Android Phones වලට හොඳම Browser මොනවද කියල දැනගන්න.


Android මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන භාවිතා කරන අය ගොඩක් දුරට තමන් අන්තර්ජාලයේ සැරිසැරීමට යොදාගන්නා Browser එක පිළිබදව බොහෝ වෙලාවට සලකා බලනවා. ඔබ click කරන link එක ඔබටත් නොදැනීම virtual ලෝකයක් සමඟ සම්භන්ධ වෙනවා. ඉතිං නරක browser එකක් එහෙමත් නැත්නම් පහසුකම් අතින් අඩු browser එකක් භාවිතා කිරීමෙන් ඔබට අන්තර්ජාලය හරහා ඇතිවන අවධානම වැඩිවෙන අතර ඔබේ කාර්යයන්ට හා ඔබේ ජංගම දුරකථනයට පවා මේ මඟින් හානි විය හැක.  මම ගොඩක් දුරට දකිනවා මේ android භාවිතා කරන අය browser එකක් තෝරාගැනීමේදී නොයෙකුත් උපක්‍රම වලට රැවටෙනවා. ඒ තාමත් Android OS එක ලෝකයේ විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින නිසාය. 

ඇත්තටම මේ වෙනකම්නම් හොඳම web browser එකක් කියලා Android OS එකට නිර්මාණය කරලා නම් නෑ. ඒත් මම ඔයාලට මම භාවිතා කරපු හොඳම browser ටිකක් ගැන කියල දෙන්නම්. ඒවගේ විශේෂතා ටිකකුත් කියන්නම්කෝ. මම මේ කියන්න යන browsers හරිම සරළයි. ඔයාට පහසුවෙන් හා ගොඩක් වේගයෙන් බ්රව්සරයත් එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. Email පරීක්ෂාවට, websites විවෘත කරගන්න වගේ ඒවටත් මේ මම දෙන බ්රව්සර් ටික හොඳට ගැලපෙනවා. ඒ වගේම connection එකේ signal අඩු වේලාවකදීත් මේ ඕනෑම බ්රව්රයක් හොඳට වැඩ කරනවා. 


Opera Mini
මගේනම් ප්‍රියතම එක. ඔයා ඉන්නේ ගොඩක්ම අඩු Network coverage එකක හෝ නැත්නම් 2G coverage එකකනම් ඔයාට ලැබෙන වේගය අඩු වීමක් වෙත් බ්රව්සර් වල බහුලව දක්නට ලැබෙන දෙයක්. ඒත් මේ මඟින් ඔයාට 3G connection එකක ඉන්නවා වගේ ඔයාට අන්තර්ජාලයේ හැසිරෙන්න පුලුවන්. ඒක ගොඩක් වේගවත්, සරලයි, විශ්වාස කරන්න පුලුවන් හොඳම බ්රව්රයක්. ඒ වගේම Speed dials, History, Bookmarks, Zooming සහ තවත් නොයෙකුත් අවශ්‍ය දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. මේකෙදී හොඳ මුදල් පරිහරනයකුත් තියෙනවා. ඒ වගේම 3G/ Wi-Fi කියන නෙට්වර්ක් වලත් මේක හොඳට වැඩ කරනවා. ගොඩක් Android භාවිතා කරන අය පාවිච්චි කරන browser එක හැටියට හඳුන්වන්නේ මේක තමයි. 








