ads.txt

ads
Showing posts with label Slider. Show all posts

කාල තරණය පුළුවන්ද? (Time Travel: Part 01)



අපිට බැරිවෙයිද අතීතයට ගිහින් අපෙන් සිදුවුන වැරදි නිවැරදි කරගන්න? එහෙමත් නැතිනම් අපිට බැරිවෙයිද අනාගතයට ගිහින් අනාගතයේ තියෙන තාක්ෂණය වර්තමානයට අරගෙන එන්න? අතීතයේ ඉදලම ‌බොහොමයක් පුද්ගලයන් මේ පිළිබඳව සිහින මවන්නැති. ඉතින් මේ ලිපියෙන් ඔබට කාල තරණය පිළිබඳ විස්තර ඉඳිරිපත් කරන්නයි අපේ බලාපොරොත්තුව. 

කාලතරණය පිළිබඳ අතීතයේ පටන්ම මිනිස්සු සිහින මැව්වා. මිනිස්සු හිතුවා කොහොමද මේ කාලයට අභියෝග කරන්නේ, එහෙමත් නැත්නම් කොහොමද මේ කාලය පරද්දවලා අතීතයට නැත්නම් වර්තමානයට යන්නේ වගේ දේවල් ගැන. මේ පිළිබඳව වර්තමානයේ පටන් අනාගතය වෙනතෙක්ම බොහෝමයක් දාර්ශනික මත විද්‍යානූකූලව කතාබහට ලක්වෙලා තියෙනවා. කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙහි ඉතාමත් ලොකු සන්ධිස්ථානයක් වෙන්නේ අයින්ස්ටයින් මහතා. ඒ ඔහුගේ සාපේක්ෂථාවාදය නිසාවෙන්. 

අයින්ස්ටයින්ට කලින් අපේ පැරණි උදවිය හිතාන හිටියේ මේ මුලු විශ්වයම පාලනය කරන්නේ එකම විදිහකට, එකම කාලයකට කියලා. නමුත් අයිනිස්ටයින් සාපේක්ෂවාදයෙන් පෙන්නුම් කරා ලෝකයේ තැනින් තැනට මේ කාලය ගලන එහෙමත් නැත්නම් කාලය ගමන් කරන විදිහ එකිනෙකට වෙනස් බව. ඒ් වගේම එතුමා මේකට බලපාන ප්‍රධාන කාරනා දෙකක් තියෙනවා කියලා සාපේක්ෂථාවාදයේදී පැහැදිලි කරනවා. 

එකක් තමයි ගුරුත්වය. මේ ගුරුත්වය ගලාගෙන යන විදිහ වෙනස් වෙනවා. ගුරුත්වය වැඩි තැනක අඩු තැනකට සාපේක්ෂව කාලයේ ගැලීයෑම අඩුවෙනවා. ඒ කියන්නේ ගුරුත්වය වැඩිවෙන තරමට මේ කාලය ගලාගෙන යන්න අපහසු වෙනවා. 

දෙවන කාරණය තමයි සාපේක්ෂ වේගය. යමකට සාපේක්ෂව යම් වස්තුවක් වේගයෙන් ගමන් කරනවානම් ඒ වස්තුවට සාපේක්ෂව කාලයේ ගැලීම සෙමින් අඩුවීමක් වෙනවා. එතකොට මුලින් කිව්ව වස්තුව ආලෝකයේ  ප්‍රවේගයට ගමන් කරද්දි කාලය සෙමින් අඩුවීමක් වෙලා ආලෝක ප්‍රවේගයට ආපු ගමන් කාලය නවතිනවා. නමුත් අපට කවදාවත් ආලෝකයේ ප්‍රවේගය ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැති වෙයි. 

මේ ගුරුත්වය සහ සාපේක්ෂ වේගය නිසා මේ මුළු ලෝකයේම තැනින් තැනට කාලය ගලාගෙන යන්නේ එකිනෙකට වෙනස් විදිහකටයි. මේ කාරණා දෙක පාවිච්චි කරලා අපිට පුලුවනි කාලය තරණය කරන්න. නමුත්, අනාගතය පමණයි. අතීතයට කාලය හරහා ගමන් කරන එක තරමක් ගැටළුකාරී වෙනවා. ඒකට හේතුව වෙන්නේ අතීතයට කාලය හරහා ගමන් කරන ඒක ගැන හිතනකොට ප්‍රශ්න කිහිපයක් පැනනගිනවා. මේ ගැටළු වලට Time Travelling Paradoxing කියලා කියනවා. Grand Father Paradox කියලා හරි අපූරු පැරඩොක්ස් වගයක් වර්ග වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව අනෙක් කොටසින් කතා කරමු.

කෙසේවෙතත් මේ අනාගතයට කාලය හරහා ගමන් කරන එක කරන්න පුලුවන්. දැනට මේ ලෝකයේ අනාගතයට කාලය හරහා ගියපු පුද්ගලයන් ජීවත් වෙනවා. ‌ඒ පුද්ගලයන්ගෙන් කාලය හරහා ගිහින් වාර්තාවක් තියපු පුද්ගලයෙක් තමයි 'සර්ජි ක්‍රිකලෝ' (Sergei Krikalev). මොහු රුසියානු අජටාකාශගාමියෙක්. ඔහු කාලය හරහා තත්පර 0.02ක් තරණය කරලා තියෙනවා. ඉතාමත්ම කුඩා අගයක්. මේ තත්පර 0.02ක අනාගතයට කාලය හරහා ගමන් කරලා වාර්තාවක් තියන්න ඔහුට තවත් වාර්තාවක් තියන්න සිද්ධ වුනා. ඒ් තමයි වැඩිම කාලයක් පෘථිවියෙන් ඈත, එහෙමත් නැතිනම් අභ්‍යවකාශ ගතවෙලා ජීවත් වෙන එක. එහිදී ඔහුගේ වාර්තව වෙන්නේ දවස් 803යි පැය 09 යි විනාඩි 39ක කාලයක් අපිට සාපේක්ෂව වේගයෙන්  පුද්ගලයා අභ්‍යවකාශ ගතවෙලා ඉදලා තියෙනවා. මේ කාල පරාසයේ වැඩි කාලයක් ඔහු ගත කරනු ලැබුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යයස්ථානයේ. මේ නිසාවෙන් තමයි ඔහුට හේතුපාදක වුනේ තත්පර 0.02ක කාලයක් අනාගතයට කාලය තරණය කරන්නත්. 

එතකොට මොකක්ද මෙතන වුනේ? කලින් පැහැදිලි කරපු විදිහට ගුරුත්වයෙන් සහ ‌වේගයෙන් බලපෑමක් කාලයට සිද්ධ වෙනවා. අපි හිතමු මේ නිසාවෙන් කාලයේ රිද්මය වෙනස් වෙනවා. ගුරුත්වය ඉතාමත් අධික තැනක් තියෙනවා. ඒ තමයි බ්ලැක් හෝල් කියලා අපි හදුන්වන තැන. ඒ කියන්නේ මේ කලු කුහරය මත එක් තත්පරයක් ගලාගෙන යනකොට අපේ පෘථිවියෙහි තත්පර දෙකක් ගලාගෙන යනවා. කලුකුහරයේ අවුරුද්දක් ගලාගෙන යනකොට අපේ පෘථිවේ අවුරුදු දෙකක් ගලාගෙන යනවා. කෙනෙකුට පුලුවුන්නම් කලුකුහරය ලගට ගිහින් අවුරුද්දක් ගත කරලා ආපහු පෘථිවියට එන්න, එතකොට ඒ පුද්ගලයාට අවුරුද්දක කාලයක් ගතවෙලා තිබුනත් පෘථිවි වාසී සියලුම දෙනාට අවුරුදු දෙකක් ගතවෙලා ඉවරයි. එහෙම බලනකොට එම පුද්ගලයා අපිට සාපේක්ෂව අවුරුද්දක් අනාගතයට කාලය හරහා ගිහින් තියෙනවා. මේක එක කාරණයක් විදිහට ගන්න පුලුවන් කාලය හරහා තරණය කරන එකට. 

අනිත් කාරණය තමයි අපිට සාපේක්ෂව වේගයෙන් ගමන් කරන එක. ඒ කියන්නේ අපි හිතමු පුද්ගලයෙක් රොකට්ටුවක නැගලා ඉතාමත් අධික වේගයෙන් ගමන් කරනවා කියලා. එතකොට මේ වේගයෙන් ගමන් කරනකොට ආලෝකයේ ප්‍රවේගයට ලගාවුනොත් ඒ රොකට්ටුවේ ගමන් කරන පුද්ගලයාගේ අවුරුද්දක් පෘථිවියේ අවුරුදු දහස් ගාණක් වුනත් වෙන්න පුලුවන්. මේ සර්ජි ක්‍රිකලෝ කියන පුද්ගලයා මේ ක්‍රම තමයි පාවිච්චි ‌කරේ තත්පර 0.02ක කාලයක් අනාගතයට කාලය තරණය කරන්න. 

ඉතින් ඔහු දවස් 803ක් පෘථිවයට වඩා වේගයෙන් ගමන් කරලත් ඔහුට කාලය තරණය කරන්න පුලුවන් වුනේ තත්පර 0.02ක වගේ බොහොම පොඩි කාලයක්. ඉතින් මේ වෙනකොට විද්‍යාඥයන් පරීක්ෂණ කරගෙන යනවා කොහොමද අපි මේ ආලෝක ප්‍රවේගයට පේක්ෂව ගමන් කරන්නේ කියන එක ගැන. ඉදිරි ලිපිවලදී ඔබට කියලා දෙන්නම් කාල අවකාශ ප්‍රයෝජනයට අරගෙන ප්‍රවේගයට වැඩි කරගෙන කාලය තරණය කරන්නේ කියන එක ගැනත්. 

w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Tor Browser එක ගැන හැමදෙයක්ම (Tor Browser: The Ultimate Guide - Beginners to Advanced 2020)

Tor Browser (Alpha) - Apps on Google Play

Tor Browser කියන එක අන්තර්ජාලය ටිකක් වැඩියෙන් භාවිතා කරන ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ගොඩක් අය මේ ටෝර් බ්‍රවුසර් එක කියන්නේ Deep Web එක හොයාගන්න පුලුවන් වෙන බ්‍රවුසර් එකක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම ඒක ඊට එහා ගියපු බ්‍රවුසර් එකක්. ඔබට අවශ්‍යයනම් VPN භාවිතයකින් තොරව මේ Tor Browser එක හරහා block කරලා තියෙන වෙබ් සයිට් වලට පිවිසෙන්න උනත් පුලුවන්. ඉතින් අද මේ ලිපියෙන් ඔබට කියලා දෙන්නේ මේ Tor Browser එක ගැන 0 ඉදන් 100ට යනකම් හැමදෙයක්ම අඩංගුව. ඒ කියන්නේ මේ ගැන නොදන්න තැනින් පටන් ගෙන ඔයා මේ බ්‍රවුසර් එක ගැන උපරිමයටම දන්න කෙනෙක් බවට පත්වෙන විදිහේ ලිපියක් මේ ඔයා කියවන්න හදන්නේ. Tor Browser එක කොහොමද පාවිච්චි කරන්නේ, මේ බ්‍රවුසර් එකේ තියෙන ආරක්ෂාව කොයි වගේ එකක්ද, මේ හැම ඔයාට නැගෙන ප්‍රශ්ණයකටම උත්තරයක් මේ ලිපිය ඇතුලේ තියෙනවා. එහෙනම් ලිපිය පටන් ගමු.

මොකක්ද මේ Tor Browser (ටෝර් බ්‍රවුසර්) කියන්නේ?

