අපේ අභ්‍යවකාෂ මධ්‍යස්ධානයට පිටසක්වලින් පැන්නා! - Mass Effect PC game

කොහොමැයි ඉතිං. ඔන්න ගෙනාව අලුත් ගේම් එකක්. අලුත් කිව්වට අලුත්ම නෑ. වැඩි කතා බතා නැතිව කතාව පටන් ගමු. මේ ගේම් එකේ විස්තර ඔන්න එහෙනම් බලාගන්න.

වර්ෂ 2183 වෙද්දී සූර්යය ග්‍රහ මණ්ඩල වල තියෙන ගොඩක්ම ග්‍රහලෝකවල වගේම අභ්‍යවකාෂයේ මිනිස්සු මෙන්ම පිටසක්වල ජීවීන්ද තම තම ජනපද සහ අභ්‍යවකාෂ මධ්‍යස්තාන පිහිටවාගෙන ඉන්නවා. ඒ අතර මිනිසුන් විසින් පාලනය කරන අභ්‍යනකාෂ මධ්‍යස්ථානයක් හා පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථානයක් අතර ඇති වන ගැටුමක් මේ මාස් ඉෆෙක්ට් (Mass Effect) කම්පියුටර් ගේම් එකට පදනම වෙලා තියෙන්නේ.
මේ ගේම් එකේ කතා නායකයා නැත්තම් වීරයා වෙන්නේ අභ්‍යවකාෂයේ රදවලා තියෙන එස්එස්වී නොමැන්ඩි නමින් හැදින්වෙන අභ්‍යවකාෂ මධ්‍යස්තානයක නිළධාරියෙක්. ඔහුගේ නම කමාන්ඩර් ෂෙපර්ඩ්. මේ ගේම් එකේ ප්‍රධානම ගැටුම නැත්නම් වලිය සිද්ධවෙන්නේ නොමැන්ඩි හා සිටාඩ්ල් ( ප්‍රෝතියන්ස් නම් පිටසක්වල ජීවීන් විශේෂයකගේ අ.මධ්‍යස්ථානයකි) යන අභ්‍යවකාෂ මධ්‍යස්තාන දෙක අතරෙ තමා. මේකෙදී ගැටුමට මුලපුරන්නේ මිනිසුන් විසින් පවත්වගෙන යන නොමැන්ඩි අභ්‍යවකාෂ මධ්‍යස්තානයයි.ඒ ප්‍රෝතියන්ස් ජීවීන්ට අයත් ඔවුන් ලග ඇති සංඥා නිකුත් කරන අති ප්‍රබල උපකරණයක් ලබා ගන්නයි. නොමැන්ඩි මධ්‍යස්තානය මේක කරන්න බාරදෙන්නේ කමාන්ඩර් ෂෙපර්ඩ්ටයි. ඔහු තාක්ෂණික කටයුතු සහ අභ්‍යවකාෂ සටන් පිළිබදව දැනුමක් තියෙන ඉතා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ෂෙපර්ඩ් එක්ක තවත් කණ්ඩායමක් නොමැන්ඩි මධ්‍යස්තානයෙන් පිටවෙලා යනවා. මේ ගේම් එක පුරාවටම තියෙන්නේ දෙපාර්ෂවය අතරේ සිද්ධවෙන අභ්‍යවකාශ සටන්ය.
මේ සටනේ යම් යම් අවස්තාවලදී කමාණ්ඩර් ෂෙපාර්ඩිගේ කණ්ඩායම සිටාඩ්ල් මධ්‍යස්ථානයට ඇතුල් වන අතර එතනදී දරැණු සටන් ඇතිවේ. තව එතකොට අභ්‍යවකාෂයේදී දෙපාර්ෂවය කුඩා යානා වලින් සටන් ඇති වෙනවා. හැබැයි සටන් දරැණු වෙද්දී ප්‍රෝතියන්ස් කියන පිටසක්වල ජීවී කණ්ඩායමට උදව් කරන්න වෙන ජීවීන් කණ්ඩායමක් එනවා. එතකොට ෂෙපර්ඩ්ගේ කණ්ඩායමේ සහයට තවත් කණ්ඩායමක් ගෙන්න ගන්න වෙනවා. මෙහිදී දෙපාර්ශවයේම තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර බොහෝමයක් ගැටුම් වල බලය රැදිල තියෙන්නේ එකිනෙකා භාවිතා කරන අධිතාක්ෂණික ආයුධ ,යානා සහ මෙවලම් අතරය.
විශේෂයෙන්ම මේ ගේම් එකේ සිදුවන ප්‍රධාන දෙයක් වෙන්නේ ජීවීන් සතු උපකරණ පැහැර ගන්න එකයි. ඒ දේ කරන්න කමාන්ඩර් ෂෙපර්ට්ට ගොඩක් උපක්‍රම භාවිතා කරන්න සිදුවෙනවා. කමාණ්ඩර් ෂෙපාර්ඩ් සහ කණ්ඩායම සම්පූර්ණයෙන්ම මෙහෙය වන කාර්යය පැවරෙන්නේ මේ ගේම් එක සෙල්ලම් කරන ඔයාලටයි. මේ ගේම් එක ප්ලේ කරන කෙනාට අභ්‍යවකාෂයේ එකිනෙකට වෙනස් ජීවීන් දෙපාර්ෂයක් විසින් පාලනය  දං ඉතිං කරනු ලබන අභ්‍යවකාෂ මධ්‍යස්තාන දෙකක් තුල පාලනය සිද්ධවෙන ආකාරය වගේම ඔවුන්ගේ විවිධ පර්යේෂණ ක්‍රමවේද ආදී බොහෝදේ ගැන අත් දැකීමක් ලබා ගන්න පුලුවන්.මේ වෙද්දී මාස් ඉෆෙක්ට් 2කත් ඇවිල්ල තියෙන්නේ. ඒක ගැනත් ලගදිම තොරතුරැ දෙන්නම්. එතකං මේක ගහන්ඩෝ!

