අලුත්ම ADB සහ Fastboot SDK ෆ්ලැට්ෆෝම් එක බාගන්න (ඇන්ඩ්‍රොයිඩ් සඳහා)



Android SDK නැත්නම් Android Studio කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් නිපදවන ඩිවලපර්ලාගේ සහයට පාවිච්චි කරන්න තියෙන ඇප්ලිකේෂන් දෙකක්. කොහොම නමුත්, ෆෝන් එකේ බූට්ලෝඩර් අන්ලොක් කරන එක, බූට් එක හරි රිකවරි ඉමේජ් එකක් හරි නැත්නම් ෆුල් ෆැක්ටරි ඉමේජ් එකක් හරි ෆ්ලෑෂ් කරගන්න එක තමුන්ටම කරගන්න පුලුවන් දෙයක්නේ. ඕකට ඩිවලපර්ලා ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ දේ කරගන්න ඔයාලට සම්පූර්ණම Android SDK එක නැත්නම් Studio ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුලුවන් දැන් නවතම ADB සහ Fastboot ෆයිල්ස් පමණක් ඇතුලත් වෙලා තියෙන SDK ෆ්ලැට්ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න.

කලින්නම් මේ ටික විතරක් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තිබුනේ නැහැ. හැබැයි දැන් ගූගල් සමාගම විසින්ම ඒ අයගේ Google Developer වෙබ් අඩවිය හරහාම බාගත කරගන්න ඉඩ ලබා දීලා තියෙනවා.

මේ අලුත් ක්‍රියාදාමයට කලින් යම් කෙනෙක්ට මේ ඇප්ලිකේෂන් එක බාගත කරගන්න අවශ්‍යය වුනානම් ඒ පුද්ගලයාට 400MB සිට 1.6GB දක්වා දත්ත ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ කොටස් කිරීම නිසා අපිට මේ වැයවන දත්ත ප්‍රමාණය 10MB වලටත් වඩා අඩුයි.

පහතින් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ඇති ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Download Latest ADB and Fastboot (Windows/Mac/Linux)





අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔබ විසින් ඩවුන්ලෝඩ් කරගන්නා ලද ස්ථානය මත zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඒ කරලා ෆෝල්ඩර් එක ඕපන් කරලා, "platform-tools" කියන කමාන්ඩ් වින්ඩෝ එක රන් කරන්න.



CMD එක හරියට රන් කරගන්න ඕනනම්, ෆෝල්ඩර් එක ඇතුලේ හිස් තැනක මවුස් කර්සර් එක තියලා කී බෝඩ් එකේ Shift එකයි මවුස් එකේ Right click එකයි (Shift + Right click) කියන බටන් දෙක එකට ඔබන්න. ඒ කරලා "Open command window here" කියන ඔප්ෂන් එක තෝරන්න.



මොකක් හරි ගැටලුවක් තිබුනොත් අහන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.