සාමාන්‍යය බ්‍රවුසර් එකකදී ඔයා අන්තර්ජාලය පාවිච්චි කරනවානම් ඔයාගේ අනන්‍යතාවයක් අන්තර්ජාලය තුල ඔයා පිවිසෙන හැම වෙබ් පිටුවකම ඇතුලත් වෙනවා. ඒක හරියට අපි මඩ ගොඩක ඇවිදිනකොට අපේ අඩි පාර මඩගොඩේ තියෙනවා වගේ. හැබැයි මේ Tor Browser එකෙන් ඔයාට කිසිම අනන්‍යතාවයක් නැතුව අන්තර්ජාලය තුල සැරිසරන්න පුලුවන්. ඒක හරියට ඔයා මඩගොඩේ ගිහින් අඩිපාර තිබුනට ඔයාගේ හෙවනැල්ලේ අඩිපාර මඩගොඩේ නැහැ වගේ සිදුවීමක්.

මම කලින් කිව්වා වගේම ඔයා අන්තර්ජාලයේ සාමාන්‍යය කාලායක් හරි ගතකරනවානම් මේ ටෝර් බ්‍රවුසර් එක ගැන අහලා තියෙන්න පුලුවන්. ලොකුම හේතුව වෙන්නේ මේ Tor Browser එකට මිනිස්සු කියන ඕපාදූප ඇත්තටම කුතුහලය දනවන කාරණාවන්ගෙන් පිරිලා තියෙනවා. මේ හේතු නිසාම තමයි මේ Tor Browser එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් පුද්ගලයින් හොයලා බලන්නේ. ඇත්තටම නිර්ණාමික වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන එක, නැත්නම් අන්තර්ජාලය පිරික්සීමෙන් තමන්ගේ ආරක්ෂාව උපරිම මට්ටමට අරගෙන යන්න කවුද අකමැති? අනිත් කාරණේ තමයි කාටද මේ Dark Web එහෙමත් නැත්නම් අඳුරු වෙබ් අඩවි ගැන හොයලා බලලා දැනගන්න කුතුහලයක් නැත්තේ? කවුද අකමැති ඒ වගේ දෙයක් ගැන විමර්ශනය කරන්න?

Tor Browser එක නිර්මාණය කරපු සමාගම කියන්නේ මේ ටෝර් බ්‍රවුසර් එක පෞධ්ගලිකත්වයට තියෙන දොරටුවක් කියලයි. ඒ නිසාම අද මේ ලිපිය හරහා ටෝර් බ්‍රවුසරය ගැන සම්පූර්ණ දළ විශ්ලේෂණයක් ලබා දෙනවා.

Tor Browser එක නීති විරෝධීද?

ටෝර් බ්‍රවුසරය නීති විරෝධී නැහැ. මේ හරහා හුදෙක් සිදුවන්නේ නිර්නාමිකව අන්තර්ජාලය හරහා ගවේෂණය කිරීමට අවස්ථාවක් උදාවීම පමණයි. ඉතින් මෙතනදී ස්තූතිවිය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි නිර්නාමිකත්වය යටතේ අන්තර්ජාලය හරහා සැරිසැරීම නීති විරෝධී දෙයක් නොවෙයි. 

ඔබේ අභිප්‍රාය වන්නේ Facebook (ෆේස්බුක්) වැනි වෙබ් අඩවි වලට වැඩි ආරක්ෂිත පසුබිමක් යටතේ පිවිසීමට නම් ඒ වෙනුවෙන් මෙම ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම නීතියට පටහැනි නොවේ. පෞද්ගලිකත්වය වෙනුවෙන් වැඩිපුර හිතන කෙනෙක්නම් ටෝර් බ්‍රවුසරය අනිවාර්යයෙන්ම හොද විකල්පයක්.

හැබැයි එහෙම කිව්වා කියලා ටෝර් බ්‍රවුසරයෙන් සිදු කරන හැම භාවිතයක්ම නීත්‍යානුකූලයි කියලා ඒකෙන් අදහස් කරන්න බැහැ. ඇත්තටම, 95%ක් පමණ මිනිස්සු මේ ටෝර් බ්‍රවුසරය භාවිතා කරන්නේ නීතියට අහුනොවී නීති විරෝධී ක්‍රියාවන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් දැන් ඔබට හිතෙන්න පුලුවන් මේ බ්‍රවුසරය කලින් කියපු තරම්ම නිර්නාමික දෙයක් නෙමෙයිනේ කියලා. මේ බ්‍රවුසරය භාවිතා කරන ඔබයි තෝරාගැනීමක් කල යුත්තේ. එක්කෝ ඔබ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නවා කියන කාරණය මත ටෝර් බ්‍රවුසරය භාවිතා කල යුතුයි. එසේ කලහොත් ඔබට කිසිම නීතිමය ගැටළුවක් ඇති වන්නේ නැහැ. නමුත් ඔබ ටෝර් බ්‍රවුසරය භාවිතා කරන්නේ නීතියේ රැහැනෙන් මිදී තමන්ගේ නීති විරෝධී කටයුතු කරගෙන යාමටනම්, නීති විරෝධී අරමුණු සඳහා නම් ඔබ නීතියේ රැහැනට අහුවීමට ඉඩ ඇති බව කිව යුතුමය.

Tor Browser එක ආරක්ෂිතද?

සමස්තයක් විදිහට ගත්තොත් මේ ටෝර් බ්‍රවුසරය ආරක්ෂිතයි. ඔබ විසින් එදිනෙදා අන්තර්ජාලය තුල සිදුකරන පිරික්සීමේ (search) කටයුතු වලදී ඔබගේ පෞද්ගලිකත්වය මෙම බ්‍රවුසරය හරහා අමතර ආරක්ෂාවක් ලබාදෙනු ලබනවා.

කොහොම වුනත්, ටෝර් බ්‍රවුසරයට තියෙන ආරක්ෂාව ගැන බලනකොට වාසි සහ අවාසි කියන වර්ග දෙකම ඇති බව ඔබ දැනගැනීම වැදගත්. මේ බ්‍රවුසරය භාවිතා කිරීම ආරක්ෂිත වූවත්, ඔබ විසින් කරනු ලබන සාමාන්‍යය පරිදි වෙබ් පිරික්සීමක් ඇරෙන්නට වෙනත් දෙයක් සඳහා ටෝර් බ්‍රවුසරය භාවිතා කරනවානම්, අහම්බයෙන් ඔබට නොදැනුවත්ම ඔබේ පරිගණකයට හානිදායක වන මෘදුකාංග හෝ වෙනත් යමක් බාගත කරගැනීමේ (download) අවදානමක් ඇත.

මේ Tor Browser එක කියන්නේ අපරාධ ක්‍රියාකාරකම් සඳහා ජනප්‍රියම මෘදුකාංගයක්. ඉතින් ඔබ ටෝර් බ්‍රවුසරය භාවිතා කරන අතරතුර ඔබට හැකි තරම් ආරක්ෂිත වීමට අවශ්‍යයනම් ඔබ කල යුත්තේ මෙම බ්‍රවුසරය එහි අපේක්ෂිත අරමුණු සඳහා භාවිතා කිරීම පමණයි. ඒ වෙබ් අඩවි හරහා පිරික්සීමේදී නිර්නාමිකව අන්තර්ජාලය පිරික්සීමයි. (Anonymity while browsing)

Tor Browser එක Install (ස්ථාපනය) කරන්නේ කොහොමද?

ඔබට පරිගණකය මෘදුකාංග පිළිබඳ දැනුමක් එතරම් නොතිබුනත් මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම ඉතාමත් පහසුයි.

ඔබ භාවිතා කරන්නේ Windows මෙහෙයුම් පද්ධතිය නම්:
  1.  Tor Browser එක බාගත කරගැනීමට ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
  1. ඔබේ මෙහෙයුම් පද්ධතිය සහ ඔබට අවශ්‍යය කරනු ලබන භාෂාව කුමක්දැයි සොයාගන්න. සිංහල භාෂාවෙන් මෙම බ්‍රවුසරය නොමැති නිසා ඔබට English (ඉංග්‍රීසි) භාෂාව භාවිතා කිරීමට පුලුවනි.
  1. මෘදුකාංගය බාගත කිරීමෙන් අනතුරව ".exe" ගොනුව මත දෙපාරක් ක්ලික් කර (double click) එම මෘදුකාංගය විවෘත කරගන්න.
  1. එවිට වින්ඩෝ එකක් open වනු ලබන අතර එහි ඇති "Run" කියන තැන මත ක්ලික් කරන්න.
  1. ඉන්පසු අදාල සර්වර් සමඟ සම්බන්ධ වී ටෝර් බ්‍රවුසරය ඔබේ පරිගණකයට බාගත වීමට ආරම්භ වනු ලබනවා. බාගත වීම අවසන් වූවාට පසුව එහි දැක්වෙන "Finish" යන කොටස මත ක්ලික් කරන්න.

 ඔබ භාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය නම්:
  1. Tor Browser එක බාගත කරගැනීමට ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. 
  1. ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංගය සොයාගන්න.
  1. ඔබේ පරිගණකයේ ඔබට අවශ්‍යය තැනක අදාල file එක save කරගන්න.
  1. බාගත කිරීම අවසන් වූවාට පසුව, අදාල බාගත කිරීම සිදුවූ ස්ථානයට යන්න.
  1. එම ගොනුව මත Right Click කරන්න. 
  1. "Extract Here" යන්න තෝරාදෙන්න.
  1.  ඉන්පසුව folder එකක් ඔබට දිස්වෙනු ඇත. එය මත ක්ලික් කරන්න. 
  1. "Tor Browser Setup" කියන තැන මත double click කරන්න. එවිට Tor Browser එක ඔබට දිස්වෙයි.

ඔබ භාවිතා කරන්නේ Mac මෙහෙයුම් පද්ධතිය නම්:
  1. Tor Browser එක බාගත කරගැනීමට ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
  1. ඔබේ මෙහෙයුම් පද්ධතියට හා භාෂාවට ගැලපෙන පරිදි අදාල බාගත කරගැනීමට සිදුකරගන්න. 
  1. බාගත කරගැනීම සම්පූර්ණ වූවාට පසුව, ඔබ එම මෘදුකාංගය save කරපු ස්ථානය විවෘත කරගන්න. (සාමාන්‍යයෙන් මෙය බාගත වන්නේ ඔබේ Download ඩිරෙක්ටරි එකටයි.)
  1. එහි තිබෙන ".dmg" ගොනු මත double click කරන්න. (බොහෝ වෙලාවට එම ගොනුව "TorBrowser-7.0.2-osx64_en-US.dmg" වැනි ආකාරයෙන් දිස්වනු ඇත.)
  1. ඔබේ මැක් මෙහෙයුම් පද්ධතිය විසින් මෙම ගොනුවෙහි කිසිදු අඩුපාඩුවක් නොමැතිව නියමිත ආකාරයට තිබෙනවාදැයි තහවුරු කරගනු ඇත.
  1. ඉන්පසු නව වින්ඩෝ එකක් open වන අතර, Tor Browser එක ඔබේ applications ෆෝල්ඩරයට ඇද දමන්නට උපදෙස් සපයනු ලබයි. එහි පවසන අයුරින් සිදුකරන්න.

ඔබ Tor Browser එක භාවිතා කරන්නේ කෙසේද?

  1. ඔබේ Tor Browser එකට අදාල folder එක තිබෙන ස්ථානයට යන්න.

    image

  2. එම folder එක විවෘත කරගන්න.

  3. Tor Browser යනුවෙන් සඳහන්ව ඇති ස්ථානය මත ක්ලික් කරන්න.

    image

  4. එවිට configuration වින්ඩෝ එකක් විවෘත වේවි. 

  5. බොහෝමයක් පුද්ගලයන්ට මෙහි ඇති Direct Connection එක අදාල වනු ඇත.

    image

  6. Connect යන්න තෝරා දීමෙන් පසුව ටෝර් බ්‍රවුසරය විසින් සම්බන්ධතාවය ස්ථාපිත කිරීමට ආරම්භ කරයි.

    image

  7. ඉන්පසුව Tor Browser එකෙහි home page එක නව වින්ඩෝවක් මගින් ඔබට දිස්වනු ඇත.

    image

  8. අන්තර්ජාල සම්බන්ධතාවය නිවැරදිව ක්‍රියාත්මක වනවාදැයි කියා දැනගැනීමට මෙතන ක්ලික් කර අදාල වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරගත හැකිය. (ipchicken.com)

  9. ඔබේ IP Address එක ස්වයංක්‍රීයවම එහි පෙන්වනු ලබයි. එහි ඔබේ location එක පෙන්වනු ලබනවාද?

    image

  10. නැතිනම් ඔබ නියමිත පරිදි සම්බන්ධතාවය ගොඩනගාගෙන ඇත. දැන් ඔබට නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරිය හැකිය.

