ads.txt

ads
Showing posts with label direct. Show all posts

Rascals (මගෝඩියෝ) සිංහල උපසිරැසිත් එක්කම බලමු


මේක දෙනව කියලනම් ගොඩක් කල්. ඒත් උපසිරැසි දාල තිබුනට අප්ලෝඩ් කරන්න වෙලාවක් තිබුනේ නෑ. කොහොම කොහොම හරි ඔන්න අද උදේ කරන්නම් කියල හිටියා. ඒත් බැරිවුනා. අන්තිමේදී මේ හම්බුන ටික වෙලාවෙන් පටස් ගාල upload කරලා ඔන්න ඔයාලට දෙන්නයි ලෑස්තිය.

ඉතිං සමහර විට මේ film එක ඔයාල මේ වෙද්දී බලලත් ඇති. එක film දෙන site එකකින් මේකේ සිංහල subtitles දුන්න කියලනම් ආරන්චියක් ආවා. ඒත් මම ඒ වෙද්දිත් මේකෙ වැඩ පටං ගෙන තිබුන නිසා මේක අතර මග නවත්වන්න හිත දුන්නෙ නෑ. ඉතිං ඕනි අය ඔන්න එහෙනම් download කරගන්න.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. ඔන්න හෙන කපටි හොරෙක් ඉන්නවා. එයාගෙ නම භගත් බෝස්ලේ. ඉතිං මෙයා යම් කිසි වෙළඳපළකට යනවා මොනා හරි කරන්න. ඒ අතරතුර ඇන්තනී කියලා කෙනෙක් මේ වෙළඳ සැලට තමන්ගේ නැගනියත් සමඟ එනවා. අන්තිමේදී ඇන්තනීත් මේ භගත් ඉන්න තැනට එනවා. ඇන්තනී අතේ මිලියන 20ක් තිබුනා බෑග් එක්ක. කොහොම හරි ඕක භගත් හොරකම් කරනවා. අන්තිමේදී ඔය බෑග් එක භගත් අරගෙන යද්දී පඩිපෙලේදී ඔය බෑග් එක බිමට වැටෙනවා. එතන ඉදං භගත් පිටිපස්සේ එලවලා ඇන්තනී නවතිනවා. එයාගෙ කාර් එක ගාවට එද්දී කාර් එකත් නෑ. කාර් එකත් හොරැ අරං. මේ කාර් එක හොරකම් කරපු කෙනාගෙ නම චීතන් චවුහාන්. ඉතිං අන්තිමේදී මෙයාල දෙන්නව ඇන්තීනට කොටුකරගන්න ඕනි වෙලා නියම වැඩක් කරනවා.. ඒ ටික කිව්වොත් රසයක් නැතිවෙයි කියල හිතනවා. රසයක් නෙමේ සමහර විට මුලු කතාවම මට කියවෙයි.

මේ මම දෙන subtitles file එක නම් කරල තියෙන්නේ Rascals කියලා. ඔයාල මේ වන විටත් මේ film එක ඔයාලගේ computer එකට download කරගෙන හරි කොහොම හරි තියෙනවනම් කරන්න තියෙන්නේ එක දෙයයි. පොඩ්ඩක් subtitle file එකෙයි ඔයා download කරපු movie එකෙයි Rename කරල තියෙන එක එක සමාන නම් දෙකක්ද කියල බලාගන්න. එහෙ සමානයිනම් මොනවත් කරන්න ඕනි නෑ. ගානට වැඩ කරයි. ඒ නම් දෙක අසමානයිනම් කරන්න තියෙන්නේ මේ subtitle file එකේ තියෙන නම copy කරගෙන  ඔයා ගාව තියෙන movie එක rename කරන විදිහට අරගෙන ඒකට අර copy කරගත්ත එක paste කරන්න.



හැබයි ඔන්න මමනම් දෙන්න යන්නේ film එකයි subtitle file එකෙයි නම්නම් එකයි. එහෙනම් ඔන්න film එකයි subtitle file එකයි download කරගන්න.



-->


ඔන්න එහෙනම් මේකෙන් උපසිරැසි file එක download කරගන්න.
password - blogshanmovies



Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!



