ads.txt

ads
Showing posts with label torrent. Show all posts

Ra-One (2011) චිත්‍රපටිය එලියට දාපු ගමන්ම බලමු


ඔයාල කවුරැත් දන්නව ඇතිනේ Ra-One හින්දි චිත්‍රපටිය ලඟදි ප්‍රදර්ෂණය කරන්න පවා පටං ගත්තේ කියලා. කොච්චර ලඟදිද කිව්වොත් නම් මේ මාසේ 26 වෙනිදා තමයි මේක ලොව පුරා ප්‍රදර්ෂණය කරන්න පටං ගත්තේ. ඉතිං ඔන්න මම මේකත් ඔයාලට Download කරගන්න ලබා දෙනවා. මේකත් ආපු ගමන්මයි මම ඔයාලට දෙන්නේ. හරියට ගාමණී චිත්‍රපටිය ඔයාලට දුන්නා වගේම. 
This post has been updated..
Download RaOne DVD Rip

හැබැයි මේකනම් ටිකක් වෙනස් කතා තේමාවක් වෙනවා. මොකද මේ වෙනකම් ඉන්දියාවේ චිත්‍රපටියක මේ වගේ කතාවක් දකින්නට තිබුනේ නෑ. මේක අමුතුම තාලයේ ක්‍රියාදාම චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අනුභාව සිං කියන අධ්‍යක්ෂක වරයයි. මෙම චිත්‍රපටියේ නිෂ්පාදනය සඳහා දායකත්වයනම් ගෞරවී ඛාන් (ශාරැක් ඛාන්ගේ බිරිඳ) විසිනි. මෙම චිත්‍රපටියට ශාරැක් ඛාන් ඇතුලු බොලිවුඩයේ ජනප්‍රිය නලු නිලියන් රැසකගේ දායකත්වයද ලැබෙනවා. 
මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියන්නම්කෝ..
තාත්තා කෙනෙක් තම දරැවා වෙනුවෙන් පරිගණක ක්‍රීඩාවක් නිපදවීමට සැලසුම් කරනවා. නමුත් මොහුට අවශය වන්නේ මෙම ක්‍රීඩාවට අමුතුම ජවයක් දෙනන්. ඉතිං මොහු කරනු ලබන්නේ මෙම ක්‍රීඩාව ඔවුන්ගේම ජීවිතත් සමඟ සම්භන්ධ කර ඔවුන්ගේ ජීවිතත් සමඟ සෙල්ලම් කිරීමට ආරම්භ කරනවා. ඉතිං එතනින් එහාට කියන්නනම් බෑ. මොකද මමත් මේ චිත්‍රපටිය download කරනගමන්. ඔන්න ඉතිං මම බලපු නිසයි කියන්නේ. මුල් පටං ගන්න ටික ඒ කියන්නේ නම් දාන ටික පොඩ්ඩක් අවුල්. පොඩ්ඩක් වටේ අයගේ සද්දයක් ඇහෙනවා. ඒක එචච්ර ගානක් නෑ. තියෙන පැයගානටම ඇහෙන්නේ වටේ සද්ද පටං ගද්දියි ඉවරවෙද්දයි විතරයි.  කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්. මම ඔය කිව්වේ trial එකේ තිබුනු seen එක. එහෙනම් ඔන්න පල්ලෙහායින් Torrent Link එක download කරගන්න. 763MB විතරයි තියෙන්නේ.

Download Ra-One(RaOne) hindi Movie (Direct)



Password එකක් ඉල්ලුවොත් පහත එක ලබා දෙන්න.
BlogShan


Nikopol පරිගණක ක්‍රීඩාව!!

පිටසක්වල ජීවීන් බවට පත් වූ ඊජිප්තු වෙදිවරැන් සහ පොළෝ වාසීන් අතර සිඳුවන ගැටුම් පාදක කරගත් නිකොපොල් පරිගණක කීඩාව!!!