Tor Browser එක VPN එකක්ද?

ටෝර් බ්‍රවුසර් එක Virtual Private Network (VPN - අත්‍යථ පුද්ගලික ජාලයක්) නෙමෙයි. VPN ගැන කතා කරනවනම් වෙනම ලිපියක් ලියන්න වෙනවා. නමුත් කෙටියෙන් VPN කියන එකේ අරමුණ වෙන්නේ ඔබේ පරිගණකයෙන් දුරස්ථ සේවාදායකයකට සංකේතාත්මක හා ආරක්ෂිත සම්බන්ධතාවයක් ඇති කරන එකයි.

මෙන්න මේ හේතුව නිසා ටෝර් බ්‍රවුසරය VPN එකක් වෙන්නේ නැහැ. ටෝර් බ්‍රවුසරයේ ප්‍රධාන කාර්යය වන්නේ ඔබේ දත්ත එක ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීමයි. ඔබේ දත්ත ස්ථානයකට ගමන් කරන සෑම අවස්ථාවකදීම ටෝර් බ්‍රවුසරය විසින් එය සංකේතනය (encrypt) කර නැවත වතාවක් සංකේතනය (re-encrypt) කරනු ලබයි.

Tor Browser එක VPN සමඟ භාවිතා කල හැකිද?

ඔව්, ඔබට VPN භාවිතා කරමින් Tor Browser එක භාවිතා කල හැක. ටෝර් බ්‍රවුසරය ඉහතින් සඳහන් කරා වගේම ආරක්ෂාව සහ වේගයට වඩා නිර්නාමිකභාවය සහ පෞද්ගලිකත්වය කියන කොටස් දෙකට තමයි වැඩි වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ආරක්ෂාව සහ වේගය කියන කොටස් දෙකත් ඔබට අවශ්‍යයනම්, එසේනම් ඔබට ටෝර් බ්‍රවුසර් එකට අමතරව VPN එකකුත් භාවිතා කරන්න පුලුවන්.

VPN එකක් ටෝර් බ්‍රවුසරය සමඟ භාවිතා කිරීමේදී අමතර වාසි කිහිපයක් ඇති අතරම, අවාසි ද තිබෙනවා. ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාස කල හැකි VPN සේවාවක් සොයා ගැනීම වැදගත් වන්නේ මේ නිසායි.

ඔබ ටෝර් බ්‍රවුසරය සමඟ VPN භාවිතා කරා හෝ නැතත් ඔබ විසින් VPN භාවිතා කරනවානම් එය වටින දෙයක්.

Tor Browser එක සමඟ VPN භාවිතා කරනවිට ඔබව සොයාගැනීමට හැකිද?

න්‍යායාත්මකව බැලුවොත් නැහැ. ඔබ ටෝර් බ්‍රවුසරයත් සමඟින් VPN භාවිතා කරනවනම් ඔබට ට්‍රැක් (track) කල නොහැක. කෙසේනමුත් ඔබට VPN පහසුකම සපයන සැපයුම්කරුට ඔබගේ සැබෑ IP ලිපිනයට ප්‍රවේශය තිබෙන නිසා යම් කිසි අවස්ථාවකදී දේවල් සංකීර්ණ විය හැකියි.

ඔබේ VPN සැපයුම්කරු විසින් ඔබේ පෞද්ගලිකත්ව අයිතිය අත්හැර දැමූවහොත්, ඔබගේ IP ලිපිනය රජයේ හෝ නීතියට සම්බන්ධ නිළධාරීන්ගේ අතට පත්විය හැකිය. ඔබව ලුහුබඳින එක පිළිබඳව ඔබ කරදර විය යුතු එකම පුද්ගලයන් ඔවුන් පමණක් නොවෙයි. ඔබ විසින් ටෝර් බ්‍රවුසරය නීති විරෝධී කටයුත්තක් සඳහා භාවිතා කරනවානම්, ඉතාමත් බලවත් හා ශක්තිමත් ස්ක්‍රිප්ට් (script) හෝ අනිෂ්ට මුදෘකාංග (malicious software) වැනි අවදානම් වලට නිරාවරණය වීමේ අවදානයක්ද තිබෙනවා.

වෙනත් විදිහකට කියනවනම්, ඔබ Tor Browser එක සමඟ VPN භාවිතා කලත් ඔබව නිරීක්ෂණය නැතිනම් ට්‍රැක් කරන්න හැකියාවක් තියෙනවා. ඔබට කරදරවලින් වැළකී නිර්නාමිකව සිටීමට අවශ්‍යය නම් ඔබ කල යුතු ප්‍රධානම දේ වන්නේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ අපරාධකරුවන්ට ඔබව ලුහුබැඳීමට අවශ්‍යය වන කිසිවක් නොකිරීමයි.

Tor Browser එක භාවිතා කිරීම නීත්‍යානුකූලද?

ඔව්, ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම නීත්‍යානුකූලයි. ඔබ විසින් මෙම ටෝර් බ්‍රවුසරය පිළිබඳ යම් තරමක් දුරකට හෝ සෙවීම් හෝ පරීක්ෂණයන් කරලා තියෙනවනම්, මේ ටෝර් බ්‍රවුසරයේ අරමුණ වෙන්නේ යම් පුද්ගලයෙකුට නිර්නාමික බව සැපයීමයි. රජයේ නිරීක්ෂණ මට්ටම (surveillance) කොයි විදිහට වුනත් සෑම රටකම වාගේ නිර්නාමිකභාවය (Anonymity) කියන්නේ නීත්‍යානුකූල දෙයක්. ලෝකයේ විශාලතම නිරීක්ෂණ වැඩසටහන් වල නිවහන ලෙස හැඳින්වෙන සමහර රටවල් තියෙනවා. නමුත් තවමත් ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම නීත්‍යානුකූල දෙයක්.

කොහොම නමුත්, වෙනත් ඕනෑම රටක වගේම පුරවැසියන් විසින් අපරාධ ක්‍රියාකාරකම් සඳහා ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම තවමත් නීති විරෝධී ය. ඔබ කිසියම් රටක පදිංචිව සිට අපරාධයක් කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීමට අදහස් කරනවානම්, ටෝර් බ්‍රවුසරය පවා ඔබව හෝ ඔබේ අනන්‍යතාවය ආරක්ෂා නොකරනු ඇත.

Tor Browser එක ලබා දෙන්නේ නොමිලේද?

ඔව්, ටෝර් බ්‍රවුසරය නොමිලේ භාවිතා කල හැක. නමුත් ඔබට හැකියාවක් හෝ කැමැත්තක් තිබෙනවානම් ඔවුන්ගේ මෙම වැඩපිළිවෙලට මූල්‍යම අතින් සහයෝගය ලබාදෙන්න, ඔවුන් විසින් ඔවුන්ගේ ව්‍යාපෘතියේ අනාගත සංවර්ධනය සඳහා පරිත්‍යාග භාරගනු ලබනවා.

මොකක්ද මේ Dark Web (අඳුරු වෙබ් අඩවි) කියන්නේ?

මේ ගැන සම්පූර්ණයෙන්ම අපි වෙනම ලිපියක් මඟින් කතා කරමු. නමුත් කෙටි වශයෙන් හැඳින්වීමක් කරන්නම්. ඩාර්ක් වෙබ් කියන්නේ අන්තර්ජාලය තුළ සුචිගත නොකළ (non-indexed) කොටසක් වන අතරම එම කොටසට ප්‍රවේශ වීමට අවශ්‍යයනම් ඔබට ඒ වෙනුවෙන් නිශ්චිත මුදෘකාංග අවශ්‍ය වෙනු ලබනවා. ඒවගේම, ඔබට මේ ඩාර්ක් වෙබ් පිළිබඳව කුතුහලයක් තිබෙනවානම් එම කුතුහලය සංසිදුවා ගැනීමට හා ඒ හරහා ආරක්ෂා වීමට අවශ්‍යය නම් ඔබට ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීමට සිදුවෙනවා.

මෙම ටෝර් බ්‍රවුසරය කියන්නේ ඩාර්ක් වෙබ් අඩවි වල නිවහන විදිහට හැඳුන්වූවොත් නිවැරදියි. නැතිනම් අවම වශයෙන් එයින් කොටසක්වත් වනු ලබනවා. ".Onion" කියන ඩොමේන් (domain) එක භාවිතා කරමින් බොහෝ අය මේ ටෝර් බ්‍රවුසරය බාගත කරගෙන (download) තමන්ගේම කියලා සැඟවුණු සේවාවන් නිර්මාණය කරගන්නවා. මේ සේවාවන් අතර මත්ද්‍රව්‍ය, ව්‍යාජ භාණ්ඩ, ගිනි අවි වගේම නීති විරෝධී නිශ්පාදනයන් සහ ඝාතකයන්ද මේ අතර වෙනවා.

ටෝර් බ්‍රවුසරය නිර්මාණය කරලා තියෙන්නේ යම් පුද්ගලයෙකුට නිර්නාමිකභාවයක් අත්කරදීමේ අභිප්‍රාය මූලික කරගෙනයි. මේ නිසාම අපරාධකරුවන් පරිගණක තිරයක ආරක්ෂාවක් ලබාගෙන එහි පිටුපස ඔවුන්ගේ අපිරිසිදු, අශිෂ්ඨ ක්‍රියාකාරකම් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් මේ ටෝර් බ්‍රවුසරයේ සේවය ලබාගනු ලබනවා.

ඇත්තවශයෙන්ම, සමහර පරිශීලකයන් ඔවුන්ට මේ ඩාර්ක් වෙබ් එක ගැන තියෙන කුතුහලය තෘප්තිමත් කරගන්නත් මේ ඩාර්ක් වෙබ් එක ගවේෂණය කරනු ලබනවා.

Dark Web භාවිතා කිරීම නීති විරෝධීද?

ළමා කාමුක දර්ශන හෝ මිනිස් ජාවාරම වැනි නීති විරෝධී අන්තර්ගතයන් සපයන වෙබ් අඩවි ගවේෂණය නොකරන්නේ නම් අඳුරුවෙබ් අඩවි නැතිනම් ඩාරක් වෙබ් (Dark Web) භාවිතා කිරීම නීති විරෝධී නොවේ.

බ්ලැක් මාකට් (Black Market) භාණ්ඩ මිලදී ගැනීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ඩාර්ක් වෙබ් භාවිතා කිරීම නීති විරෝධී වෙනවා. ඔබ ඩාර්ක් වෙබ් විමර්ශනය කිරීමට තෝරා ගන්නේ නම්, වැදගත් දෙය වන්නේ වෙබ් අඩවි පිරික්සීසේදී ආරක්ෂිතව සිටීමයි. හැකිතාක් අවදානම් වළක්වා ගැනීම සඳහා සෑම අවස්ථාවකම ටෝර් බ්‍රවුසරයත් සමඟ VPN භාවිතා කළ යුතුය.

Dark Web එකට Tor Browser එක නොමැතිව පිවිසිය හැකිද?

තාක්ෂණික වශයෙන් බැලුවොත්, ඔව්. ඔබට ටෝර් බ්‍රවුසරය භාවිතා කරන්නේ නැතුව ඩාර්ක් වෙබ් වෙත පිවිසීමට හැකියාවක් තියෙනවා. ඔබ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවෙනවානම් ඔබට Tor2web කියන ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කරන්න පුලුවන්. මේ ව්‍යාපෘතිය හරහා ටෝර් බ්‍රවුසරයේ තියෙන ".onion" කියන ඩොමේන් එකට ප්‍රොක්සි (proxie) හරහා ප්‍රවේශ වීමට ඉඩ ලබාදෙනවා.

