ඇන්ඩ්‍රොයිඩ් L නවතම මෙහෙයුම් පද්ධතියේ විශේෂාංගයන් පිටවෙයි


2014 පැවති ගූගල් I/O වැඩසටහනේදී, ගූගල් සමාගම කියා සිටියා ඊලඟ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වනුයේ "Android L" යනුවෙන් බව. මෙම සංස්කරණය තාමත් පැමිණීමට කාලය තිබුනත්, ඊටකලින් යම් යම් ඕපාදූම මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබඳ වටින් පිටින් අසන්නට ලැබෙන්නට දැන් දැන්ම පටංගෙන ඇත. Android L යනුවෙන් නාමය ගූගල් සමාගම විසින් ප්‍රසිද්ධ කරනු ලැබූවද, තවමත් මහජනතාවට හරියටම මෙම නාමයමයි යෙදෙන්නේ කියලා තවමත් නිශ්චිතබවක් නොමැත.  කෙසේවූවත්, අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු වලට අනුව එම සංස්කරණය "Android Lollipop" ලෙස නම් වනු ඇතිබවට සැකයක් උපදියි. ඒ Android L ඊලඟ සංස්කරණය වන බවට ගූගල් සමාගම මේ වන විටත් පවසා ඇති හෙයිනි. ගූගල් සමාගම තවමත් Android L මෙහෙයුම් පද්ධතිය මහජනතාවට ලබාදී නොමැත. නමුත්, ඔබ දන්නා අයුරින් මෙම සංස්කරණය භාවිතා වන උපකරණයන් වල අත්හදා බැලීමට ඒ ඒ අදාල නිෂ්පාදකයින්ට ඕනෑම සංස්කරණයක් ලබා දෙනු ඇත. එම නිෂ්පාදකයන්ට පමණයි මෙම කේත වලට ඇතුලත් විය හැක්කේ.

කෙසේ නමුත්, මේ වන විට Samsung Galaxy S5 (සැම්සුන්ග් ගැලක්සි එස්5) ස්මාර්ට් ජංගම දුරකථනයට නිකුත් වූ Android L - LRW58J - පෙර දැක්ම අන්තර්ජාලෙයේ වීඩියෝවක් මඟින් දක්නට ලැබී ඇත. ඔවුන්ගේ දවස් දෙකක් තුල කරනු ලැබූ සමීක්ෂණයට අනුව, එම දැනට පවතින Android L පෙර දැක්ම සංස්කරණය සෑම අනෙකුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් ක්‍රියාත්මක වන උපකරණයන්ට මේ පවතින ආකාරයට භාවිතා කල නොහැක. හේතුව, එහි ඇති සමහරක් bugs නිසාවෙනි. එමෙන්ම එම සංස්කරණය අන්තර්ජාලයේ කියවෙන අයුරින්ම කිවහොත් "ඉබ්බෙක් තරම් මන්දගාමී" බවයි පැවසෙන්නේ. එමනිසා අන්තර්ජාලයට Custom Rom එකක් ලෙස ඔවුන් මෙය නිකුත් කිරීමට අකමැති බවත් පවසනවා. නමුත්, ඔවුන් මෙම සංස්කරණයේ ඇති නවතම පෙනුම සහ එහි තවතම විශේෂාංගයන් වීඩියෝවක් මඟින් පෙන්වා දී තිබෙනවා. සැම්සුන්ග් ආයතනය මෙම Android L මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කරන්නට යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ නවතම Galaxy S5 ස්මාර්ට් ජංගම දුරකථනයයි. මෙම වීඩියෝවෙන් සැම්සුන්ග් සමාගම Android L මෙහෙයුම් පද්ධති‍ය ඔවුන්ගේ TouchWiz ක්‍රමයට ක්‍රියාත්මක වීමට සුදුසු අයුරින් නිර්මාණය කරන අයුරු පිළිබඳව අඩුතරමින් ඔබට අදහසක් ගත හැකිය.


Android L තුල,  ගූගල් සමාගම සම්පූර්ණයෙන්ම අලුත් පෙනුමක් මෙහෙයුම් පද්ධතියට ලබාදී තිබෙනවා. ඔවුන් එයට පවසන නාමය වන්නේ Material Design යනුවෙනි. කෙටියෙන් පැවසුවහොත්, පරිශීලක අතුරුමුහුණත (User Interface) ‍සජීවීව සහ ස්වාභාවික අයුරින්ම ස්පර්ෂයට දැනෙන අයුරින් යොදාගෙන තිබෙනවා. අන්තර්ජාලයේ සමහර විද්වතුන් පවසන අයුරින් ඇන්ඩ්‍රොයිඩ් වෙතට එකතුවුන හොඳම ගුණාංගය මෙය බව පැවසෙනවා. නමුත් මෙම පරීක්ෂණයන් කරන්නට ලබාදුන් සංස්කරණයෙහි මෙම ගුණාංගය අඩංගු වී නොමැත. මෙම නව සංස්කරණය AMLOED තිරයන් සමඟ ක්‍රියාත්මක වී‍මේදී යම් ගැටළු මතුවනු ලබනවා. එනම්, යම් ස්ථානයක් ස්පර්ෂ කල විට එම ස්පර්ෂය අදාල උපකරණය විසින් හඳුනානොගන්නා අවස්ථා එමටයි. එමෙන්ම තවත් යම් යම් ගැටළු කිහිපයක් පැන නැගී තිබෙනවා. මේ දෙස බැලූවිට මෙම Android L සංස්කරණයත් සමඟ සැම්සුන්ග්හි මෙහෙයුම් පද්ධතියන් අලුත්වැඩියා කරන පුද්ගලයන්ට කරන්නට වැඩ බොහොමයක්ම තිබෙනවා.

