සැම්සුන්ග් ගැලක්සි 6 ගැන දැනගන්න


සැම්සුන්ග් සමාගම විසින් නිකුත් කරනු ලබන සෑම ගැලක්සි එස් (Galaxy S) ස්මාර්ට් ජංගම දුරකථන මාදිලියකම උසස් තත්වයක් අපේක්ෂා කරනු ලබනවා මෙන්ම ඉඳිරියට පැමිණීමට තිබෙන සැම්සුන්ග් ගැලක්සි එස්6 (Samsung Galaxy S6 (SIV)) ස්මාර්ට් ජංගම දුරකථනයෙන්ද එයම බලාපොරොත්තු වනවා නොඅනුමානය. නමුත්, අනිකුත් ගැලක්සි එස් මාදිලියන්ට වඩා මෙවර මාදිලිය විශාල අවධානයක් ගෙන එනු ලබන වෙනසක් සිඳුවනු ඇතැයි සැලකිය හැක. පැහැදිලිවම මෙම දුරකථනය මඟින් අප ගැලක්සි එස් මාදිලියන්ගෙන් බලාපොරොත්තු වූ දේවල් වලට වැඩි දෙයක් මත අපට බලාපොරොත්තු තබාගත හැකියි. නම්‍ය කරනය වන තිරයක් සහ ලෝහ ආවරණයකින් සමන්විත වන මෙය Octa-core ප්‍රොසෙසරයකින් බලගැන්වෙන බවටයි කටකතා වලින් දැනගන්නට ලැබෙන්නේ. එමෙන්ම, මෙහි ඇති යම් යම් සුවිශේෂිතා අන්තර්ජාලයේ යම් වෙබ් අඩවි තුල කතාවෙනු දක්නට ඇත. මෙම ලිපියෙන් දක්වා ඇත්තේ එම කරුණු සියල්ලම එක් ස්ථානයකට ගෙනහැර දැක්වීමයි. ඒ අතුරින් Samsung Galaxy S6 දුරකථනයේ විශේෂීතාවයන්, ලක්ෂණයන්, මිළ ගණන්, කටකතා සහ අනෙකුත් සියලුම දේ මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට හැකිවෙනු ඇත.

සැම්සුන්ග් ගැලක්සි S6 හි සැලසුම් සංකල්පය (Samsung Galaxy S6 Design Concept) 

S6 Concept
සැම්සුන්ග් ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනය පැහැදිලිවම සැම්සුන්ග් ගැලක්සි S3 (Samsung Galaxy S3) සහ සැම්සුන්ග් ගැලක්සි S4 (Samsung Galaxy S4) යන ස්මාර්ට් ජංගම දුරකථනයන් හා සමාන පෙනුමක් තිබිය හැකියි. එමෙන්ම සැම්සුන්ග් ගැලක්සි S2 (Samsung Galaxy S2) සහ සැම්සුන්ග් ගැලක්සි S3 හෝ බ්ලැක්බෙරි Z10 (Blackberry Z10) හෝ සැම්සුන්ග් ගැලක්සි නෝට් 3 (Samsung Galaxy Note 3) යන ස්මාර්ට් ජංගම දුරකථයන්ගේ තිරයන්හි එකතුවක් ලෙස මෙම දුරකථනයේ තිරය නිමවී තිබිය හැකියි.

සියලුම ගැලක්සි එස් මාදිලියන්ට තිබුනේ ප්ලාස්ටික් ආවරණයක් නිසා ගැලක්සි නෝට් 3 දුරකථනය ලෝහමය ආවරණයකින් සමන්විත වේයැයි සියල්ලන්ම බලාපොරොත්තු වූවත්, එම බලාපොරොත්තූන් සියල්ලක්ම කඩකරමින් නෝට් 3 ජංගම දුරකථනයටද පැමිණියේ ප්ලාස්ටික් ආවරණයකි. නමුත්, මෙවර ගැලක්සි S6 දුරකථනයට ලෝහ ආවරණයකින් සැදුම්ලත් බදක් පැමිණීමේ සාපේක්ෂතාවය 75% දක්වා ඉහළ මට්ටමක පවතිනවා.