ඔන්න අද දෙන්න යන්නේ කම්පියුටර් ගේම් එකක්. අතීතයේ ඊජිප්තුව පාලනය භාරව හිටපු දෙවිවරැන් පිරිසක් පිටසක්වල ජීවීන් කොටසක් බවට පත් වෙලා ඔවුන් විසින් පෘථිවියේ පාලනය එයාලගේ යටතට ගන්න දරන උත්සාහයත්, ඒ උත්සාහය ව්‍යාර්ථ කරන්න සටන් වදින ප්‍රංශයේ පැරිස් නුවර තරැණයෙක් ගැන කියවෙන කතාවක් තමයි මේ Nikopol (නිකොපොල්) පරිගණක ක්‍රීඩාවේ තේමාව වෙලා තියෙන්නේ.
එලබෙන 2023 අවුරැද්දේදී ප්‍රංශයේ පැරිස් නුවර පාදක කරගෙන ඇරබෙන මේ සටන එම ජීවීන් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීමට තබන පළමු පියවර වෙනවා. ඊජිප්තු දෙවිවරැන් ලෙස සැලකෙන මෙම ජීවීන් පිරිස පිරිමීඩයක් හැඩය ගත් විශාල යානයකින් පැරිස් නුවරට ඉහළ අහසේ ගමන් කරමින් සිටිනවා. හදිස්සියේම ඔවුන් ගමන් ගන්නා යාවයේ ඉන්ධන අවසන් වෙනවා. මෙම යානයේ සිටින්නේ ‍හෝරස් සහ පොප් යන නම්වලින් හඳුන්වන දෙවිවරැන් වන අතර ඔවුන් පෘථිවිය ආක්‍රමණය කරන්න කල් යල් බලමින් සිටින පිරිසක්ද වෙනවා. මේ අවස්ථාවේ ඔවුනන් පැරිසියේ නගරාධිපතිව දූතයනන් මඟින් සම්භන්ධ කරගන්නා අතර එහිදී ඔවුන් තමන්ගේ යානයට ඉන්ධන ලබා දෙන ලෙස නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පැරිස් නගරයේ රහස් ඔත්තු සේවා මඟින් තොරතුරැ සොයා බැලීමේදී දැනගන්නට ලැබෙන්නේ ඔවුන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැලසෙන බවයි. එහිදී පැරිස් නගරාධිපතිවරයා දෙවිවරැන්ගේ ඉල්ලීම ඉවත දමනු ලබනවා.
දෙවිවරැන් තමන්ගේ ඉල්ලීම් ඉටුනොවන බව දැනගැනීමෙන් බලවත් සේ කෝපවන අතර කෙසේ හෝ පැරිස් නුවර පාලනය තමන් යටතට ගන්න සැලසුම් කරනවා. ඒ සඳහා ඔවුන් පැරිස් නගරයේ වාසය කරන තරැණයෙකු යොදා ගන්න උත්සාහ කරනවා. නිකපොල් නම් වන ඔහු චිත්‍රශිල්පය ඉගෙනගන්නා විශ්වවිද්‍යාල සිසුවෙකි. තමන්ට ලැබෙන අමතර කාලයේදී රැකියාවක් වශයෙන් නගරයේ පොලිසියට යම් යම් අවස්ථා වලදී සහය දක්වන දක්ෂ බුද්ධිමත් තරැණයෙකි. නිකොපොල්ගේ පියා නගරය ආක්‍රමණය කිරීමට සැරසෙන හොරස් නම් දෙවියාට කලකට පෙර වැඳුම් පිදුම් කල පුද්ගලයෙකි. ඒ කාලයේදී හොරස්ගේ අණකට අකීකරැ වීම නිසා නිකපොල්ගේ පියා හොරස් විසින් නිර්මාණය කරන ලද වනාන්තරයක කලක පටන් සිරගත කොට ඇත.
