ads.txt

ads
Showing posts with label PC Tricks. Show all posts

HOW TO FIX SINHALA FONT ISSUE IN KALI LINUX

කාලි ලිනක්ස් වල සිංහල පේන්නේ නැති එක හදගමු

Mostly if someone installed newly Kali Linux to your pc or laptop now a day huge problem is the how i can see the sinhala unicodes which using in internet. 


Mostly if someone installed newly Kali Linux to their PC or Laptop, now a days huge problem is how i can see the sinhala unicodes which using in internet. 
 
So, i'm here to help you out. Nothing to do. Just need to download one file and run little bit of codes only. Ok then, we start the thing.
 
  • Firstly you have to make a root access account. For that:,
    1. Open the "Terminal Emulator".
    2. Type sudo -i and enter 
    3. Type your current profile password and press Enter
    4. After typing password it will show new account
    5. Type passwd root and press enter
    6. Then it will ask you give a new password. Type a new Password and press enter.
    7. Enter the same password which you used before.
    8. If you did correctly above steps then you can see on the terminal its saying "password updated successfully".
    9. Log out from current account
    10. From login page for the USERNAME you have to type root and then enter your password which we created before using terminal.

  • Click here to download the font file and after download open the file location which the file downloaded.

  • Then open the terminal and type these commands.
    1. xdg-open /usr/share/fonts
    2. After typing above code press Enter button.
    3. Then it will open another folder.
    4. Copy the file which you downloaded before to newly open window.
  • Now, All done. Try to refreshing the page which you facing trouble.
     
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Download Android USB Drivers for Windows and Mac


ඔබ ලඟ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් යන්ත්‍රය පරිගණකයක් සමඟින් සම්බන්ද කරන්නට අවශ්‍යයනම් ඒ සඳහා එම අදාල උපාංගයට අදාල යූඑස්බී (USB) මෘදුකාංගයන් එම පරිගණකයේ තිබිය යුතුයි. මෙම යූඑස්බී මෘදුකාංගයන් තුල ඇන්ඩ්‍රොයිඩ්(Android) එස්ඩීකේ (SDK) මෘදුකාංගයන්, ඒඩීබී (ADB) සහ ෆාස්ට්බූට් (Fastboot) මෘදුකාංගයන්, උපාංගයන් තුල ඇති ගොනු හුවමාරු කිරීමට වැනි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරගැනීමට සහ අවශ්‍යය වනු ලබන ක්‍රියාදාම කිහිපයක්ම තිබෙනවා.මෙම මෘදුකාංගයන් ඔබ ලඟ තිබීම ඉතාමත් වටිනවා. එයට හේතුව, ඔබට යම් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලැබුනහොත් වෙනම එයට අවශ්‍යය වන මෘදුකාංගයන් සොයනවාට වැඩිය පරිගණකයත් සමඟින් උපාංගය සම්බන්ද කල වහාම එම උපාංගය පරිගණකයත් සමඟින් සම්බන්ද වන බැවිනි.

බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් වින්ඩෝස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම අදාල ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් උපකරණය නිපදවා ඇති සමාගම විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා බාගත කරගන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මෙම ලිපිය තුලින් දැනට සොයාගත හැකි යූඑස්බී මෘදුකාංගයන් සියල්ලම පාහේ ඔබට එකම ස්ථානයකින් බාගත කරගැනීමට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් 7 සහ 8 යන මෙහෙයුම් පද්ධතියන් සඳහා සහ මැක් ඕඑස් එක්ස් (Mac OS X) යන මෙහෙයුම් පද්ධතියන් සඳහා අවශ්‍යය කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයන් පලකර තිබෙනවා.

වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.

Google Nexus: Download Google Nexus Drivers.

Samsung: Download Samsung USB Drivers හෝ Download Samsung KIES (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

HTC: Download HTC USB Drivers හෝ Download HTC Sync Manager (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

Motorola: Download Motorola USB Drivers (Motorola Device Manager).

Huawei: Download Huawei USB Drivers හෝ Download HiSuite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ HTC MediaPad 10 FHD: Download Drivers.

LG: Download LG USB Drivers.

    ○ විශේෂිත උපාංගයන් සඳහා, LG වෙබ් අඩවියට ගොස් ඔබගේ උපකරණය එහි සෙවුම් කර Resources යන්න තුලින් අදාල මෘදුකාංගය බාගත කරගත හැක.

ASUS: Download ASUS USB Drivers හෝ Download ASUS PC Suite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ Nexus 7: Download Nexus 7 USB Drivers.

SONY: සෝනි සමාගම විසින් වෙන වෙනම මෘදුකාංගයන් දෙකක් වින්ඩෝස් සහ මැක් පද්ධති වලට නිකුත් කර තිබෙනවා.

    ○ For Windows (වින්ඩෝස් සඳහා) : Download Sony PC Companion (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).
    ○ For Mac (මැක් සඳහා): Download Sony Bridge (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

ZTE: Download ZTE USB Driver.