සැම්සුන්ග් ගැලක්සි S6හි බලාපොරොත්තු වනු ලබන සැලසුම(Samsung Galaxy S6: Expected Design)

ගැලක්සි S5 (Galaxy S5) ජංගම දුරකථනය ප්ලාස්ටික් ආවරණයකින් සමන්විත නිසා පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කලකිරීමෙන් සිටිනු දක්නට ලැබුනා. මේ හේතුව නිසා ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනයට ශක්තිමත් බද ආවරණයක් යොදාගන්නට උත්සාහ කරනු ඇතැයි විශ්ලේෂකයින්ගේ මතය. ඒ ජංගම දුරකථනයේ ආවරණය ඇලුමීනියම් හෝ ග්‍රාෆේන් යන ලෝහයන්ගෙන් නිර්මාණය වන බවයි. කෙනෙකුට මේ අනුව මෙම දුරකථනයේ බර පිළිබඳව ගැටලුවක් පැන නැගෙනු ඇත. මෙම ජංගම දුරකථනය සුපුරුදු පරිඳිම සැහැල්ලු, බරින් අඩු දුරකථනයක් වූවත් ලෝහ ආවරණය නිසා යම් කිසි කුඩා බරක් එකතු වනු ඇත. ඇලුමීනියම් භාවිතා නොකර ග්‍රාෆේන් භාවිතා කලහොත් බර ඒකාකාරී බවකින් පවත්වාගෙන යන්නට හැකිවනු ඇතැයි විශ්ලේෂකයින් තවදුරටත් පැවසීය.

S6 Specs

ස්මාර්ට් ජංගම දුරකථනයන්ගේ වර්ධනයත් සමඟම තිරයෙහි විශාලත්වයද වැඩිවෙමින් පවතිනු ලබයි. මෙම ගැලක්සි S6 දුරකථනයෙහි තිරයෙහි විශාලත්වය අඟල් 5.1ක් පමණ වනු ඇත. මෙම තිරය විශාල ඉහළ තාක්ෂණයකින් සමන්විත වනු ඇත. දිගු කාලයක පටන් සැම්සුන්ග් සමාගම පවසා සිටියේ ඔවුන්ගේ ගැලක්සි දුරකථන මාදිලියට නම්‍යකරනය වන තිරයක් හඳුන්වා දෙනු ලබන බවට. ඔබට දැනට නම්‍ය කරනය වූ තිරයක් ඔබට දැකගැනීමට ඇත්තේ ගැලක්සි රවුන්ඩ් (Galaxy Round) සහ ගැලක්සි ෆිට් (Galaxy Fit) යන උපකරණයන්ගේ පමණි. නමුත්, මෙම උපකරණයන් දෙකට තවත් උපකරණයක් ඉඳිරියේදී එකතුවනු ඇත. කටකතා වලට අනුව නම්‍ය කරනය වූ තිරයක් ගැලක්සි S6 දුරකථනයට ස්තාපිත කරන්නට සැලසුම් කරනු ලබනු ඇත.

සැම්සුන්ග් ගැලක්සි S6 හි ලක්ෂණයන් (Samsung Galaxy S6: Expected Features)