 Download link is Reset - බාගතකිරීමේ ලින්කුව නැවත සකසන ලදී

CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා. 
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා. 


දැං අපි මේ software එකේ විශේෂතා බලමු.


  • මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
  • format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
  • Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
  • Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම
මේක support කරන Cards වර්ග
  • Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
  • Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
  • Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
  • MultiMedia card, MMC card
  • SmartMedia, flash card
  • xD Picture card
  • Cellular phone, mobile phone memory card and digital media
  • USB flash drive digital image
මේක support කරන අවස්ථා
  • ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
  • Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැක
  • සහ තවත්  බොහෝ දේ
මේක support කරන Photo/Video File Types
  • Picture Formats: JPG ,JPEG ,TIF
  • Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
  • Audio Formats: MP3, WAV
  • RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග
Support කරන කැමරා වර්ග
  • Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
  • Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
  • LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
  • Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
  • Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට
මෙය support කරන Flash Memory Card නිෂ්පාදකයන්
  • SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
  • FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
  • Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data
  • සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග
ඔන්න එහෙනං පල්ලෙහායින් Download කරගන්න.

Direct downloading links





එහෙනං ඔන්න මම ගියා. අලුත් post එකකින් හමුවෙමු. ඔයාලට මේක වැදගත් උනානං comment පාරක් එහෙම දාල follow කරල නැත්නම් follow පාරකුත් දාගෙනම යන්න... එහෙනං ඔයාලට ජය!!





Pirates of the Caribbean 2011 - කෑලි අහුලගන්නෙ නැතිව එකපාරින්ම Download කරගන්න!

ඔන්න අද දෙන්න යන්නේ Film එකක්. මේක Pirates of the Caribbean කියන Film එකේ අලුත්ම කොටස. මේක නම් කරලා තියෙන්නේ Pirates of the Caribbean ON STRANGER TIDES කියලා. ඉතිං මම ගොඩක් තැන් වල දැක්කා මේක Direct Link එක දීල තියෙනවා Download කරගන්න. ඒත් ඒවගේ කොටස් කොටස් තමයි බාගන්න තිබ්බේ. ඉතිං ඕක එපා වෙනවනේ. බාගෙන කොටස් එකතු කරන්නත් එපායැ. ඒ හින්දා ඔන්න මම කෙලින්ම මුලු Film එකම එක කොටසකින් දෙන්න යන්නේ.



මේකත් ඉස්සෙල්ලා Film සෙට් එක වගේම නියම කතන්දරයක් යනවා. මේ කතාවේ සටන් ආදිය හොඳින් නිර්මාණය කරල තියෙනවා. Film එකේ කොලිටියත් නියමයි. ඉතිං මේ film එක කොටස් හතරකට වෙන් කරන්න පුලුවන්. ඒ තමයි Action, Thriller, Fantasy, War කියන කොටස්. මේකෙ කොලිටිය DVDRip - Excellent. මේ මම දැජ ඔයාලට දෙන්න යන film එක රේට් එක තමයි 6.9/10 (55972 votes). 
මේ film එකේ අධ්‍යක්ෂක වරයා වෙන්නේ Rob Marshall කියන කෙනා තමයි. මේකෙ ප්‍රධාන නලුවන් Johnny Depp, Penélope Cruz and Ian McShane, Ian McShane, Kevin McNally කියන අයයි. මේකෙ කතාව කෙටියෙන් කිව්වොත් Jack Sparrow සහ Barbossa කියන අය නැව් නැගලා යම් කිසි දෙයක් හොයන්න යනවා. ඒ හොයන දේ තමයි ජීවිත කාලෙටම තරැණ වෙලා ඉන්න පුලුවන් උල්පතක්. ඒකෙන් වතුර ටිකක් බීවොත් දියකිඳුරියකගේ කඳුලුත් දාල එයා ජීවිතේටම තරැණ වෙලා ඉන්නවා. ඉතිං ඔන්න ඕක තමයි කතන්දරේ. මේකෙ අතරතුර දියකිඳුරියන් සමඟත් සටනක් තියෙනවා. නියම film එක.
එහෙනම් කට්ටියFilm එකේ Demo එක බලලම Film එක Download කරගන්න.  මේකෙ සයිස් එක 550MB.


