සැම්සුන්ග් සමාගම Galaxy Grand Prime ස්මාර්ට් ජංගම දුරකථනය එලිදක්වයි

Samsung Galaxy Grand Prime (සැම්සුන්ග් ගැලක්සි ග්‍රෑන්ඩ් ප්‍රයිම්) නැමැති මෙම ජංගම දුරකථනය මුලින්ම ලොවට එලිකලේ වියට්නාම වෙබ් අඩවියකින්. Galaxy Grand යනු ඉන්දියාවේ ප්‍රසිද්ධම ස්මාර්ට් දුරකථන වර්ගයක් කිව්වොත් නිවැරදියි. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් පහක ප්‍රමාණයෙන් ඉදිරිපත් වූ ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස මෙම ගැලක්සි ග්‍රෑන්ඩ් ප්‍රයිම් ජංගම දුරකථනය නම්දරනු ලබනවා. මෙයින් අදහස් වනුයේ ඉදිරියට ඒමට නියමිත සෑම ගැලක්සි දුරකථනයකටම මෙගාපික්සල් පහක ඉදිරිපස කැමරාවක් පැමිණෙන බවයි. මෙම ඉදිරිපස කැමරාව අංශක 85ක පුළුල් කෝණයක් සහිතයි.

http://www.sammobile.com/wp-content/uploads/2014/09/grand-prime-2.jpg
විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න
ඉහළ මෙගාපික්සල් ප්‍රමාණයක කැමරාව ඇරෙන්න, ගැලක්සි ග්‍රෑන්ඩ් ප්‍රයිම් දුරකථනයේ තවත් විශේෂතා කිහිපයක් තිබෙනවා. ඒ අඟල් පහක HD තිරයක් (540x960), Quad-core 1.2GHz ප්‍රොසෙසරයක්, 1GB ධාරිතාවයකින් යුතු RAM එකක්, 8GB මූලික මතකයක් ඇති අතර microSD කාඩ් සම්බන්ධ කරන්නටද ස්ථානයක්, මෙගාපික්සල් 8ක පිටුපස කැමරාව, සිම්පත් දෙකක් භාවිතා කරන්නට ඇති හැකියාව, 2600mAh බැටරිය යන ඒවා මෙහි සුවිශේෂීයි. මෙම දුරකථනයේ භාවිතා වනුයේ Android 4.4 සංස්කරණයයි. ඒ Galaxy S5 හි ඇති TouchWiz UX  යන සංස්කරණයත් සමඟිනි. ඔක්තෝම්බර් වනවිට සුදු පැහැයෙන් සහ අළුපැහැයෙන් සමහරවිට මෙම දුරකථනය එලිදැක්වෙන්න පුලුවන්.
මෙම Galaxy Grand Prime ස්මාර්ට් දුරකථනයෙහි මිළ ඉන්දියානු රුපියල් 15,499 ($250)ක් වනු ලබනවා. එනම් ශ්‍රී ලංකා රුපියල් 32,710ක් පමණ වනු ඇත. නමුත්, ඉන්දියාව වැනි රටක මේ ආකාරයේ මුදලක මෙම දුරකථනය අලෙවි කිරීමට අපහසු කටයුත්තක් වනු ඇත. කිමද, මෙම ග්‍රෑන්ඩ් ප්‍රයිම්හි මිළ Xiaomi mi 3, අලුත් හඳුන්වා දුන් Moto G සහ ASUS ZenFone 5 යන දුරකථනයන්ට වඩා වැඩිමිළක් ගැනීමයි. 

Samsung Announces The Galaxy Grand Prime
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.