How To Convert Korean Galaxy S To International Version



[ මෙහි දක්වා ඇති සබැඳියන් වලංකු වනුයේ SHW-M110S යන අංකය අයත් වනු ලබන කොරියානු ගැලක්සි එස් ජංගම දුරකථනයන්ට පමණි. ]

කොරියාවට නිෂ්පාදනය කරනු ලබන බොහෝ සැම්සුන්ග් ජංගම දුරකථනයන් ලංකාවේ පාවිච්චියේදී යම් යම් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට ඔබට සිඳුවනු ඇත. සමහරක් දුරකථන වලට සංඥා නොලැබීමේ දෝෂයක් හට ගනු ලබයි; කොරියානු ජංගම දුරකථන වල ඇති ලොකුම ගැටළුව වනුයේ එහි ඇති මැසේජ් (message) ඇප් එකෙහි ඇති සීමාකාරී බවයි. අකුරු 60ක් හෝ 80ක් පමණක් මෙම දුරකථනයන් වල සටහන් කල හැක. එම අදාල සීමාව ඉක්මවූවාට පසුව සිඳුවන්නේ එම පණිවිඩය, නැතිනම් මැසේජය එම්එම්එස් (MMS) ආකාරයට පරිවර්තනය වීමයි.


ඔබට සමහර විටක සිතෙනවා ඇති, කොරියාවේ මිනිස්සු පණිවිඩ යවන්නේ අකුරු දහයක, විස්සක, හැටක වාගේ පරතරයක් අතර පමණක්ද යනුවෙන්. ඇත්තටම නැහැ. කොරියාව තුලදී මැසේජ් සහ එම්එම්එස් යන පණිවිඩ යවන ක්‍රම දෙකම නොමිලේ ලබා දෙන්නක්. එසේත් නැතිනම් ක්‍රම දෙකට මුදල් වැයවෙන්නේ එකම ප්‍රමාණයක්. එය පාවිච්චි කරනු ලබන සිම් පතෙන් සිම්පතට වෙනස් වෙනු ඇත.

කෙසේ හෝ මෙම ලිපියෙන් ඔබට ඉඳිරිපත් කරන්නට යන්නේ ඔබ ලඟ ඇති Samsung Galaxy S (SHW-M110S) ජංගම දුරකථනය කොරියානු සංස්කරණයෙන් මුදවා ජාත්‍යන්තර (international) සංස්කරණය වන I9000 කරවාගන්න අයුරුයි. හේතුව වනුයේ, මෙම කොරියානු SHW-M110S දුරකථනයට ඇති මෘදුකාංගයන් අන්තර්ජාලයෙන් බාගත කරගැනීමට හැකිවූවත්, එහිදී ඔබ ජාත්‍යන්තර සංස්කරණයට හරවනු ලබන මෘදුකාංගය ස්ථාපිත කිරීම අවසානයේ දුරකථනයට සංඥා ලැබීම සම්පූර්ණයෙන්ම අත්හිටුනු ලබයි. මේ හේතුව නිසා ඔබට බොහෝමයක් දත්ත ප්‍රමාණයන් අපතේ හැරගනිමින්, නොයෙකුත් මෘදුකාංගයන් බාගත කරගනිමින් ස්ථාපනය කර බලන්නට සිඳුවෙයි. එයින් ඔබගේ දත්ත ප්‍රමාණය බොරුවට අපතේ යන අතරම, යම් කිසි අයුරකින් දුරකථනයට බලපෑමක් සිඳුවී එය ක්‍රියානොකරන තත්වයට, නැතහොත් ඩෙත්බූට් (death boot) තත්වයට පත්වීමේ ප්‍රවණතාවයක් දක්වනු ලබයි. 

පහත සඳහන් අයුරින් පිළිවලට ඔබ මෙම ක්‍රියාව සිඳුකරගෙන ගියහොත් කිසිම කරදරයකට මුහුණ නොපා ඔබට ඔබගේ SHW-M110S දුරකථනයට International Version (ජාත්‍යන්තර සංස්කරණය) කිරීමේ හැකියාවක් ලැබෙනු ඇත.