Download Film - 550MB

ඔන්න එහෙනම් අදට යනවා. ඔයාලට තව ඉස්සරහට මේවගේ දේවලුත් බලාගන්න පුලුවන්. ඉතිං ඔයාලට මේක වැදගත් උනානම් Follow කරලම යන්න. මොනව හරි මේ පෝස්ට් එක බලලා කියන්න හිතුනනම්(හිතුනනම් නෙමේ..හිතෙනවා තමයි කාට උනත්) Comment කරලම යන්න.

චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද? - 02 කොටස


ඔන්න අදත් ඉස්සෙල්ලා දුන්නා වගේම ඩිරෙක්ට් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකක් ගැනයි කියන්න යන්නේ..
ඉතිං කවුරැත් ආසයිනේ කෙලින්ම මොනවම හරි බාන්න තියෙනවනම්. මොකද ටොරන්ට් වලින් බාන්න යනකොට අඩුම ගානෙ දවසක්වත් යනවනේ.. අනික ඔන්න වොලවකට කියනවා සීඩ්ස් වැඩියෙන් තියෙන ඒවා ඉක්මනට බෑවෙනවලු. ඉතිං කරැමෙට අපි ආසම ෆිල්ම් එක හරි මොකක් හරි දේට සීඩ්ස් වැඩිපුර නැත්නම් දවස් ගනං බාන්න එපායැ.
මොනා කරන්නද ඉතිං.. හැබැයි ඉතිං ටොරන්ට් දාන එකත් පොඩි වාසියක් තියෙනවා. මොකද ඩිරෙක්ට් දාන්න පුලුවන් උපරිම දත්ත ප්‍රමාණය අඩුයිනේ.. සීමිතයි. ඒත් ටොරන්ට් වල එහෙම නෑ. දැං බලන්න ෆොටෝෂොප්, ඉලස්ටරේටර් වගේ ඒවගෙන් වැඩ කරන හැටි ගැන වීඩියෝස් තියෙනවා.. ඉතිං ඕවා ගෙගාබයිට් තුන හතර වෙනවා සමහර වෙලාවට. ඉතිං ඕක ඩිරෙක්ට් බානවනම් කොටස් කීයකට කඩලද ඕව දාන්නේ. ඊට පස්සේ ඒවා බාගෙන එක විදිහකට හදාගන්නත් ඕනි. ඕක ඉතිං එපා වෙනවනේ. ඊට වඩා හොඳා ටොරන්ට් වලින්ම බා ගන්න එක..
කතාව වෙන පැත්තකට ගියාද මංදා. හරි එහෙනම් මම කලිනුත් ඔයාලට දුන්නනේ ඩිරෙක්ට්වම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් හොඳ සයිට් එකක්.. ඉතිං ඔනන් අදත් එහෙනම් ඒ වගේ එකක් දෙන්නම්. හැබැයි මේ ගැනනම් ගොඩක් අය දන්නව ඇති. මොකද මේකට හෙනට පබ්ලිසිටිය දුන්නා බුකියෙ පැත්තෙ එහෙම. මොනව උනත් මේකත් කරන්නේ අපේම කොල්ලෝ දෙන්නෙක්. ඉතිං එහෙනම් ඔන්න පල්ලෙහායින් ඒ සයිට් එකට යන්න.


අපේ අභ්‍යවකාෂ මධ්‍යස්ධානයට පිටසක්වලින් පැන්නා! - Mass Effect PC game

කොහොමැයි ඉතිං. ඔන්න ගෙනාව අලුත් ගේම් එකක්. අලුත් කිව්වට අලුත්ම නෑ. වැඩි කතා බතා නැතිව කතාව පටන් ගමු. මේ ගේම් එකේ විස්තර ඔන්න එහෙනම් බලාගන්න.