Tor2web කියන ව්‍යාපෘතිය පහසු දෙයක් වුනත් ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැහැ. අන්තර්ජාලය පිරික්සීමේදී ඔබට ඇති ඉලක්කයක් වන්නේ ඔබේ අන්තර්ජාල අනන්‍යතාවය (internet identity) සහ ඔබේ පද්ධතිය (system) අනිෂ්ඨ චේතනාවක් ඇති දේවල් වලින් (malicious intent) ආරක්ෂා කිරීමයි. Tor2web භාවිතා කරනවානම් ඔබට එම ඉලක්කයන් සපුරාගත  නොහැක. ප්‍රොක්සි (proxy) හරහා ඩාරක් වෙබ් වෙතය ප්‍රවේශ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම අදාල proxy ක්‍රියාකරුට ඔබ අන්තර්ජාලය තුල සිදුකරන සියළුම ක්‍රියාකාරකම් (web traffic) නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. නමුත් සියලුම proxy සේවාවන් ලබාදෙන ක්‍රියාකරුවන් ඔබේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කරන්නේ නැහැ. නමුත් යම් අවදානමක් තිබෙන බව මතකයේ තබාගැනීම වැදගත් කාරණයකි.


Tor Browser එක වෙනුවට විකල්ප තිබෙනවාද?

ටෝර් බ්‍රවුසරයට සමාන වෙනත් විවිධ ජාල තිබෙනවා. ඔබ ටෝර් වැනි සමාන ව්‍යාපෘති ගැන උනන්දුවක් දක්වනවානම් Freenet සහ I2P යන ව්‍යාපෘති ගැනත් සොයා බලන්න.

මේ ව්‍යාපෘති දෙක අතර යම් යම් සමානකම් දකින්න ලැබුනත් එම ව්‍යාපෘති දෙකම ටෝර් ව්‍යාපෘතියට වඩා වෙනස් බව මතකයේ තබාගන්න. කෙසේ වෙතත්, ඔබ විසින් පර්යේෂණයන් සිදුකරනවානම් හැකි තරම් අන්තර්ජාලය තුල ආරක්ෂිතව සිටීමට වගබලා ගන්න.

Tor Browser එක තුලදී JavaScript අක්‍රීය කිරීම (disable) වැදගත් වෙන්නේ ඇයි?

ජාවාස්ක්‍රිප්ට් අක්‍රීය කිරීම මගින් ඔබ විසින් ටෝර් බ්‍රවුසරය ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තු වන ආකාරයට ක්‍රියාකරන බව සහතික කරන අමතර ආරක්ෂිත පියවරක් වනු ලබනවා. Java (ජාවා) කියන්ෙන් සාමාන්‍යෙයන් "ග්‍රාහක පාර්ශවීය ස්ක්‍රිප්ට් ලිවිය හැකි භාෂාවක්" (client side scripting language). වෙනත් ආකාරයකින් කියනවානම් මෙහි කේත ලියා ඇත්තේ HTML පිටුවලයි.

ඒ කියන්නේ ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරයට අනිෂ්ඨ ස්ක්‍රිප්ට් (malicious scripts) ක්‍රියාත්මක කරන පරිශීලකයින්ට ජාවාස්ක්‍රිප්ට් පහසුෙවන්ම වෙනස් කල හැකි බවයි. ටෝර් බ්‍රවුසරයේ සම්පූර්ණම අරමුණ වෙන්නේ ඔබව නිර්නාමිකව සිටීමයි. ඉතින් එම අනිෂ්ඨ ස්ක්‍රිප්ට් වල නිර්මාතෘකරුවන්ට ඔබගේ අනන්‍යතාවය සොයා ගැනීමට සහ අනිසි ලෙස භාවිතා කිරීමට හැකියාවක් තියෙනවානම් ඔබට නිර්නාමික විය නොහැක.

ජාවාස්ක්‍රිප්ට් ක්‍රියාත්මක නොවීම නිසා සමහර වෙබ් අඩවි නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකරාවි. එවිට ඔබට අවශ්‍යයනම් නැවතත් ජාවාස්ක්‍රිප්ට් තාවකාලිකව සක්‍රීය කරගත හැකියි.

මටම කියලා Tor Hidden Service (සැගවුණු සේවාවක්) පවත්වාගත හැකිද?

ඔව්, ඉතා කුඩා ක්‍රියාකාරකම් කිහිපයකින් අනතුරව ඔබටම කියලා ටෝර් සැගවුණු සේවාවක් පවත්වාගෙන යන්න පුලුවන්. ඔබ අභියෝගයක් භාරගැනීමට සූදානම් නම්, Tor: Hidden Service Protocol (සැඟවුනු සේවා ප්‍රොටොකෝලය) සහ Configuring Hidden Services for Tor (සැඟවුණු සේවා වින්‍යාස කිරීම) යන කොටස් කියවීමෙන් හා තේරුම් ගැනීමෙන් ඔබට එම සේවාවන් ආරම්භ කල හැකියි.

Tor Browser එක Uninstall (අස්ථාපනය) කරන්නේ කෙසේද? 

ටෝර් බ්‍රවුසර් එක uninstall කරනවා කියන එක ඔබේ මෙහෙයුම් පද්ධතියේ තිබෙන folder එකක් මකා දමනවා හා සමාන ලෙස පහසුයි.

(වින්ඩෝස් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා)
ටෝර් බ්‍රවුසරය install කරන විට ඔබේ පද්ධතිය තුල folder එකක් නිර්මාණය කරනු ලබනවා. එමඟින් අවශ්‍යය විටෙක මෙම ටෝර් ජාලය භාවිතා කිරීමට ඉඩ ලබාදෙනු ලබනවා. ඉතින් මෙයින් අදහස් වෙන්නේ ඔබට ටෝර් බ්‍රවුසරය uninstall කිරීමට අවශ්‍යය නම් ඔබට එම Tor Browser එක තිබෙන folder එක මකා දැමිය හැකියි. 
(මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා)
ඔබට Mac මෙහෙයුම් පද්ධතිය තුලදී අදාල පද්ධතියෙන් හෝ තෙවන පාර්ශවීය මෘදුකාංගයක් භාවිතා කිරීම මඟින්ද මෙම ටෝර් බ්‍රවුසරය uninstall කරගත හැක. නමුත් මැක් මෙහෙයුම් පද්ධතියෙන් ටෝර් බ්‍රවුසරය ඉවත් කිරීම වින්ඩෝස් සහ ලිනක්ස් භාවිතා කරන්නන්ට පහසු නැත. 
ඔබට ටෝර් බ්‍රවුසරයෙන් ඉවත්ව අදාල folder එක තිබෙන ස්ථානයට ගොස් එම folder එක මකා දමා මෙම uninstall කිරීම සිදු කල හැක. නමුත් මැක් මෙහෙයුම් පද්ධතිය විසින් ඔබ uninstall කරන වැඩසටහන් වල සේවා ලිපිගොනු (service files) සැඟවුනු folder මත වෙන්කර තිබීම හේතුවෙන් ඔබට එයිනුත් ටෝර් බ්‍රවුසරයේ සේවා ලිපිගොනු ඉවත් කිරීමට සිදුවනවා. එම ක්‍රියාවලිය කිරීමට පහත පරිදි අනුගමනය කරන්න.

  •  Finder මෙනු එක භාවිතා කරමින් ඔබගේ තිරයේ ඉහළින් ඇති Go මෙනුව තෝරන්න.
  •  Go to Folder යන්න තෝරන්න.

  •  එවිට වින්ඩෝ එකක් open වේවි. එතනට "~/Library" යන්න ඇතුලත් කර Go කියන සිලෙක්ට් කරන්න.
  • ඉන්පසු ටෝර් බ්‍රවුසරයේ ඉතුරුව ඇති පහත folder කිහිපය ද සොයාගෙන ඒවාද මකා දමන්න.
  • ~/Library/Application Support/TorBrowser-Data
  • ~/Library/Preferences/org.mozilla.tor browser.plis

  • අමතර ආරක්ෂාව සඳහා පහත දැක්වෙන උප ෆෝල්ඩර් වල ටෝර් බ්‍රවුසරයෙහි කොටස් ඉතිරිව නොමැති බව දෙවරක් පරීක්ෂා කර බලන්න.
  • ~/Library/Caches/…
  • ~/Library/Containers/…
ඔබේ මැක් මෙහෙයුම් පද්ධතියෙන් Tor Browser එක ඉවත් කිරීමට ඇති අනෙක් ක්‍රමය වන්නේ තෙවන පාර්ශවීය වැඩසටහනකි (third-party program). මේ සඳහා ඔබට App Cleaner & Uninstaller Pro කියන මෘදුකාංගය නොමිලේ භාවිතා කල හැකියි. මෙම මෘදුකාංගය ටෝර් බ්‍රවුසරය ඉවත් කිරීමට පමණක් නොව ඕනෑම මෘදුකාංගයක් සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් ඉවත් කිරීමට භාවිතා කල හැකිය.

අවසානයට පෙර

මුලින් සඳහන් කරා වගේම ටෝර් බ්‍රවුසරය කියන්නේ ඔබේ සබැඳි ආරක්ෂාවට අමතර ආරක්ෂාවක් එක් කල හැකි අපූරු ක්‍රමයක්. අන්තර්ජාලයෙහි ඇති වෙබ් පිටු පිරික්සීමට ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීමෙන් අන්තර්ජාලය තුල ඔබට ඇති පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිය හැක. එමෙන්ම බුද්ධි/ නිරීක්ෂණ සංවිධාන ලොව පුරා ප්‍රචලිත වීමත් සමඟම ඔබට හැකිතාක් කාලයක් ඔබවම අන්තර්ජාලය තුලදී ආරක්ෂා කරගැනීම වැදගත් කරුණකි. වාසනාවකට මෙන් ඔබ විසින් මෙම Tor Browser එක භාවිතා කරනවානම්, ඔබ දැනටමත් ඔබේ පෞද්ගලිකත්වයට ඇති නෛතික අයිතිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර රැගෙන ඇත.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Google Pay නිසා ඉන්දියාවේදී ගූගල් සමාගමට විශ්වාසභංග නඩුවකට මුහුණ දීමට සිදුවෙයි.

Google Pay set to tap into 12 million kirana stores in India ...

ගූගල් (Google) සමාගමේ කොටසක් වන Google Pay (ගූගල් පේ) කියන යෙදුම ඉන්දියාව තුළ වංචනික ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගූගල් සමාගමට ඉන්දියාව තුල විශ්වාසභංග නඩුවකට මුහුණ දීමට සිදුව ඇති පවට රොයිටර් පුවත් සේවය හරහා ලෝකයාට දැනගන්නට ලැබුනා.

රට තුළ ඇති තරඟකාරී තත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාව තුළ පිහිටුවා ඇති කොමිෂන් සභාව (The Competition Commission of India - CCI) විසින් Alphabet (ඇල්ෆබර්ට්) ආයතනයේ ගූගල් සමාගම විසින් තම ගූගල් පේ රටතුල ඉස්මතු කිරීම සඳහා සිය වෙළඳපල ආධිපත්‍යය ගසාකන බවට එල්ලවන චෝදනාවන් විමර්ශනය කරමින් සිටී.

මෙම ක්‍රියාදාමය තුලින්, ඇමරිකානු ජනපදයේ තාක්ෂනික දැවැන්තයා ලෙස සැලකෙන ගූගල් සමාගම විසින් ඉන්දියාවේ ඇති මේ හා සමගාමීව තිබෙන ඇප්ලිකේෂන් වලට අසාධාරණයක් වෙන අන්දමින් තමන්ගේ ගූගල් පේ වෙත වාසියක් ලබාදීම නිසා ඒ මඟින් ඉන්දියාවේ පාරිභෝගිකයන්ට සහ අනිකුත් මුදල් ගෙවීමේ ක්‍රමවලට දැඩි හානියක් සිඳුවනු ඇත.