ප. ලි. - මෙම ක්‍රියාකාරකම මා විසින් අත්හදා බලනු ලැබූ අතර එය නිසියාකාර ලෙස සාර්ථක විය. නමුත්, ඔබ සිඳු කරනු ලබන මෙම ක්‍රියාවලියෙහි ඔබ අතින් යම් වැරැද්දක් සිඳුව හෝ දුරකථනයට යම් කිසි දෙයක් සිඳුවූවහොත් එහි වගකීම මා බාර නොගනිමි. 

අවශ්‍යය කරනු ලබන දේවල් -:
 • Odin
 • m110s.pit
 • M110S-PDA-PHONE-MOVI-REV03-DG23-1409-USER.tar.md5
 • S1_KOR_DE09 
 • M110S-BOOT-DG23-1409.tar.md5 
 • M110S-NPS-IMAGE-REV03-DG23-1409-USER.tar.md5 
 • M110S-PHONE-REV00-DG24.0151_Develop.tar.md5
 • M110S-Gingerbread-HOME-IMAGE-REV03-WF07-2145-USER.tar
 • M110s_2013_Final

ප. ලි. - ඔබ වරක් ඔබගේ දුරකථනය ඔබ විසින්ම ෆ්ලෑෂ් කරගෙන හෝ වෙනත් රොම් එකක් ස්ථාපනය කරන්නට ගොස් යම් කරදරයකට මුහුණ පෑවානම් ඔබට මෙම සියලුම ගොනු බාගත කරගැනීමට සිඳුවනු ඇත. නැතිනම්, ඔබ මුලින්ම මෙවැනි ක්‍රියාවලියක් සිඳුකරනවානම් ඔබට බාගත කරගැනීමට සිඳුවනුයේ අවසාන මෘදුාකංග දෙක පමණකි. එබැවින් ලිපිය හොදින් කියවා ඔබට අවශ්‍යය කරනු ලබන සබැඳියන් භාවිතා කරගනිමින් ඇවැසි මෘදුකාංගයන් බාගත කරගන්න.

හොඳයි එහෙනම්. ඉහතින් දක්වා ඇති සියලුම ගොනු ඔබට අවශ්‍යය කරනු ලබන ඒවායි. එම අදාල ගොනු කිහිපය ඔබේ පරිගණකයට බාගත කරගත් පසුව මෙම ක්‍රියාවලිය අරඹන්න.

මුලින්ම ඔබ කල යුත්තේ ඔබ මෙම බාගත කරගනු ලැබූ සියලුම ගොනු එක ෆෝල්ඩර් එකකට, නැතිනම් එක තැනකට එකතු කරගැනීමයි. එයින් ඔබට අදාල ගොනු සොයන්නට පහසු වනු ඇත.

ඔබ මෙම ලිපිය කියවන්නට ප්‍රථම මෙම Samsung Galaxy S (SHW-M110S) ජංගම දුරකථනය ඔබ විසින්ම ෆ්ලෑෂ් කරන්නට හෝ යම් කිසි වෙනත් රොම් එකක් ස්ථාපිත කරන්නට ගොස් යම් කිසි අයුරකින් කරදරයකට පත්වූවානම්, එනම් බොහෝවිට සිඳුවන සංඥා නොලැබීමේ ආදී ගැටළුවකට මුහුණ පෑවානම් ඔබට මුලින්ම කිරීමට සිඳුවන දේ වනුයේ දුරකථනයේ තිබුන නියමාකාර මෘදුකාංගය නැවත දුරකතණයට ස්ථාපනය කිරීමයි. ඒ සඳහා අංක 01 සිට 31 දක්වා ඇති උපදෙස් මාලාව පිළිපඳින්න. 

ඔබ ප්‍රථම වතාවට මෙම ක්‍රියාවලිය සිඳු කරන්නේනම් අංක 32 සිට 46 දක්වා ඇති ක්‍රියාවලියන් පමණක් පිළිපදින්න.

දැන් ඔබගේ SHW-M110S ජංගම දුරකථනය පියවරෙන් පියවර ෆ්ලෑෂ් කරගන්නා අයුරු බලමු.