සෑම නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් සමඟම, පාරිභෝගිකයින් බලාපොරොත්තු වන්නේ විශාලත්වය, ක්‍රියාශීලී බව, වේගවත් බව සහ තවත් කොට්ඨාෂයක් ලස්සන බවද බලාපොරොත්තු වනු ලබනවා. සැම්සුන්ග් සමාගමද මෙම සියලුම අපේක්ෂාවන්ට තැනක් ලබා දී තිබෙනවා. නමුත් ප්‍රොසෙසරය, කැමරාව, තිරය සහ කල්පැවැත්ම යන කාරණයන්ට තවමත් විශාල වශයෙන් අවධානයක් යොමු කර නොමැත.
  • *. පෙර තිබූ එස් මාදිලියේ දුරකථයන්හි කැමරාව මෙම දුරකථනයට පැමිණෙන විට හැත්පසින්ම වෙනස් වනු ඇත. ඒ මෙගා පික්සල් 20ක පිටුපස කැමරාවක් සහ මෙගාපික්සල් 4-7 අතර ඉඳිරිපස කැමරාවක් මෙම දුරකථනයට එකතු වනු ඇත.
  • *. ගැලක්සි S5 දුරකථනයට ඇත්තේ 32GB ප්‍රොසෙසරයකි. මෙම දුරකථනයට පැමිණෙන විට, මෙම ප්‍රොසෙසරය භාවිතයට නොගනු ඇත. තරඟකරුවන් මෙම 32GB ප්‍රොසෙසරය අභිබවා ගොස් ඇති බැවින් සැම්සුන්ග් සමාගමද 64GB ප්‍රොසෙසරයකට ගමන් කරනු ඇතැයි සැලකිය හැක. කටකතා වලට අනුවනම් මෙහි Octa-core ප්‍රොසෙසරයක් දැකගත හැකිවනු ඇත.
  • *. මෙම ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනය නවතම ඇන්ඩ්‍රොයිඩ් 5.0 (ලොලිපොප්) සංස්කරණය සමඟ සැම්සුන්ග් සමාගමේ Touchwiz අතුරු මුහුණත සමඟින් පැමිණෙනු ඇත. 
  • *. 40ppi සමඟින් පුළුල් Quad HD  අඟල් 5.1කින් සමන්විත තිරයක් මෙම දුරකථනය එකතු වනු ඇත. S5 දුරකථනයෙහි ඇත්තේ 1080 full screen HD තිරයක් වන අතර, මෙම S6 දුරකථනයෙහි 2560×1440 ක තිරයක් අපේක්ෂා කරනු ලබයි.
  • *. සියල්ලන්ටම අවශ්‍ය වනුයේ ඔවුන්ගේ දුරකථනයෙහි ඇති බැටරියේ ආයු කාලය වැඩියෙන් තිබීමටයි. සැම්සුන්ග් සමාගම මෙයට පිළිතුරක් වශයෙන් S5 දුරකථනයට බැටරියෙහි ආරෝපණය අඩු වූ විට එය ටික වේලාවක් වැඩිපුර තබාගන්නට පිළියමක් එකතු කරනු ලැබුවා. දක්නට ලැබෙන කාරණයන්ට අනුව මෙම දුරකථනයේ බැටරිය 4000mAH වනු ඇත. එමෙන්ම 5000mAH ගැලක්සි S6 දුරකථනය වෙනුවෙන් නිර්මාණය වනු ලබන බවටද ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. නමුත් බොහෝ දෙනෙකු පවසනු ලබන්නේ 4000mAH බැටරියක් මෙම දුරකථනයත් සමඟින් පැමිණෙනු ඇති බවටයි.
  • *. මෙම දුරකථනයට රැහැන් රහිත ආරෝපණ (Wireless charging) ක්‍රිමයක් හඳුන්වා දෙනු ලබනු ඇත. 
  • *. මෙම දුරකථනය 32GB සහ 64GB වශයෙන් මතක ධාරිතාවන් වර්ග දෙකකින් සමන්විත වනු ඇත. එමෙන්ම 256GB මතක ධාරිතාවක් microSD චිප් භාවිතා කර වැඩිකරගත හැක.
  • *. S5 දුරකථනයෙන් හඳුන්වා දුන් ඇඟිලි සළකුණු සුපිරික්සනය (Finger print scanner) බොහෝ දුරට සාර්ථක දෙයක් නොවුනු අතර මෙම S6 දුරකථනය මඟින් එම විශේෂාංගයද තවත් අලුත් මට්ටමකට, නවීකරණය වූ මට්ටමකට ගෙනියනු ලබනු ඇත. 
  • *. 2G, 3G සහ 4G LTE යන නෙට්වර්ක් මට්ටම් තුනේදීම මෙම S6 දුරකථනය ක්‍රියාත්මක වනු ඇත.
  • *. S5 දුරකථනය ජලයට යම්තාක් ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. එම හැකියාවම S6 දුරකථනයනටත් අඩංගු වනු ඇත. නමුත්, විශ්ලේෂකයින් පවසන අන්දමට සම්පූර්ණයෙන්ම ජලයට ඔරොත්තු දීමේ හැකියාවක් මෙම ගැලක්සි S6 ස්මාර්ට් ජංගම දුරකථනයට ඇත. 