හොරස් විසින් නිකපොල්වද තමන්ගේ ආයුධයක් ලෙස භාවිතා කරන්න සැරසෙනවා. ඒ අනුව ඔවුන් නිකපොල්ව තමන්ගේ පාලනයට ගෙන ඔහු හරහා මුලින්ම පැරිස් නුවර පාලනයත් ඒ මඟින් මුලු පෘථිවියේ පාලනයත් තමන් යටතට ගන්න උත්සාහ දරනවා. මේ අවස්ථාව වෙනවිට නිකපොල් තමන්ගේ පියා සොයාගැනීමට මඟක් සොයමින් සිටී. තම පියා සිරකර ගෙන සිටින හොරස් තමන්වද ඔවුන්ගේ පාලනයට ගැනීමට සැරසෙන බව දැනගත් නිකපොල් මින් ප1යෝජන ගන්නට සිතයි. කිතපොල් මෙය තමන්ගේ පියා සොයාගැනීමට අවස්ථාවක් බව සිතා ඔහු හොරස්ගෙන් තම පියා බේරාගැනීමටත් පෘථිවයත් බේරාගැනීමටත් මෙහෙයුමක් අරබනවා.
මෙහිදී එහුය ප්‍රංශ රජයේ සහයද ලැබෙන අතර ඔහුට රජය සමඟ කටයුතු කිරීමට වෙන්නේ ඉතා රහසිගතවය. මෙහිදී ඔවුනොවුන් රහස් සංකේත භාවිතා කරන අතර පරිගණක ක්‍රීඩකයාට ඒ කියන්නේ ඔබට රහස් සංකේත පිලිබඳ දැනුමක්ද මෙහිදී ලබා ගන්න පුලුවන් වෙනවා. හොරස් සමඟ ගනුදෙනු කිරීමේදී ඉතා සුලුහෝ සැකයක්  නොසිතෙන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කල යුතු බව නිකපොල් දනී. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට නිකපොල් ලෙස මෙම ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදීමට සිඳු වෙනවා.
මෙම ක්‍රීඩාවේදී නිකපොල් බොහෝ විට භාවිතා කරන්නේ බුද්ධිමය උපක්‍රම වන අතර අවි ආයුධ භාවිතා කිරීම සිඳු වන්නේ වෙනත් කල යුතු දෙයක් නොමැති අවස්ථාවන් වලදී පමණි. පරිගණක ක්‍රීඩාව මින්සුන් හා වෙනත් ජීවීන් අතර සිඳුවන සටන්වල දක්නට ලැබෙන ආකාරයේ නවීන අවි සමඟ ඇතිවන සටන් දක්නට නොලැබේ.
මෙහිදී පරිගණක ක්‍රීඩකයාගේ අරමුණ විය යුත්තේ නිකපොල් ලෙස තමන්ගේ පියා සහ පෘථිවය බේරා ගැනීමත් දෙවිවරැන් ලෙස පෙනී සිටින පිටසක්වල ජීවීන් විනාශ කිරීමත්ය.