01. Odin මෘදුකාංගය විවෘත කරගන්න.
02. එහි ඇති PIT යන්න මත ක්ලික් කර m110s.pit යන්න තෝරා දෙන්න.
03. Odin මෘදුකාංගයේ ඇති Re-Partition යන ස්ථානයේ ඇති කොටුවෙහි හරි ලකුණ වැටී ඇතිදැයි බලන්න. එසේ නොමැතිනම් එම හිස් කොටුව මත එක් වරක් ක්ලික් කිරීම මඟින් එම කොටුව තුල හරි ලකුණ සටහන් කල හැක.
04. Odin මෘදුකාංගයේ ඇති PDA යන්න මත ක්ලික් කරන්න.
05. එයින් M110S-PDA-PHONE-MOVI-REV03-DG23-1409-USER.tar.md5 යන්න තෝරා දෙන්න.
06. ජංගම දුරකථනය ඩවුන්ලෝඩ් මෝඩ් (Download mode) වලට යොදන්න. මේ සඳහා ඔබ මීට කලින් වෙනත් රොම් එකක් දුරකථනයට ස්ථාපනය කර තිබෙනවානම් Vol.Down + Home + Power යන බොත්තම් තුන එකවර ඔබන්න. ඔබ පළමු වතාවටනම් ඔබේ දුරකථනයට මෙවැනි ක්‍රියාකාරකමක් සිඳු කරන්නේ, එසේනම් Home + Power යන බොත්තම දෙක පමණක් ඔබන්න.
07. ඔබේ USB කේබලය භාවිතා කරමින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
08. ඔබේ දුරකථනය නියමිත අයුරින් පරිගණකයට සම්බන්ද වූවානම් ID:COM යන ස්ථානය කහ පැහැති ගනු ඇත. එසේ කහ පැහැයට හැරවී ඇතිනම් Start යන්න ක්ලික් කරන්න.
09. විනාඩි 2-5 අතර කාලයක් තුල ඔබගේ දුරකථනයෙහි ක්‍රියාවලිය අවසන් වී රීබූට් (reboot) වීමක් සිඳුවනු ඇත.

10. රීබූට් වීමෙන් අනතුරුව දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ නැතිනම් බැටරිය ගලවා නැවත සවිකරන්න.
11. Odin මෘදුකාංගය විවෘත ඇතිනම් Reset යන්න මත ක්ලික් කරන්න. නැතිනම් Odin මෘදුකාංගය විවෘත කරගන්න.
12. එහි ඇති PIT යන්න මත ක්ලික් කරන්න.
13. එයින් S1_KOR_DE09.pit යන්න තෝරා දෙන්න.
14. Re-Partition යන ස්ථානයේ ඇති කොටුවෙහි හරි ලකුණ වැටී නැතිදැයි බලන්න. හරි ලකුණ වැටී තිබුනහොත් එම හරි ලකුණ ඇති කොටුව මත එක් වරක් ක්ලික් කිරීම මඟින් හරි ලකුණ ඉවත් කරගත හැක.
15. Odin හි ඇති CSC යන්න මත ක්ලික් කරන්න.
16. එයින් M110S-BOOT-DG23-1409.tar.md5 යන්න තෝරාදෙන්න.
17. ඔබගේ ජංගම දුරකථනය Download mode වලට යොදන්න. මේ වනවිට Home + Power බොත්තම් මඟින් දුරකථනය ඩවුන්ලෝඩ් මෝඩ් යෙදවිය නොහැකි වන්නට හැක. එසේ කල නොහැකිනම්, Vol.Down + Home + Power යන බොත්තම් තුන එක්වර ඔබාගෙන සිටීම මඟින් ඩවුන්ලෝඩ් මෝඩ් වෙත පිවිසිය හැක.
18. ඔබේ USB කේබලය භාවිතා කරමින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
19. ඔබේ දුරකථනය නියමිත අයුරින් පරිගණකයට සම්බන්ද වූවානම් ID:COM යන ස්ථානය කහ පැහැති ගනු ඇත. එසේ කහ පැහැයට හැරවී ඇතිනම් Start යන්න ක්ලික් කරන්න.
20. තත්පර 30-60 අතරතුර ඔබගේ දුරකථනයෙහි ක්‍රියාවලිය අවසන් වී රීබූට් වීමක් සිඳුවනු ඇත.

