Mount & Blade ගේම් එක

පින්තූරෙ පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා.මේකෙ නම මවුන්ට් ඇන්ඩ් බ්ලේඩ්(Mount & Blade).මේ ගේම් එක ගැන කෙටියෙන්ම හදුන්වනවනම් මධ්‍යකාලීන යුගයේ ජීවත්වෙලා හිටපු විවිධ ජාතීන්ට අයත් සේනාංක පහක භට පිරිස් අතර ඇතිවෙන සටන් ගැන තමයි මේ ගේම් එකේ කෙටිම හැදින්වීම.හරි අපි දැනි ලොකු කතාවට බහිමු.

මේ සේනාංක ඉන්නේ ක්ලැරීඩා කියන පළාතේ.මොවුන්ගේ මේ සටන් වලට විවිධ කාරණා හේතු වෙනවා.බදු එකතු කිරීම්, භූමිය ආක්‍රමණය කිරීම්, කුඩා කණ්ඩායම් වලට පහර දීම් යන එව්වා ඒ සටන් වලට හේතු වෙන කාරණා කීපයක්.මේකෙදී ක්‍රීඩකයා තෝර ගන්න සේනාංකය අනුව අවසාන ඉලක්කය වෙනස් වෙනවා.මේ ගේම් එකේ සටන් සේනාධිනායකයින් පස් දෙනෙක් අතර සිදුවෙනවා.එහිදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියාකරන්න වෙන්නේ ඒ එක සේනාධිනායකයෙක් විදිහටයි.
පරිගනක ක්‍රීඩකයා තමන් කැමති සේනාංකයක් තෝරගත්තට පස්සේ අවශ්‍ය භට පරිස නිර්මාණය කරගන්න ඕන.මේකෙදී අනිවාරයෙන්ම තමන් තෝරගන්නා කන්ඩායමට ගැලපෙන විවිධ සෙබළ කණ්ඩායම් වගේම ඒවාට ගැලපෙන කන්ඩායම් නායකයින් පත් කල යුතු අතර ඔවුන්ට ගැලපෙන ආයුධද තෝරා ගන්න වෙනවා.මේ ගේම් එකේ වැඩි ලකුණු ගන්න කරන්න ඕනේ සතුරන් එක්ක ඇතිවෙන සටන් මග හරිමින් තම භූමි ප්‍රෙද්ශයේ බලය තහවුරැ කරගන්න එකයි.තම භූමි ප්‍රෙද්ශය ආකුමණය වෙන විට එය ආරක්සා කරගන්නට උපක්‍රමශීලීව සේනාව හැසිරවීමට පරිගනක ක්‍රීඩකයා වග බලා ගන්න ඕන.මේකට අමතරව තමන්ගේ කදවුරැ ශක්තිමක් කරගැනීම, සතුරැ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට කදවුරැ වටේට ආරක්ෂිත අගල්,වැටවල් ආදිය සකස් කරන්නත් සෙම්පතියා විදිහට පරිගනක ක්‍රීඩකයා වග බලා ගන්න ඕන.එතකොට තමන්ගේ ආරක්ෂාව තහවුරැ කර ගැනීම වෙනුවෙන් ලකුණු ලැබෙනවා.
ඔන්න පල්ලහොයින් ඩවුන්ලෝඩ් කරගන්න.




Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.