Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු.

කොහොමද කස්ටිය? ඔන්න අද මම ගෙනාවා ෆොටෝෂොප්.කිසිම ගේමක් නැතිව ඉගෙන ගන්න පුලුවන්.මේක කොටස් වශයෙන් තමයි මම පල කරන්න හිතාගෙන ඉන්නේ.එහෙනම් ඔන්න පටන් ගමු.පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕන මේ ලිපිත් එක්ක දිගටම හිටියොත් ඔයාට හොද දැනුමක් ෆොටෝෂොප් ගැන අවබෝධ කරගන්න පුලුවන්.ඉස්සෙල්ලා පොඩි වැඩකෑල්ලක් දාලා ෆොටෝෂොප් හදුන්වලා දෙන්නම්කෝ.

කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ ගෝලීයකරණයට මූලික උනේ පරිගණකය.පරිගනකයේ මූලික සිද්ධාන්ත එකමුතුවෙන් ලෝකයේ වේගයෙන් තාක්ෂණික දියුණුවක් ඇති උනා.ගෘහ ජීවිතයේ සරල උපකරණයේ ඉදලා ගුවන් ගත වන අධිවේගී ගුවන් යානය තෙක් තාක්ෂණික දියුණුවට ඉවහල් වෙන්නේ ඒ කියන්නේ උපකාරී වෙන්නේ පරිගණකයයි. කම්පියුටරය එහෙමත් නැත්නම් පරිගණකය විවිධ ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට දක්වන්න පුලුවන්.ඒ ජයග්‍රහණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ කතා කරන්න යන ෆොටෝෂොප් මුද්‍රකාංගයත් අපි අතරට ඇවිල්ලා ඉන්නේ.ෆොටෝෂොප් ගැන කතා කරද්දී ගොඩක්ම ඉස්මතු වෙන්නේ ඡායාරෑපකරණය.මේ වෙන කොට ඡාරෑපකරණයට නැතිවම බැරි අංගයක් බවට පරිගණකය සහ ෆොටෝෂොප් පත්වෙලා ඉවරයි.ඡායාරෑපකරණය වෘත්තියක් වශයෙන් කරණ අයටත් ආධුණිකයන්ටත් කොටින්ම කියනවනම් අපි හැමොටම Adobe Photoshop CS ඉතා හොද මෘද්‍රකාංගයක්.මේ වන විට මේකෙ අලුත්ම සංස්කරණය වන Adobe Photoshop CS5 නිකුත් වෙලා තියෙනවා.

හරි ඔන්න එහෙනම් හැදින්වීමනම් ඉවරයි.දෙවන ලිපියේ ඉදල ෆොටෝෂොප් පටන් ගමු.මොකද හිතුවට වඩා ටිකක් මේ හැදින්වීම දික්වුනා.දිගටම BlogShan blog එකත් ඉන්න.මේ ෆොටෝෂොප් ලිපි ඉවරවෙනකම් හැම දවසකම එක කොටස ගානේ ප්‍රකාශයට පත් කරනවා.එහෙනම් අපි දෙවෙනි කොටසින් හම්බවෙමු.ඔයාලට මගෙන් මොනව හරි මේ ගැන දැනගන්න තියෙනවනම් කමෙන්ට් කරන්න.නැත්නම් ෆෝම් එක පුරවලා එවන්න.(contact Me)

Share on Google Plus

3 comments:

  1. Niyamai macho..:)
    Tharindu

    ReplyDelete
  2. @Anonymous
    ස්තූතියි තරිඳු සහෝදරයා

    ReplyDelete
  3. matchan super letter ekak.Harima proyojanawat.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.