21. රීබූට් වීමෙන් අනතුරුව දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ නැතිනම් බැටරිය ගලවා නැවත සවිකරන්න.
22.  Odin මෘදුකාංගය විවෘත ඇතිනම් Reset යන්න මත ක්ලික් කරන්න. නැතිනම් Odin මෘදුකාංගය විවෘත කරගන්න.
23. එහි PDA යන්න මත ක්ලික් කරන්න.
24. එයින් M110S-NPS-IMAGE-REV03-DG23-1409-USER.tar.md5 යන්න තෝරාදෙන්න.
25. Odin මෘදුකාංගයේ PHONE යන්න මත ක්ලික් කරන්න.
26. Re-Partition යන ස්ථානයේ ඇති කොටුවෙහි හරි ලකුණ වැටී නැතිදැයි බලන්න. හරි ලකුණ වැටී තිබුනහොත් එම හරි ලකුණ ඇති කොටුව මත එක් වරක් ක්ලික් කිරීම මඟින් හරි ලකුණ ඉවත් කරගත හැක.
27. එයින් M110S-PHONE-REV00-DG24.0151_Develop.tar.md5 යන්න තෝරා දෙන්න.
28. ඔබගේ ජංගම දුරකථනය Download mode වලට යොදන්න. මේ වනවිට Home + Power බොත්තම් මඟින් දුරකථනය ඩවුන්ලෝඩ් මෝඩ් යෙදවිය නොහැකි වන්නට හැක. එසේ කල නොහැකිනම්, Vol.Down + Home + Power යන බොත්තම් තුන එක්වර ඔබාගෙන සිටීම මඟින් ඩවුන්ලෝඩ් මෝඩ් වෙත පිවිසිය හැක.
29. ඔබේ USB කේබලය භාවිතා කරමින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
30. ඔබේ දුරකථනය නියමිත අයුරින් පරිගණකයට සම්බන්ද වූවානම් ID:COM යන ස්ථානය කහ පැහැති ගනු ඇත. එසේ කහ පැහැයට හැරවී ඇතිනම් Start යන්න ක්ලික් කරන්න.
31. විනාඩි 2-5 අතර කාලයක් තුල ඔබගේ දුරකථනයෙහි ක්‍රියාවලිය අවසන් වී රීබූට් (reboot) වීමක් සිඳුවනු ඇත.

ඔබ නියමිත අයුරින් ඉහත අංක 01 සිට 31 දක්වා ඇති පියවරයන් අනුගමනය කරනු ලැබූවානම් මේ වනවිට ඔබගේ ජංගම දුරකථනය ඔබ මිලඳී ගත් අයුරින්ම තිබිය යුතුය. නමුත්, දුරකථනය පළමු වරට ක්‍රියාත්මක වීමේදී විනාඩි කිහිපයක් ක්‍රියාත්මක වීමට යනු ඇත. මෙහීදී ඔබට භාෂාව වෙනස් වීමක් දක්නට ලැබුනහොත් Settings වෙත ගොස් භාෂාව English ලෙස ලබාදෙන්න. ඔබට එය සොයාගැනීමට අපහසුවක් නොවෙනු ඇත. 

දැන් ඔබට කරන්නට ඇත්තේ මෙම SHW-M110S ජංගම දුරකථනය I9000 යන ජාත්‍යන්තර සංස්කරණයට හැරවීමයි.

