Internet Money - 03 කොටස



ඔන්න ආයෙත් ඉන්ටර්නෙට් මනි තුන්වෙනි කොටස අරගෙන ආවා.අද කියල දෙන්න යන්නේ ෆෝම් ෆිලින්ග් ජොබ්(Form filling Job) ගැන.මේකෙනම් පින්තූරත් එක්කම විස්තර කරල තියෙන හින්දා ඔයාලට වැඩි වදයක් විදින්න වෙන්නේ නැතිවෙයි.

ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ ඒ සයිට් එකට යන එක.(සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න).ඔයාලා සයිට් එකට ගියාට පස්සේ ඔයාට පේයි උඩම තියෙනවා Create a account කියලා.

ඒ බට්න් එක ක්ලික් කරලා ඇතුලට යන්න.දැන් ඔයාගේ හරි විස්තර දාලා පුරවන්න තියෙන ඔක්කොම තැන් පුරවන්න.පුරවලා ඉවරවෙලා Create account කියන බට්න් එක ඔබන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

දැන් ඔයාලා ඉන්නේ ඔයාගේ එකවුන්ට් එක ඇතුලේ.ඔයා දැන් පේජ් එකේ ටිකක් පල්ලෙහාට එන්න.එතකොට පේයි The following service are available කියලා කහ පාටින් හයිලයිග්ට් උන තීරැවක්.ඒතනින් පල්ලහායින් තමා ජොබ්ස් ටික තියෙන්නේ.ඊට පස්සෙ ඔයා අර මම ඉස්සෙල්ලා කියපු කහ පාට හයිලයිග්ට් කරල තියෙනවා කියපු තීරැවට යටින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

දැන් ඔයාට පේයි Start survey now කියලා බට්න් එකක්.ඔයා ඒක ක්ලික් කරන්න.

දැන් ඔයාලට පේයි වෙබ් සයිට් දෙකක් ලින්ක් කරල තියෙනවා.ඒ දෙකෙන් එකක් ඔයා කැමති එකක් තෝරලා ඔයා තෝරගත්තේ වෙබ් සයිට් එක නම් Click here for website 1 කියන ලින්ක් එක ක්ලික් කරන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

ඒක ක්ලික් කරපුවාහම වෙනම ටැබ් එකක ඒ ක්ලික් කරපු සයිට් එක ඕපන් වෙනවා.


**විශේෂයි- ඔබ තෝරන ඕනෑම වෙබ් සයිට් එකක රෙජිස්ටර් වීම අත්‍යවශ්‍යයයි.**

ඊට පස්සේ ඔයා ඒ වෙනම ටැබ් එකක ඕපන් වෙන සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
රෙජිස්ටර් වෙලා ඒකෙ ඇතුලට ගියාට පස්සෙ ඒ කියන්නෙ ඔයාගෙ එකවුන්ට් එකට ගියාට පස්සෙ ඔයාට මොනවත් කරන්න නෑ.ඔයා කෙලින්ම ලොග් අවුට් කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒ ටැබ් එක ක්ලෝස කරල හරි ඔයාට කැමති විදිහකට ඔයාගේ සර්වේ එකවුන්ට් එකට යන්න.ඊට පස්සේ ඔයා අර කලින් වෙන ටැබ් එකකට යන්න ක්ලික් කරපු ලින්ක් එකට පහලින් තියෙනවා Short Evaluation - Please evaluate and give your general impressions of the above website කියලා.ඊට පහලින් තියෙනවා පොඩි කමෙන්ට් තීරැවක්.ඒ කමෙන්ට් තීරැවේ ඔයාට අර වෙන ටැබ් එකක ඕපන් උන සයිට් එක ගැන හිතන දේ ලියන්න ඕන.
උදා - Thats social networking site කියලා ඒ තියෙන කමෙන්ට් බාර් එකේ දාන්න පුලුවන්.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

ඊට පස්සේ දෙවෙනි එකත් පලවෙනි එක වගේම කරන්න ඕන.ඊට පස්සේ දෙවෙනි එකෙත් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ යටම තියෙනවා Click Here to Submit BOTH Reviews කියල ටැබ් එකක්.ඒක ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ.


දැන් අපි බලමු කොහොමද අපේ awsurveys account එකේ balance එක චෙක් කරන්නේ කොහොමද කියලා.ඔයා දැන් හෝම් කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ටිකක් පල්ලෙහාට පේජ් කේ යන්න.පල්ලෙහාට යද්දි පේයි My A.W.Survey Stats කියල වගුවක් තියෙනවා.


