Rascals (මගෝඩියෝ) සිංහල උපසිරැසිත් එක්කම බලමු


මේක දෙනව කියලනම් ගොඩක් කල්. ඒත් උපසිරැසි දාල තිබුනට අප්ලෝඩ් කරන්න වෙලාවක් තිබුනේ නෑ. කොහොම කොහොම හරි ඔන්න අද උදේ කරන්නම් කියල හිටියා. ඒත් බැරිවුනා. අන්තිමේදී මේ හම්බුන ටික වෙලාවෙන් පටස් ගාල upload කරලා ඔන්න ඔයාලට දෙන්නයි ලෑස්තිය.

ඉතිං සමහර විට මේ film එක ඔයාල මේ වෙද්දී බලලත් ඇති. එක film දෙන site එකකින් මේකේ සිංහල subtitles දුන්න කියලනම් ආරන්චියක් ආවා. ඒත් මම ඒ වෙද්දිත් මේකෙ වැඩ පටං ගෙන තිබුන නිසා මේක අතර මග නවත්වන්න හිත දුන්නෙ නෑ. ඉතිං ඕනි අය ඔන්න එහෙනම් download කරගන්න.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. ඔන්න හෙන කපටි හොරෙක් ඉන්නවා. එයාගෙ නම භගත් බෝස්ලේ. ඉතිං මෙයා යම් කිසි වෙළඳපළකට යනවා මොනා හරි කරන්න. ඒ අතරතුර ඇන්තනී කියලා කෙනෙක් මේ වෙළඳ සැලට තමන්ගේ නැගනියත් සමඟ එනවා. අන්තිමේදී ඇන්තනීත් මේ භගත් ඉන්න තැනට එනවා. ඇන්තනී අතේ මිලියන 20ක් තිබුනා බෑග් එක්ක. කොහොම හරි ඕක භගත් හොරකම් කරනවා. අන්තිමේදී ඔය බෑග් එක භගත් අරගෙන යද්දී පඩිපෙලේදී ඔය බෑග් එක බිමට වැටෙනවා. එතන ඉදං භගත් පිටිපස්සේ එලවලා ඇන්තනී නවතිනවා. එයාගෙ කාර් එක ගාවට එද්දී කාර් එකත් නෑ. කාර් එකත් හොරැ අරං. මේ කාර් එක හොරකම් කරපු කෙනාගෙ නම චීතන් චවුහාන්. ඉතිං අන්තිමේදී මෙයාල දෙන්නව ඇන්තීනට කොටුකරගන්න ඕනි වෙලා නියම වැඩක් කරනවා.. ඒ ටික කිව්වොත් රසයක් නැතිවෙයි කියල හිතනවා. රසයක් නෙමේ සමහර විට මුලු කතාවම මට කියවෙයි.

මේ මම දෙන subtitles file එක නම් කරල තියෙන්නේ Rascals කියලා. ඔයාල මේ වන විටත් මේ film එක ඔයාලගේ computer එකට download කරගෙන හරි කොහොම හරි තියෙනවනම් කරන්න තියෙන්නේ එක දෙයයි. පොඩ්ඩක් subtitle file එකෙයි ඔයා download කරපු movie එකෙයි Rename කරල තියෙන එක එක සමාන නම් දෙකක්ද කියල බලාගන්න. එහෙ සමානයිනම් මොනවත් කරන්න ඕනි නෑ. ගානට වැඩ කරයි. ඒ නම් දෙක අසමානයිනම් කරන්න තියෙන්නේ මේ subtitle file එකේ තියෙන නම copy කරගෙන  ඔයා ගාව තියෙන movie එක rename කරන විදිහට අරගෙන ඒකට අර copy කරගත්ත එක paste කරන්න.



හැබයි ඔන්න මමනම් දෙන්න යන්නේ film එකයි subtitle file එකෙයි නම්නම් එකයි. එහෙනම් ඔන්න film එකයි subtitle file එකයි download කරගන්න.



-->


ඔන්න එහෙනම් මේකෙන් උපසිරැසි file එක download කරගන්න.
password - blogshanmovies



Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.