32. Odin මෘදුකාංගය විවෘත කරගන්න.
33. එහි ඇති PDA යන්න මත ක්ලික් කරන්න.
34. එයින් M110S-Gingerbread-HOME-IMAGE-REV03-WF07-2145-USER.tar.md5 යන්න තෝරාදෙන්න.
35. ඔබගේ ජංගම දුරකථනය Download mode වලට යොදන්න. මේ වනවිට Home + Power බොත්තම් මඟින් දුරකථනය ඩවුන්ලෝඩ් මෝඩ් යෙදවිය නොහැකි වන්නට හැක. එසේ කල නොහැකිනම්, Vol.Down + Home + Power යන බොත්තම් තුන එක්වර ඔබාගෙන සිටීම මඟින් ඩවුන්ලෝඩ් මෝඩ් වෙත පිවිසිය හැක.
36. ඔබේ USB කේබලය භාවිතා කරමින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
37. ඔබේ දුරකථනය නියමිත අයුරින් පරිගණකයට සම්බන්ද වූවානම් ID:COM යන ස්ථානය කහ පැහැති ගනු ඇත. එසේ කහ පැහැයට හැරවී ඇතිනම් Start යන්න ක්ලික් කරන්න.
38. විනාඩි 2-5 අතර කාලයක් තුල ඔබගේ දුරකථනයෙහි ක්‍රියාවලිය අවසන් වී රීබූට් (reboot) වීමක් සිඳුවනු ඇත.

39. රීබූට් වීමෙන් අනතුරුව දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ නැතිනම් බැටරිය ගලවා නැවත සවිකරන්න.
40. Odin මෘදුකාංගය විවෘත ඇතිනම් Reset යන්න මත ක්ලික් කරන්න. නැතිනම් Odin මෘදුකාංගය විවෘත කරගන්න.
42. ඔබ බාගත කරගනු ලැබූ M110s_2013_Final යන ගොනුව extract කරගන්න.
41. Odin මෘදුකාංගයේ ඇති PDA යන්න මත ක්ලික් කරන්න.
42. එයින් SHW-M110S_GT-i9000_OS2.3.6_VN_2013_Final යන්න තෝරා දෙන්න.
43. ඔබගේ ජංගම දුරකථනය Download mode වලට යොදන්න. මේ වනවිට Home + Power බොත්තම් මඟින් දුරකථනය ඩවුන්ලෝඩ් මෝඩ් යෙදවිය නොහැකි වන්නට හැක. එසේ කල නොහැකිනම්, Vol.Down + Home + Power යන බොත්තම් තුන එක්වර ඔබාගෙන සිටීම මඟින් ඩවුන්ලෝඩ් මෝඩ් වෙත පිවිසිය හැක.
44. ඔබේ USB කේබලය භාවිතා කරමින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
45. ඔබේ දුරකථනය නියමිත අයුරින් පරිගණකයට සම්බන්ද වූවානම් ID:COM යන ස්ථානය කහ පැහැති ගනු ඇත. එසේ කහ පැහැයට හැරවී ඇතිනම් Start යන්න ක්ලික් කරන්න.
46. විනාඩි 2-5 අතර කාලයක් තුල ඔබගේ දුරකථනයෙහි ක්‍රියාවලිය අවසන් වී රීබූට් (reboot) වීමක් සිඳුවනු ඇත.

ඔබ ඉහත දක්වා ඇති සියලුම පියවරයන් නියමිත ආකාරයන් සිඳු කලේ නම් මේ වනවිට ඔබගේ SHW-M110S කොරියානු ජංගම දුරකථනය I9000 යන ජාත්‍යන්තර සංස්කරණයට පරිවර්තනය වී තිබෙනු ඇත. දුරකථනය පළමුව ක්‍රියාත්මක කරන විට විනාඩි කිහිපයක් ක්‍රියාත්මක වීමට යනු ඇත.

ප.ලි. - යම් කිසි හෙයකින් ඔබ අංක 32 සිට 46 දක්වා පමණක් සිඳුකර ඔබට සංඥා නොලැබීම හෝ ඒ හා සමාන යම් කිසි ගැටළුවක් දුරකථනයේ ඇතිවුවහතෝ නැවත අංක 01 සිට 46 දක්වා ඇති පියවරයන් අනුගමනය කරන්න.


ඔබේ කොරියානු ගැලක්සි එස් ජංගම දුරකථනය ජාත්‍යන්තර සංස්කරණය බවට පරිවතර්නය කරගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

1 comment:

  1. SHW-M250S S2converte kerimakadi signal nethiwe tibenawa( baseband unkown ) meka hadaganna piliyamak denna puluwannam watinawa...

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.