මෙම පැමිණිල්ල පෙබරවාරි මාසයේදී ගොනු කරනු ලද අතර, ගූගල් සමාගම විසින් ඔවුන්ගේ Google Pay යෙදුම ඉන්දියාව තුලදී වැඩිවශයෙන්ම ප්‍රවර්ධනය කර ඇත්තේ ඉන්දියාව තුල ක්‍රියාත්මක වන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල ඇති ගූගල් සමාගමේම Play Store (ප්ලේ ස්ටෝර්) හරහායි. මේ නිසා මෙම Google Pay ලෙසට ක්‍රියාත්මක වන අනිකුත් තරඟකරුවන්ගේ ජංගම ගෙවීම් යෙදුම් වලට අවාසියක් සිදුවනු ඇත. ගූගල් හරහා කරනු ලබන සෙවීම් (search) හැසිරවීම භාවිතා කරමින් Google Pay ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙම විශ්වාසභංගයට චෝදනා ලබන හේතුවක් වනු ලබනවා.

CCI විසින් ගූගල් සමාගම වෙත මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර, නියමිත කාල පරාසය තුල මේ වෙනුවෙන් ගූගල් සමාගමින් පිළිතුරු ලබාදීම සිදු කල යුතුයි. එමෙන්ම වාර්තා වන අන්දමට CCI විසින් මෙම පැමිණිල්ල කරනු ලැබූ පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ අනන්‍යතාවය රහසිගතව තබාගෙන ඇත.

මේ වන විට CCI හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් මෙම නඩුව සමාලෝචනය කරමින් සිටින අතර එයින් අදහස් කරන්නේ ගූගල් සමාගමට ප්‍රතිපිළිතුරු සැපයීමෙන් පසුව ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙල පිළිබඳව තීරණය කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

CCI විසින් මෙම විශ්වාසභංගය මෙහෙයවනු ලබන ඔවුන්ගේ සාමාජිකයන්ට වඩාත් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට උපදෙස් ලබාදී ඇත. මේ පිළිබඳව පරීක්ෂණයන් ආරම්භ කෙරූ දවසේ සිට මේ වනතෙක් CCI ආයතනය විසින් තමන් සොයාගත් කිසිම දෙයක් පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

ඉන්දියාව තුලදී ගූගල් සමාගමට එරෙහිව විශ්වාසභංග පැමිණිල්ලක් ගොනු කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 වසරේදී CCI විසින් ගූගල් සමාගමට ඩොලර් මිලියන 21.17ක දඩයක් නියම කරනු ලැබුවා. ඒ ගූගල් සෙවීම තුලින් සිදුකරනු ලැබූ අනිසි භාවිතයන් නිසා එය භාවිතා කරන තරඟකරුවන්ට මෙන්ම පරිශීලකයන්ටද හානියක ලෙසයි. මෙසේ ක්‍රියාවන් සිදුවී තිබියදීත් ගූගල් සමාගම විසින් කිසිම ගණනකට නොගෙන එම ක්‍රියාපටිපාටියන් නැවත නැවත කිරීම සිත්ඇදගන්නා සුළු කරුණකි.

w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

අලුත්ම ADB සහ Fastboot SDK ෆ්ලැට්ෆෝම් එක බාගන්න (ඇන්ඩ්‍රොයිඩ් සඳහා)



Android SDK නැත්නම් Android Studio කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් නිපදවන ඩිවලපර්ලාගේ සහයට පාවිච්චි කරන්න තියෙන ඇප්ලිකේෂන් දෙකක්. කොහොම නමුත්, ෆෝන් එකේ බූට්ලෝඩර් අන්ලොක් කරන එක, බූට් එක හරි රිකවරි ඉමේජ් එකක් හරි නැත්නම් ෆුල් ෆැක්ටරි ඉමේජ් එකක් හරි ෆ්ලෑෂ් කරගන්න එක තමුන්ටම කරගන්න පුලුවන් දෙයක්නේ. ඕකට ඩිවලපර්ලා ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ දේ කරගන්න ඔයාලට සම්පූර්ණම Android SDK එක නැත්නම් Studio ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුලුවන් දැන් නවතම ADB සහ Fastboot ෆයිල්ස් පමණක් ඇතුලත් වෙලා තියෙන SDK ෆ්ලැට්ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න.

කලින්නම් මේ ටික විතරක් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තිබුනේ නැහැ. හැබැයි දැන් ගූගල් සමාගම විසින්ම ඒ අයගේ Google Developer වෙබ් අඩවිය හරහාම බාගත කරගන්න ඉඩ ලබා දීලා තියෙනවා.

මේ අලුත් ක්‍රියාදාමයට කලින් යම් කෙනෙක්ට මේ ඇප්ලිකේෂන් එක බාගත කරගන්න අවශ්‍යය වුනානම් ඒ පුද්ගලයාට 400MB සිට 1.6GB දක්වා දත්ත ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ කොටස් කිරීම නිසා අපිට මේ වැයවන දත්ත ප්‍රමාණය 10MB වලටත් වඩා අඩුයි.

පහතින් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ඇති ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Download Latest ADB and Fastboot (Windows/Mac/Linux)





අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔබ විසින් ඩවුන්ලෝඩ් කරගන්නා ලද ස්ථානය මත zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඒ කරලා ෆෝල්ඩර් එක ඕපන් කරලා, "platform-tools" කියන කමාන්ඩ් වින්ඩෝ එක රන් කරන්න.



CMD එක හරියට රන් කරගන්න ඕනනම්, ෆෝල්ඩර් එක ඇතුලේ හිස් තැනක මවුස් කර්සර් එක තියලා කී බෝඩ් එකේ Shift එකයි මවුස් එකේ Right click එකයි (Shift + Right click) කියන බටන් දෙක එකට ඔබන්න. ඒ කරලා "Open command window here" කියන ඔප්ෂන් එක තෝරන්න.



මොකක් හරි ගැටලුවක් තිබුනොත් අහන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

Top 5 Battery Saver Android Apps


බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්ට ඇති ගැටළුවක් වන්නේ ඔවුන්ගේ දුරකථනයේ බැටරි ආරෝපණය ඉතාමත් වේගයෙන් බැස යාමයි. දැනට තිබෙන බැටරි ආරෝපණය යම් කාලයක් වැඩිපුර පවත්වාගැනීමට හැකියාවක් ඇති ඇප්ලිකේෂන් රාශියක් පෞද්ගලිකවම පරීක්ෂා කිරීමෙන් අනතුරුව දැනට තිබෙන හොඳම බැටරි ආරෝපණය රැකගැනීමේ ඇප්ලිකේෂන් පහක් දක්වා අඩු කරගැනීමට හැකිවිය. මෙම ලිපියෙන් දැක්වෙන්නේ එම ඇප්ලිකේෂන් පහයි.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2 (Android): Download and Race


ඔබ කවුරුත් රේසින්ග් ක්‍රීඩා වලට කැමැත්තක් දක්වනවා නියතයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔබ තිබෙන හොඳම රේසින්ග් ක්‍රීඩාවන් මොනවාදැයි මේ වනවිටත් නොදන්නවා විය නොහැක. මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට පැමිණ ඇති ජනප්‍රියම ක්‍රීඩාවන් වන්නේ Asphalt 8, GR Racing 2 සහ Real Racing 3 යන ක්‍රීඩාවනුයි. මේ දුරකථන ක්‍රීඩා තුනටම තමන්ටම කියලා අනන්‍යතායක් තිබෙනවා. මමත් පෞද්ගලිකවම මෙම ක්‍රීඩාවන් තුනම ක්‍රීඩාකර තිබෙන අතර ගොඩක් ලොකු කැමැත්තක් දක්වනවා. මේ ක්‍රීඩාවන් තුන තමයි මම අලුත් දුරකතනයක් ගත් සැනින්ම ස්ථාපනය කරනු ලබන්නේත්. නමුත්, බෙන්ච්මාර්ක් අතින් ගත්විට මේ ඇස්පල්ට් 8, රියල් රේසින්ග් 3 සහ ජීටී රේසින්ග් 2 යන ක්‍රීඩාවන් දුරකථනයෙන් දුරකථනයට දක්වන ක්‍රියාකාරිත්වය වෙනස් වනු ඇත.

How to Know If Samsung Galaxy Phone is Genuine or Fake/Cloned


සැම්සුන්ග් සමාගමේ සියලුම ගැලක්සි දුරකථන මාදිලියන්හි ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය වනුයේ ඇන්ඩ්‍රොයිඩ්ය. ඇන්ඩ්‍රොයිඩ් යනු Open source (විවෘත මෘදුකාංග) ගනයට අයත් වන මෙහෙයුම් පද්ධතියක්. Open source එහෙමත් නැත්නම් විවෘත මෘදුකාංගයන් යනු කුමක්දැයි දැනගැනීමට පහත සඳහන් ලිපිය නරඹන්න.


මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් වූ නිසා ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍යය කරනු ලබන උපකරණයකට ගැලපෙන අයුරින් කේතයන් වෙනස් කරගැනීමට හැකියාවත් ඇත. මේ හේතුව නිසා සමහරක් දුරකථන නිපදවන සමාගම් හෝ පුද්ගලයන් මෙය තමන්ගේ වාසියක් බවට හරවා ගනු ලැබේ. ඒ, ජනප්‍රියතාවයෙන් ඉහළ ඇති දුරකථනයන් හා සමානව ඔවුන් නිර්මාණය කරනු ලබන බාල/දුර්වල දුරකථනයන්ට එම මෘදුකාංගයන් යොදා අඩු මුදලකට විකුණා ඔවුන් මුදල් හම්බකරගනු ලබයි. ඉතාමත් අඩු මිළ මට්ටමකට මෙම දුරකථනයන් විකුණනු ලබන නිසා බොහෝමයක් පාරිභෝගිකයන් මෙම මිළ මට්ටම සැලකිල්ලකට ගෙන එම දුරකථන මිළඳී ගැනීමක් සිඳු කරනු ලබයි. නමුත් එම දුරකථන වල ඇති දුර්වලතාවයන් ගැන ඔවුන්ට කිසිම දැනීමක් නොමැත. 

මෙම ලිපිය මඟින් සැම්සුන්ග් ගැලක්සි ජංගම දුරකථන මාදිලිය සැම්සුන්ග් සමාගම විසින් නිපදවනු ලද original එසේත් නොමැතිනම් මූලික පිටපතක්ද, එසේත් නොමැතිනම් වෙනත් සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් නිපදවනු ලද බොරු/බාල දුරකථනයක්ද යන වග දැනගත හැකි ක්‍රම කිහිපයක් ඔබට දැනගන්නට හැකියාවක් ලැබෙනු ඇත.

බොහෝ ව්‍යාජ දුරකථන් සමඟින් මූලික පිටපතක් සංසන්දනය කර බලන විට පිටතින්ම එය මූලික පිටපතක්ද නැතිනම් ව්‍යාජ පිටපතක්ද යන්න තේරුම් ගැනීමට හැක. ඔබ භාවිතා කරන්නේ කුමන සැම්සුන්ග් ගැලක්සි දුරකථනයක් වූවත්, එහි ඇති යම් පිටතට පෙනෙන්නට තිබෙන කාරණා මඟින් පහසුවෙන්ම ව්‍යාජ පිටපත් වෙන් කර හඳුනා ගැනීමට හැකියාවත් ඇත.

මෙම පහත පින්තූරයෙන් දක්වා ඇති කරුණු සියලුම ගැලක්සි දුරකථනයන්ට පොදු ලක්ෂණයන් වනු ඇත. ඒ මඟින් ඔබට සරල නිගමනයකට එලෙබීමට හැකියාවක් ලැබේ.