වර්ෂ 2183 වෙද්දී සූර්යය ග්‍රහ මණ්ඩල වල තියෙන ගොඩක්ම ග්‍රහලෝකවල වගේම අභ්‍යවකාෂයේ මිනිස්සු මෙන්ම පිටසක්වල ජීවීන්ද තම තම ජනපද සහ අභ්‍යවකාෂ මධ්‍යස්තාන පිහිටවාගෙන ඉන්නවා. ඒ අතර මිනිසුන් විසින් පාලනය කරන අභ්‍යනකාෂ මධ්‍යස්ථානයක් හා පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථානයක් අතර ඇති වන ගැටුමක් මේ මාස් ඉෆෙක්ට් (Mass Effect) කම්පියුටර් ගේම් එකට පදනම වෙලා තියෙන්නේ.
මේ ගේම් එකේ කතා නායකයා නැත්තම් වීරයා වෙන්නේ අභ්‍යවකාෂයේ රදවලා තියෙන එස්එස්වී නොමැන්ඩි නමින් හැදින්වෙන අභ්‍යවකාෂ මධ්‍යස්තානයක නිළධාරියෙක්. ඔහුගේ නම කමාන්ඩර් ෂෙපර්ඩ්. මේ ගේම් එකේ ප්‍රධානම ගැටුම නැත්නම් වලිය සිද්ධවෙන්නේ නොමැන්ඩි හා සිටාඩ්ල් ( ප්‍රෝතියන්ස් නම් පිටසක්වල ජීවීන් විශේෂයකගේ අ.මධ්‍යස්ථානයකි) යන අභ්‍යවකාෂ මධ්‍යස්තාන දෙක අතරෙ තමා. මේකෙදී ගැටුමට මුලපුරන්නේ මිනිසුන් විසින් පවත්වගෙන යන නොමැන්ඩි අභ්‍යවකාෂ මධ්‍යස්තානයයි.ඒ ප්‍රෝතියන්ස් ජීවීන්ට අයත් ඔවුන් ලග ඇති සංඥා නිකුත් කරන අති ප්‍රබල උපකරණයක් ලබා ගන්නයි. නොමැන්ඩි මධ්‍යස්තානය මේක කරන්න බාරදෙන්නේ කමාන්ඩර් ෂෙපර්ඩ්ටයි. ඔහු තාක්ෂණික කටයුතු සහ අභ්‍යවකාෂ සටන් පිළිබදව දැනුමක් තියෙන ඉතා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ෂෙපර්ඩ් එක්ක තවත් කණ්ඩායමක් නොමැන්ඩි මධ්‍යස්තානයෙන් පිටවෙලා යනවා. මේ ගේම් එක පුරාවටම තියෙන්නේ දෙපාර්ෂවය අතරේ සිද්ධවෙන අභ්‍යවකාශ සටන්ය.
මේ සටනේ යම් යම් අවස්තාවලදී කමාණ්ඩර් ෂෙපාර්ඩිගේ කණ්ඩායම සිටාඩ්ල් මධ්‍යස්ථානයට ඇතුල් වන අතර එතනදී දරැණු සටන් ඇතිවේ. තව එතකොට අභ්‍යවකාෂයේදී දෙපාර්ෂවය කුඩා යානා වලින් සටන් ඇති වෙනවා. හැබැයි සටන් දරැණු වෙද්දී ප්‍රෝතියන්ස් කියන පිටසක්වල ජීවී කණ්ඩායමට උදව් කරන්න වෙන ජීවීන් කණ්ඩායමක් එනවා. එතකොට ෂෙපර්ඩ්ගේ කණ්ඩායමේ සහයට තවත් කණ්ඩායමක් ගෙන්න ගන්න වෙනවා. මෙහිදී දෙපාර්ශවයේම තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර බොහෝමයක් ගැටුම් වල බලය රැදිල තියෙන්නේ එකිනෙකා භාවිතා කරන අධිතාක්ෂණික ආයුධ ,යානා සහ මෙවලම් අතරය.
විශේෂයෙන්ම මේ ගේම් එකේ සිදුවන ප්‍රධාන දෙයක් වෙන්නේ ජීවීන් සතු උපකරණ පැහැර ගන්න එකයි. ඒ දේ කරන්න කමාන්ඩර් ෂෙපර්ට්ට ගොඩක් උපක්‍රම භාවිතා කරන්න සිදුවෙනවා. කමාණ්ඩර් ෂෙපාර්ඩ් සහ කණ්ඩායම සම්පූර්ණයෙන්ම මෙහෙය වන කාර්යය පැවරෙන්නේ මේ ගේම් එක සෙල්ලම් කරන ඔයාලටයි. මේ ගේම් එක ප්ලේ කරන කෙනාට අභ්‍යවකාෂයේ එකිනෙකට වෙනස් ජීවීන් දෙපාර්ෂයක් විසින් පාලනය  දං ඉතිං කරනු ලබන අභ්‍යවකාෂ මධ්‍යස්තාන දෙකක් තුල පාලනය සිද්ධවෙන ආකාරය වගේම ඔවුන්ගේ විවිධ පර්යේෂණ ක්‍රමවේද ආදී බොහෝදේ ගැන අත් දැකීමක් ලබා ගන්න පුලුවන්.මේ වෙද්දී මාස් ඉෆෙක්ට් 2කත් ඇවිල්ල තියෙන්නේ. ඒක ගැනත් ලගදිම තොරතුරැ දෙන්නම්. එතකං මේක ගහන්ඩෝ!