බලාපොරොත්තු විය හැකි මිළ ගණන් (Expected Prices)

Samsung Galaxy S6 Android
සැම්සුන්ග් ස්මාර්ට් ජංගම දුරකථනයන් සෑම විටකදීම නවතම දුරකථනයක් වෙළඳපොලට පැමිණි විගස එහි මිළ ගණන් බොහෝ සෙයින් අධිකයි. මෙම දුරකථනයේද එම මට්ටම සුපුරුදු අයුරින්ම දකින්නට ලැබෙනු ඇත. නමුත්, මෙම දුරකථනය පෙර තිබූ ගැලක්සි එස් මාදිලියන්ට වඩා ටිකක් මිළ වැඩිවීමක් දක්නට ලැබෙනු ඇතැයි සිතිය හැකියි. ඒ ඇමරිකානු ඩොලර් 750ට තිබෙන දුරකථනය ඩොලර් 800කට ලබා දෙන මට්ටමේ මෙම දුරකථනය තිබෙන බැවිනි.
  • *. ඉන්දියාවේ මිළ (Samsung Galaxy S6 Price In India): Rs 55,000/- (ආසන්න වශයෙන්)
  • *. එක්සත් රාජධාණියේ මිළ (Samsung Galaxy S6 Price In UK): $800 (ආසන්න වශයෙන්)
  • *. කැනඩාවේ මිළ (Samsung Galaxy S6 Price In Canada): $800 (ආසන්න වශයෙන්)
  • *. ඇමරිකාවේ මිළ (Samsung Galaxy S6 Price In US): $800 (ආසන්න වශයෙන්)
  • *. ඩෙන්මාර්කයේ මිළ (Samsung Galaxy S6 Price In Denmark): 5000 DK (ආසන්න වශයෙන්)
  • *. ඉතාලියේ මිළ (Samsung Galaxy S6 Price In Italy): යුරෝ 674 (ආසන්න වශයෙන්)
  • *. චීනයේ මිළ (Samsung Galaxy S6 Price In China) : 5501.15 Chinese Yuan (ආසන්න වශයෙන්)
  • *. රුසියාවේ මිළ (Samsung Galaxy S6 Price In Russia): 29654.18 Russian Ruble (ආසන්න වශයෙන්)
  • *. ඕස්ට්‍රේලියාවේ මිළ (Samsung Galaxy S6 Price In Australia): 997.205 Australian Dollar (ආසන්න වශයෙන්)
  • *. කොරියාවේ මිළ (Samsung Galaxy S6 Price In Korea): 1004617.52 South Korean Won (ආසන්න වශයෙන්)
  • *. සිංගප්පූරුවේ මිළ (Samsung Galaxy S6 Price In Singapore): 1139.105 Singapore Dollar (ආසන්න වශයෙන්)
  • *. මලයාසියාවේ මිළ (Samsung Galaxy S6 Price In Malaysia): 2924.790 Malaysian Ringgit (ආසන්න වශයෙන්)
  • *. ශ්‍රී ලංකාවේ මිළ (Samsung Galaxy S6 Price In Sri Lanka): 118357.85 Sri Lankan Rupee (ආසන්න වශයෙන්)
  • *. බෙල්ජියම්හි මිළ (Samsung Galaxy S6 Price In Belgium) : Euro 674 (ආසන්න වශයෙන්)
  • *. ජර්මනියේ මිළ (Samsung Galaxy S6 Price In Germany): Euro 674 (ආසන්න වශයෙන්)
  • *. දකුණු අප්‍රිකාවේ මිළ (Samsung Galaxy S6 Price In South Africa): 8925.57 South African Rand (ආසන්න වශයෙන්)
  • *. නවසීලන්තයේ මිළ (Samsung Galaxy S6 Price In New Zealand): 1134.925 New Zealand Dollar (ආසන්න වශයෙන්)
  • *. ඉන්දුනීසියාවේ මිළ (Samsung Galaxy S6 Price In Indonesia): 9243055.58 Indonesian Rupiah (ආසන්න වශයෙන්)
  • *. ඉරාකයේ මිළ (Samsung Galaxy S6 Price In Iraq): $800 (ආසන්න වශයෙන්)
  • *. ඉරානයේ මිළ (Samsung Galaxy S6 Price In Iran): $800 (ආසන්න වශයෙන්)
  • *. හොන්ග් කොන්ග් වල මිළ (Samsung Galaxy S6 Price In Hong Kong): 6972.90 Hong Kong Dollar (ආසන්න වශයෙන්)