01. දුරකථනයේ තිරයෙහි දීප්තිමත් බව (brightness) සහ vibrate භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැම්සුන්ග් සමාගම විසින් ගැලක්සි දුරකථනයන්ට යොදවනු ලබන AMLOED තිරයන්හි ඇත්තේ අපගේ ඇසට ප්‍රියමනාප පෙනුමක් ඇති පැහැයන්ය. ස්වාභාවික වර්ණයන් මෙම තිරයන්ට පෙන්වන්නට හැකියාවක් ඇත. එමෙන්ම, එහි ඇති වයිබ්‍රේට් තත්වය ඉතාමත් සියුම් එකකි. නමුත්, ව්‍යාජ දුරකථනයන් වල තිරයෙහි ඇත්තේ තද සුදු පැහයකි. එය තිරය වසා දමනු ලැබූවත් යාන්තමින් දක්නට ලැබේ. නමුත්, ඔරිජිනල් ගැලක්සි දුරකථනයක තිරය වසා දැමුවහොත් එසේ කිසිම අයුරකින් කිසිම පැහයක් නොපෙන්වනු ලබන අතර තනිකරම කලු පැහැති තිරයක් පමණක් දිස්වෙයි. දීප්තියේද අඩුවක් දක්නට ලැබෙනු ඇත. එමෙන්ම ව්‍යාජ දුරකථයන් වල වයිබ්‍රේට් තත්වය ඉතාමත් ඉහළ අගයක් ගනු ලැබේ. කිසිම සියුම් ගතියක් නොමැත.

02. දුරකථනයේ තිරයෙහි දෙපැත්තෙහි ඇති දාරයෙහි පරතරය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ව්‍යාජ දුරකථනයන් වල තිරයේ සිට දුරකථනයේ අවසන් දාරයට ඇති පරතරය වැඩිවනු ඇත.

03. ඉදිරිපස ඇති SAMSUNG සන්නායක නාමය (logo) මත ඔබගේ ඇඟිල්ල ගෙන යන්න. ව්‍යාජ දුරකථනයන් වල ඇති සැම්සුන්ග් සන්නායක නාමය ඔබගේ ඇඟිල්ලට ඉදිරියට නෙරා පැමිණ ඇති බවක් දැනෙන්නට ඇත. ඔරිජිනල් දුරකතනයන් වල එසේ සන්නායක නාමය ඔබේ ඇඟිල්ලට දැනෙන්නේ නොමැත. එසේ ඇඟිල්ලට දැනෙන සන්නායක නාම ඇති ව්‍යාජ දුරකථනයන්වල ඇති එම නාමය පහසුවෙන් ගලවා ඉවත් කරන්නටද හැකියි.

04. දුරකථනයෙන් පිටත ඇති බොත්තම පිළිබඳ සැලකිලිමත් වෙන්න. Home, Power, Volume button පිළිබඳ සැලකිල්ලක් දැක්වූ විට ඒවාගේ ප්‍රමිතිය සහ තිබිය යුතු ස්ථානයන් ව්‍යාජ දුරකතනයන් වල වෙනස්ව දක්නට ඇත. ඉහත පින්තූරයේ දක්වා ඇති අයුරින්ම, එම බොත්තම් වල හැඩය, ප්‍රමාණය වෙනස් වනු ඇත.

05. දුරකථනයෙහි ඇති සෙන්සර් (sensors) පිළිබඳවද අවධානය යොමු කරන්න. ව්‍යාජ දුරකථනයන් වල සමහරක් සෙන්සර් දක්නට නොලැබෙන අතර, සෙන්සර් තිබේනම් ඒවා ඇති ස්ථානයන් වෙනස් වනු ඇත. 

06. තිරය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න. තිරය මත ඔබගේ ඇඟිල්ල රැගෙන යන විට එය වීදුරුවක් අයුරින් නොව ප්ලාස්ටික් තිරයක් මෙන් දැනෙනාවනම් එය ව්‍යාජ දුරකථනයකි. බොහෝ දුරට මෙම ව්‍යාජ දුරකථනයන් වල තිරය මත ඇඟිල්ල යම්තාක් බරක් යොදා තද කරනු ලැබූ විට එම තිරය දුරකථනය තුලට එබෙන බව ඔබට දැනෙනු ඇත.

ක්‍රියාකාරිත්වය අනුව ව්‍යාජ ගැලක්සි දුරකථනයක්ද වග දැනගන්න.

සමහර ව්‍යාජ ගැලක්සි දුරකථනයන් වල පිටතින් බලා එය ව්‍යාජ එකක්ද නැතිනම් මූලික පිටපතක්ද යන වග තේරුම් ගැනීමට අපහසුතාවයක් ඇතිවනු ඇත. කෙසේ වූවත්, දුරකථනයේ ක්‍රියාකාරිත්වය (performance) පිළිබඳව අවධානයක් යොමු කල විට, ව්‍යාජ දුරකථනයක්නම් දුරකථනයෙන් කිසිම වැඩක් කරගන්නට බැරි තරමට මන්දගාමී වනු ලබයි. පහත සඳහන් ඒවාද උත්සාහ කර බලන්න.

01. දුරකථනය තුල ඇති ඇප්ලිකේෂන් (applications) එකවර කිහිපයක්ම විවෘත කරන්න. Music player එක විවෘත කර ගීතයක් වාදනය වීමට ඉඩ හරින්න. ඉන්පසුව, එයින් පිටවෙන්නේ නැතිව Home button එක ඔබා එම ඇප්ලිකේෂන් එක ධාවනයට වන්නට ඉඩදී තවත් ඇප්ලිකේෂන් කිහිපයක්ම විවෘත කරන්න. කිසිදු ඇප්ලිකේෂන් එකකින් පිටනොවෙන්න. ඒ වෙනුවට Home button එක ඔබා අනිත් ඇප්ලිකේෂන් විවෘත කරන්න. ව්‍යාජ දුරකථනයක්නම් ඔබ ඇප්ලිකේෂන් හතරක් පමණ එකවර ක්‍රියාත්මක කරන විට එය මන්දගාමී වනු ඇත. නැතිනම් ක්‍රියාත්මක නොවී stuck වෙනු ඇත.


02. කැමරාව පිළිබඳ සැලකිලිමත් වන්න. පින්තූර කිහිපයක් දුරකථනයේ කැමරාව භාවිතා කර ලබාගන්න. කැමරාව විසින් පින්තූරයක් ලබාගැනීමට ගතවන කාලය පිළිබඳව සැලකිලිමත් වන්න. එකවර පින්තූර කිහිපයක් ගන්නා විට බොහෝ ව්‍යාජ දුරකථනයන් stuck වනු ඇත. එමෙන්ම ව්‍යාජ ගැලක්සි දුරකථනයන් වල පින්තූර වල ගුණාත්මකභාවය (quality) බොහෝසෙයින් අඩු මට්ටමක පවතියි. එමෙන්ම, කැමරාව විවෘත කර එහාට මෙහාට රැගෙන යන විට තිරයෙහි දක්නට ලැබෙන දර්ශනය කැඩි කැඩී සෙමින් ඔබට කැමරාව එහාට මෙහාට සොලවන විට දක්නට ලැබෙයිනම් එයද ව්‍යාජ දුරකථනයක් හදුනාගැනීමේ එක් ලක්ෂණයක් වනු ඇත.


03. බොහෝමයක් අලුතින් පැමිණෙනු ලැබූ ගැලක්සි දුරකථනයන් වල වීඩියෝ කරන අතරතුර පින්තූර ගැනීමේ හැකියාවක් පවතියි. නමුත් මෙම ව්‍යාජ දුරකථනයන් වල එම පහසුකම දක්නට නොලැබේ.


සැම්සුන්ග් කයිස් (Samsung Kies) භාවිතා කර අව්‍යාජ ගැලක්සි දුරකථන හඳුනා ගන්න

දැනට අව්‍යාජ එසේත් නොමැතිනම් ඔරිජිනල් ගැලක්සි දුරකථනයක් හඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් වන්නේ සැම්සුන්ග් කයිස් මෘදුකාංගය භාවිතා කිරීමයි. සැම්සුන්ග් කයිස් මෘදුකාංගය විසින් ඔබේ දුරකථනය පිළිබඳ විස්තර සොයා බලා අදාල දුරකථනය පිළිබඳ විස්තර ඔබගේ පරිගණක තිරය මත අදාල මෘදුකාංගය මඟින් පෙන්වනු ලබයි. ඔබේ දුරකථනය සැම්සුන්ග් කයිස් මඟින් හඳුනාගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න:

01. Samsung Kies බාගත කරගෙන ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගන්න.


02. ඔබට ලැබී ඇති USB කේබලය භාවිතා කර, දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.


03. කයිස් විසින් ඔබගේ දුරකථනයෙහි නම සහ එහි ඇති මෘදුකාංගයන් පිළිබඳ තොරතුරු ඔබට දිස්කරනකම් මොහොතක් සිටින්න. එසේ තොරතුරු කයිස් විසින් ඔබට පෙන්වනු ලබයිනම් එය ඔරිජිනල් දුරකථනයක් යනුවෙන් අපට සැලකිය හැකියි.


04.  ඔබගේ දුරකථනය හඳුනා නොගත්තොත්, නැවත කේබලය ගලවා සවිකරන්න. කේබලයේ යම් පලුද්දක් ඇතිදැයි පරීක්ෂා කරන්න. එසේ කිසිවක් නොමැතිනම්, එම දුරකථනය ව්‍යාජ එකක් බව සැලකීමට හැක.


යෙදුම් මඟින් සැම්සුන්ග් ගැලක්සි දුරකථනයක් අව්‍යාජද යන්න සොයාගන්න

සැම්සුන්ග් ගැලක්සි දුරකථනයන් වලට වෙන්වූ කේතික යෙදවුම් (codes) කිහිපයක් ඇත. ඒවා මඟින් දුරකථනයේ යම් ක්‍රියාකාරකම් පරීක්ෂා කරන්නටද, දුරකථනයේ තොරතුරු දැනගන්නටද හැකියාවක් ඇත. ඔබට කරන්නට ඇත්තේ ඩයල් පෑඩ් (dial pad) එක මඟින් මෙම අංක ලබා දුන්විට ස්වයංක්‍රීයවම දුරකථනය විසින් එම කේත වලට ප්‍රතිචාර දක්වනු ලබයි. බොහෝ දුරට භාවිතා වන සැම්සුන්ග් කේත කිහිපියක් මෙහි දැක්වේ.

*#06# [Displays device IMEI number]
*#1234# [Displays device current firmware]
*#*#1472365#*#* [GPS test settings]
*#*#197328640#*#* [Service mode main menu]
*#*#4636#*#* [Diagnostic and general settings mode]
*#0*# [General Test Mode]
*#0228# [ADC Reading]
*#0283# [Audio Loopback Control]
*#0289# [Melody Test Mode]
*#03# [NAND Flash S/N]
*#0588# [Proximity Sensor Test Mode]
*#0589# [Light Sensor Test Mode]
*#0673# [Audio Test Mode]
*#07# [Test History]
*#0782# [Real Time Clock Test]
*#0842# [Vibra Motor Test Mode]
*#12580*369# [SW & HW Info]
*#1575# [GPS Control Menu]
*#2263# [RF Band Selection]
*#232331# [Bluetooth Test Mode]
*#232337# [Bluetooth Address]
*#232338# [WLAN MAC Address]
*#232339# [WLAN Test Mode]
*#2663# [TSP / TSK firmware update]

මෙම කේතයන් වල ප්‍රධානම කේතයන් කිහිපයක් පමණක් ව්‍යාජ දුරකථනයන් වල ක්‍රියාත්මක නොවේ. එම කේත ක්‍රියාතමක වන්නේ හුදෙක් අව්‍යාජ එසේත් නැතිනම් ඔරිජිනල් දුරකථනයන් වල පමණි.

01. ඔබගේ දුරකථනයේ LCD පරීක්ෂණික කේතය යොදවා බලන්න. ඒ සඳහා ඩයල් පෑඩ් එකෙහි *#0*# යන්න යොදන්න. එවිට පහත දක්වා ඇති පින්තූරයේ මෙන් ඔබගේ දුරකථනයේ එම මෙනුව පැමිණෙනවානම් ඔබේ දුරකථනය ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක. 


