ලෝක කුසලානයේ ඇත්තම තිත්ත කතාව......

මම ලෝක කුසලානය තිබ්බ දවසේ කප් එක ඉන්දියාව ගත්තට පස්සේ එවෙලේම පෝස්ට් එකක් දැම්මා.(බැලුවෙ නැත්නම් මෙතනින් යන්න). ඒත් මම කිව්වේ ඒ වෙලාවේ මට තිබ්බ සන්තාපයත් එක්ක.ඔන්න දැන් මුලුමනින්ම විස්තරයක් දානවා.


මුරලි! ඔබට අපෙන් සුභ පැතුම්
ඉන්දියාවේ වෙන්කාඩේ පිටියේ පැවති ලෝක ක්‍රිකට් කුසලාන අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කල ඉන්දියානු ක්‍රිකට් පිළ ලෝක ශූරතාවය දිනා ගත්තා. ශ්‍රී ලංකාවට හිමි වූයේ මීට පෙර ලෝක කුසලානයේ මෙන් අනුශූරතාවයයි. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 274ට පිළිතුරැ ලෙස කඩුලු 4ක් දැවී ඉන්දියාව ලකුණු 277ක් ලබා ගත් අතර පිළිතුරැ ඉනිම ආරම්භයේදී තර/යේ දෙවෙනි පන්දුවෙන් ෂෙවාග් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්න ලසිත් මාලිංගට පුලුවන් උනා.හොදින් පන්දුවට පහර දුන් අග්‍රගන්‍ය පිතිකරැ තෙන්ඩුල්කාර්ගේ කඩුල්ලද ලකුණු 18ක් පමණක් ලබා සිටියදී ලසිත් මාලිංග ලබා ගැනීමට සමත් උනත් ඊට පස්සේ ඉන්දීය පිතිකරැවන්ට බලපෑමක් එල්ල කරන්න ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට පුලුවන් උනේ නෑ.
           තමන්ගේ අවසන් තරගයට මුහුණ දුන් අපේ අග්‍රගන්‍ය පන්දු යවන්නා වන මුරලිට ඕවර් 8ක් යවා කඩුලු එකක්වත් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.අවසන් තරගයට හිටි හැටියේස ගහෙන් මල් නැතිව ගෙඩි එන්නාක් මෙන් ඉදිරිපත් කළ නවක පන්දු යවන්නන්ගෙන් කිසිදු සේවාවක් ඉටු වූයේ නැත.තරගාවලිය පුරා ක්‍රීඩා කල අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් ඉවත් කර කුලසේකර සහ රන්දිව් කැදවා තිබුනද කුලසේකර ඕවර් 8යි පන්දු 2ක් යවා ලකුණු 64ක් දී එකදු කඩුල්ලක් හෝ ලබා ගත්තේ නැත. ඔහු ඕවරයකට ලකුණු 7කට මදක් වැඩියෙන් ලකුණු ලබා දී තිබුණි. රන්දිව් ඕවර් 9ක් යවා ලකුණු 43ක් දී කිසිදු කඩුල්ලක් ලබා ගත්තේ නැත.තරගයේ ලබාගත් ඉතිරි කඩුලු දෙක ද ලබා ගත්තේ ඩිල්ෂාන් හා තිසර පෙරේරාය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බැට දෙන විට මාරැ කිරීමට පන්දු යවන්නන් නොමැතිව නායක සංගා (සංගක්කාර) අසරණව වනු දක්නට ලැබිණි. ඔහුට කොයි දේටත් හිටියේ ලසිත් මාලිංග පමණි.
           පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරැවන් අතර ගෙ ෘතම් ගාම්භීර් මනා ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 97ක් ලබා ගනිමින් ඉන්දීය පිළට ස්ථාවරත්වයක් ලබා දුනි. නායක දෝනි අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 79කින් ලකුණු 91ක් ලබා ගත්තේ තරගය ජයග්‍රහණයේ මාවතට ගෙන එමිනි. අවසානයේදී කුලසේකරගේ පන්දුවකට 6යේ පාරක් එල්ල කළ නායක දෝනි ඒ අනගි ජයග්‍රහණය වාර්තා කලා.මෙම තරගයේ තිබූ එක් විශේෂත්වයක් නම් තරගයේ වාසිය වරින් වර දෙපිලටම මාරැ වෙමින් තිබීමයි.නමුත් අවසානයේ වඩා දක්ෂයන් ලෙස ඉන්දීය පිල ජය ගත්තේය. තරගයේ වීරයා ලෙස දෝනි නම් කල අතර තරගාවලියේ වීරයා ලෙස නම් කෙරැනේ යුවරාජ් සිං ය. ඔහු මෙම තරගාවලිය පුරා සිව් වරක් තරගයේ වීරයා ලෙස නම් කෙරැණි.
           මීට පෙර 1983දී කපිල් දේව්ගේ නායකත්වයෙන් ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් කිරැළ දිනා ගත්තේය. ලෝක පුකට පන්දු යවන්නා වන මුරලිදරන්ගේ අවසන් තරගය මෙය වූ අතර ලෝක ප්‍රතට පිතිකරැ තෙන්ඩුල්කාර්ගේ ද අවසන් තරගය මෙය විය. දෙදෙනාම මෙයින් පසු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ලෝක කුසලාන තරගය නැරඹීමට බාධාවකින් තොරව විදුලිය ලබා දෙන බවට ඇමතිවරයා වහසි බස් දෙඩුවද රත්මලාන අත්තිඩිය ප්‍රෙද්ශ වලට තරගය අතරතුරදී විදුලිය පැය එක හමාරක පමණ කාලයක් විදුලිය ඇන හිට තිබූ බව එම පුදේශ වල ජනතාව මාධ්‍ය වෙත පවසා තිබිණි.

කෙසේ හෝ උන දේ දැන් සිදුවී හමාරය.තවත් එය පිළිබදව කම්පා විය යුතු නැත.දැන් අපි ඊලග ලෝක කුසලානයට හීන මවමු.
ඉන්දියාව් වෙන්කාඩේ පිටිය
2011.04.02වන දින
(විශාල ලෙස බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)


ජයග්‍රාහී ඉන්දීය පිළ

Share on Google Plus

2 comments:

  1. neda kin huttige putha,hed line aka tiyanava,akata adala karunu na,,,kari balla.. tho pi vage ponnayo 2nnek hitiyoth athi loketama..

    ReplyDelete
  2. හිතවත් එනිමව්සානනි, බොට මෙහෙම බැනීමට මා කර ඇති වැරැද්ද කුමක්ද? මා මෙහි සටහන් කර ඇත්තේ බොට ඕනා එව්වා නොව මට ඕනා එව්වාය.කිමද යත් මෙය මගේ අඩවිය නිසාය.ටෙ ඕන විදිහට මා මෙහි පල කරන්නේ නැත.බොගේ මේ කමෙන්ට් එක මා මේ පෝස්ට් එකෙන් ඉවත් නොකරන ලෙස බොගට කරැණාවෙන් දැනුම් දෙන අතර බොගේ පපිටකොන්දක් තිබේනම් නියම එකවුන්ට් එකකින් කමෙන්ට් එකක් දාන්න.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.