සැම්සුන්ග්ලාගේ තිබුනු Dialler, Messages, Memo, Clock යන ඇප් සියල්ලම මෙහිදී Material Design ලෙස සංස්කරණය කර තිබෙනවා. කෙසේ වූවත්, මේ වන විට ඇප්ලිකේෂන් වලට කිසිදු ඇනිමේෂන් එකක් යොදා නොමැත. Android Lollipop මෙහෙයුම් පද්ධතියට අලුතින් ගුණාංගයන් රැගත් Lock Screen එකක් එකතුව තිබෙනවා. පසුගිය සංස්කරණයන් වලදී ලොක් ස්ක්‍රීන් එකේ පෙන්නුම් කරේ දිනය සහ වේලාව පමණි. නමුත් මෙම සංස්කරණයේදී ඔබට ලැබෙන notifications පවා පෙන්නුම් කරනු ලබනවා. ඔබට අවශ්‍යනම්  ලොක් ස්ක්‍රීන් එක තුල ඔබට අනවශ්‍ය ඇප්ලිකේෂන්වල නොටිෆිකේෂන් නොපෙන්වන්නටද පහසුකම් සලසා දී තිබෙනවා. එමෙන්ම, තිරය තුල පෙන්වනු ලබන නොටිෆිකේෂන් ගණන සීමා කරන්නට ඔබට හැකියි. කෙසේ වූවත් TouchWiz පද්ධතිය තුල අපට දැකගත හැකි උපරිම නොටිෆිකේෂන් ගණන දෙකකි. සැම්සුන්ග් දුරකථනයන් වල ඇති Unlocking Effect එක නිසා ඔවුන් මෙම සීමාව යොදා ඇති බව පැහැදිලියි. නමුදු, සැම්සුන්ග් සමාගම මෙම ගණන හතර දක්වා වැඩි කරනු ඇතියි සමහරු පවසනු ලබයි. ගූගල් සමාගම කල මෙම වෙනස්කම නිසා ඔබට තවදුරටත් ලොක් ස්ක්‍රීනයට widget (විජට්) එකතු කරන්නට හැකියාවක් නොමැත. එම නිසා DashClock ඇප්ලිකේෂන් එකට සමුදීමට කාලය එලබ ඇත.

ගූගල් සමාගම Android L තුලදී නොටිෆිකේෂන් වලට යම් තැනක් ලබා දී තිබෙන බවනම් පැහැදිලියි. ඔවුන් පැමිණෙන ඇමතුම්, කෙටි පණිවිඩියන්ගේ සහ බැටරියේ ආරෝපණය අඩු වූ විට දන්වනු ලබන නොටිෆිකේෂන් ඔබ දුරකථනයේ යෙදී සිටින ක්‍රියාවට බාධාවක් නොවී එය පෙන්නුම් කරන අයුරින් සකසා ඇත. Android L සංස්කරණය මඟින් MirrorLink පහසුකමද ඔබට ලබාදී ඇත. MirrorLink යනු ඔබගේ දුරකථනයේ හෝ ටැබ්ලට් එකේ හෝ මොනයම් හෝ Android L මෙහෙයුම් පද්ධතිය භාවිතා වන උපකරණයක තිරය ඔබගේ මෝටර් රථයෙහි පෙන්නුම් කිරීමයි. එමෙන්ම, ඔබ ලබාගත් ස්ක්‍රීන්ෂොට්, කොපි කරගනු ලැබූ දේවල්  වෙනමම TouchWiz පද්ධතිය තුල ගබඩාවනු ඇත. ඒ ඔබට නැවත අවශ්‍යනම් ඒ මොනවාදැයි බලාගැනීමටයි. මෙම පහසුකම කලින් තිබුනේ Custom ROM තුල පමණි. මෙම පහසුකම සැම්සුන්ග් ගෙන ඒමනම් බොහොම වටිනා කර්තව්‍යයක්.

ක්‍රියාකාරිත්වය අතින් ගතහොත්, Android L නවතම ART runtime එකක් භාවිතා කරනු ලබනවා. එමනිසාවෙන් KitKat සංස්කරණයට වඩා වැඩි කාර්‍යක්ෂමතාවයකින් හෙබිවනු ඇතැයි විද්වතුන් පවසන්නේ. නමුත් මෙම පරීක්ෂණ මට්ටමේ තිබෙන සංස්කරණයේනම් Galaxy S5 දුරකථනයෙහි ඇති KitKat සංස්කරණයටත් වඩා මන්දගාමී බවක් ඇති බව පෙන්වා දී තිබෙනවා. එමනිසා, මේ මොහොත වන විට මෙම සංස්කරණයෙහි කාර්‍යක්ෂමතාවය පිළිබඳ ප්‍රකාශයට පත්කල නොහැක.


Android L on Samsung Galaxy 5
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirKinaa
Share on Google Plus