ads.txt

ads
Showing posts with label Video. Show all posts

මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි - එක පෝස්ට් එකකින් ඔක්කෝම...ලේසියි!




අද කියල දෙන්න යන්නේ කොහොමද අපි අංග සම්පූර්ණ blog එකක් හදාගන්නේ කියලා. කිසි දේකට බය වෙන්න එපා. හරිම ලේසි විදිහටයි කියල දෙන්නේ. සෑම කොටසකට පින්තූර වලින් සහ තේරැම් ගැනීමට අමාරැ සමහරක් කොටස් video මඟින්ද කියල දෙනවා. ඒ හින්දා කිසි දේකට බය වෙන්න ඕනි නෑ. එහෙනම් අපි වැඩේට බහිමු.


ඉස්සෙල්ලම අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා.
1. හොඳ web browser එකක්. - මෙහිදී මමනම් ගොඩක්ම නිර්දේශ කරන්නේ Google Chrome වෙබ් බ්‍රව්සරය. මොකද අපි blog එක හදලා template එක edit කරන්න යද්දී ගොඩක් දුරට මේක උදව් වෙනවා.
2. Templates තියෙන හොඳ site එකක්. - http://www.premiumbloggertemplates.com/ ඔන්න ඔය site එකේ හොඳ templates තියෙනවා.

එහෙනම් අපි දැං බලමු කොහොමද blog එකක් හදන්න පටං ගන්නේ කියලා.

ඔයාලට තියෙන්න ඕනි Gmail account එකක්. Gmail account එකක් නැත්නම් මෙතන click කරලා account එකක් හදාගන්න. ඊට පස්සේ අපි Blogspot කියන සයිට් එකේ register වෙන්න ඕනි. මේකෙදී ක්‍රම දෙකක් තියෙනවා register වෙන්න.
 1. තමන්ගේ දැනට පවතින gmail ලිපිනයෙන්ම blogspotහි ලියාපදිංචි වීම.
 2. වෙනත් email ලිපිනයකින් blogspotහි ලියාපදිංචි වීම.
මෙතනදී මමනම් තෝරගන්නේ මගේ email ලිපිනයමයි. වෙන email ලිපිනයක් මේ සඳාහා මම පාවිච්චි කරන්නේ නෑ.

blogspot සයිට් එකට ගියාට පස්සේ ඒකෙ තියෙනවා Get Started කියලා තැනක්. ඒක click කරන්න. (01 රෑපය)
01 රෑපය


ඊට පස්සේ ඔයාලට ලැබෙනවා form එකක්. (02 රෑපය)
02 රෑපය

සියල්ල නිවැරදවි පිරෙව්වට පස්සේ ඔයාලගේ account එක verify කරන්න කියනවා. ඒතනදී ක්‍රම දෙකකට ඒක කරන්න පුලුවන්.

 1. ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩයක් මඟින් verify codeඩ් එක ලබා ගැනීම.

 2. ඔබගේ දුරකතනයට ඇමතුමක් මඟින් verify code එක ලබා ගැනීම.

මෙහි ලේසිම ක්‍රියාව වෙන්නේ කෙටි පණිවිඩයක් මඟින් code එක ලබා ගැනීමයි. (03 රෑපය)

03 රෑපය


ඉන්පසු ඔබගේ දුරකතනයට තත්පර කිහිපයක් ඇතුලත එම code එක කෙටි පණිවිඩයක් මඟින් එවනු ලබනවා. (04 රෑපය)
04 රෑපය

ඉන්පසු ඔබට ලැබෙන එම අංකය ඔබගේ browserයේ ඇති කොටුව මත සටහන් කර verify කරන්න. (05 රෑපය)
05 රෑපය



ඉන්පසු ඔබගේ blog එක සෑඳීමේ දෙවෙනි කොටස සාදන්න වෙනවා. මෙතනදී ඔබගේ Blog ඔකට නමක් සහ address එකක් තෝරලා දෙන්න වෙනවා. (06 රෑපය)
06 රෑපය

