එක ක්ලික් එකෙන් බුකියෙ පින්තූර, වීඩියෝ ඇල්බම් පිටින්ම බාමු.




ඔබට කෙදිනනක හෝ Facebook (ෆේස්බුක්) හි තිබෙන ඔබේ මිතුරෙකුගේ ඡායාරූප ඇල්බම් එකක් බාගත කරගැනීමට අවශ්‍ය වී ඇත්ද? නමුත් එය කරන්න බොහොම අමාරුයි. හේතුව, අපට හැකියාවක් නැහැ ෆේස්බුක්හි තිබෙන ඡායාරූප ඇල්බම් බාගත කරගන්නට. එම ඇල්බම් එක අපට බාගත කරගැනීමට අවශ්‍යයනම් කරන්නට ඇත්තේ, එක් එක් ඡායාරූපය ගානේ බාගත කිරීමයි. මේ ගැටලුවට පහසු පිළිතුරක් තිබෙනවා. මේ ක්‍රමය මඟින් ෆේස්බුක් තුල ඇති වීඩියෝ පවා බාගත කරගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා.

PICK&ZIP යනු මෙම ක්‍රියාව සිඳුකරගත හැකි වෙබ් අඩවයිකි. මෙයින් ඔබට ඕනෑම පින්තූරයක්, ඕනෑම ඇල්බම් එකක් බාගත කරගත හැකියි. එමෙන්ම වෙන කෙනෙකුගේ ප්‍රොෆයිල් පින්තූර ඇල්බම් එක, තව කෙනෙකුගේ ෆේස්බුක් පේජ් වල ඇති සියලුම පින්තූර පවා මෙම අඩවිය මඟින් ඔබට බාගත කරගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. ඔබටත් මෙම පහසුකම භාවිතා කරන්නට අවශ්‍යනම් ඔබ මෙම අඩවියට ගොස් ඔබේ ෆේස්බුක් ගිණුමෙන් ඇතුලත් විය යුතු වෙනවා.

PICK&ZIP හි විශේෂතා කිහිපයක්:-
  1. Profile pictures බාගත කරගැනීමට ඇති හැකියාව.
  2. ඔබව tag කරනු ලැබූ ඡායාරූප බාගැනීමට ඇති හැකියාව.
  3. Facebook ඒකේ තියෙන Photos Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ හැම Photo එකක්ම)
  4. Facebook එකේ තියෙන හැම Photo Album එකක්ම Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ තියෙන Album වලින් තෝරාගත් ඒවා)
  5. Facebook Group වල තියෙන Photos Download කරගන්න පුලුවන්. (මේකෙදිනම් පුලුවන් ඔයාගෙ යාලුවන් දාපු Photos විතරයි Download කරගන්න)
  6. Facebook Page වල තියෙන Photos Download කරගන්න පුලුවන්.
  7. ඔයාල Download කරගන්න Photos Save වෙන්න ඕනි ආකාර දෙකකින් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයා Download කරන Photos 'ZIP' ආකාරයෙන් හෝ 'PDF' ආකාරයෙන් Save කරගන්න පුලුවන් ඔයාගෙ PC එකේ.

දැන් බලමු කොහොමද මේ පින්තූර බාගන්නේ කියලා.

01. ඉස්සෙල්ලම PICK&ZIP සයිට් එකට යන්න. සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ "Login With Facabook" කියන එක උඩ click කරන්න.


02. ඊට පස්සේ හැම Permission එකක්ම එයාල ලබා දෙන Application එකට ලබා දෙන්න.

03. දැන් ඔයාට පුලුවන් වම් පැත්තේ තියෙන තීරුවේ තියෙන ඔයාගෙ යාලුවන්ගේ නමක් උඩ ක්ලික් කරාම දකුණු පැත්තෙ තියන තීරුවේ ඒ යාලුවාගේ තියෙන පින්තූර පෙන්නනවා. ඉතිං මේකෙ 'TAGGED' කියල තියෙන කොටසේ පෙන්වන්නේ ඔයාව ඒ යාලුවා විසින් Tag කරපු පින්තූරයි.