ඔන්න කතාවනම් ඉවරයි. එහෙනම්ම දැං බලන්න මේ ගේම් එක ප්ලේ කරන්න ඔයාගේ කම්පියුටරේ තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා!!

OS(මෙහෙයුම් පද්ධතිය) : Windows XP/Vista
Processor : Pentium 4 @ 1.7 GHz
Memory : 512 Mb
Hard Drive : 3 Gb free
Video Memory : 128 Mb
Video Card: nVidia GeForce 6 series / ATI Radeon 9600
Sound Card : DirectX Compatible
DirectX : 9.0c
Keyboard
Mouse
DVD Rom Drive



එහෙනම් ඔන්න පල්ලෙහා ටොරන්ට් ලින්ක් එක තියෙනවා. ඒකෙන් බාගන්න.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. ෆලෝ පාරක් එහෙම දාන්න හොදේ


වෙබ් සයිට් එකක් කිසිම අවුලක් නැතිව OFFLINE ඉද්දිත් බලමුද?

ඔන්න අද දෙන්න යන්නේ නියම ගැජට් එකක්'
ඔයාල නෙට් එකේ නැති වෙලාවෙදී උනත් තමන් කැමති වෙබ් සයිට් එකක් ඒ තියෙන විදිහටම ඒ කියන්නේ ලින්ක් පවා හරියටම වැඩ කරන විදිහට බලන්න කැමති ඇති නේද?  මේ වැඩේට ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හැබැයි මේ ගැජට් එකනම් මේකට කියාපු භාණ්ඩය. මේකෙ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝලර් (Offline Explorer) . දැං ඉතිං මේක දන්න අයත් මේක බලනව ඇති. ඒ අය මට සමාව දෙන්න. මොකද දන්නෙ නැති අයට කියල දෙන හින්දා. 
මේ ගැජට් එකෙන් විශාල වෙබ් සයිට් එකක් උනත් විනාඩි දෙක තුනක්(පරිගණකයේ වේගයය අනුව වෙනස් වේ) ඇතුලත ඒකෙ තියෙන හැම හයිපර්ලින්ක් එකක් එක්කම කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ විදිහට ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බ්‍රව්සර් එකෙන් බලාගන්න පුලුවන්. එතකොට තව අපිට ඕන විදිහට ඒ සයිට් එක සංස්කරණය කරන්නත් පුලුවන්. මේ ගැජට් එකේ ප්‍රධාන තිරය මේක පාවිච්චි කරන්නාට ඉතාමත් මිත්‍රහීලී ඒ කියන්නේ කිසිම අමාරැ තත්වයක් නැතිව ඒ ගැජට් එක ඔයාලට හසුරවන්න පුලුවන්. ඒක හොඳට බලාගන්න පුලුවන් ඔයාල වෙබ් සයිට් එකක් ඩවුන්ලෝඩ් කරද්දී. ඒ වගේම වෙන වෙනම පින්තූර, වෙබ් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන විදිහ වෙනම පැත්තකින් පෙන්වනවා. ඒවා ඔයාට ඕනනම් පාලනය කරන්න ඒ කියන්නේ නවත්තන්න ඕනනම් එහෙමයි, දැනට විතරක් නවත්තන්න ඕනිනම් එහෙමයි ඒ ඕන විදිහක් කරන්න පුලුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එකේ ප්‍රධාන තිරය අපිට පහසුකම් ලබා දීල තියෙනවා. 
මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට්ස් අපිට ඕනනම් සීඩී වලට හරි ඩීවීඩී වලට හරි රයිට් කරන්න පුලුවන් විදිහේ සොෆ්ට්වෙයාර් සහ විධාන මේකෙන් ලබා දීල තියෙනවා. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඕනිම සයිට් එකක් නෙට් ඉන්ටනෙට් භාවිතයක් නැතිව ඕනිම පරිගණකයක කිසිම බාධාවක් නැතිව ඒ කම්පියුටරේ තියෙන වෙබ් බ්‍රව්සර් එකේ වැඩ කරනවා. තවත් දෙයක් කියන්න ඕනි. ඉන්ටනෙට් එකේ තියෙන ඉතාමත් සංකීර්ණ වෙබ් සයිට්ස් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සයිට්ස් හදල තියෙන හැටි, ඒවට යොදාගෙන තියෙන තාක්ෂණික හා නිර්මාණ ක්‍රම ශිල්ප ඉගෙනගැනීමට වෙබ් අඩවි නිර්මාණය කරන අයට මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබා දීල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ඕනෙම වින්ඩෝස් පද්ධතියක් ඇති කම්පියුටර් වල වැඩ කරනවා.

Setup- Medifire download
Crack-Mediafire download

ප්‍රශ්ණයක් එහෙම තියෙනවනම් කියන්න. එහෙනම් තවත් ගැජට් එකක් එක්ක හම්බවෙමු.


චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!!



ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න.



CAM / CAMrip – මේවා හඳුන්වන්නේ කැමරා කොපි කියලා. මේ චිත්‍රපටි හඳන්නේ ෆිල්ම් හෝල් එකේ ප්‍රදර්ශණය වන චිත්‍රපටිය ඒ තිරයෙන් පේන ආකාරයට වීඩියෝ කරලා. ගොඩක් වෙලාවට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ‍ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ.


• TELESYNC (TS) – තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තියා ගන්න.

• TELECINE (TC) – සිනමා පටය (reel එක) කොපි කල හැකි යන්ත්‍රයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මේ වගේ යන්ත්‍ර වලින් තමයි සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්‍ර සාමාන්‍යයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි.

• SCREENER (SCR) – චිත්‍රපටය එලිදැක්වීමට කලින් ප්‍රචාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්‍රපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්‍රමාණය ඉතා කුඩායි (letterbox).

• DVD-SCREENER (DVDscr) – කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා.

• VHSRip – ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්‍රපටි එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්‍රීඩා සහ අසභ්‍ය වීඩියෝ.

• TVRip – මේවා රූපවාහිනියේ යන චිත්‍රපටියක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා.

• Asian Silvers / PDVDrip – ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා.