ඊට පස්සේ ඔයාට template එක තෝරගන්න වෙනවා. හැබැයි blogger වලින් දීල තියෙන templates එච්චර ලස්සනක් නෑ. හැබැයි සරලයි. ඒත් අපි කැමති ලස්සනට තියාගන්නනේ. ඉතිං ඒ හින්දා ඔයා වෙන template එකක් තොරගන්න කැමති නැත්නම් එතනින් තියෙන හොඳ එකක් තෝරගන්න. වෙන template එකක් හොඳ ලස්සන එකක් තෝරගන්න කැමතිනම් ඔය පේන්න තියෙන එකක් select කරන්න. ඊට පස්සේ ඔයාගෙ blog එක හඳලා ඉවරයි. (07 රෑපය)
07 රෑපය

ඔන්න එහෙනම් මූලික පියවරවල් ටික ඉවරයි. දැං template එක වෙනස් කරන හැටි අපි බලමු. ඒකට අපිට template තියෙන සයිට් එකකට යන්න වෙනවා. templates තියෙන සයිට් එකක් මම ඔයාලට උඩින්ම දුන්නනේ. එහෙනම් ඒකට ගිහිල්ලා ඔයාල කැමති එකක් තෝරගන්නකෝ. තෝරගෙන ඒක download කරගෙන හොයාගන්න පුලුවන් තැනකට උදාහරනයක් විදිහට ගත්තොත් ඩෙස්ක්ටොප් එකට Extract  කරගන්න. දැං බලමු අපි කොහොමද අපි download කරගත්තු template එක අපේ අඩවියට upload කරන්නේ කියලා. (01 වීඩියෝව)
01 වීඩියෝව

ඔයාල දැක්කනේ ප්‍රායෝගිකවම කොහොමද ලේසියෙන්ම template එක වෙනස් කරන්නෙ කොහොමද කියලා. ඉතිං එහෙනම් ඉතිං අපිට දැං ඒකෙ තියෙන දේවල් වෙනස් කරන්න වෙනවා. මොකද එහෙම තිබ්බොත් කැතයිනේ. අනික මම දාල තියෙන එකේ cars තියෙන slides තියෙනවා. ඉතිං මේක cars විකුණන site එකක් නෙමේනෙ. ඉතිං ඒක වෙනස් කරන්නත් ඕනි. එහෙනම් ඒව කරන හැටි බලමු.

ඉස්සෙල්ලම slide එක වෙනස් කරන හැටි බලමු.
හැබැයි දෙයක්. මේවා වෙනස් කරද්දී අනිවාරයෙන්ම ඔයාලා Expand Widget Templates කියන එක ක්ලික් කරලා ඉන්න.

ඔන්න දැං තමා අපිට chrome browser එකේ උදව් ඕනි වෙන්නේ.(08 , 09 රෑප)

08 රෑපය

09 රෑපය


එය edit කල යුතු ආකාරය පහලින් බලන්න. (10 රෑපය) ප්‍රායෝගික ලෙස බැලීමට 02 වීඩියෝව නරබන්න.
10 රෑපය




02 වීඩියෝව

ඒ අපි බැලුවේ slide bar එක වෙනස් කරන හැටිනේ. දැං බලමු අපි කොහොමද tab bar ඔකේ මෙනු එක වෙනස් කරන්නේ කියලා. (11, 12 රෑප)
11 රෑපය

12 රෑපය

එය කරන ආකාරය ප්‍රායෝගිකව බලන්න 03 වීඩියෝව නරබන්න.
03 වීඩියෝව

හොඳයි එහෙනම් දැං අපි දන්නවනේ කොහොමද අපි tab menu bar එක edit කරන්නෙත් කියලා.  දැං අපි බලමු කොහොමද අපේ template එකේ තියෙන වැඩි java scripts අයින් කරන්නේ කියලා.(13, 14 පින්තූර)
13 රෑපය

14 රෑපය


දැක්කනේ වැඩේ කෙරිල තියෙන හැටි. එහෙනම් කරන හැටි වීඩියෝවෙන් බලාගන්න(04 වීඩියෝව)