04. 'ALBUM' කියන කොටසෙන් පෙන්නන්නේ 'FRIENDS' කොටසින් අපි තෝරලා තියෙන යාලුවාගේ සියලුම Photo Album ටික. ඔයාට Download කරගන්න ඕවි පින්තූර නැත්නම් ඇල්බම් Select කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුලුවන් ඔයාට ඒ අදාල පින්තූරය උඩ click කරන්න. නැත්නම් කෙලින්ම පින්තූරය උඩට mouse එක අරන් ගියාම ඒ පින්තූරයේ යටම දකුනු පැත්තේ අයින්නේ පෙන්වන Download Button එක උඩ Click කරන්න.


05. ඔයාට ඕනි කරන පින්තූර select කරාට පස්සේ 'DOWNLOAD' කියන එක උඩ click කරන්න. දැන් ඔයාට පේයි කොටස් දෙකකින් Download කරගන්න විදි තියෙනවා කියලා. 'Download my selection' කියන එක Click කිරීම මඟින් වෙන්නේ ඔයා select කරපු පින්තූර විතරක් Download වෙන එකයි. අනිත් එක ඒ කියන්නේ 'Download all photos' කියන එක click කරොත් හැම පින්තූරයක්ම Download කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා Select කරපු නැති ඒවත් එක්කම.

06. ඔය දෙකෙන් මොන ක්‍රමය ඔයා තෝරගත්තත් ඔයාට Download වෙන්න ඕනි Format එක අහනවා. මමනං කියන්නේ ZIP ක්‍රමයට Download කරගන්න කියලයි. කොහොම හරි ඔයාට ඕනි Format එක උඩ click කරන්න.

07. ඊට පස්සේ Application එක ඒ ඔයා තෝරපු හෝ ඒ අවශ්‍ය සියලුම පින්තූර එක තැනකට එකතු කරගන්නවා. ඒකට ටික වෙලාවක් ගත වෙනවා. ඔයා තෝරන පින්තූර අනුව වෙලාව වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාට පින්තූර ටික Save කරගන්න කියලා වැටෙයි. ඊට පස්සේ ඉතින් Save කරගන්න තමා තියෙන්නෙ.

එහෙනම් වැඩේ හරියට කරානම් ගානකට තිතට නූලට පින්තූර ටික බෑවෙනවා. එහෙනං මම ගියා. මොකුත් අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ. වැඩක් උනා කියල හිතෙනවනං කමෙන්ට් පාරක් දාලම යන්න.
Share on Google Plus

10 comments:

  1. එල එලමචං.

    ReplyDelete
  2. නියමයි සහෝ!
    දිගටම කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
  3. නියමයි සහෝ! එල වැඩක්
    දිගටම කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
  4. දුලාන් said...

    නියමයි සහෝ! එල වැඩක්
    දිගටම කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා.
    9/5/12 10:46 PM
    -----------------------------------------------*

    බොහොම ස්තූතියි

    ReplyDelete
  5. හ්ම්ම්..බොහොම ස්තූතියි යාලු :)

    ReplyDelete
  6. හිරුහිමාවී said...

    හ්ම්ම්..බොහොම ස්තූතියි යාලු :)
    9/6/12 6:31 PM
    ------------------------------------------*

    ස්තූතියි ඔබටත්!

    ReplyDelete
  7. එල....බ්‍රෝ....!Tks අපිව දැනුවත් කලාට.

    ReplyDelete
  8. srinath said...

    එල....බ්‍රෝ....!Tks අපිව දැනුවත් කලාට.
    9/16/12 11:33 AM
    ----------------------------*

    ස්තූතියි යාළුවා!

    ReplyDelete
  9. හපෝ ඕක දන්නෙ නැත්තෙ කවුද හලෝ.ඕව කියල දෙන්න තොත්ත බබාලට.වින්රා එකට පාස්වර්ඩ් එක දාන එකනම් හොද ලිපියක්.හැබැයි මේක නම් එච්චර වැඩක් නෑ

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.