Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 04 කොටස

03 වන කොටස අපි ඉවර කලේ Tool box එකේ කැරණු පොඩ්ඩක් කතා කරලා.ඔන්න එහෙනම් අද නවත්තපු තැන ඉදන්.


Tool Box ලබා ගැනීම සදහා
   window ---> Show tool   භාවිතා කරන්න ඕනි. මේ විදිහට ලබා ගන්නා සෑම tool එකකටම අදාල එමෙන්ම භාවිතයේ පහසුව සදහා tool bar හි ඇති tool ප්‍රධාන කොටස් 04 වර්ග කරන්න පුලුවන්.
  01. Selection Tool
  02. Painting Tool
  03. Editing Tool
  04. Viewing Tool

01.Selection Tool
මෙය photoshop භාවිතයේදී ඉතා වැදගත් tool එකකි. ඒ අනුව මෙයින් සිදුවන්නේ අපි තෝරගන්න image එකේ edit කිරීම සදහා විවිධ ආකාරයෙන් කොටස් තෝරා ගැනීමයි. මෙහි tool කිහිපයකි.

(A) Rectangular Marquee Tool
මෙමගින් සෘජුකෝණාස්‍ර selection එකක් ලබා ගන්න පුලුවන්.
*. Add to selection - (option bar)
මේකෙන් කරන්නේ selection එකට අලුතින් කොටස් එකතු කර ගන්න පුලුවන්.
*.Subtract from selection - (option bar)
මේකෙදී වෙන්නේ  selection එකෙන් කොටස් ඉවත් කර ගන්න තමා.
*. Intersect with selection - (option bar)
selection දෙකක් සදහා පොදුවූ කොටස් ලබාගන්න පුලුවන්.

Shift key + Rectangle tool භාවිතයෙන් සමචතුරස්‍රාකාරී selection එකක් ලබා ගත හැකි අතර Alt + Rectangle tool භාවිතයෙන් මැද සිට විහිදී යන ආකාරයේ Rectangle selection එකක් ලබා ගන්න පුලුවන්.

Feather :- (option bar)
මෙමගින් සිදුවන්නේ සිලෙක්ට් කර ලබා ගන්නා කොටසෙහි ඉමේජ් දාරයට බොදවීමක් ලබා දෙයි. මෙම අගය පික්සල් වලින් ලබා දෙන්න ඕන අතර එය සිලෙක්ෂන් ලබා දීමට පෙර සදහන් කරන්න ඕනි.
නමුත් ප්‍රායෝගික භාවිතයේදී මෙය තරමක් අපහසු හා කාලය ගතවන කාර්යයක් වේ. මේ සදහා පහසු මගක් ලෙස සිලෙක්ෂන්  ලබා දීමෙන් අනතුරැව Alt + Ctrl + D භාවිතා කර එයට අගයක් එන්ටර් කල හැක.

(B) Elliptical Marquee Tool
මේ මගින් ඉලිප්සාකාර සිලෙක්ෂන් ලබාගත හැකිය. මෙයද ක්‍රියා කරන්නේ ඉහත රෙක්ටෑන්ගල් ටූල් ආකාරයටමයි. මීට අමතරව Ani-alised යනුවෙන් කොමාන්ඩ් එකක් ඇක්ටිව් වේ. මෙය ඔන් කිරීමෙන් Eage  එකේ ඇතිවන කඩතොලු බව අඩු කර ගන්න පුලුවන්.

(C) Single Row single column Marqnce tool
මෙහිදී කොලම්න් එකක ආකාරයෙන් හෝ රෝ එකක ආකාරයෙන් පික්සල් එකක හරස් දුරකින් යුතු කොටසක් සිලෙක්ට් කරගත හැකිය. මෙහිදී ෆෙදර් සදහා අගයක් ලබා දිය නොහැක.

(D) Lasso tool
ඉමේජ් මත අපට අවශ්‍ය කොටස නිදහස් අතින් සිලෙක්ට් කරගැනීම මෙහිදී සිදුවේ. නැතහොත් කිසියම් රෑපයක් වටා අවශ්‍ය ආකාරයට සිලෙක්ට් කර ගත හැක. මෙහිදී සාර්ථක සිලෙක්ට්  කර ගැනීමක් සදහා අවශ්‍ය කොටස ප්‍රමාණවත් තරම් සූම්  කරගත යුතුය. මෙහිදී ලබා ගන්නා සිලෙක්ෂන් සදහා ෆෙදර්  ලබා දිය හැකි අතර මෙහි විශේෂත්වය වනුයේ ආරම්භයේ සිට අවසානය දක්වා මවුස්ය ක්ලික් කරගෙන සිටිය යුතුය.

(E) Polygon lasso tool
photoshop භාවිතයේදී සිලෙක්ෂන් ලබා ගැනීම සදහා බහුලවම භාවිතා වන්නේ මෙම ටූල් එකයි. මෙහිදී සිදුකල යුතු වන්නේ ඉමේජ් හි සිලෙක්ට් කරගත යුතු කොටස ලගින් ලග කිලික් කිරීම මගින් අවශ්‍ය කොටස සිලෙක්ට් කර ගැනීමයි. මේ සදහා අවශ්‍ය ප්‍රකාශයට ෆෙදර් ලබා දිය හැකිය.

(F) Magnatic Lasso Tool
මෙමගින් සිදුවන්නේ ඉමේජ් මත ඩ්‍රැග් කරගෙන යාමේදී වර්ණ දෙකක් වෙන් වන තැන හදුනාගෙන සිලෙක්ට් කරගැනීමයි. මෙහිදී සිලෙක්ෂන්ස් වෙනස් කිරීමට අවශ්‍යනම් හැරවුම් ලක්ෂයක් පමණක් ක්ලික් කිරීම සෑහේ.

(G) Magic wand tool
ඉමේජ් මත ක්ලික් කිරීමේදී සමාන වර්ණ සහිත කොටස් එකවර සිලෙක්ට් කර ගනී. සිපෙක්ට් වන ප්‍රමාණය වෙනස් කර ගැනම සදහා ටෝලර්න්ස් සදහා ලබාදෙන අගය වෙනස් කල යුතුය. මේ සදහා ෆෙදර් ලබා දිය නොහැක.

මේ ආකාරයෙන් ලබාගැනීමට හෝ රොටේට් කර ගැනීමට අවශ්‍ය නම්,
සිලෙක්ට් ---> ට්‍රාන්ස්ෆෝම් සිලෙක්ෂන් ලබා ගන්න.

පසුව සිලෙක්ෂන් වෙනස් කර ඇප්ලයි කර ගැනීම සදහා සිලෙක්ෂන් ඒරියා තැළ ඩබල් ක්ලික් කිරීම හෝ එන්ටර් කිරීම කල යුතුය.

ඔන්න එහෙනම් ඒකත් ඉවරයි. එහෙනම් අපි ඊලග පෝස්ට් එකෙන් සිලෙක්ට් මෙනු එකෙන් කරන වැඩයි තව වැඩ කෑලි ගොඩකුයි ගැන බලමුකෝ.තේරෙන්නෙ නැත්නම් කියන්න.

Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.