04 වීඩියෝව

එහෙනම් අපි දැන් බලමු කොහොමද footer එක නැත්නම් යට කොටස වෙනස් කරන්නේ කියලා. හැබැයි මේ කරන වැඩේනම් හරි නෑ. ඒත් මොනව කරන්නද? ඔන්න එහෙනම් ඒකත් බලාගන්න.(15, 16 රෑප)
15 රෑපය

16 රෑපය

කරන හැටි වීඩියෝවකින් බලන්න (05 වීඩියෝව)

05 රෑපය

දැන් එහෙනම් ඒකත් හරි. දැං අපි බලමු කොහොමද අපි java script එකක් ඇඩ් කරන්නේ... නැත්නම් කොහොමද වෙන යම් කිසි දෙයක් ඇඩ් කරන්නේ කියලා අපේ blog එකට. (06 වීඩියෝව)
06 රෑපය

හොඳයි එහෙනම් අපි දැං බලමු කොහොමද header එක වෙනස් කරන්නේ කියලා. (07 වීඩියෝව)
07 රෑපය

දැං බලමු අපි කොහොමද අපේ blog එකට post එකක් දාන්නෙ කොහොමද කියලා.. (08 වීඩියෝව)

08 රෑපය

දැං අපි බලමු blog එකට අමතර page එකක් add කරන්නේ කොහොමද කියලා.. (09 වීඩියෝව)
09 රෑපය

බුදු අම්මෝ... ඔන්න එහෙනම් කිසිම ප්‍රශ්ණයක් නැතිව blog එකක් හදාගන්න හැටි කියල දුන්නා.මාර ගේමක් මේ post එකටනම් දුන්නේ. කමක් නෑ. මහන්සියේ හැටියට ප්‍රතිපල තියෙයිනේ.. ඉතිං තව මොනව හරි ඔයාලට blogger ගැන දැනගන්න තියෙනවනම් මට කියන්න. දන්නවනම් කියල දෙන්නම්. එහෙනම් මේක ඔයාලට වැදගත් උනානම් follow පාරක් එහෙම දාල යන්න හොඳේ......
අලුත් post එකකින් හම්බවෙමු.







දිඟු දෑස දුටුවාම - ORG Video එක දැන්ම Download කරගන්න

ඔන්න දෙන්න යන්නේ ඔයාල කවුරැත් දන්න දිඟු දෑස දුටුවාම සිංදුවේ video එකයි. ඉතිං මේ video එක අලුතින් ආවෙ. ඔන්න මට හම්බුන ගමන් ඔයාලට දුන්නා. 


Video එක බලන්න පල්ලෙහායින්. 

එහෙනං download කරගන්න. 26MB තියෙන්නේ.



ඔන්න එහෙනම් මම ගියා. වෙන post එකකින් හම්බවෙමු. දැන් ඉතිං මේ පෝස්ට් එක බලද්දී ඇතිඋනු අදහස් උදහස් comment කරලම යන්න.

ලස්සන Contact Me Width එකක් ඉක්මනින් හදාගමු! නියමයි..


ඔන්න අද දෙන්න යන්නේ Blog ලියන අයට වැදගත් වන දෙයක්. ඒක තමයි Contact Me ෆෝම් එකක් කිසිම ගේමක් නැතිව ලස්සන විදිහට හදාගන්න හැටියි කියල දෙන්න යන්නේ.  ඉතිං මේ වැඩේ සිඳුකරන්නේ Contact Me කියන වෙබ් අඩවියෙන්. ඔයාලට මේකෙ Register වෙන්නෙ නැතිව මේ වැඩේ කරගන්න පුලුවන්. 
එහෙනම් අපි මේ වැඩේ කරන හැටි බලමු.