මෙන්න මෙව්ව තමා මේ ගේම් එක ගහන්න කම්පියුටරේ තියෙන්න ඕනි අවම සුදුසුකම්!
12GB hard ඩිස්ක් ධාරිතාවයක්
a 2.4 GHz Intel හෝ 2.0 GHz AMD processorඑකක්
 a GeForce 6 series හෝ ATI 1300XT video card එකක්
1GB  RAM එකක්
 Windows XP සිස්ටම් එක




හොදටම ඒ කියන්නේ සුපිරියටම මෙන්න මේවා තියෙන්න ඕනි!

Operating System:
Windows XP හෝ Vista


Processor:
2.4+GHz Intel හෝ 2.0+GHz AMD


Memory:
1 Gigabyte RAM (XP සදහා)
2 Gigabyte RAM (Vista සදහා)


Video Card:
NVIDIA GeForce 6 series(6800GT හෝ ඊට වඩා හොද එකක්)
ATI 1300XT හෝ ඊට වඩා හොද එකක් (X1550, X1600 Pro සහ HD2400 උපරිම වීඩියෝ ධාරිතාවය)


Hard Drive Space:
12 Gigabytes


Sound Card:
DirectX 9.0 
උපරිමය 


Operating System:
Windows XP හෝ Vista


Processor:
2.6+GHz Intel හෝ 2.4+GHz AMD


Memory:
2 Gigabyte RAM


Video Card:
NVIDIA GeForce 7900 GTX or higher
ATI X1800 XL series හෝ ඊට වැඩි


Hard Drive Space:
12 Gigabytes


Sound Card:
DirectX 9.0c compatible sound card සහ drivers - 5.1 sound card එකද ගැලපෙයි.

ඔන්න විස්තරේ ඉවරයි. මෙගාබයිට් 62යි තියෙන්නේ.ඔන්න ඩවුන්ලොඩ් කරගන්ඩකෝ. කමෙන්ට් එකකුත් දාන්න හොදේ!








Mount & Blade ගේම් එක

පින්තූරෙ පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා.මේකෙ නම මවුන්ට් ඇන්ඩ් බ්ලේඩ්(Mount & Blade).මේ ගේම් එක ගැන කෙටියෙන්ම හදුන්වනවනම් මධ්‍යකාලීන යුගයේ ජීවත්වෙලා හිටපු විවිධ ජාතීන්ට අයත් සේනාංක පහක භට පිරිස් අතර ඇතිවෙන සටන් ගැන තමයි මේ ගේම් එකේ කෙටිම හැදින්වීම.හරි අපි දැනි ලොකු කතාවට බහිමු.

