අපි මෙම ත්‍රිමාණ ශබ්දයක් ඇති හඬ පටියකට සවන් දී සිටිමු. නමුත්, ඔබ මෙම හඬ පටියට සවන් දීමට ප්‍රථම හෙඩ්ෆෝනයක් හෝ ඉයර්ෆෝන්යක් භාවිතා කරන්න. එයට හේතුව, ස්පීකර් දෙකක් ඔබ භාවිතා කරනු ලැබූවහොත් අප මෙයින් බලාපොරොත්තු වන ප්‍රථිපලය ඔබට ලබාගැනීමට හැකියාවක් නොලබෙනු ඇත.
ඔබ මෙම හඬ පටය හෙඩ්ෆෝන්යක් හෝ ඉයර්ෆෝනයක් මාර්ගයෙන් සවන් දෙනු ලැබුවානම් ඔබට මෙහි ඇති තාත්වික ගතිය දැනෙන්නට ඇති. අපි මෙය සිඳුවූ ආකාරය පිළිබඳව බලමු.
උදාහරණයක් වශයෙන් ගතහොත්, මෙම ත්‍රිමාණ අවකාශයේ ශබ්දයේ පැතිරීමට අනුව අපට සිතාගන්නට පුලුවන් එම ශබ්දය එනු ලැබූයේ කුමන දිශාවකින්ද යනුවෙන්. මෙයට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මුල්වනු ලබනවා.
පළවෙනි කාරණය වනුයේ, ශබ්දය අවකාශය තුල ගමන් කිරීමට කාලයක් ගතවනු ලබනවා. ඉතින්, එක දිශාවකින් ඇසෙනු ලැබෙන ශබ්දය එම දිශාවට විරුද්ධව ඇති කනට ඇසෙන්නට කලින් එම ශබ්දය එන දිශාවේ කනටයි ඇසෙනු ලබන්නේ. එහි යම් කාල පරාසයක වෙනස්වීමක් තිබෙනවා (ITD - Interaural Time Differences). එය කාල පරාසයේ වෙනස්වීම මොළය තේරුම් ගනු ලබනවා. එමෙන්ම එම ශබ්දය ඇසෙන දිශාවේ කනට දැනෙන තීවෘතාවයෙහි අගය ඉහළයි. අනිත් කනට ඇසෙන තීවෘතාවයෙහි අගය අඩුයි. එමනිසා මොළයට තීරණය කරන්න හැකිවෙනවා එම ශබ්දය ආවේ කුමන දිශාවකින්ද, කුමන දුරකින්ද යනුවෙන් (ILD - Interaural Level Differences). අප ත්‍රිමාණව දකිනුලබන ශබ්දයේ ප්‍රථිපලය මෙයයි.
ඩිජිටල් තාක්ෂණය මඟින් මෙම ත්‍රිමාණ ශබ්දය පටිගත කරගනු ලබන්නේ අපූර්ව ක්‍රමයකටයි. මෙම ත්‍රිමාණ ශබ්දය අප අඳුරගනු ලැබූයේ අපගේ කන් දෙකට ඇසුනු ශබ්දයන්ගේ ඇතිවුනු යම් යම් කුඩා වෙනස්කම් නිසාවෙනි. අපට හැකියාවක් ඇතිනම්, අපගේ දෙසවනට ඇසෙන ශබ්දයක් වෙන වෙනම උපකරණයක් මඟින් පටිගත කරලා එම පටිගත කරගනු ලැබූ හඬ පටිය අපගේ දෙසවන් වලට වෙන වෙනම ඇසෙන විදිහට සලසවන්න හැකියාවක් තිබෙනවානම් ඔබ මුලින් අසනු ලැබූ හඬ පටියෙහි ඇති ත්‍රිමාණ ශබ්දයන්ගේ වෙනස් වීම් ඔබට ඒ අයුරින්ම අසන්නට හැකියාවක් ලැබෙනවා. එම ක්‍රමවේදයට කියනු ලබන්නේ බයිනෝරල් රෙකෝඩින් (Binaural Recoding) යනුවෙනි.
ස්ටීරියෝ රෙකෝඩින් (Stereo Recording) එසේත් නැතිනම් ස්ටීරියෝ පටිගත කිරීම් වලත් භාවිතා වනු ලබන්නේ මෙයට සමාන ක්‍රියාපටියකි. නමුත්, එම ක්‍රියාපටිපාටියෙන් තරමක් ඉහළ මට්ටමක ඇති පටිගත කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙම බයිනෝරල් පටිගත කිරීමේ ක්‍රියාවලිය හැඳින්විය හැක. මෙම බයිනෝරල් පටිගත කිරීමේ ක්‍රියාවලියට භාවිතා කරනුයේ අපගේ හිසෙහි හැඩයට සාදාගනු ලැබූ ආකෘතියකට, එහි ඇති කන් දෙකට ඉතාමත් හොඳ මට්ටමේ ඇති හඬ පටිගත කිරීමේ උපකරණයන් දෙකක් සවිකරනු ලබනවා. ඒ මාර්ගයෙන් පටිගත කරගනු ලබන ශබ්දයන් වෙන වෙනම පටිගත කිරීම මඟින් අපගේ දෙසවන් වලට අසන්නට සැලසීමටයි මෙම ඩිජිටල් තාක්ෂණය ප්‍රයෝජනයට ගනු ලබන්නේ.