ඉස්සෙල්ලම මෙතන click කරලා අදාල සයිට් එකට යන්න. ඔයාල අදාල සයිට් එකට ගියපුවාහ බලාගන්න පුලුවන් එක පැත්තකින් form එක සකසන්න කොටසක් තියෙනවා. අනිත් පැත්තේ ඒ අපි වෙනස් කරන ඒවගේ Preview එක බලාගන්න පුලුවන්. ඔයාල මේකෙදී කරන්න ඕනි වෙනස් කම් කියල දෙන්නම්.
  • Business Name - මෙතනට ඔයාලගේ blog site එකේ නම ලබා දෙන්න. කෙටියෙන්ම කිව්වොත් මෙතනට දාන්නේ Title එකයි.
  • Business Logo - මෙතනට ඔයාලගේ blog එකේ හෝ නැතිනම් web site එකේ logo එක ලබා දෙන්න. ඒ සඳහා upload කියන බොත්තම ඔබන්න.
  • Email form results to*: - මෙතනට ලබා දෙන්න ඕනි ඔයාලගේ Email ලිපිනය. හේතුව තමයි කවුරැ හරි ඔයාලගේ Contact Form එකෙන් ඔයාලට පණිවිඩයක් එව්වොත් ඒ එවන පණිවිඩිය එන්න ඕනි තැන තමයි මෙතනින් කියන්නේ. ඔයාලට ඔයාලගේ Email Address එක පෙන්වන්න ඕනිනම් Hide my email කියන එක ඉස්සරහින් වැටිලා තියෙන ටික් එක අයින් කරන්න. පෙන්වීමට අවශ්‍ය නැත්නම් Hide my email කියන එක ඉස්සරහින් තියෙන කොටුවේ ටික් එක සඳහන් වෙලා නැත්නම් සඳහන් කරන්න.
  • My Contact Information - මෙතනින් ඔයාලට පුලුවන් ඔයාලගේ ඇඩ්රස් එක දෙන්න, එතකොට ඔයාලගේ Phone නොම්බර් එක දෙන්න. නමුත් මේවා එතරම් වැදගත් වෙන්නේ නෑ. හැබැයි මෙතනදී ඔයාල යම් කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඒ අදාල තීරැව මුලින් තියෙන ටික් එක අයින් කරන්න. ඔයාලට මෙතනදී වැදගත් වෙනවා Add Social Profiles කියන එක. ඒ හින්දා Add Social Profiles කියන එකට මුලින් තියෙන ටික් එක සඳහන් කරන්න. එතනදී ඔයාලට ඔයාලගේ එම අදාල එකවුන්ට් වල අදාල URL එක අදාල කොටුව නැතිනම් හිස්තැන මත ලබා දෙන්න. 
  • Form Settings - මෙහි ඇති Add Captcha Spam Protection කියන එක ක්ලික් කරන්න. මොකද මෙය යොදපුවහම Spam වීම වලක්වන්න පුලුවන්.  
  • Manage Form Fields - මේවා අදාල ලෙස වෙනස් කරගන්න. වෙනස් කරන ඒවා Preview ලෙස බලාගන්න පුලුවන් වෙනවා. මෙයට තවත් ෆීල්ඩ් එක ඇඩ් කරන්න උවමනානම් Add another field කියන එක ක්ලික් කරන්න.
  • එතනින් යට තියෙන ඒවා අපිට කරන්න බෑ. මොකද එතනින් පහල තියෙන ඒවා කරාට අපේ බ්ලොග් එකට හරි මොකේට හරි ඇඩ් කරද්දී ඒක එහෙම්ම තියෙනවා. හේතුව තමයි අපි මේ වැඩේ කරන්නේ නොමිලේ. ඒක නිසා අනිත් සෙට් එකේ තියෙන ඒවා කරගන්නනම් අපිට සල්ලි දෙන්න වෙනවා.
  • ඊට පස්සේ Save Form කියන එක click කරන්න.
  • ඉන්පසු ලැබෙන කොටුවේ Free කියන එක යටතේ පහලින් ඇති Select කියන එක click කරන්න.
  • ඉන්පසු එහිදී Embed Code එකක් ලබා දෙන අතර එය copy කරගෙන ගිහිල්ලා ඔයාලගේ Site එකේ Add Width කියන එකේ තියෙන Java Script එකකට මේක දාල සේව් කරන්න.
  • ඊට පස්සේ ඔයාලට පහළ රෑපයේ තියෙනවා වගේ ඔයාලගේ Site එකේ පැත්තකින් Contact Me කියලා බට්න් එකක් තියෙනවා.