මේ සේනාංක ඉන්නේ ක්ලැරීඩා කියන පළාතේ.මොවුන්ගේ මේ සටන් වලට විවිධ කාරණා හේතු වෙනවා.බදු එකතු කිරීම්, භූමිය ආක්‍රමණය කිරීම්, කුඩා කණ්ඩායම් වලට පහර දීම් යන එව්වා ඒ සටන් වලට හේතු වෙන කාරණා කීපයක්.මේකෙදී ක්‍රීඩකයා තෝර ගන්න සේනාංකය අනුව අවසාන ඉලක්කය වෙනස් වෙනවා.මේ ගේම් එකේ සටන් සේනාධිනායකයින් පස් දෙනෙක් අතර සිදුවෙනවා.එහිදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියාකරන්න වෙන්නේ ඒ එක සේනාධිනායකයෙක් විදිහටයි.
පරිගනක ක්‍රීඩකයා තමන් කැමති සේනාංකයක් තෝරගත්තට පස්සේ අවශ්‍ය භට පරිස නිර්මාණය කරගන්න ඕන.මේකෙදී අනිවාරයෙන්ම තමන් තෝරගන්නා කන්ඩායමට ගැලපෙන විවිධ සෙබළ කණ්ඩායම් වගේම ඒවාට ගැලපෙන කන්ඩායම් නායකයින් පත් කල යුතු අතර ඔවුන්ට ගැලපෙන ආයුධද තෝරා ගන්න වෙනවා.මේ ගේම් එකේ වැඩි ලකුණු ගන්න කරන්න ඕනේ සතුරන් එක්ක ඇතිවෙන සටන් මග හරිමින් තම භූමි ප්‍රෙද්ශයේ බලය තහවුරැ කරගන්න එකයි.තම භූමි ප්‍රෙද්ශය ආකුමණය වෙන විට එය ආරක්සා කරගන්නට උපක්‍රමශීලීව සේනාව හැසිරවීමට පරිගනක ක්‍රීඩකයා වග බලා ගන්න ඕන.මේකට අමතරව තමන්ගේ කදවුරැ ශක්තිමක් කරගැනීම, සතුරැ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට කදවුරැ වටේට ආරක්ෂිත අගල්,වැටවල් ආදිය සකස් කරන්නත් සෙම්පතියා විදිහට පරිගනක ක්‍රීඩකයා වග බලා ගන්න ඕන.එතකොට තමන්ගේ ආරක්ෂාව තහවුරැ කර ගැනීම වෙනුවෙන් ලකුණු ලැබෙනවා.
ඔන්න පල්ලහොයින් ඩවුන්ලෝඩ් කරගන්න.




Exodus from the Earth

මෙන්න නියම ගේම් එකක් බිලොකා ගෙනාවා.නියමයි කියන්නේ සුපිරිම සුපිරි.හරි හරි.වැඩි කතා බහ නැතිව කෙලින්ම කතාවට එන්ටර් වෙමු.

