වින්ඩෝස් 10 පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්

පසුගිය බ්‍රහස්පතින්දා මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් 10 සංස්කරණයෙහි පළවෙනි සංස්කරණය පාරිභෝගිකයන්ට දැකගැනීමට සලස්වනු ලැබුවා. සෑම දෙනාම බලාගෙන සිටියේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව වින්ඩෝස් 9  මෙහෙයුම් පද්ධතිය පැමිණෙන තෙක්ය. නමුත්, මයික්‍රෝසොෆ්ට් සමාගම එක් අංකයන් මඟහරිමින්, එනම් වින්ඩෝස් 9 යන්න මඟහරිමින් වින්ඩෝස් 10 යන්න නිකුත් කරනු ලැබුවා. 

සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවති මෙම උළෙල ඉලක්ක ගතවූයේ ධෛර්යමත් ව්‍යාපාරිකයින්වයි. මයික්‍රෝසොෆ්ට් සමාගම වින්ඩෝස් 7 සහ ඊට පෙර වින්ඩෝස් සංස්කරණයන් වල තාමත් රැඳී සිටන පාරිභෝගිකයන්ට පොරොන්දු වූවා අන්කවදාවත් නොසිතූ පරිදි ඔවුන්ට පහසු කරවන සංස්කරණයක් ඔවුන් ලබාදෙන බවට. පසුගිය බ්‍රහස්පතින්දා පැවති වින්ඩෝස් 10 ආරම්භක උළලෙහි මෙම සංස්කරණය පිළිබඳ වටහාගත් යම් කරුණු කාරනා කිහිපයක් පහතින් දක්වා ඇත.


වින්ඩෝස් 10 කුමකටද?
මෙම සංස්කරණයේ නම විය යුතුව තිබුනේ වින්ඩෝස් 9 යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම ඕනෑකමින්ම පරණ සංස්කරණයන්ගෙන් වෙන්වී ඇති බවක් තමයි පෙනී යන්නේ. "අපි එක සමාන නිෂ්පාදනයන් නිපදවන්නේ නැහැ" යනුවෙන් මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති කණ්ඩායමේ ප්‍රධානියා වන ටෙරී මේයර්සන් පැවසුවා. මයික්‍රෝසොෆ්ට් ආයතනය පසවන අයුරින් "වින්ඩෝස් වන් (Windows One)" යන්න, OneNote සහ OneDrive යන්නට ගැලපෙන සේ නිෂ්පාදනයක් සිඳුකරන ලද අතර, එමෙන්ම "One Microsoft" යන තේමාව යටතේ උපායන් ප්‍රමුඛ කරගත් එක් ආයතනයක් යන්නද පෙන්වන්නට එය යොදාගෙන ඇත. නමුත් ඔහු පැවසූ අයුරුනි බිල් ගේට්ස් තරුණ කාලයේදී මෙම නම යෝජනා කල බව පැවසුනා. 

සමහරවිට මයික්‍රෝසොෆ්ට් ආයතනය ඔවුන්ගේ නිෂ්පාදනය ඇපල් OS X (ඇපල් දහවෙනි සංස්කරණය)ට එක් අංකයකට පිටුපසින් සිටීමට කැමැත්තක් නොදැක්වූවා විය හැක. හේතුව කුමක් වූවත්, නවතම වින්ඩෝස් සංස්කරණය Windows 10 (වින්ඩෝස් 10) නමින් වෙළඳපොළට නිකුත් වනු ඇත. 

"ඔබ සම්පූර්ණත්වයෙන් තිබෙන නිෂ්පාදනයක් දුටු විගස, මම හිතන අයුරින් ඔබ එකඟවේවි එය කාලෝචිත නාමයක් බවට ඉඳිරියේඳී පැමිණීමට තිබෙන නිෂ්පාදන පවුලෙහි ඉඩකටඩ" යනුවෙන් මේයිර්සන් පැවසීය.

මෙම සංස්කරණය මෝටර් රථ වලට භාවිතා කල හැකිද?
මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම සංස්කරණය වාහන සමඟින් සමකාර්යතාවේ යෙදීමට අයුරින් මෙම අලුතින් එකතුවූ පහසුකම මඟින් හැකිය. එයට අවශ්‍ය ඔබ වින්ඩෝස් 10 සංස්කරණය ටෙස්ලා (මෝටර් රථ ආයතනයකි) යනුවෙන් සිතන්නටයි. 