ලේසි වෙන්න ඔන්න මම Video එකකුත් දැම්මා. මේකෙන් උඩ පින්තූරේ වගේ සයිඩ් එකට ෆෝම් එක දාන හැටි බලාගන්න.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලය මේක වැදගත් උනානම් Follow පාරක් දාගෙනම යන්න.


MP3 එක අපේ යටතට ගමු!

හරි එහෙනම් අද දෙන්න යන්නේ MP3 ෆයිල්ස් ඉඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් MP3 ෆයිල් එකට ඉමේජ් එකක් පවා ඇඩ් කරන්න පුලුවන්.


අද මාතෘකාවට බහින්න ඉස්සෙල්ලා කියන්න ඕනි පොඩි දෙයක්. ඒක තමයි මගෙ www.blogshan.tk කියන ඇඩ්රස් එක පොඩි අවුලක්. පොඩි අවුලක් කිව්වට ඒක ලොකුම ලොකු අවුලක් වෙලා. ඒකෙන් ඕන කෙනෙක් මේකට එන්න හැදුවට එහෙම පේජ් එකක් නෑ කියනවා. ඒ හින්දා අලුතෙන් එකක් හදාගන්නකම් ආයෙත් පරණ ඇඩ්රස් එකට බහින්න උනා. ඒක තමයි www.deshanblog.blogspot.com කියන එක. ( මේ වන විට නැවතත් ඩොමේනය යතා තත්වයට පත් කර ඇති බැවින් ඔබට නැවතත් www.blogshan.tk හරහා මෙම අඩවියට ලොග් විය හැක) හරි එහෙනම් අද කතාවට බහිමු.

අද දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් MP3 එකක තියෙන සියලුම පාහේ පිටතින් ඇතුලත් කරල තියෙන ඩේටාස් වෙනස් කරන්න. ඒ කිව්වේ ඔයාල MP3 ෆයිල් එකක් ප්ලේ කරද්දී මීඩියා ප්ලේයර් එකෙන් පේනවනේ MP3 එකට පින්තූරයක් දාල තියෙනවනම් ඒක හරි නැත්නම් යම් යමම් නම්, එතකොට කොපිරයිග්ට්ස්.... සහ ඔය වගේ දේවල්. ඉතිං අද දෙන්න යන එකෙන් මේ ඔක්කොම වෙනස් කරගන්න පුලුවන්. අනික මේක වින්ඩෝස් ඕනිම ඔපරේටින්ග් සිස්ටම් එකක් එක්ක වැඩකරනවා. එහෙනම් ඉතිං ඔන්න ඒකෙන් වැඩ කරන හැටි වීඩියෝ එකකින්ම බලාන පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 2.33 තියෙන්නේ.


ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.

ඔයාලට මේක වැදගත් උනානම් ෆලෝ පාරක් එහෙම දාන්න. ප්‍රශ්ණයක්, හොඳ නරක තියෙනවනම් කමෙන්ට් කරන්න. 



Windows 7 හැක් කරමු.

මුලින්ම කියන්න ඕනි මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7 වල විතරයි. මේක වීඩියෝ එකක් විදිහට තියෙන්නේ. මේකෙන් ඔයාලගේ වින්ඩෝස් 7වල සිස්ටම රේටින්ග් එක වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ප්රෆෝමස් අනුව පරිගණකය විසින් ලබා දෙන රේට් එක වෙනස් කරනවා කියන එකයිත හොඳයි එහෙනම් වීඩියෝව බලලම වැඩේ පටං ගන්න. අවුලක් උනොත් මට කියන්න. පුලුවන් උදව්වක් කරන්නම්.


I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!

කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ  32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.



කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.