මේ පරිගණක ක්‍රීඩාවේ නම තමා සෝඩස් ෆ්රෝම් දී අර්ත් (Exodus from the Earth). මේකෙ කෙටිම හැදින්වීම තමයි පෘථිවියෙන් පිටත විශ්වයේ පිහිටි ඕනෑම ග්‍රහලෝකයක පිහිටි පරිසරයක ජීවත් වීමට හැකි වන ලෙස මිනිසාගේ සිරැර සකස් කරනු ලබන එන්නතක් ගැන සහ ඒ ගැන තොරතුරැ හොයාගෙන යන ඇමරිකානු රහස් ඔත්තු මේවයේ රහස් පරීක්ෂකයෙකු ගැනයි තමා මේකෙන් කියවෙන්නේ.
2016දී විද්‍යාඥයින් පිරිසක් කරන පරීක්ෂණයකින් හෙලි වෙනවා ඒ වන විට සූර්යයාගේ රස්නය වැඩිවෙලා තියෙන හින්දා තව වසර විස්සකින් සූර්යයාගේ ආසන්නයේ තියෙන ග්‍රහ ලෝක හැම එකක්ම පාහේ විනාශ වෙලා යනවා කියලා.මේ විනාශයෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය සූර්යයාගෙන් ඈතින් පිහිටි වෙනත් ග්‍රහ ලෝකයක් දෙවන පෘථිවිය විදිහට භාවිතා කරන එක කියලා ලෝකවාසීන් පිළිගන්නවා.ඊට පස්සේ එතන ඉදන් පරීක්ෂකයෝ වෙහෙසෙන්නේ ඒකට ගැලපෙන විදිහේ නොයෙක් යෙදුම් හොයා ගන්නයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකානු ආයතනයක් විසින් විශේෂ එන්නතක් හොයා ගන්නවා.ඒ එන්නත මිනිස් සිරැරට ඇතුලු කරාට පස්සේ ඒ මිනිසාට විශ්වයේ තියෙන ඕනම කටුක ග්‍රහ ලෝකෙක ජීවත්වෙන්න පුලුවන්.ඒ අනුව ඉස්සරහට තීරණය කරන ග්‍රහ ලෝකයේ හොදින් ජීවත්වීම සදහා ඒ එන්නත මිනිස්සුන්ට විකුණන්න ඒ ආයතනය සූදානම් වෙනවා.මේක ගැන දැන ගන්න ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ එන්නත ගැන සියලුම තොරතුරැ හොයන්න විශේෂ මෙහෙයුමක් පටන් ගන්නවා.මේ මෙහෙයුම සදහා ඔවුන් තෝරාගනු ලබන්නේ ෆ්‍රැන්සිස් රික්සෝන් කියන දක්ෂ රහස් පරීක්ෂකයාවයි.
මේ ගේම් එකේදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියා කිරීමට සිදුවන්නේ ඇමරිකානු රහස් පරීක්ෂක ෆ්‍රැන්සිස් රික්සොන් විදිහටයි.ෆ්‍රැන්සිස් ඉතාමත් රහසිගතව එන්නත හදපු ආයතනයේ මූලස්ථානයට රිංග ගන්නවා.එතන ඉදන් එන්නත ගැන විස්තර හොයන්න පටන් ගන්නවා.එහිදී එම මෙහෙයුම සූක්ෂමව කරන විදිහ සහ සිදුවන ගැටුම් කාරී තත්වය මේ ගේම් එකේදී අත්විදින්න පුලුවන්.මෙහිදී එන්නත හදපු මූලස්ථානයේ සිතියමක්ද ෆ්‍රැන්සිස්ට ලැබෙන අතර ඒක උපයෝගී කරගෙන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සලසා ඇති විදිහ, විශේෂ ස්ථානවලට ඇතුලු වෙන්න තියෙන ලෙහෙසි පහසු ආරක්ෂාකාරී මාර්ග ගැන අධ්‍යනය කරමින් මේ මෙහෙයුම රහසිගතව සිදු කරන්න ඕන.විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ කිසිම කෙනෙක්ට දැනෙන්නේ නැති විදිහට තොරතුරැ හොයාගන්න ඕන වගකීම ද භාරවෙන්නේ පරිගණක ක්‍රීඩකයා වන ඔබටයි.මේ ගොඩනැගිල්ල අතිනවීව තාක්ෂණික උපකරණ සහ දක්ෂ ආරක්ෂකයින් යොදාගෙන ආරක්ෂ කර ඇති තැනකි.මෙහිදී ෆ්‍රැන්සිස්ව මෙහෙයවන පරිගණක ක්‍රීඩකයා විදිහට ඒ සියලු ආරක්ෂක උපක්‍රම මග හරිමින්, එන්නත හදන තැන, ඒක හදන වට්ටෝරැව, එන්නත අත්හදා බලන ආකාරය,ඒකෙන් ඇතිවෙන අහිතකර ප්‍රථිඵල සහ තවත් ගොඩක් දේවල් පරිගණක ක්‍රීඩකයාට හොයාගන්න සිදුවෙනවා.මේ සදහා ෆ්‍රැන්සිස් ඉවසීමෙන් , බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.ෆ්‍රැන්සිස් ගාව යම් තාක්ෂණික උපකරණ සහ දියුණු අවි ආයුධ තිබුනට ඒවා සුදුසු තැන්වලදී භාවිතා කරන්න වෙන වගකීමත් පැවරෙන්නේ පරිගණක ක්‍රීඩකයාටයි.
එහෙන්ම් ඔන්න හැදින්වීම ඉවරයි.ගේම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එකෙන්.හැබැයි ඒක ටොරන්ට් ෆයිල් එකක්.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ටොරන්ට් වලින් වැඩ කරන හැටි දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).ආ තවත් එකක්.ඔන්න වීඩියෝ එකකුත් දැම්මා.