පාරිභෝගිකයාට නිකුත් කරන දිනය (Expected Release Date)
2015 මාර්තු මාසයේ තිබෙන MWC එක වෙනකම් නිළමට්ටමෙන් ප්‍රකාශිත දිනයක් දන්වන්නේ නැහැ. නමුත් ආරංචි වලට අනුව, සැම්සුන්ග් සමාගමට ප්‍රකාශිත මෝස්තරයක් තිබෙනවා. ඒ, සැම්සුන්ග් ගැලක්සි S5 පාරිභෝගිකයාට නිකුත් කරේ 2014 අප්‍රේල් මාසයේදීයි. පෙනෙන අයුරින් ඊලඟ S මාදිලිය ප්‍රකාශයට පත් කරන්නේ 2015 අප්‍රේල් මාසයේ විය යුතුයි.


ප.ලි - මෙය හුදෙක් නිළමට්ටමෙන් ප්‍රකාශිත නොවූවක් වන අතර, අන්තර්ජාලය තුල ඇති නොයෙකුත් තොරතුරු එකතු කරගනිමින් නිර්මාණය වුනු ලිපියක් වේ. මෙහි ඇති කරුණු කාරණා සහ පින්තූර ඉඳිරියේදී නිවැරදි නොවිය හැකි අතර, මෙය දැනට ඔබට මේ පිළිබඳව යම් ආකල්පයක් ලබාගැනීමට නිර්මාණය වූවක් බව කරුණාවෙන් සළකන්න.


Samsung Galaxy S6 Specification, Features ,Price ,Rumors And Everything You Need To Know
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

5 comments:

  1. ගැලක්සි S5 දුරකථනයට ඇත්තේ 32GB ප්‍රොසෙසරයකි. lol ooiiiiiiiii 32bit

    ReplyDelete
  2. මොනවද බං මේ ගල් පැලෙන කෙප්ප දාන්නේ...

    ReplyDelete
    Replies
    1. යට රතුපාටින් තියෙන කොටස කියවනු මැනවි!

      Delete
  3. "මෙහි ඇති කරුණු කාරණා සහ පින්තූර ඉඳිරියේදී නිවැරදි නොවිය හැකි අතර" ඒක තමයි කීවෙ මම

    ReplyDelete
  4. 32 GB processor? Nice Try Keep it up!

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.