පරිගණක තිරයේ දිස්වෙන ඕනම දෙයක් ඉමේජ් එකක් බවට හරවන්න පුලුවන් අලුත්ම ගැජට් එක

පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
කොහොමැයි ඉතින්.ඔන්න අලුත් ගැජට් එකක් ගෙනාවා.ඒකෙ නම තමයි සොලිඩ් කැප්චර්(Solid Capture).මේකෙන් වෙන්නේ පරිගණක තිරයේ පෙන්නන යම් දෙයක් පින්තූරයක් හැටියට ගන්න ඕන උනාම අපි සාමාන්නියෙන් කරන්නේ කී බෝඩ් එකේ තියෙන ප්රින්ට් ස්ක්‍රීන් බට්න් එක ප්රෙස් කරලා ඒ ඉමේජ් එක ගන්න එකනේ.අන්න ඒ කාර්යයම වඩා දියුණු පහසු ක්‍රමයකට කරගන්න තමා මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නේ.
කම්පිටර් තිරයේ පෙන්නන ඕනෙ දෙයක පින්තූරයක් මේ ගැජට් එකෙන් ගන්න පුලුවන් අතර ඒ ගන්න පින්තූරේ සංස්කරනය කිරීම හා තවත් ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්.පරිගනක තිරයේ දිස්වෙන ෆෝල්ඩර්ස්, ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තූර ආදී ඕනෙ දෙයක් ඉමේජ් එකක් බවට පත් කරගන්න ඕන හැම දෙයක්ම මේ සොෆ්ට්වෙයා එකේ තියෙනවා.මේකෙන් වෙබ් අඩවියක තිබෙන තමන්ට අවශ්‍ය ඕනෙම දෙයක් ඉමේජයක් කරල සේව් කරගන්න පුලුවන් පහසුකමකුත් දීල තියෙනවා.මොනිටර් එකේ පේන ඕනම පින්තූරයක් වෙබ් අඩවියක පෙන්නන විට ඒකෙ වර්ණ පිටපත් කරගැනීම සදහා ඒ කියන්නේ පාට කොපි කර ගැනීම සදහා විශේෂ ටූල් එකක්ද මේකෙ අඩංගු කරල තියෙනවා.වෙබ් අඩවිවලින් හෝ වෙනත් තිරයේ දිස්වෙන ඉමේජයකින් කලර් කැප්චර් කිරීමේදී එහි ඇති කුඩාම පික්සලයේ තියෙන වර්ණ පවා තෝරා ගන්න පුලුවන්.
මේකෙ විශේෂත්වය වෙන්නේ මේ ටූල් එක ක්‍රියාත්මක කරමින් යම් තැනක් තෝරපුවහම ඒ තෝරපු තැන පාටත්,ඒකට ගැලපෙන වෙබ් අඩවිවලදී භානිතා වන අපි කවුරැත් දන්න HTML සංකේත අංකයයි පෙන්නුම් කරනවා.මේ පහසුකම වෙබ් අඩවි නිර්මානය කරන අයට හොද පහසුවක් ලබා දෙනවා.සොෆ්ට්වෙයාර් එකෙන් ගන්න පින්තූරෙ ඕනනම් ඇක්රොබැට් පීඩීඑෆ් ෆයිල් ආකාරයටත් පරිවර්තනය කරන්න පුලුවන් විදිහේ ටූල් එකකුත් දීල තියෙනවා.එතකොට තව ලබා ගන්නා ඉමේජ් හරි පීඩීඑෆ් ෆයිල්ස් ඊමේල් කරන්න පුලුවන් ටූල් එකකුත් මේකෙ දීල තියෙනවා.මේකෙ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එක මතට මිනුම් කෝදුවක් ලබාදී ඒ මගින් පරිගණක ඩෙස්ක්ටොප් තිරයේ තියෙන දේ මෙන්ම වෙබ් අඩවි වල තියෙන යම් යම් කොටස් වල පරිමාණ පික්සල් විදිහට මැනගන්න පුලුවන් පහසුකමත් දීල තියෙනවා.ඔන්න පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කර ගන්න.
හසිස්සියේ බැරි වෙලාවක්වත් සීරියල් කී එකක් ඉල්ලුවොත් මේක දෙන්න
මේක ටොරන්ට් ලින්ක් එකක්.ඒ හින්දා සීරියල් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ටොරන්ට් වලින්.
(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න)





Share on Google Plus

2 comments:

  1. download now click kara bt no found kiyala watuna.eth kolla wadda nisa site ekata gihin search karala hoyan baagena sthapanaya karagaththa wade goda.thank u macho.

    ReplyDelete
  2. @නිකමා...
    මම පුලුවන් ඉක්මනින් ඒක සකස් කරන්නම්. හික්ස්... දන්නවා දන්නවා වැඩ්ඩා කියලා. වැඩේ කොහොම හරි ගොඩනම් එච්චරයි.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.