Get Free Calls to Any Number - APP REVIEW 01



අද සිට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පැමිණෙන ඔබට වැදගත් වන, විනෝදය සපයන ඇප් පිළිබඳ ගුණදොස් විවේචණයන්ගෙන් පිරි ලිපි මාලාවක් ඔබට ගෙන එන්නයි සූදානම. මේ එම ක්‍රියාවලියේ පළවෙනි ලිපියයි.

´kEu ÿrl:khlg fkdñf,a weu;=ï ,nd.kak

බොහෝ තරුණ පිරිස් අතර තිබෙන ගැටළුවක් වනුයේ නොමිලේ ඇමතුම් ලබාගැනීමට, නොමිලේ කෙටි පණිවිඩ යැවීමට ඇති ආකාරයේ ඇප් සොයාගැනීමට වෙහෙසීමයි. නමුත් පිටින් පෙන්වන තරමටම ඒවා ඒ අයුරින් නොමැති බව එම අදාල ඇප් එක බාගත කරගත්තාට පසුව ඔවුන්ට තේරුම් යනු ඇත. සමහර ඇප් වලට එසේ නොමිලේ ඇමතුම් හෝ පණිවිඩ යැවීමට අන්තර්ජාල පහසුකම අවශ්‍යය වනු ඇත. නැතිනම් සමහර ඇප් වලට එම ඇප් එක අනිත් දුරකථනයේද තිබිය යුතුය. 

මෙම ලිපිය මඟින් ඔබට ඉඳිරිපත් කරනු ලබන ඇප් එක එවැනි ආකාරයේ එකක් නොවෙයි. නමුදු, මෙහිද යම් යම් සීමා පවතී. රටවල් සීයකටත් වඩා නොමිලේ මෙම ඇප් එක හරහා ඇමතුම් ලබා ගත හැකියි. 

මෙම ඇප් එකේ නම 'Libon' (ලිබෝන්). මේ මඟින් ලිබෝන් ලැයිස්තුවේ නොමැති, ඔබේ conatcts වල පමණක් ඇති අංක වලට පවා ඇමතුම් ලබාගැනීමට හැක. යුරෝපය, අප්‍රිකාව, ආසියාව, උතුරු සහ දකුණු ඇමරිකා යන මහද්වීපයන්ට සහ තවත් රටවල් රාෂියකට මේ මඟින් ඇමතුම් ලබාගත හැකියි.


නමුදු, මෙහිදී මෙම ඇප් එක විසින් ඔබට ලබා දෙනුයේ නොමිලේ කතා කල හැකි කාලය විනාඩි 15කි. ඔබට තවත් ඇමතුම් කාලය දිග්කරගැනීමට හෝ එකතු කරගැනීමට අවශ්‍යයනම් ඔබට මෙම ලිබෝන් ඇප් එක ඔබගේ මිතුරන්ට හඳුන්වා දිය යුතු වෙනවා. එසේත් නැතිනම් ඔබට ලිබෝන් හරහා ඇමතුම් කාලයන් මිළඳී ගත හැකියි. 

මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් 2.3 සිට ඉහළට ඇති සියලුම උපාංගයන් සමඟ හොඳින් ක්‍රියාකරනු ඇත. එමෙන්ම මෙම ඇප් එක ක්‍රියාත්මක වීමට අන්තර්ජාල සම්බන්දතාවයක් අවශ්‍යය නොවේ. මෙම ඇප් එක ඔබට ගූගල් ප්ලේ ස්ටෝර් එක හරහා නොමිලේ බාගත කරගත හැක.


පහතින් දක්වා ඇත්තේ මෙම ලිබෝන් ඇප් එකෙහි ස්ක්‍රීන්ෂොට් කිහිපයකි.


ඕනෑම දුරකථනයකට නොමිලේ ඇමතුම් ලබාගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

1 comment:

  1. සුපිරි වැඩක්.. :D
    කොහොමද බන් ඉන්ටර්නෙට් නැත්තම් මේක වැඩ කොරන්නේ? පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කරානම්..
    අනික එක දවසකට විතරද එකෙක්ට විනාඩි 15ක් දෙන්නේ?

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.