• WORKPRINT (WP) – චිත්‍රපටියේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්‍රපටිය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්‍රචලිත වු මෙ‍ම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්‍රිමාණ රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්.

• DVDRip – මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි.

• BRRip - මේක තමයි ඉස්තරම්ම එක. කිසි හැල හොල්මනක් වෙනස් වීමක් වෙන්නෙ නෑ. ඔර්ජිනල් එක වගේම තියෙනවා.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. මට කරන උදව්වක් විදිහට ෆලෝ පාරක් එහෙම දාන්න හොඳේ.

The Hurt Locker - එලම තමා!


2010 වසරේ ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ හොඳම සිනමා කෘතිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 6 ක් දිනාගැනීමට The Hurt Locker චිත්‍රපටිය සමත්ව තිබෙනවා. සම්මාන 9කට නිර්දේශ වූ මෙම චිත්‍රපටිය ඉරාක යුද්ධය අළලා සකස්කරන ලද්දක්.

යුද සිනමා කෘතියක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තේමාවක් වන බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබළුන්ගේ කැපවීම, ඔවුනට ඇතිවන බාධක සහ ඔවුන් මුහුණපාන ජීවිත අවදානම මෙම සිනමා කෘතියේ තේමාව වී තිබෙනවා.
මිනිත්තු 131 ක් දිවෙන මෙම චිත්‍රපටයේ උද්වේගකාරී කතාව ප්‍රේක්ෂකයාගේ අවධානය රැකගැනීමට සමත්. හොලිවුඩ් චිත්‍රාගාරවලින් බැහැරව, ජෝර්දානයේ රූගත කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගතකිරීමෙන් 8.0 ක් ලබා තිබෙනවා. 2008 වසරේ තිරගතවීම ඇරඹුනද, මෙය ඔස්කාර් සම්මාන සඳහා සුදුසුකම් ලැබූයේ 2009  වසරේ තිරගත චිත්‍රපටයක් ලෙසයි.
ඔස්කාර් සම්මාන 6 ට අමතරව තවත් සම්මාන 70ක් දිනා තිබීමද, 45 කට නිර්දේශව තිබීමද මෙම සිනමා කෘතියේ විශිෂ්ඨත්වයට නිදසුනක්. සිතන්නට යමක් ඉතිරි කරන, (කුමන රටේ හෝ වේවා ) රණවිරුවගේ කැපවීම පිළිබිඹු කරන චිත්‍රපටයක් නරඹන්නට ඔබ කැමතිනම් The Hurt Locker කදිම තේරීමක් වනු ඇති.
මෙම චිත්‍රපටිය ටොරන්ට් වලින් බාගන්න පහල ක්ලික් කරන්න.

BRRip පිටපතක් පහත සබැඳුම් වලින් බාගත හැකියි. (1280 x 668, 23.976 fps, 450 MB, MKV)

part-1


part-2

part-03


හොඳ නරකත් දාලම යන්නකෝ එහෙනම්!

Sanctum (2011) - අවදානමට පෙර සත්‍ය සිදුවීමක්!

