RAR ගොනුවකට පාස්වර්ඩ් එකක් දාන හැටි.


මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි, අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්.

1. මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න.  

2. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න. 

3. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.  

4. ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න.  ඊට පස්සේ වැඩේ හරි. 

දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න. 



දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.


දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න. 


දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.



Share on Google Plus

15 comments:

  1. ඕක ක්‍රැක් කරන එක සිම්පල් යාලුවා

    ReplyDelete
  2. මේක නම් නියමයි! ස්තුතියි සහෝ!

    ReplyDelete
  3. @හිරුහිමාවී said...
    7/17/12 9:02 PM

    මේක නම් නියමයි! ස්තුතියි සහෝ!
    -----------------------------------------------------------*

    ස්තූතියි

    ReplyDelete
  4. @ගයාන් KG said...
    7/19/12 6:03 PM

    මරු
    ------------------------------------------------------------*

    ස්ථුතියි යාලුවා

    ReplyDelete
  5. BlogShan, RAR ෆයිල් එකකට දාපු පාස්වර්ඩ් අමතක වුන වෙලාවක ක්‍රැක් කරන්නෙ කොහොමද?

    ReplyDelete
  6. thanks machan mama meka serawatama danagena heteyee na.godak thanks ubata keyala dunnata

    ReplyDelete
  7. @FOX Creationz said...
    7/19/12 11:58 PM

    BlogShan, RAR ෆයිල් එකකට දාපු පාස්වර්ඩ් අමතක වුන වෙලාවක ක්‍රැක් කරන්නෙ කොහොමද?
    -----------------------------------------------------------------*

    ඒකත් පෝස්ට් එකකින්ම කියල දෙන්නම් මචං

    ReplyDelete
  8. Ela machan! ikmanata ekath dapan, math hira welaa inne...

    ReplyDelete
  9. mokakda bn masekata withara eka post ekak daanne... Dahanko bn tikak wadipura post.. Blog eka paalui...

    ReplyDelete
  10. Machan mage odesk job eke post eka mokada parakku?

    ReplyDelete
  11. අනේ බ්‍රෝ...මේකනම් මට හරියට ආවේ නෑ.....!

    ReplyDelete
  12. හිතවත් මිතුරේ.... වැඩේ හරි ගියා තැන්ක්ස් ..

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.