අනික් හේතුව වනුයේ අපට මෙම හඬ පටිය අසන්නට හෙඩ්ෆෝනයක් හෝ ඉයර්ෆෝන්යක් පමණක්ම පැලදීමට සිඳුවුනේ ඇයි? අපට ස්පීකර් දෙකක් භාවිතා කර වෙන වෙනම මෙම හඬ පටියට සවන් දීමට නොහැකිද? ඔබට ස්පීකර් දෙකක් භාවිතා කිරීම මඟින් එම හඩපටියට සවන් දිය හැක. නමුත්, ඔබට එයින් බලාපොරොත්තු වනු ලබන ප්‍රතිඵලය ලබාගැනීමට නොහැකියි. එයට හේතුව වනුයේ, ක්‍රොස්ටෝල්ක් (Crosstalk) යන හේතුව නිසායි. ක්‍රොස්ටෝල්ක් යනු කුමක්දැයි ඔබට දැන් ඇතිවී ඇති ගැටළුව විය හැක. ඉහත දක්වා ඇති හඬ පටිය ඔබලාගෙන් සමහර දෙනෙකු ස්පීකර් දෙකක් පමණක් භාවිතා කරමින් සවන් දෙන්නට ඇති. ඔබ ස්පීකර් දෙකකින් එම හඬ පටියට සවන් දුන්නානම්, ඔබේ වම් කනට ඇසෙන්නට යොදා ඇති ශබ්දය ඇසෙනුයේ ඔබේ වම් කනට පමණක් නොවේ. එය ඔබේ දකුණු කනටත් ඇසෙනු ලැබෙනවා. එමෙන්ම දකුණු කනට ඇසෙන්න යොදා ඇති ශබ්දයද ඇසෙන්නේ පෙර සේම මිශ්‍රණය වීමෙනි. මෙම මිශ්‍රණයට වීමට ක්‍රොස්ටෝල්ක් යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබනවා. මෙම මිශ්‍ර වීම නිසා අප බලාපොරොත්තුවන වර්චුවල් ත්‍රිමාණ ශබ්දය එම අයුරින්ම අපට ප්‍රථිපලයක් ලබාගත නොහැකි වනු ලබනවා.
නමුත්, අන්තර්ජාලය තුල මේ පිළිබඳව යම්තාක් දුරකට සොයාබලන විටදී මට යම් විද්‍යාඥයෙක් සිඳුකරනු ලැබූ ව්‍යාපෘතියක් හමුවුනා. ඔහු ස්පීකර් දෙකක් මාර්ගයෙන් ත්‍රිමාණ ශබ්දය ඇසෙන අයුරින් ක්‍රමවේදයක් නිර්මාණය කරන්නට වෙහෙසෙනු ලබනවා. ඔහු යම් යම් ක්‍රමවේද මාර්ගයන් භාවිතා කරමින් මෙම ක්‍රොස්ටෝල්ක් එකෙහි මට්ටම අඩුකර මෙම මාර්ගයන් දෙක වෙන වෙනම ස්පීකර් ජෝඩුවට යොමු කරන්නට උත්සාහ දරා තිබෙනවා. ඔබට ඒ පිළිබඳව තව දුරටත් සොයා බලන්නට අවශ්‍යයනම් මෙතන ක්ලික් කර එම අදාල වෙබ් අඩවියට පිවිසීමට හැක.
මෙම කරුණු පිළිබඳව සොයා බලන විට තවත් එක්තරා ආකාරයකින් වැදගත් වනු ලබන අදහසක් හමුවුනා. ඒ, මෙම ත්‍රිමාණ ශබ්දයන් බයිනෝර්ල් වල පටිගත වන අයුරි පිළිබඳව. බයිනෝර්ල් වලදී ඇතිවෙන එක් ගැටළුවක් වන්නේ, අපිට ශබ්දයක් ඇසුනු විටදී අපි ඒ දිශාවට ඔලුව හරවා බලනු ලබනවා. නමුත් ස්වභාවයෙන් එය එසේ සිඳුවන්නේ නැහැ. ශබ්දය යම්කිසි දිශාවකින් ඇසුනොත්, අප එම දිශාවට හැරී බැලුවොත් එම ශබ්දය ඇසෙනු ලබන්නේ එම ස්ථානයෙන්ම පමණි. මෙම ගැටළුව මඟහරවා ගැනීමට අලුත් ක්‍රියාවලියක් නිර්මාණය වෙමින් පවතිනවා. එයට බයිනෝරල් පටිගත කිරීම් වල දෙවෙනි මට්ටම යනුවෙන්ද උඡ්චාරණය කරනු ලබනවා (Motion-Tracked Binaural). ඒ පිළිබඳව කරුණු දැනගැනීමට කැමති අයට එම අදාල ව්‍යාපෘතියට යන සබැඳිය පල කරලා තිබෙනවා. එම අදාල ව්‍යාපෘතියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න.
මේ කාරණා පිළිබඳවයි අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට අවශ්‍යය වුනේ. මම හිතන අයුරින් අප ශබ්දය පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතුයි. උදාහරණයක් වශයෙන්, ස්ටීරියෝ ශබ්දය (Stereo Sound) යනු කුමක්ද, ඩොල්බි ඩිජිටල් (Dolby Digital) යනු කුමක්ද, ෆයි ඉන් වන් චැනල් (Five in One channel) යනු කුමක්ද, අලුතින් එලිදැක්වූ සවුන්ඩ් බාර් (Sound bar) යනු කුමක්ද වැනි දෑ ගැන සොයා බැලිය යුතුයි.
එම කාරණා පිළිබඳවත් ඉදිරි ලිපියකින් කතා කරමු.
එම කාරණා පිළිබඳවත් ඉදිරි ලිපියකින් කතා කරමු.
ත්‍රිමාණ ශබ්දය (3D Sound) යනු කුමක්ද?!
#sirkinaa - Video Katha
0 comments:
ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.