"ඊයේ දිනයේදී, ඔවුන් පදවාගෙන යනු ලැබුවේ පළවෙනි පරම්පරාවේ ප්‍රියූස් මෝටර් රථයක්, ඔවුන්ට වින්ඩෝස් 10 සංස්කරණය ලැබුන විට ඔවුන්ට අලුත් දෙයක් පැදවීමට ඉගෙන ගත යුතු නොවේ, ඒ අපි විසින් ටෙස්ලා ඔවුනට ලඟා කරවන බැවිනි" යනුවෙන් මේයිර්සන් පැවසීය.

කුමන උපකරණයන් වල එය ක්‍රියාත්මක වේවිද?
තිබෙන සියලුම උපකරණයන් වල මෙය ක්‍රියාකරනු ඇත. පසුගිය බ්‍රහස්පතින්දා මයික්‍රෝසොෆ්ට් සමාගම එලිදැක්වූයේ ඩෙස්ක්ටොප් පරිගණක වලට පැමිණෙන සංස්කරණය පමණි. නමුත් වින්ඩෝස් 10 ටැබ්ලට්, ස්මාර්ට් ෆෝන් සහ ඒ සමාන උපකරණයන් වලට ලබාදෙනු ඇත.

"එය කලින් තිබුනාටත් වැඩියෙන් පුළුල්ව දිවෙන වැඩසටහනක් වේවි. අන්තර්ජාලයෙන් යොදාගන්නා ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකින් උපකරණයට ලෝකයපුරා තිබෙන තොරතුරු ලබාදිය හැකිවනු ඇත" යනුවෙන් මේයිර්සන් පැවසීය. "මෙම උපකරණයන්ගෙන් සමහරකට ඇත්තේ අඟල් 4ක තිරයක්, සහ සමහර උපකරණයන් වලට අඟල් 80 තිරයක් තිබෙනු හැක. සමහර උපකරණයන් වලට තිරයක් නොතිබිය හැක" යනුවෙන්ද මේයිර්සන් පැවසීය.

ස්ටාර්ට් මෙනු එකක් තිබෙනවාද?
මෙම සංස්කරණය තුල ස්ටාර්ට් මෙනු එකක් තිබෙනවා සේම, එය මඟින් වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 සංයෝගයක් ඇති කිරීමට මෙහි උත්සාහ කර තිබෙනවා. එනම්, මෙම මෙනු එක කොටස් වලට වෙන්වෙන එකකි. වම් පැත්තෙන්, සුපුරුදු පරිදි වින්ඩෝස් 7හි විලාසයටම මෘදුකාංග පෙන්වනු ලබන අතර, දකුණු පැතිකඩින් තිබුනාටත් වැඩියෙන් පැහැ ගැන්වූ "live tiles" දක්නට ලැබේ. මෙම ස්ටාර්ට් මෙනුව ඔබට අවශ්‍ය පරිදි සකසාගත හැක. එනම්, ඔබට අවශ්‍යනම් ටයිල්ස් වල ප්‍රමාණය වෙනස් කර හැක, ඒවා තිබෙන ස්ථානයන් වෙනස් කල හැක, ස්ටාර්ට් මෙනු එක උස්, පහත්, සිහින්, විශාල, තුනී කල හැක.

මෙම පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න
මීට අමතරව අලුතින් එකතුවී ඇත්තේ මොනවාද?
සමහර පාරිභෝගිකයන් කියන දෙයක් තමයි ඔවුන්ට වින්ඩෝ 8 අතුරු මුහුණත සමඟ වැඩකිරීමේදී එක වර වැඩ කිහිපයක් කරන්නට ගොස් නැවත වෙන මෘදුකාංගයට පිවිසීමේදී යම් ගැටලු වලට මුහුණ දෙන්නට වන බවයි. වින්ඩෝස් 10 සංස්කරණයෙහි OS Xහි තිබෙන Mission Control යන්නට සමාන පහසුකමක් මෙයට ඇතුලත් කර ඇති අතර, එයින් ඔබ විවෘත කර ඇති සියලුම දෑ පෙන්වනු අතර එයින් ඔබට අවශ්‍ය මෘදුකාංගය හෝ මෙවලම පහසුවෙන් තෝරාගත හැක.

මෙම පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න
මෙම පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න
මෙම පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න
මෙම පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න

මෙම වින්ඩෝස් 10 සංස්කරණය 2015 වර්ෂයේදී මැදදී නිකුත් කරන බවටයි සමාගම විසින් පවසන්නේ.  මෙහි මිළ ගණන් තවමත් ප්‍රකාශයට පත් කලේ නැත.


- Some New Things To Know About Windows 10 -
w w w . s i r k i n a a . b l o g p o t . c o m
#sirKinaa

Share on Google Plus