02. ඔබගේ දුරකථනයේ IMEI අංකය දිස්වන කේතය යොදවා බලන්න. ඒ සඳහා *#06# යන්න ඩයල් පෑඩ් එකෙහි සඳහන් කරන්න. එහි දැක්වෙන IMEI අංකය ඔබගේ දුරකථනයේ පිටුපස සඳහන්ව ඇති අංකයට සමාන විය යුතුය.

03. ඔබගේ දුරකථනයේ සංස්කරණය (version) කුමක්දැයි බලන්න. ඒ සඳහා, *#1234# යන්න ඩයල් පෑඩ් එකෙහි සඳහන් කරන්න. 

ඉහත සඳහන් ක්‍රම තුනම ඔබගේ දුරකථනයේ පෙන්වනු ලැබුවේ නැතිනම්, එයින් අදහස් වනුයේ එම දුරකථනය ව්‍යාජ දුරකථනයක් බවයි.

ඔබ සැලකිලිමිත් විය යුතු තවත් කරුණු කිහිපයක්

• බොහෝ විට ව්‍යාජ දුරකථනයන් වල ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය දක්වන කොටසේ ඇති සංස්කරණ අංකය වෙනස් විය හැක. උදාහරණ වශයෙන් ගතහොත් Jellybean ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ගන්න. එහි අන්තිම සංස්කරණය වන්නේ 4.2.2 ය. නමුත් මෙම ව්‍යාජ දුරකථනයන් වල බොහෝවිට එය 4.2.6 වැනි අයුරින් පෙන්වනු ලබයි. නමුදු 4.2.6 යනුවෙන් සංස්කරණයක් ගූගල් සමාගම විසින් නිපදවා නොමැත.

• දුරකථනයෙහි මතක ධාරිතාවය (internal storage) 32GB වැනි අයුරකින් පෙන්වූවත් එය එසේ නොවේ. ඇත්තේ 5GB වලට වඩා අඩු මත ධාරිතාවයකි. එයිනුත් අපට ප්‍රයෝජනයට ගත හැකිවන්නේ 2GB වලටත් වඩා අඩු ධාරිතාවයකි.

• *#0*# යන කේතය අව්‍යාජ දුරකථනයන් වල පමණක් ක්‍රියාත්මක වූවාට, HDC නමින් නිර්මාණය කරනු ලබන ව්‍යාජ ජංගම දුරකථනයන් වල මෙම කේතය ක්‍රියාත්මක වනු ලබයි. එම නිසා, මෙම කේතය ක්‍රියාත්මක වන නිසාම එම දුරකථනය පිළිබඳව නිගමනයකට එලබීමෙන් වලකින්න. 

• එමෙන්ම, මෙම HDC නිර්මාණ කරුවන් made by Korea යනුවෙන් සඳහන් කරනු ලබනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කරන්න.

• සමහරක් ව්‍යාජ දුරකථනයන් වල IMEI අංකය නැරඹීමට ඇත්තේ වෙමන කේතයකි. එය මොඩමයක් මඟින් ව්‍යාජ දුරකථනයකට කේතාංගික කරනු ලැබූ එකකි. බොහෝවිට *#66# යනු එවැනි කේතයකි. මෙම කේතය මඟින් සමහර ව්‍යාජ දුරකථනයන් වල IMEI අංකය ලබා ගත හැක. නමුත්, ඔරිජිනල් දුරකථනයක IMEI අංකය ලබාගත හැක්කේ *#06# යන කේතයෙන් පමණි. එමෙන්ම ඔබට IMEI අංකයෙහි විස්තර පෙන්වනු ලබන වෙබ් අඩවියක් භාවිතා කර එම දුරකථනය පිළිබඳ තීරණයකට එලබීමට හැක. (http://www.imei.info/)

• ඔබට micro USB Jig උපකරණයක් මීලඳී ගැනීමට හෝ සොයාගැනීමට හැකියාවක් තිබේනම්, එය දුරකථනයට සම්බන්ද කල විට Downloading mod වලට දුරකථනය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න. එසේ ස්වයිංක්‍රීයවම downloading mod වලට දුරකථනය පිවිසුනහොත් එය ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක. (මෙම ජිග් එක තුල ඇත්තේ 300 K OHM ප්‍රතිරෝධකයකි(resistor). මයික්‍රෝ USB ජැක් එකක් ඔබ සතුව තිබෙනවානම් ඔබට මෙම jig එකක් නිර්මාණය කර ගත හැක. ඒ සඳහා දළ සැලසුමක් බැලීමට මෙතන ක්ලික් කරන්න).


• දුරකථනයේ ඉඳිරිපස නිරීක්ෂණය කර ව්‍යාජ දුරකථනයක්ද යන බව දැනගන්නවාක් මෙන්ම, පිටුපස කවරය ගලවා ඔරිජිනල් දුරකථනයක් සමඟ සංසන්දනය කර බැලීමෙන්ද එහි ඇති වෙනස්කම් නිසාවෙන් ව්‍යාජද, අව්‍යාජද යන බව සොයාගත හැක.

• ඔරිජිනල් කොරියන් දුරකථන වල model අංකය ආරම්භ වන්නේ SHV වලින්. Anycall දුරකථනයන් වලදී මෙය ආරම්භ වනුයේ SHW වලින්. නමුත් මෙම දුරකථනයන් දෙකේම model number එක අවසන් වෙන්නේ S, K හෝ L යන අක්ෂරයන් වලින්. ඔබට කොරියාවේ සිට වෙනත් රටක භාවිතයට ගැනීමට කොරියානු දුරකථනයන් ගෙන්වා ගැනීමට අවශ්‍යයනම් ඔබ කල යුත්තේ model number එක K අක්ෂරයෙන් අවසන් වන දුරකථනයක් ගෙන්වා ගැනීමයි (උදා: SHV-****K). නමුත් කොරියානු දුරකථනයන් වලට වඩා ඉක්මනින් ජාත්‍යන්තර (international) දුරකථනයන් වලට Updates/Firmware/Software ලැබෙනවා. ඔබ සැම්සුන්ග් දුරකථනයක් මිළඳී ගන්නට සිතනවානම් ජාත්‍යන්තර සංස්කරණයක් ඇති සැම්සුන්ග් දුරකථනයක් මිළඳී ගන්නවනාම් හොඳයි.

• ඩයල් පෑඩ් එක මත *#0*# යන්න සඳහන් කරන්න. එවිට ලැබෙන මෙනුවෙහි ඇති Sensor යන්න මත වරක් ටැප් කරන්න. ඉන්පසුව දකුණු පස උඩ කෙලවරෙහි ඇති Image test යන්න මත ටැප් කරන්න. එවිට Chihuahua සුනඛයෙක් ඔබට දැකගත හැකිනම් එයද ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක.


මේ පිළිබඳ ඔබ දන්නා කරුණුද එකතු කරන්න. මෙහි අඩුපාඩු ඇතිනම් ඒවාද මෙහි සඳහන් කරන්න.



සැම්සුන්ග් ගැලක්සි දුරකථනය ව්‍යාජ එකක්ද අව්‍යාජ එකක්ද යන්න දැනගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How to Install Lollipop 5.0 to N9005 (Note 3)


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්හි අලුත්ම සංස්කරණය වන ලොලිපොප් සංස්කරණය නිකුත්ව ඇත. නමුදු යම් උපකරණයන්ට මෙම නව සංස්කරණය ලැබුනත්, සමහර උපකරණයන් වලටත් තවමත් මෙම සංස්කරණය ලැබීමේ ප්‍රවණතාවයක් දක්නට නොමැත. මෙම ලිපිය මඟින් ඔබට ඔබගේ ඇති Galaxy Note 3 (SM-N9005) යන international version ජංගම දුරකථනයට ලොලිපොප් සංස්කරණය (official) ඇතුලත් කරන අයුරු පැහැදිලි කරදී ඇත.


මෙම ක්‍රියාවලිය මා විසින් අත්හදා බැලූ අතර, එය 100%ක්ම සාර්ථක විය. පහත සඳහන් කර ඇති පියවරයන්ට අනුව ඔබ ක්‍රියාකලහොත් ඔබගේ N9005 දුරකථනයට ලොලිපොප් සංස්කරණය සාර්ථකව යාවත්කාලීන කල හැක.

ප.ලි - මෙම ලිපියේ ඇත්තේ තවත් කෙනෙකුට දැනුම ලබා දීමක් පමණක් වන අතර, ඔබ අතින් සිඳුවන වැරදීම් වලින් ඔබගේ උපකරණයට වන අලාභහානී මා විසින් බාර නොගනිමි.

01. මුලින්ම පහතින් දක්වා ඇති අවශ්‍යය කරනු ලබන ගොනු කිහිපය බාගත කරගන්න.

02. ඉහත දක්වා ඇති ගොනු බාගත කරගැනීමෙන් පසුව, ඒවා extract කරගන්න.

03. ඔබ Samsung Galaxy Note 3 USB drivers පරිගණකයට ස්ථාපනය කර නොමැතිනම්, එම ඩ්‍රයිවර්ස් ස්ථාපනය කරන්න.

04. Settings වල ඇති Developer Options වෙත ගොස් එහි ඇති USB Debugging යන්න ඉඳිරියෙන් ඇති කොටුව තුල 'හරි ලකුණ' ඇත්දැයි බලන්න. එසේ නොමැතිනම් එය මත වරක් ටැප් කර හරි ලකුණ සනිටුහන් කරගන්න.

05. ඔබේ දුරකථනයේ 50%කට වැඩි බැටරි ආයුකාලයක් තිබිය යුතුයි.

06. ඔබ බාගත කරගනු ලැබූ Odin 3.09 මෘදුකාංගය විවෘත කරන්න.

07.ඉන්සපුව එහි ඇති PIT යන්න මත ක්ලික් කර ඔබ දෙවනියට extract කරගනු ලැබූ ෆෝල්ඩරය තුල ඇති PIT යනුවෙන් අවසන් වන ගොනුව තෝරාදෙන්න. (මෙහිදී ඔබ භාවිතා කරනුයේ 32GB දුරකථනයක්නම් ඔබ pit ගොනුව මෙම odin වෙත ඇතුලත් කල යුතුයි. ඔබ 16GB දුරකථනයක් භාවිතා කරන්නේනම් මෙම pit ගොනුව odin වෙත ඇතුලත් කිරීමෙන් වළකින්න.)

08. Bootloader යන්න මත ක්ලික් කර BL යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

09. PDA යන්න මත ක්ලික් කර AP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

10. CSC යන්න මත ක්ලික් කර CSC යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

11. Modem යන්න මත ක්ලික් කර CP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

12. Odin මෘදුකාංගයේ ඔබේ වම් පැත්තට වන්නට ඇති තීරුවෙහි Auto Reboot, Repartition, F.Reset Time සහ Phone Bootloader Update යන ඒවා තෝරාදී ඇත්දැයි බලන්න. එසේ තෝරා දී නොමැතිනම් එහි මත ඉදිරියේ ඇති කොටු මත වරක් ක්ලික් කර හරි සළකුණ යොදාගන්න.


13. ඔබගේ දුරකථනය ක්‍රියා විරහිත කර download mod වෙත ක්‍රියාකරවන්න. ඒ සඳහා, Volume Down + Home + Power යන බොත්තම තුන එකවර ඔබාගෙන සිටින්න. යම් කිසි හෙයකින් ඔබට එහිදී තෝරාගැනීමක් කරන්නට සිඳුවූවහොත්, Volume Up බොත්තම ඔබා continue යන්න ලබාදෙන්න.

14. ඔබගේ දුරකථනය කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරවන්න.

15. දුරකථනය නියමිත අයුරින් පරිගණකය හඳුනාගත්තානම් Odin මෘදුකාංගයේදී පළවෙනි ඇති කොටුවේ ID: COM යන්න නිල් පැහැති හෝ කහ පැහැයක් ගනු ලබයි.

16. Start යන්න ක්ලික් කරන්න.

17. විනාඩි දහයකට ආසන්න කාලයක් තුල ඔබගේ දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය වී අවස් වේවි. එතෙක් කේබලය ගලවන්නටවත්, දුරකථනයට කුමක් හෝ කරන්නට නොයන්න. එමෙන්ම දුරකථනය ස්වයංක්‍රීයවම boot වී ඔබට භාෂාව තෝරාදෙන්නට ඇති ස්ථානයට රැගෙන යනතෙක් කේබලය ගැලවීමෙන් වලකින්න.