මෙන්න මෙව්ව තමා මේ ගේම් එක ගහන්න කම්පියුටරේ තියෙන්න ඕනි අවම සුදුසුකම්!
12GB hard ඩිස්ක් ධාරිතාවයක්
a 2.4 GHz Intel හෝ 2.0 GHz AMD processorඑකක්
 a GeForce 6 series හෝ ATI 1300XT video card එකක්
1GB  RAM එකක්
 Windows XP සිස්ටම් එක




හොදටම ඒ කියන්නේ සුපිරියටම මෙන්න මේවා තියෙන්න ඕනි!

Operating System:
Windows XP හෝ Vista


Processor:
2.4+GHz Intel හෝ 2.0+GHz AMD


Memory:
1 Gigabyte RAM (XP සදහා)
2 Gigabyte RAM (Vista සදහා)


Video Card:
NVIDIA GeForce 6 series(6800GT හෝ ඊට වඩා හොද එකක්)
ATI 1300XT හෝ ඊට වඩා හොද එකක් (X1550, X1600 Pro සහ HD2400 උපරිම වීඩියෝ ධාරිතාවය)


Hard Drive Space:
12 Gigabytes


Sound Card:
DirectX 9.0 
උපරිමය 


Operating System:
Windows XP හෝ Vista


Processor:
2.6+GHz Intel හෝ 2.4+GHz AMD


Memory:
2 Gigabyte RAM


Video Card:
NVIDIA GeForce 7900 GTX or higher
ATI X1800 XL series හෝ ඊට වැඩි


Hard Drive Space:
12 Gigabytes


Sound Card:
DirectX 9.0c compatible sound card සහ drivers - 5.1 sound card එකද ගැලපෙයි.

ඔන්න විස්තරේ ඉවරයි. මෙගාබයිට් 62යි තියෙන්නේ.ඔන්න ඩවුන්ලොඩ් කරගන්ඩකෝ. කමෙන්ට් එකකුත් දාන්න හොදේ!








Share on Google Plus

5 comments:

  1. එල කිව්වලු, අවුල තියෙන්නෙ මගේ ලැපේ ඕක ගහන්න බැරි එක, එක්ස්-බොක්ස් වර්ශන් එක තියනවද දන්නෑනේ?

    ReplyDelete
  2. තෑන්ක්ස් මෝල්ඩර් කමෙන්ට් එකට!

    ReplyDelete
  3. MK Xbox version එකක් තියෙනවා. හැබැයි ඒකනම් සල්ලි දීල තමා ගන්න වෙන්නේ. මම හොයල බලන්නම් තියෙනවද කියල නොමිලෙ ගන්න

    ReplyDelete
  4. පිස්සූ පූසා මේක හොද ගේම් එකක්. දැං මේකෙ අලුත් වර්ෂන් එකත් ඇවිල්ලා තියෙන්නේ මාස් ඉෆෙක්ට්ස් 2

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.