ඔන්න කස්ටියටම සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. චිත්‍රපටය එලිදක්වල තියෙන්නේ 2011 පෙබරවාරි 4 වෙනිදා, ‍මේක සුපිරි ෆිල්ම් එකක්.
චිත්‍රපටයේ විධායක නිෂ්පාදක වරයා ලොව සුපතල සිපිරිම ගනයේ කවුරුත් දන්න “ඡේම්ස් කැමරන්”(James Cameron). ‍( James Cameron මෙම චිත්‍රපටියේ නිෂ්පාදක වරයා නොව විධායක නිශ්පාදකයා බව කරැණාවෙන් දන්වා සිටිමි) වි‍ශේෂ දෙයක් තමයි චිත්‍රපටය ගොඩනැගිල තියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්!
            දැනට IMDB වල 5.6/10 ක ඡන්ද ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියන්නේ Kokoda, Behind the Plastic Bubble යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු “Alister Grierson” තමයි. 
ඔන්න එහෙනම් කතාව කෙටියෙන් බලාගන්නකෝ… Frank කියන්නේ Joshගේ තාත්තා; George, Carl, Victoria, Judes, Luko කියන්නේ Frankගේ කන්ඩායමේ කට්ටිය. Frank තමයි නායකයා. මෙයාල ඇවිල්ලා කිමිදෙන්න,කදු නගින්න වගේ අවදානම් වැඩ කරන අය. “Esa-ala” කියල දකුණු ශාන්තිගර සාගරයට ආසන්නව පිහිටි කන්දක ස්වාභාවිකවම හැදුනු ආගාධයක් තියනවා, ඒ ආගාධය කන්ද පතුලටම ගිහිල්ලා මුහුදට සම්බන්ධ වෙනවා. (මේක ඔයාලා අනිවාරයෙන්ම දැන ගන්න ඕනි. මේක ස්වභාවධර්මයේ අපූර්වත්වය කියා පාන ඇත්තම තැනක්!). ඉතින් Frank ප්‍රමුඛ කන්ඩායමේ එකම අරමුණ ආගාධය ඇතුලට බැහැල මුහුදෙන් එලියට එන එක. ඉතින් කිවුවත් වගේම ආගාදයට බැහැල ඉන්න වේලාවේ අවාසනාවකට ලෝකු වැස්සක් වහිනවා. ඉතින් එතකොට වටේ-පිටේ තියන ගල්-මුල් වැටිල ආගාධයේ කට වැහෙනවා…දැන් ඉතින් කාට කාටත් එලියට යන්න තියන එකම මාර්ගය තමා කිමිදිලා මුහුදෙන් එලියට යෑම.
සමහර ඡවනිකා තියනවා ඇස් දෙකට ඇත්තටම කදුලු එනවා!! එහෙනම් ඉතින් බාගෙනම බලන්නකො කවුද ඡිවිතේ ‍බේරගන්නේ කියලා! මේක ටොරරන්ටි හොදේ.කොපි දෙකක් ඒ කියන්නේ මෙගා බයිට් 700 සහ 499 කියල කොපි දෙකක් තියෙනවා හොදේ.කැමති එකක් බා ගන්නකෝ හොදේ.බලලා හොදද නරකද කියල කියන්න.හොදේ!
පල්ලෙහායින් බාගන්න.