සැම්සුන්ග් ගැලක්සි නෝට් 3 දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය කරන අයුරු
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
 

Get Free Calls to Any Number - APP REVIEW 01



අද සිට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පැමිණෙන ඔබට වැදගත් වන, විනෝදය සපයන ඇප් පිළිබඳ ගුණදොස් විවේචණයන්ගෙන් පිරි ලිපි මාලාවක් ඔබට ගෙන එන්නයි සූදානම. මේ එම ක්‍රියාවලියේ පළවෙනි ලිපියයි.

Download Android USB Drivers for Windows and Mac


ඔබ ලඟ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් යන්ත්‍රය පරිගණකයක් සමඟින් සම්බන්ද කරන්නට අවශ්‍යයනම් ඒ සඳහා එම අදාල උපාංගයට අදාල යූඑස්බී (USB) මෘදුකාංගයන් එම පරිගණකයේ තිබිය යුතුයි. මෙම යූඑස්බී මෘදුකාංගයන් තුල ඇන්ඩ්‍රොයිඩ්(Android) එස්ඩීකේ (SDK) මෘදුකාංගයන්, ඒඩීබී (ADB) සහ ෆාස්ට්බූට් (Fastboot) මෘදුකාංගයන්, උපාංගයන් තුල ඇති ගොනු හුවමාරු කිරීමට වැනි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරගැනීමට සහ අවශ්‍යය වනු ලබන ක්‍රියාදාම කිහිපයක්ම තිබෙනවා.මෙම මෘදුකාංගයන් ඔබ ලඟ තිබීම ඉතාමත් වටිනවා. එයට හේතුව, ඔබට යම් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලැබුනහොත් වෙනම එයට අවශ්‍යය වන මෘදුකාංගයන් සොයනවාට වැඩිය පරිගණකයත් සමඟින් උපාංගය සම්බන්ද කල වහාම එම උපාංගය පරිගණකයත් සමඟින් සම්බන්ද වන බැවිනි.

බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් වින්ඩෝස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම අදාල ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් උපකරණය නිපදවා ඇති සමාගම විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා බාගත කරගන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මෙම ලිපිය තුලින් දැනට සොයාගත හැකි යූඑස්බී මෘදුකාංගයන් සියල්ලම පාහේ ඔබට එකම ස්ථානයකින් බාගත කරගැනීමට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් 7 සහ 8 යන මෙහෙයුම් පද්ධතියන් සඳහා සහ මැක් ඕඑස් එක්ස් (Mac OS X) යන මෙහෙයුම් පද්ධතියන් සඳහා අවශ්‍යය කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයන් පලකර තිබෙනවා.

වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.

• Google Nexus: Download Google Nexus Drivers.

• Samsung: Download Samsung USB Drivers හෝ Download Samsung KIES (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

• HTC: Download HTC USB Drivers හෝ Download HTC Sync Manager (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

• Motorola: Download Motorola USB Drivers (Motorola Device Manager).

• Huawei: Download Huawei USB Drivers හෝ Download HiSuite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ HTC MediaPad 10 FHD: Download Drivers.

• LG: Download LG USB Drivers.

    ○ විශේෂිත උපාංගයන් සඳහා, LG වෙබ් අඩවියට ගොස් ඔබගේ උපකරණය එහි සෙවුම් කර Resources යන්න තුලින් අදාල මෘදුකාංගය බාගත කරගත හැක.

• ASUS: Download ASUS USB Drivers හෝ Download ASUS PC Suite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ Nexus 7: Download Nexus 7 USB Drivers.

• SONY: සෝනි සමාගම විසින් වෙන වෙනම මෘදුකාංගයන් දෙකක් වින්ඩෝස් සහ මැක් පද්ධති වලට නිකුත් කර තිබෙනවා.

    ○ For Windows (වින්ඩෝස් සඳහා) : Download Sony PC Companion (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).
    ○ For Mac (මැක් සඳහා): Download Sony Bridge (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

• ZTE: Download ZTE USB Driver.

• DELL: Download DELL USB Drivers (උපාංගය අනුව මෘදුකාංගය වෙනස් වනු ඇත).

• Fujitsu: Download Fujitsu USB Drivers.

• Intel: Download Intel Android USB Drivers.


මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා, Android File Transfer යනුවෙන් මෘදුකාංගයක් ඇත. එයින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ සිට සහ පරිගණකයේ සිට ගොනු හුවමාරු කිරීම ඉතාමත් පහසු කරගත හැක. 


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයට ගැලපෙන මෘදුකාංගය හමුවුනේ නැතිද? ඔබට අවශ්‍යයනම් පහතින් අදාල මෘදුකාංගය සටහන් කර කමෙන්ටුවක් දමන්න. ඔබට අදාල මෘදුකාංගය අප විසින් සොයා දෙනු ඇත.


---------------------------
වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How To Convert Korean Galaxy S To International Version



[ මෙහි දක්වා ඇති සබැඳියන් වලංකු වනුයේ SHW-M110S යන අංකය අයත් වනු ලබන කොරියානු ගැලක්සි එස් ජංගම දුරකථනයන්ට පමණි. ]

කොරියාවට නිෂ්පාදනය කරනු ලබන බොහෝ සැම්සුන්ග් ජංගම දුරකථනයන් ලංකාවේ පාවිච්චියේදී යම් යම් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට ඔබට සිඳුවනු ඇත. සමහරක් දුරකථන වලට සංඥා නොලැබීමේ දෝෂයක් හට ගනු ලබයි; කොරියානු ජංගම දුරකථන වල ඇති ලොකුම ගැටළුව වනුයේ එහි ඇති මැසේජ් (message) ඇප් එකෙහි ඇති සීමාකාරී බවයි. අකුරු 60ක් හෝ 80ක් පමණක් මෙම දුරකථනයන් වල සටහන් කල හැක. එම අදාල සීමාව ඉක්මවූවාට පසුව සිඳුවන්නේ එම පණිවිඩය, නැතිනම් මැසේජය එම්එම්එස් (MMS) ආකාරයට පරිවර්තනය වීමයි.

How To Create Icon File From Image (using Photoshop)


බොහෝ දෙනෙකු දැක ඇති, අන්තර්ජාලයේ යම් යම් පුද්ගලයන්ගේ චිත්‍රපටි හෝ රූපවාහිණී කතා මාලාංග ඇති ෆෝල්ඩර් (Folder) වලට යම් පින්තූරයක් එකතු කර තිබෙනවා. අපටත් හැකියාවක් තිබෙනවා යම් පින්තූරයක් අදාල අයිකනයට යොදන්න. නමුත් එම අප නිකම්ම යොදනු ලබන පින්තූරයේ කිසිම තාත්තිවක බවක්නම් හැගී යන්නේ නැහැ. පසුගිය දිනයන්හීදී මා ෆේස්බුක් වෙබ් අඩවිය හරහා යොදන ලද පින්තූරයෙන් කිහිප දෙනෙකු මෙය සිඳු කරන අයුරු අසා තිබුන නිසාවෙන් අද දිනයේදී එම ක්‍රියාවලිය සිඳු කරන අයුරු මෙම ලිපියෙන් පැහැදිලි කරනු ඇත.

Honda Hornet CB250CC Review - Ebook (PDF)




For Sri Lankan Honda Hornet riders, hope and like to ride a hornet and like to know about this bike and anybody who seeking and hoping to get a Original Honda Hornet bike this will help to you for that. This is a E-book for self catalog.

ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් ඔබේ දුරකථනයටත් ලැබෙනවාද බලාගන්න


අලුතින් මේ ගූගල් සමාගම විසින් නිපදවපුප ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් එහෙමත් නැත්නම් Android 5.0 Lollipop සංස්කරණය මගේ ජංගම දුරකථනයටත් ලැබෙයිද, මගේ ටැබ් එකටත් ලැබෙයිද, ලැබෙනවනම් කවදා වගේ ලැබෙයිද කියලා හිතන පිරිසක් මේ වෙද්දී බිහිවෙලා ඉන්නවා. සමහරවිට ඔබත් ඒ කොටසේ කෙනෙක් වෙන්න පුලුවන්. 

ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් අත්හදා බැලීමේ සංස්කරණය ස්ථාපනය කරන හැටි


ගූගල් සමාගම විසින් Android 5.0 Lollipop (ලොලිපොප්) අත්හදා බැලීමේ තුන්වෙනි සංස්කරණය මේ වෙද්දී Nexus 5 සහ Nexus 7 යන උපකරණයන්ට නිකුත් කර තිබෙනවා. ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් L ගැන ගූගල් අයි/ඕ එකේදී කියපුවාහම, ගොඩක් අය හිතුවේ මේ අත්හදා බැලීමේ සංස්කරණයන් පවා එන්න ටික කාලයක් ගතවෙයි කියලා.

අයිෆෝන් 6 දුරකථනය ගිණිගෙන අයිතිකාරයාට තුවාල


පහුගිය දවස් කිහිපයේම අහන්න ලැබුනේ iPhone 6 Plus (අයිෆෝන් 6 ප්ලස්) ස්මාර්ට් ජංගම දුරකථනය දෙකට නැමෙනවා කියලයි. නමුත් ඊයේ දිනය වෙද්දී අහන්න ලැබුන තවත් දෙයක් තමයි මේ අයිෆෝන් 6 ස්මාර්ට් ජංගම දුරකථනයටත් මේ සිඳුවීමම වෙනවා කියලා. කෙසේ නමුත්, මෙම සිඳුවීමේදී අයිෆෝන් 6 ප්ලස් දුරකථනයට වඩා වැඩි හානියක් සිඳුවෙලා තිබෙනවා.

ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරණය එලි දක්වයි

ගූගල් සමාගම විසින් නිළමට්ටමෙන් ඔවුන්ගේ නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන, Android 5.0 Lillipop (ඇන්ඩ්‍රොයිඩ් 5.0 ලොලිපොප්) මෙම අවුරුද්දේ පවත්වනු ලැබූ Google I/O හීදී පාරිභෝගිකයන්ට දැක බලාගන්නට සලසවනු ලැබුවා. මේ සතියේ බදදා වෙනකම්ම මෙම නව සංස්කරණයෙහි නම වූයේ Android "L" ය.

මොකක්ද මේ 3D TV කියන්නේ?


අද ලිපියෙහි මාතෘකාව වන්නේ 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී පිළිබඳවයි. මේ 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී පාරිභෝගිකයාට මිළඳී ගන්න මුලින්ම වෙළඳපොලට භාණ්ඩයක් වශයෙන් පැමිණියේ 2012 වර්ෂයේදී. මේ 2014 වර්ෂය වෙනකම් ඇවිත් තිබෙන මෙම ත්‍රිමාණ රූපවාහිනී තාක්ෂණයෙන් ඔබට ත්‍රිමාණ දර්ශණයන් දැකගැනීමටනම් ඔබට තවත් එක් උපකරණයක් අවශ්‍ය වනු ඇත. ඒ ත්‍රිමාණ දර්ශණ නැරඹීම සඳහා පමණක්ම ඇති උපැස් යුවලක්.

වින්ඩෝස් 10 පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්

පසුගිය බ්‍රහස්පතින්දා මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් 10 සංස්කරණයෙහි පළවෙනි සංස්කරණය පාරිභෝගිකයන්ට දැකගැනීමට සලස්වනු ලැබුවා. සෑම දෙනාම බලාගෙන සිටියේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව වින්ඩෝස් 9  මෙහෙයුම් පද්ධතිය පැමිණෙන තෙක්ය. නමුත්, මයික්‍රෝසොෆ්ට් සමාගම එක් අංකයන් මඟහරිමින්, එනම් වින්ඩෝස් 9 යන්න මඟහරිමින් වින්ඩෝස් 10 යන්න නිකුත් කරනු ලැබුවා.