ඒකෙ තමා ඔයා හොයන ගාණ තියෙන්නේ.මේකෙන් ඕන්නම් ඇලර්ට්පේ එකවුන්ට් එකට හරි පේපල් එකවුන්ට් එකට හරි සල්ලි මාරැ කරන්න පුලුවන්.හැබැයි ඒකට උපරිමය ඩොලර් 80ක්වත් තියෙන්න ඕන.අපි සල්ලි මාරැ කරන හැටිත් බලමු.වගුවට යටින් තියෙනවා Redeem Money කියලා ලින්ක් එකක්.ඒක ක්ලික් කරන්න.


ක්ලික් කරාට පස්සෙත් එන්නෙ වගුවක්.ඒකෙ තියෙන විදිහට එතන පුරවලා redeem now කියන බට්න් එක ක්ලික් කරන්න.එතකොට කිසි ගින්නක් නැතිව ඔයා තෝරපු ඔයාගේ එකවුන්ට් එකට සල්ලි ගිහිල්ල තියෙයි.




දැන් බලමු අපි කොහොමද අමතර ආදායමක් මේ සයිට් එකෙන් හොයන්නේ කියලා.Refer friends කියන තැන ඒක උඩ ක්ලික් කරන්න.එතනින් කරන්නේ ලින්ක් ට්කක් දෙනවා.ඒවායින් ඇවිල්ලා කවුරැහරි මේ සයිට් එකේ රෙජිස්ටර් උනොත් 1.75$ක් ඔයාගේ එකවුන්ට් එකට බැර වෙනවා.ඕන්නම් ෆේස් බුක් එකේ මේ ලින්ක් දාන්න පුලුවන්.නැත්නම් තමන්ට වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවනම් ඒත් දාන්න පුලුවන් විදිහේ ලින්ක සහ බැනර් ලින්ක හිටන් දීල තියෙනවා.ඔයාලට කරන්න තියෙන්නේ ඒ දීල තියෙන ලින්ක් පාර්ට් එක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට කරන එක විතරයි.


(හැබැයි හිතන්න එපා මම ඒ වාගේ බලු වැඩක් මගෙ මේ බ්ලොග් එකේ කරයි කියලා.මම මේ බ්ලොග් එක පටන් ගත්දිම පටන් ගත්තේ මේ බ්ලොග් එක පටන් ගත්තේ සල්ලි හොයන්න නෙමේ මම දන්න දේ අනිත් අයට කියල දෙන්න කියලා.වැඩි බජනෙට ගියොත් හිතයි දැන් මුගෙ ලොකුකං කියනව කියලා.ඒ හින්දා ඒක නවත්තමු).


හරි එහෙනම් ඔන්න සර්වේත් ඉවරයි.4වෙනි කොටසින් හමුබවෙමුකෝ.මේක ඔයාට වැදගත් උනානම් කමෙන්ට් පාරකුත් කරගෙනම යන්නකෝ.


Share on Google Plus

31 comments:

  1. කව්ද බොලේ මෙච්චර කල් දැනන් හිටියේ, තමන්ට කැමති පෝන් එකක් ගන්න තාත්තගෙන් සල්ලි උස්සන්නම ඕන නෑ කියලා, මේ තියෙන්නෛ සල්ලි හොයන්න එල ක්‍රම :)එල එල කොල්ලා මෙව්වයි ඊළග ලිපිත් දාන්න අපි කියවනවා, විශේෂයෙන්ම කමෙන්ට් කරනවා

    ReplyDelete
  2. හික්ස්! තාත්තගෙන් හරරි අම්මගෙන් හරි සල්ලි උස්සන වැඩේනම් කැතයි. ඒකට ඔය තියෙන්නේ කිසි ගේමක් නැතිව සල්ලි හොයන්න ක්‍රම. අනිවා ඊලග ලිපි ටිකත් දානවා. ස්තූතියි චූටි කොල්ලෝ කමෙන්ට් එකට!