SkyFire
මේක තමයි Android වල වඩාත්ම ජනප්‍රිය Social network browser එක. මේක Facebook, Twitter සහ අනෙකුත් සමාජ වෙබ් අඩවි වලටත් ඒ වගේම Feeds, google reader, පුවත් වගේ ඒවටත් හොඳට වැඩ කරනවා. තව විශේෂ දෙයක් තියෙනවා. ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් දුරකථනයේදී වැඩ කරන්නෙ නැති flash video එකක් තියෙනවනම් ඒක වැඩ කරනවන්න මේ browser එකෙන් පුලුවන්. ගොඩක් වෙලාවට අන්තර්ජාලයේ තියෙන videos බලන්න අමාරැයි. ඒ videos බලන්නනම් එක්කෝ වෙනම app එකක් දානන් ඕනි වෙනවා. ඒත් මේ browser එකෙන් net log වෙලා ඉන්නවනම් ඔයාට ඕනිම video එකක් බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ. මුලු YouTube ඔකම බලන්න පුලුවන් ඔයාට කාලයයි සල්ලියි තියනවනම්. මේක ගොඩක්ම හොඳ Social Networks වල කාලය කන අපි වගේ අයටම තමා.









Android සඳහා Firefox
මම මේ විස්තරයනම් මේ post එකට දානන් දෙවරක් හිතල බැලුවා. මොකද මම දන්න විදිහට මේක හොඳටම වැඩ කරන්නේ Tab වලට. ඒ වගේම System restore, Add-ons වගේ ඒවා මේකට ඇතුලත් වෙනවා. ඉතිං මේ හැමදෙයක්ම ලබා දෙන්නේ Mozilla විසින්. ඒත් මම මේ වෙනකම් මට හොයාගන්න බැරිවුනා මේකෙ හොඳ දෙයක්නම්. සමහර විට ඒක මේ පළවෙනි සංස්කරණය නිසා වෙන්නත් පුලුවන්. මේ browser එක ඉතාමත් මන්දගාමී විදිහට තමයි pages load වෙන්නේ. ඒ වගේම site එකක් load වෙන්න 11MB වගේ දත්ත ප්‍රමාණයක් වැයවෙනවා. (11MB සමානව දත්ත ප්‍රමාණයක්) . 











Dolphin HD Browser
දැන් කාලෙ එන ජංගම දුරකථන තනිකරම එන්නේ PC එකේ තියෙනවා වගේ Net brows කරන්න විදිහයි. ඉතිං ඒ යගේ mobiles වලටනම් මේ Browser එක ගොඩක් හොඳයි. මොකද මේකෙ අන්තර්ගත වෙලා තියෙනවා Tabbed views, Add-ons, Gestures, Bookmarks folder, Multi Touch pinch Zoom, User Agent Switch, Save Page, Downloads, සහ තවත් නොයෙක් දේවල් ඇතුලු වෙනවා. ඒ ‍වගේම Flash, Themes, add ons සහ තවත් නොයෙක් දේවල් වලටත් මේ browser එක සහයෝගය ලබා දෙනවා. ඔයා ඉන්න ප්‍රෙද්ශයට උපරිම Signal ප්‍රමාණයක් තියෙනවනම් ඔබ වහාම මේ browser එකට මාරැවෙන්න. මොකද එහෙම අයට මේක තමයි හොඳම එක. ඔයාට ඔයාගෙ PC එකෙන් net යනවා වගේ ඔයාගෙ mobile එකෙන් net යන්න පුලුවන්. 









ඔන්න එහෙනම් ඉවරයි. කොහොම උනත් මමනම් කියන්නේ හොඳම එක Opera Mini කියල තමයි.  එහෙනම් ඔන්න මාස ගානකින් ඔයාලට අලුත් post එකක් ගෙනාවෙ. ඒ පොඩි ප්‍රශ්ණයක් නිසා. දැන් ආයෙත් සුපුරැදු පරිදි ඔයාලට ආයෙත් තාක්ෂණකි විස්තර ගන්න පුලුවන්. එහෙනම් මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.   Don't forget to Follow US!


Share on Google Plus

4 comments:

  1. එල එල :)මම ඔපෙරා :D

    ReplyDelete
  2. @ThoppiYa ThoppiSena

    ජය වේවා. මාත් Opera...

    ස්තූතියි සහෝ කමෙන්ටුවට!

    ReplyDelete
  3. firefox slow කරනවා device 1... Tab 1දැම්මේ

    ReplyDelete
  4. Mcn matanam elama browser eka crome... Oya okkatama wada elatama wada.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.