700MB


499 MB





පරිගණක තිරයේ දිස්වෙන ඕනම දෙයක් ඉමේජ් එකක් බවට හරවන්න පුලුවන් අලුත්ම ගැජට් එක

පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
කොහොමැයි ඉතින්.ඔන්න අලුත් ගැජට් එකක් ගෙනාවා.ඒකෙ නම තමයි සොලිඩ් කැප්චර්(Solid Capture).මේකෙන් වෙන්නේ පරිගණක තිරයේ පෙන්නන යම් දෙයක් පින්තූරයක් හැටියට ගන්න ඕන උනාම අපි සාමාන්නියෙන් කරන්නේ කී බෝඩ් එකේ තියෙන ප්රින්ට් ස්ක්‍රීන් බට්න් එක ප්රෙස් කරලා ඒ ඉමේජ් එක ගන්න එකනේ.අන්න ඒ කාර්යයම වඩා දියුණු පහසු ක්‍රමයකට කරගන්න තමා මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නේ.
කම්පිටර් තිරයේ පෙන්නන ඕනෙ දෙයක පින්තූරයක් මේ ගැජට් එකෙන් ගන්න පුලුවන් අතර ඒ ගන්න පින්තූරේ සංස්කරනය කිරීම හා තවත් ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්.පරිගනක තිරයේ දිස්වෙන ෆෝල්ඩර්ස්, ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තූර ආදී ඕනෙ දෙයක් ඉමේජ් එකක් බවට පත් කරගන්න ඕන හැම දෙයක්ම මේ සොෆ්ට්වෙයා එකේ තියෙනවා.මේකෙන් වෙබ් අඩවියක තිබෙන තමන්ට අවශ්‍ය ඕනෙම දෙයක් ඉමේජයක් කරල සේව් කරගන්න පුලුවන් පහසුකමකුත් දීල තියෙනවා.මොනිටර් එකේ පේන ඕනම පින්තූරයක් වෙබ් අඩවියක පෙන්නන විට ඒකෙ වර්ණ පිටපත් කරගැනීම සදහා ඒ කියන්නේ පාට කොපි කර ගැනීම සදහා විශේෂ ටූල් එකක්ද මේකෙ අඩංගු කරල තියෙනවා.වෙබ් අඩවිවලින් හෝ වෙනත් තිරයේ දිස්වෙන ඉමේජයකින් කලර් කැප්චර් කිරීමේදී එහි ඇති කුඩාම පික්සලයේ තියෙන වර්ණ පවා තෝරා ගන්න පුලුවන්.
මේකෙ විශේෂත්වය වෙන්නේ මේ ටූල් එක ක්‍රියාත්මක කරමින් යම් තැනක් තෝරපුවහම ඒ තෝරපු තැන පාටත්,ඒකට ගැලපෙන වෙබ් අඩවිවලදී භානිතා වන අපි කවුරැත් දන්න HTML සංකේත අංකයයි පෙන්නුම් කරනවා.මේ පහසුකම වෙබ් අඩවි නිර්මානය කරන අයට හොද පහසුවක් ලබා දෙනවා.සොෆ්ට්වෙයාර් එකෙන් ගන්න පින්තූරෙ ඕනනම් ඇක්රොබැට් පීඩීඑෆ් ෆයිල් ආකාරයටත් පරිවර්තනය කරන්න පුලුවන් විදිහේ ටූල් එකකුත් දීල තියෙනවා.එතකොට තව ලබා ගන්නා ඉමේජ් හරි පීඩීඑෆ් ෆයිල්ස් ඊමේල් කරන්න පුලුවන් ටූල් එකකුත් මේකෙ දීල තියෙනවා.මේකෙ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එක මතට මිනුම් කෝදුවක් ලබාදී ඒ මගින් පරිගණක ඩෙස්ක්ටොප් තිරයේ තියෙන දේ මෙන්ම වෙබ් අඩවි වල තියෙන යම් යම් කොටස් වල පරිමාණ පික්සල් විදිහට මැනගන්න පුලුවන් පහසුකමත් දීල තියෙනවා.ඔන්න පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කර ගන්න.
හසිස්සියේ බැරි වෙලාවක්වත් සීරියල් කී එකක් ඉල්ලුවොත් මේක දෙන්න
මේක ටොරන්ට් ලින්ක් එකක්.ඒ හින්දා සීරියල් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ටොරන්ට් වලින්.
(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න)





Exodus from the Earth

මෙන්න නියම ගේම් එකක් බිලොකා ගෙනාවා.නියමයි කියන්නේ සුපිරිම සුපිරි.හරි හරි.වැඩි කතා බහ නැතිව කෙලින්ම කතාවට එන්ටර් වෙමු.