© 2011 - BlogShan

හිත නාබර තාලෙට - භාතිය ජයකොඩි ගයන නවතම වීඩියෝව - BlogShan වෙතින් පමණයි

ආ කස්ටිය.ඔන්න ගෙනාවා මික්ස් වීඩියෝ එකක්.
නම- හිත නාබර තාලෙට
කියන්නේ - භාතිය ජයකොඩි

ඔන්න එහෙනම් බලමු


ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවනම් පල්ලෙහා ලින්ක් එකෙන් Full HD video 1 download කරගන්න පුලුවන්.


හොදද නරකද කියලත් කියන්නකෝ



යාලුවන්ව රවට්ටන්න ලේසියෙන්ම වයිරස් එකක් හදමු.(ඉදිරිපත් කිරීම සිංහල බසින් වීඩියෝ එකක ආධාරයෙන්)

ඔන්න පොරොන්දු උන විදිහටම Fake virus එකක් හදන හැටි සිංහලෙන්ම කියල දෙන්න යන්නේ.

*. යම් කිසි අත් වැරදීමකින් ඔබගේ පරිගණකයට හානි වුවහොත් එහි වගකීම අප භාරගන්නේ නැත.*

මේකෙ තියෙන අයිකන් එක වෙනස් කරනවා.ඒ ඒක පාවිච්චි කරන එක්කනා රවට්ටන්න.ඒකයි මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් විදිහට පාවිච්චි කලේ.ඕනනම් රී නේම් කරල ඒකට ගැලපෙන විදිහට අයිකන් වෙනස් කලා නම් හරි.ඔන්න එහෙනම් බලන්න.


ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවනම් video එක දාල තියෙනවා.ඒක ඩවුන්ලෝඩ් කර ගන්න.

                         



Torrent Download කරගෙන පාවිච්චි කරන විදිහ සිංහල වීඩියෝ එකකින්

ඔන්න ටොරන්ට් ගැන දන්නෙ නැත්නම් මේක බලල ඉගෙන ගන්න.





Exodus from the Earth

මෙන්න නියම ගේම් එකක් බිලොකා ගෙනාවා.නියමයි කියන්නේ සුපිරිම සුපිරි.හරි හරි.වැඩි කතා බහ නැතිව කෙලින්ම කතාවට එන්ටර් වෙමු.

