Autorun.inf වයිරස් එක අයින් කරලම දාමු!

මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.

මේ වයිරස් එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ වයිරස් එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.


01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
 Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.




02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න
පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න


03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)
02 රෑපය

05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.


දැං ඉතිං වැඩේ ගොඩම තමා. එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙමත් හම්බවෙමු.

Share on Google Plus

10 comments:

  1. Autorun.inf කියන්නෙ වෛරස් එකක් නෙවෙයි යාළුව.
    තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට, removable drive එකක් පරිගණකයට සම්බන්ද කලාම පර්ගණයේ ආසාදිත වෛරස් එකක් එය පතුරුවා හැරීමට යොදාගන්නා මෙවලමක් පමණයි. එනිසා මේ ක්‍රමයෙන් වෛරසයක් ඉවත් කරන්න බැහැ. තාවකාලික පැලැස්තරයක් විදියට Autorun.inf file එක පමණක් delete වෙනව පමණයි. මේ සදහා වෛරසය ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් ඉවත් කල යුතුයි.

    ReplyDelete
  2. මොනව උනත් දන්න දේ කියල දෙන එක වටිනවා බං..හොඳ වැඩක් උඹ කරන්නෙ

    ReplyDelete
  3. shan mage eketh oya seen eka wuna.eth anty viruz eken e serama remove wuna machan

    ReplyDelete
  4. @නිකමා
    ඒත් කොල්ලෝ ඒක ආයෙත් තිබ්බේ නැත්ද? මොකද මගේ එකේ ඒක ආයෙත් තිබ්බා.

    ReplyDelete
  5. නොඩ් 32 එකෙන් අයින් කෙරලා බලන්න ......ආයෙ තිතටම අයින් වෙනෝ ........ මැක්සා ගාර්ඩ් එක බන් ......

    ReplyDelete
  6. mage post eka nam daala ne. e kiyanne oya aththa dannawa. minissunwa rawattanna me wage boru liyanna epa yaluwa

    ReplyDelete
  7. @www.blogpituwa.tk (Darshana)
    ඔයාගේ පෝස්ට් එක තිබ්බා. හැබැයි ඒක තිබ්බේ ස්පෑම් ගොඩේ. ඉතිං මට සිද්ධ උනා ඒක ඩිලිට් කරන්න. නැත්නම් මට වැඩක් නෑ මේකවත් ඔයාට දාන්න. ඒත් ඇත්ත දෙන්න ඕනි නිසයි මම මෙහෙම කරේ.

    ReplyDelete
  8. oya danna deyak thawath kenekuta kiyala dena eka gena thanks you... thawa liyanna...GOOD LUCK

    ReplyDelete
  9. @tharindu
    ස්තූතියි සහෝදරයා

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.