    ReplyDelete
  3. අනේ මන්දා කොල්ලෝ. කස්ටිය නම් එනවා. ඒත් අනේ මන්දා. මොනව උනත් තැන්කියු කිව්වා කමෙන්ට් එකට

    ReplyDelete
  4. thank u maru bro

    ReplyDelete
  5. තැන්ක්ස් සහෝදරයා

    ReplyDelete
  6. mamath AW Survay kara tika davasak yanakota job enne nane.dolar 80 limit ekata yanna amarui.reply comment 1k danna.thanks

    ReplyDelete
  7. මචං මෙහෙමයි. ඕකෙ දැං කෑෂ් අවුට් දෙන්නේ ඩොලර් 70කට. ඔකෙට ජොබ්ස් එන්නේ මාසෙන් මාසෙට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු බිස්කට් කම්පැනි එකක් අලුතින් ප්‍රොඩක්ට් එකක් එලියට දානවා. ඉතිං ඒක කොහොමද කියල බලාගන්න මාස හයකට විතර සැරයක් සමීක්ෂණයක් තියනවා. අන්න ඒ වගේ තමයි මේක. හැමදාම එයාල ජොබ්ස් එවන්නෙ නෑ. මාසෙකට දෙකක් තුනක් විතර තමයි එන්නේ.

    ReplyDelete
  8. ස්තුතියි යාලුව

    ReplyDelete
  9. Thank you very much....I wish you.......

    ReplyDelete
  10. Thanks malli mama eketh account ekak open kala

    ReplyDelete
  11. @Ranaweera
    එල එල. ජය වේවා!!

    ReplyDelete
  12. thankz......but podi problem ekak tiyenawa.......mama www.awsurveys.com eken paypal accnt ekakata money redeem karoth aniwaaryenma paypal accnt ekata money yaida? ...........aiya me site eken Money redeem karala tiyenawada?

    ReplyDelete
  13. @Gayan
    අනිවාරයෙන්ම සල්ලි වැටෙනවා.. ඔයා බය වෙන්න එපා කිසි දේකට.. මම හතරපාරක් විතර කරලා තියෙනවා. ඒ සල්ලි අරනුත් තියෙනවා. ඔයා කිසි දේකට බය වෙන්න එපා. ස්තූතියි

    ReplyDelete
  14. thank u very much.......

    ReplyDelete
  15. @Gayan
    ඔයාට ක්රෙඩිට් කාඩ් එකක් කන්ෆෝම් කරන්නේ නැතිව පුලුවන්.(මම දන්න විදිහට) අදාල ස්ථානයේ ඔයාගේ පේපල් එකේ ඊමේල් ලිපිනය යොදන්නයි තියෙන්නේ..

    ස්තූතියි

    ReplyDelete
  16. very very thanx aiya.......man me wage ewa tikak hoya hoyamai htye....:-) thank you soooooo much...tawa tawa me wage dewal kiyala denna....gud luck....

    ReplyDelete
  17. shan machan oyage post tika nam niyamai... eth kollo ewata register wenna mata behene...capcha code eka weradi kiyanawa..eka gahanna wishesa kramayak thiyenawanam kiyala denna puluwanda...

    ReplyDelete
  18. කාඩ් එකක් දාල කන්ෆර්ම් කරල නැති ගිණුමකින් බඩු ගන්න බෑ.

    ReplyDelete
  19. ubata pissuda api mewa karala boru kiyala danagaththe uba kiriboanakale
    modaya...........

    ReplyDelete
  20. @Rochana: Paypal වලට පැය කිහිපයක් ඇතුළත මුදල් එනව. එහෙම ආවෙ නැත්තම් ඉතින් නෑ ම තමා. :D ඒකනෙ කියන්නෙ ඕව බොරු කියල. :D

    ReplyDelete
  21. Thanks Madawa Online Job kranna Monawada Tiyana Hoda Site Ads Click Natuwa

    ReplyDelete
  22. freelancing sites නම් කොයිකත් හොඳා. මම අත්දැකීම් එක්ක දන්න ඒව නම් odesk, vworker, freelancer කියනව හොඳයි.
    පොඩි පොඩි වැඩ වලින් කීයක් හරි හොයාගන්න fiverr, microworkers හොඳයි.

    ReplyDelete
  23. AW Survey කියන්නෙ බොරුවක්. mamath meka try karala tiyanawa godak kalekata kalin.cash out karala danata 6 month withara athi.eath thawama paypal account eake 0$..me AW Survey කියන්නෙ බොරුවක්.

    ReplyDelete
  24. realyyy and mama dakapu lassanama blog aka

    ReplyDelete
  25. thanks kolla ela ela ela ,mama nam kamathiyi oyage Refer. kenek wenna

    ReplyDelete
  26. මම හිතන්නේ මේක ස්කෑම් site එකක්.ඔයාලා කවුරුත් මේකෙන් සල්ලි අරං නෑ නේ......

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.