මේ පරිගණක ක්‍රීඩාවේ නම තමා සෝඩස් ෆ්රෝම් දී අර්ත් (Exodus from the Earth). මේකෙ කෙටිම හැදින්වීම තමයි පෘථිවියෙන් පිටත විශ්වයේ පිහිටි ඕනෑම ග්‍රහලෝකයක පිහිටි පරිසරයක ජීවත් වීමට හැකි වන ලෙස මිනිසාගේ සිරැර සකස් කරනු ලබන එන්නතක් ගැන සහ ඒ ගැන තොරතුරැ හොයාගෙන යන ඇමරිකානු රහස් ඔත්තු මේවයේ රහස් පරීක්ෂකයෙකු ගැනයි තමා මේකෙන් කියවෙන්නේ.
2016දී විද්‍යාඥයින් පිරිසක් කරන පරීක්ෂණයකින් හෙලි වෙනවා ඒ වන විට සූර්යයාගේ රස්නය වැඩිවෙලා තියෙන හින්දා තව වසර විස්සකින් සූර්යයාගේ ආසන්නයේ තියෙන ග්‍රහ ලෝක හැම එකක්ම පාහේ විනාශ වෙලා යනවා කියලා.මේ විනාශයෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය සූර්යයාගෙන් ඈතින් පිහිටි වෙනත් ග්‍රහ ලෝකයක් දෙවන පෘථිවිය විදිහට භාවිතා කරන එක කියලා ලෝකවාසීන් පිළිගන්නවා.ඊට පස්සේ එතන ඉදන් පරීක්ෂකයෝ වෙහෙසෙන්නේ ඒකට ගැලපෙන විදිහේ නොයෙක් යෙදුම් හොයා ගන්නයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකානු ආයතනයක් විසින් විශේෂ එන්නතක් හොයා ගන්නවා.ඒ එන්නත මිනිස් සිරැරට ඇතුලු කරාට පස්සේ ඒ මිනිසාට විශ්වයේ තියෙන ඕනම කටුක ග්‍රහ ලෝකෙක ජීවත්වෙන්න පුලුවන්.ඒ අනුව ඉස්සරහට තීරණය කරන ග්‍රහ ලෝකයේ හොදින් ජීවත්වීම සදහා ඒ එන්නත මිනිස්සුන්ට විකුණන්න ඒ ආයතනය සූදානම් වෙනවා.මේක ගැන දැන ගන්න ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ එන්නත ගැන සියලුම තොරතුරැ හොයන්න විශේෂ මෙහෙයුමක් පටන් ගන්නවා.මේ මෙහෙයුම සදහා ඔවුන් තෝරාගනු ලබන්නේ ෆ්‍රැන්සිස් රික්සෝන් කියන දක්ෂ රහස් පරීක්ෂකයාවයි.
මේ ගේම් එකේදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියා කිරීමට සිදුවන්නේ ඇමරිකානු රහස් පරීක්ෂක ෆ්‍රැන්සිස් රික්සොන් විදිහටයි.ෆ්‍රැන්සිස් ඉතාමත් රහසිගතව එන්නත හදපු ආයතනයේ මූලස්ථානයට රිංග ගන්නවා.එතන ඉදන් එන්නත ගැන විස්තර හොයන්න පටන් ගන්නවා.එහිදී එම මෙහෙයුම සූක්ෂමව කරන විදිහ සහ සිදුවන ගැටුම් කාරී තත්වය මේ ගේම් එකේදී අත්විදින්න පුලුවන්.මෙහිදී එන්නත හදපු මූලස්ථානයේ සිතියමක්ද ෆ්‍රැන්සිස්ට ලැබෙන අතර ඒක උපයෝගී කරගෙන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සලසා ඇති විදිහ, විශේෂ ස්ථානවලට ඇතුලු වෙන්න තියෙන ලෙහෙසි පහසු ආරක්ෂාකාරී මාර්ග ගැන අධ්‍යනය කරමින් මේ මෙහෙයුම රහසිගතව සිදු කරන්න ඕන.විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ කිසිම කෙනෙක්ට දැනෙන්නේ නැති විදිහට තොරතුරැ හොයාගන්න ඕන වගකීම ද භාරවෙන්නේ පරිගණක ක්‍රීඩකයා වන ඔබටයි.මේ ගොඩනැගිල්ල අතිනවීව තාක්ෂණික උපකරණ සහ දක්ෂ ආරක්ෂකයින් යොදාගෙන ආරක්ෂ කර ඇති තැනකි.මෙහිදී ෆ්‍රැන්සිස්ව මෙහෙයවන පරිගණක ක්‍රීඩකයා විදිහට ඒ සියලු ආරක්ෂක උපක්‍රම මග හරිමින්, එන්නත හදන තැන, ඒක හදන වට්ටෝරැව, එන්නත අත්හදා බලන ආකාරය,ඒකෙන් ඇතිවෙන අහිතකර ප්‍රථිඵල සහ තවත් ගොඩක් දේවල් පරිගණක ක්‍රීඩකයාට හොයාගන්න සිදුවෙනවා.මේ සදහා ෆ්‍රැන්සිස් ඉවසීමෙන් , බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.ෆ්‍රැන්සිස් ගාව යම් තාක්ෂණික උපකරණ සහ දියුණු අවි ආයුධ තිබුනට ඒවා සුදුසු තැන්වලදී භාවිතා කරන්න වෙන වගකීමත් පැවරෙන්නේ පරිගණක ක්‍රීඩකයාටයි.
එහෙන්ම් ඔන්න හැදින්වීම ඉවරයි.ගේම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එකෙන්.හැබැයි ඒක ටොරන්ට් ෆයිල් එකක්.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ටොරන්ට් වලින් වැඩ කරන හැටි දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).ආ තවත් එකක්.ඔන්න වීඩියෝ එකකුත් දැම්මා.