Internet Money - 04 කොටස (Data Entry Jobs)

කොහොමද ඉතින්?ඔන්න ගෙනාවා හතරවැනි කොටසත් ගෙනාවා.මේ ඩේටා එන්ට්රි ජොබ්ස් ගැන විස්තරය.ඔන්න එහෙනම් පටන් ගමු.
ඩේටා එන්ට්රි ජොබ්ස් ගැන කතා කරද්දී මේ ගැන කොටස් දෙකකින් කතා කරන්න වෙනවා.එහෙම කිව්වම බය වෙන්න එපා.අද එකක් හෙට එකක් නෙමේ.ඒ දෙකම අද මේ ලිපියෙන් කියනවා.තව දෙයක්.මේ දැන් මම කියන එව්වා oDesk සයිට් එකට ගැලපෙන විදිහට.මොකද මම දන්න විදිහට දැනට මේ ක්‍රම වලට හොදම පහසුකම් හම්බවෙන්නේ මේ සයිට් එකෙන් තමා.හරි ආයෙත් කතාවට බහිමු.
කොටස් දෙක තමයි ,
   01.1st company
   02.2nd company

*.අපි ඉස්සෙල්ලම කතා කරමු 1st company ගැන.මේකත් කොටස් දෙකකට බෙදනවා.
 01. hourly rate
 02. fixed price
මේකෙ පලවෙනි එක අපි ගත්තොත් hourly rate ඒ කියන්නේ පැය ගානට තමා වැඩ කරන්න තියෙන්නේ.සාමාන්නියෙන් මේ පැය ගානට වැඩ කරන ජොබ් එකට 2$ - 5$ අතර සල්ලි හම්බවෙනවා.සාමාන්නියෙන් මේ ජොබ්ස් වලට වැඩ කරද්දී අපි වගේ අයට ඒ කියන්නේ ලංකාවේ අයට වැඩ කරන්න වෙන්නේ රෑ 11ත් උදේ 9ත් අතර තමා.මේ ජොබ් කරන්න ඕනනම් අනිවාරයෙන්ම ඉන්ටර්නෙට් පහසුකම තියෙන්න ඕන.තව වර්ඩ්/එක්ස්.එල් ගැන හොද දැනුමක් තියෙන්නත් ඕන.මේකෙදීසතියකට පැය 10 ඉදල ඉදිරියට තමයි වැඩ කරන්න තියෙන පැය ගාණ තීරණය වෙන්නනේ.මේක ලේසියෙන් කරන්න පුලුවන්.ඒ කියන්නේ නිදි මරන්නෙ නැතිව දවසට පැය දෙකක් තුනක් වැඩ කානම් දවස් හතරකින් විතර ඒ වැඩේ ඉවර කරන්න පුලුවන්.
දැන් අපි fixed price ඒ කියන්නේ කොන්ත්‍රාක් විදිහට වැඩ අරගෙන කරන්න පුලුවන් ජොබ්ස් ගැන බලමු.මේකෙදී තමන් භාරගන්න වැඩේ අනිවාරයෙන්ම ඒ අදාල දිනේට දීම අත්‍යවශය වෙනවා.මාසයකට සාමාන්නියෙන් කන්ට්‍රක්ට් 7ක් තමයි ගන්න පුලුවන්.හැබැයි මේ ජොබ් එක දෙන සයිට් එකේ තියෙන විභාග කරල දින්නොත් ඔයාට කෙලින්ම මාසෙට කන්ට්‍රක්ට් 80ක් විතර ගන්න පුලුවන්.මේකේ 5$-1500$ ත් අතර නිෂ්චිත මුදලක් තියෙනවා.තවත් දෙයක්.අපි කන්ට්‍රක්ට් එකක් කරල යවනවා.ඒකෙ පිටු 3ක් වැරදියි.ඒක ආපහු අපේ ඉන්බොක්ස් එකට එනවා.ඒ ඒක ආපහු හදල යවන්න.හැබැයි ඒකට දෙන්නේ දවස් 2-3ත් අතර කාලය විතරයි.මේකෙදී වැඩක් කරන්න ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්.ඇඩ්වාන්ස් ගන්න පුලුවන් උපරිමය 30%ක්.උදාහරණයක් විදිහට ගත්තොත් 100$ක කන්ට්‍රක්ට් එකක් ගත්තොත් අපිට 30$ක් ඇඩ්වාන්ස් එකක් විදිහට ගන්න පුලුවන්.නියමයි නේ.
මේකෙන් ලැබෙන මුදල් ගන්න වෙන්නේ ඩෙබිට් කාඩ් එකකින් තමයි.ඒකත් නොමිලේ එවනවා.හැබැයි ඉතින් ඒක එන්න සති දෙකක් තුනක් විතර යනවා.මේ 1වෙනි කම්පනි එකේ මුදල් ඕනෑම තැනකින් ලබා ගන්නත් ඕනෑම තැනකට මුදල් ගෙවන්නත් යොදාගන්න පුලුවන්.

*.දැන් බලමු 2nd company එක ගැන

මේකෙදී අනිවාර්යයෙන්ම profile එකක් හදන්න ඕන.මේකෙ අඩංගු වෙනවා ඔයාගේ qualifications.එව්වා පුරවලා ප්රොෆයිල් ෆිට්නස් එක වැඩි කරගන්න ඕන.හැබැයි ඉතින් ඒ පුරවන එවිවා බොරැද ඇත්තද කියලනම් ඒ කට්ටිය බලන්නෙ නෑ.ඊට පස්සේ ඔයා‍ගේ ප්රොෆයිල් කොලිෆිකේෂන්ස් වලට ගැලපෙන විදිහේ ජොබ්ස් අපේ ඊමේල් එකට එවනවා.මේකත් කන්ට්‍රක්ට් විදිහට තමයි කරන්න තියෙන්නේ.නිශ්චිත කාල සීමාවක් නෑ.මේකෙත් ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්.ඒකත් 30$ ක් විතරයි.ඉස්සෙල්ලා කියපු විදිහටම ඔයා කරපු වැඩේ වැරදි තියෙනවනම් වැරදි හදන්න එවනවා.කාලය මදිනම් ඉන්බොක්ස් එකේ තියෙන බට්න් එකක් ක්ලික් කරලා කාලය ඉල්ල ගන්න පුලුවන්.පැය 14කින් පස්සේ ලංකාවේ බැංකු ගිණුමකින් මුදල් ලබා ගන්න පුලුවන්.

ඔන්න ඉතින් ඒකත් ඉවරයි.මේකෙ තියෙන oDesk එකවුන්ට් එක හදා ගන්න විදිහ ඊලග ලිපියෙන් ඒ කියන්නේ 05 වෙනි කොටසින් බලමු.

Share on Google Plus

3 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.