DELL: Download DELL USB Drivers (උපාංගය අනුව මෘදුකාංගය වෙනස් වනු ඇත).

Fujitsu: Download Fujitsu USB Drivers.

Intel: Download Intel Android USB Drivers.


මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා, Android File Transfer යනුවෙන් මෘදුකාංගයක් ඇත. එයින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ සිට සහ පරිගණකයේ සිට ගොනු හුවමාරු කිරීම ඉතාමත් පහසු කරගත හැක. 


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයට ගැලපෙන මෘදුකාංගය හමුවුනේ නැතිද? ඔබට අවශ්‍යයනම් පහතින් අදාල මෘදුකාංගය සටහන් කර කමෙන්ටුවක් දමන්න. ඔබට අදාල මෘදුකාංගය අප විසින් සොයා දෙනු ඇත.


---------------------------
වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How To Create Icon File From Image (using Photoshop)


බොහෝ දෙනෙකු දැක ඇති, අන්තර්ජාලයේ යම් යම් පුද්ගලයන්ගේ චිත්‍රපටි හෝ රූපවාහිණී කතා මාලාංග ඇති ෆෝල්ඩර් (Folder) වලට යම් පින්තූරයක් එකතු කර තිබෙනවා. අපටත් හැකියාවක් තිබෙනවා යම් පින්තූරයක් අදාල අයිකනයට යොදන්න. නමුත් එම අප නිකම්ම යොදනු ලබන පින්තූරයේ කිසිම තාත්තිවක බවක්නම් හැගී යන්නේ නැහැ. පසුගිය දිනයන්හීදී මා ෆේස්බුක් වෙබ් අඩවිය හරහා යොදන ලද පින්තූරයෙන් කිහිප දෙනෙකු මෙය සිඳු කරන අයුරු අසා තිබුන නිසාවෙන් අද දිනයේදී එම ක්‍රියාවලිය සිඳු කරන අයුරු මෙම ලිපියෙන් පැහැදිලි කරනු ඇත.

How to get android 5 (lollipop) on your PC


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් ලොලීන් ගොඩක්ම ඇහැ ගහගෙන ඉන්න දෙයක් තමයි කවද්ද තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම සංස්කරණය ලැබෙන්නේ කියලා. ඉතින් මේ අලුත්ම සංස්කරණය ලැබෙනකම් ඉවසං ඉන්න බැරි අයට පුලුවන් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. 

emulatore lollipop teaser

මේ ලිපියේ තියෙන විදිහටම කටයුතු කරොත්, අන්තිමට ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් සංස්කරණය ඔබේ පරිගණකයෙන් අත්විදගන්න පුලුවන්. මෙහිදී ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක පහසුකම ඒ හා සමාවන විදගන්නට හැකියාව ලැබෙන අතර, apps ක්‍රියාත්මක කිරීමටනම් Bluestack යන මෘද්‍රකාංගය ඔබට භාවිතා කරන්නට සිඳුවනු ඇත.

අවශ්‍යය කරන දේවල්-:
Android SDK: මෙම වැඩසටහන මඟින් ඔබට Android Lollipop සංස්කරණය සහ එයට අවශ්‍යය කරන අනෙකුත් මෙවලම් භාගත කරගත හැක.

ලොලිපොප් සංස්කරණය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා අයුරු:-
මෙම ක්‍රියාවලිය කොටස් දෙකකින් සමන්විත වේ.

1. අවශ්‍යය කරන දෑ ස්ථාපනය කරගැනීම
  • • Android SDK වෙබ් අඩවිය මඟින් ඔබගේ පරිගණකයට ගැලපෙන සංස්කරණය (32bit හෝ 64bit) බාගත කරගන්න.
  • • එය බාගත වී අවසානයේදී ඔබට ලැබෙනුයේ ZIP ගොනුවක් ලෙසයි. මෙම ගොනුව Win RAR, 7-Zip වැනි ZIP ගොනුවලින් නිදොස් කරගන්නා වැඩසටහනක් භාවිතා කර extract කරගන්න. එමෙන්ම extract විය යුතු ස්ථානය ලබාදීමේදී ඔබ එම ස්ථානය මතක තබා ගැනීම වැදගත්වනු ඇත.
  • • SDK Manager යන්න විවෘත කර ඉන්පසු android-sdk යන්නට යන්න. එය load වී අවසන් වන තෙක් සිටින්න.
  • • එම ලැබෙන තිරයේ ඇති අංග සියල්ලම select කර ඇතිනම් ඒ සිලෙක්ට් වී ඇති සියල්ලම deselect කරන්න. Tools යන ගොනුව තුල Android SDK Platform-tools යන්න සහ එයට පහළින් ඇති Android 5.0 (API 21) යන ගොනු දෙක පමණක් සිලෙක්ට් කර Install Packages යන්න මත ක්ලික් කරන්න. එහිදී මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ කැමතිදැයි අසන ලබන අතර එයට Accept යන්න ලබාදෙන්න. ඉන්පසුව බාගත කරගැනීම් ස්වයංක්‍රීයවම සිඳුවන අතර, ස්ථාපනයවීම්ද එසේම සිඳුවනු ඇත. 
emulatore lollipop 01
තෝරාගත යුතු ගොනු දෙක මෙහි රතුපැහැයෙන් වර්ණ ගන්වා ඇත.

2. ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් පරිගණක සංස්කරණය නිර්මාණය කරගැනීම
ස්ථාපනය වී අවසන් වූවාට පසුව, android-sdk ගොනුවට ගොස් එහි ඇති AVD Manager වැඩසටහන ක්‍රියාත්මක කරගන්න. එහි ඇති Create බට්න් එක තෝරා ලබාදුන් විට නව කවුලුවක් විවෘත වෙනු ඇත. එයට පහළින් දක්වා ඇති අයුරින් අදාල තොරතුරු ලබාදෙන්න.

emulatore lollipop 02

  • AVD Name: මෙම වැඩසටහනට යොදන්නට අවශ්‍යය නම මෙහි සටහන් කරන්න. ඔබ නම යොදන විට ඒ අතර හිස්තැන් නොතබන්න. (උදාහරණ - EmulatoreLollipop)
  • Device: වැඩසටහනෙහි පෙනුම කුමන සංස්කරණයක් ලෙස පෙනිය යුතුදැයි මෙයින් අසනු ලැබේ. මෙහිදී Nexus 5 හෝ ඊට පසුව පැමිණි දුරකථනයක් ලබා දීම හොඳයි.
  • Target: ස්ථාපනය කල යුතු වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය (Android 5.0 - API Level 21)
  • CPU: එහි ඇති "ARM" යන්න තෝරන්න.
  • Skin: "Skin with dynamic hardware controls" යන්න තෝරාදෙන්න.
  • RAM: පෞද්ගලිකව මම විසින් කියනුයේ 512 හෝ 1024 ලබාදෙන්න කියලයි. ඊට වැඩි සංඛ්‍යාවක් ලබාදුන්නොත් ඔබට පරිගණකයෙන් වැඩ කරන්නට අපහසුතාවයක් ඇතිවේවි. ( මෙම වැඩසටහන මඟින් ඔබේ පරිගණකයට අවශ්‍යය කරනු ලබන සංඛ්‍යාව ස්වයංක්‍රීය ලබාගනු ඇත.)
  • අනිකුත් සියල්ල එම තිබෙන ආකාරයටම තිබෙන්න ඉඩ හැර OK යන්න මත ක්ලික් කරන්න.

ඔබට දැන් AVD Manager යන්න තුලින් ඔබ නිර්මාණය කරගත් emulator එක දකින්නට ලැබෙනු ඇත. එය සිලෙක්ට් කර, Start යන්න මත ක්ලික් කරන්න. ඉන්පසුව Launch යන්න ලබාදුන් විට වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. මුල්ම ආරම්භයේදී එය ක්‍රියාත්මක වන්නට විනාඩි කිහිපයක කාලයක් ගතවනු ඇත. ඔබට අවශ්‍යය කරන size එක තෝරාදීමට, Launch Options වෙත ගොස් Start යන්නට පසුව, "Scale to display real size" යන්න තෝරා දී ඔබට අවශ්‍යය කරනු ලබන අගය ලබාදෙන්න.

emulatore lollipop 03

සුභපැතුම්! ඔබ දැන් සාර්ථකව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් emulatorයක් ඔබේ පරිගණකයට ස්ථාපනය කර හමාරයි. දැන් ඔබට මෙම සංස්කරණයට ලැබී ඇති සහ ලැබෙන සියලුම පහසුකම් අත්විදීමට හැක.



ඇන්ඩ්‍රොයිඩ් 5 (ලොලිපොප්) සංස්කරණය ඔබේ පරිගණකයෙන් අත්විදින්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

රැපිඩ්ෂෙයාර් වලින් කාලේකාගන්නේ නැතිව බාගන්න



කාලය කියන්නේ මුදල්. ඒ නිසා ඒක බෙහෙවින්ම අපේ සාමාන්‍ය ජීවිතයට බලපානවා. හැබැයි, අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයෙක් බොහෝවිට කාලය මිඩංගු කරන්නේ මුද්‍රකාංග බාගත (download) කරගැනීමට හෝ චිත්‍රපටි බාගත කරගැනීමට විය හැකිය. දැන්, අපේ මේ ලිපිය පැත්තට හැරුනොත් රැපිඩ්ෂෙයාර් (Rapidshare) කියන්නෙන් එක් පරිගණකය තිබෙන දත්ත අන්තර්ජාලයට එකතු කිරීමක්. ඒ මඟින් තවකෙකුට එම දේ බාගත කරගැනීමේ හැකියාවක් පවතිනවා.