මේ පරිගණක ක්‍රීඩාවේ නම තමා සෝඩස් ෆ්රෝම් දී අර්ත් (Exodus from the Earth). මේකෙ කෙටිම හැදින්වීම තමයි පෘථිවියෙන් පිටත විශ්වයේ පිහිටි ඕනෑම ග්‍රහලෝකයක පිහිටි පරිසරයක ජීවත් වීමට හැකි වන ලෙස මිනිසාගේ සිරැර සකස් කරනු ලබන එන්නතක් ගැන සහ ඒ ගැන තොරතුරැ හොයාගෙන යන ඇමරිකානු රහස් ඔත්තු මේවයේ රහස් පරීක්ෂකයෙකු ගැනයි තමා මේකෙන් කියවෙන්නේ.
2016දී විද්‍යාඥයින් පිරිසක් කරන පරීක්ෂණයකින් හෙලි වෙනවා ඒ වන විට සූර්යයාගේ රස්නය වැඩිවෙලා තියෙන හින්දා තව වසර විස්සකින් සූර්යයාගේ ආසන්නයේ තියෙන ග්‍රහ ලෝක හැම එකක්ම පාහේ විනාශ වෙලා යනවා කියලා.මේ විනාශයෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය සූර්යයාගෙන් ඈතින් පිහිටි වෙනත් ග්‍රහ ලෝකයක් දෙවන පෘථිවිය විදිහට භාවිතා කරන එක කියලා ලෝකවාසීන් පිළිගන්නවා.ඊට පස්සේ එතන ඉදන් පරීක්ෂකයෝ වෙහෙසෙන්නේ ඒකට ගැලපෙන විදිහේ නොයෙක් යෙදුම් හොයා ගන්නයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකානු ආයතනයක් විසින් විශේෂ එන්නතක් හොයා ගන්නවා.ඒ එන්නත මිනිස් සිරැරට ඇතුලු කරාට පස්සේ ඒ මිනිසාට විශ්වයේ තියෙන ඕනම කටුක ග්‍රහ ලෝකෙක ජීවත්වෙන්න පුලුවන්.ඒ අනුව ඉස්සරහට තීරණය කරන ග්‍රහ ලෝකයේ හොදින් ජීවත්වීම සදහා ඒ එන්නත මිනිස්සුන්ට විකුණන්න ඒ ආයතනය සූදානම් වෙනවා.මේක ගැන දැන ගන්න ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ එන්නත ගැන සියලුම තොරතුරැ හොයන්න විශේෂ මෙහෙයුමක් පටන් ගන්නවා.මේ මෙහෙයුම සදහා ඔවුන් තෝරාගනු ලබන්නේ ෆ්‍රැන්සිස් රික්සෝන් කියන දක්ෂ රහස් පරීක්ෂකයාවයි.
මේ ගේම් එකේදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියා කිරීමට සිදුවන්නේ ඇමරිකානු රහස් පරීක්ෂක ෆ්‍රැන්සිස් රික්සොන් විදිහටයි.ෆ්‍රැන්සිස් ඉතාමත් රහසිගතව එන්නත හදපු ආයතනයේ මූලස්ථානයට රිංග ගන්නවා.එතන ඉදන් එන්නත ගැන විස්තර හොයන්න පටන් ගන්නවා.එහිදී එම මෙහෙයුම සූක්ෂමව කරන විදිහ සහ සිදුවන ගැටුම් කාරී තත්වය මේ ගේම් එකේදී අත්විදින්න පුලුවන්.මෙහිදී එන්නත හදපු මූලස්ථානයේ සිතියමක්ද ෆ්‍රැන්සිස්ට ලැබෙන අතර ඒක උපයෝගී කරගෙන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සලසා ඇති විදිහ, විශේෂ ස්ථානවලට ඇතුලු වෙන්න තියෙන ලෙහෙසි පහසු ආරක්ෂාකාරී මාර්ග ගැන අධ්‍යනය කරමින් මේ මෙහෙයුම රහසිගතව සිදු කරන්න ඕන.විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ කිසිම කෙනෙක්ට දැනෙන්නේ නැති විදිහට තොරතුරැ හොයාගන්න ඕන වගකීම ද භාරවෙන්නේ පරිගණක ක්‍රීඩකයා වන ඔබටයි.මේ ගොඩනැගිල්ල අතිනවීව තාක්ෂණික උපකරණ සහ දක්ෂ ආරක්ෂකයින් යොදාගෙන ආරක්ෂ කර ඇති තැනකි.මෙහිදී ෆ්‍රැන්සිස්ව මෙහෙයවන පරිගණක ක්‍රීඩකයා විදිහට ඒ සියලු ආරක්ෂක උපක්‍රම මග හරිමින්, එන්නත හදන තැන, ඒක හදන වට්ටෝරැව, එන්නත අත්හදා බලන ආකාරය,ඒකෙන් ඇතිවෙන අහිතකර ප්‍රථිඵල සහ තවත් ගොඩක් දේවල් පරිගණක ක්‍රීඩකයාට හොයාගන්න සිදුවෙනවා.මේ සදහා ෆ්‍රැන්සිස් ඉවසීමෙන් , බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.ෆ්‍රැන්සිස් ගාව යම් තාක්ෂණික උපකරණ සහ දියුණු අවි ආයුධ තිබුනට ඒවා සුදුසු තැන්වලදී භාවිතා කරන්න වෙන වගකීමත් පැවරෙන්නේ පරිගණක ක්‍රීඩකයාටයි.
එහෙන්ම් ඔන්න හැදින්වීම ඉවරයි.ගේම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එකෙන්.හැබැයි ඒක ටොරන්ට් ෆයිල් එකක්.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ටොරන්ට් වලින් වැඩ කරන හැටි දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).ආ තවත් එකක්.ඔන්න වීඩියෝ එකකුත් දැම්මා.