යන එන ගමන් වයිරස් මකමු!

අද කියල දෙන්න යන්නේ ඔන්ලයින් ක්‍රමයට පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කර ගන්නා හැටිය. පරිගණකය ස්ථිරවම ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගෙන වයිරස් සහ වෙනත් නරක වැඩසටහන් වලින් ආරක්ෂා වෙනවාට අමතරව ඉන්ටනෙට් හරහාද පරිගණකය වයිරස් සඳහා ස්කෑන් කිරීමේ සේවා තිබේ. මින් සමහර සේවා සපයන වෙබ් අඩවි කෙලින්ම පරිගණකය ස්කෑන් කරයි. ඇතැම් ඒවා ස්කෑන් කරන්නේ අප තෝරා දෙන ෆයිල්ස් විතරයි. එවිට එක්කෝ ඒවා එවෙලෙම් තෝරා දිය යුතුය. නැතහොත් ඒ ෆයිල් එම සේවා දෙන වෙබ් අඩවි වෙත ඊමේල් කොට ආරක්ෂාව කෙසේදැයි විමසා බැලිය යුතුය.
රියල් ටයිම් ඔන්ලයින් ස්කෑනර්ස්



  • බිට්ඩිෆෙන්ඩර් ක්වික් ස්කෑන්
මෙහිදී පිරික්සුම් කටයුතු ඇරඹීමට පෙර කඩිනම් ඇඩ්ඔන් එකක් කම්පියුටරයේ ඉන්ස්ටෝල් කරගැනීමට සිදුවෙනවා. දැන් කරන්න තියෙන්නේ බ්ට්ඩිෆෙන්ඩර් අඩවියට ගොස් (අඩවියට යෑමට මෙතන ක්ලික් කරන්න) Scan Now බොත්තම ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීමට එකඟවීමයි.  එවිට කම්පියුටරය ස්කෑන් කර බලයි. කම්පියුටරයේ මතකයේ සැඟවුනු හානිකර වයිරස්, ට්‍රොජන්ස් හෝ වෙනත් අනවශ්‍ය මුද්‍රකාංග ඇද්ද, නැද්ද යන්න එමඟින් තහවුරැ කරගත හැකිය. මෙමගින් සම්පූර්ණ හාඩ් ඩ්‍රයිව් එකම ස්කෑන් කරබලන්නේ නැත. එහෙත් කම්පියුටරයේ හානිකර මෘද්‍රකාංග තිබේදැයි දැනගැනීම සඳහා මෙය ප්‍රෙයා්ජනවත්ය.


  • පැන්ඩා ඇක්ටිව්ස්කෑන්
පැන්ඩා ඇක්ටිව්ස්කෑන් ක්‍රියාත්මක වෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හෝ ෆයර්ෆොක්ස් යන වෙබ් බ්රව්සර් සමඟ පමණි. යම් හෙයකින් ඔබේ වෙබ් බ්‍රව්සරය ක්‍රෝම්නම් එහි IE Tab Classic එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරගත යුතුය. මෙහිදී පැන්ඩා සෙකියුරිටි වෙබ් අඩවියට පිවිසී Quick Scan යන්න සිලෙක්ට් කරගත යුතුය. (වෙබ් අඩවියට යන්න මෙතන ක්ලික් කරන්න) .. තරමක් ගැඹුරට යෑමට ඔයා කැමතිනම් Full Sacn යනන් සිලෙක්ට් කල හැකිය. ඉන්පසු Scan Now යන්න ක්ලික් කරන්න. කොම්පියුටරයේ ඇත්තේ ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයනම් කුඩා එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට කියයි. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ස්කෑන්රය මඟින් අදාල වයිරස් ඩිෆිනිෂන් ෆයිල්ස් අප්ඩේට් කරගනී. ඉන්පසු ස්කෑන් කිරීම පටන් ගැනේ.


  • ට්‍රෙන්ඩ්මයික්‍රෝ හවුස්කෝල්
කම්පියුටරයේ ඇති බ්රවුසරය කුමක් වූවත් එයින් බාධාවක් නොවන සේ ස්කෑන් කරගන්න පුලුවන්. හවුස්කෝල් මඟින් එසේ කරනු ලබන්නේ වයිරස් ස්කෑන්රය කුඩා .exe ෆයිල් එකක් ලෙස අඩංගු කිරීමෙනි. කම්පියුටරයේ කිසියම් හානිකර සොෆ්ට්වෙයාර් ඇතෙයි කියා හැඟුන විට එය ක්‍රියාත්මක වෙයි. මෙම අඩවියට යෑමට මෙතන ක්ලික් කරන්න


  • එෆ් - සෙකියු ඔන්ලයින් ස්කෑනර් 
කම්පියුටරයේ ජාවා ඉන්ස්ටෝල් කර ඇත්නම් හා ජාවා ස්ත්‍රිප්ට් සක්‍රිය කර ඇත්නම් ඕනෑම වෙබ් බ්රව්සරයක් සමඟ එෆ් - සෙකිවු ඔන්ලයින් ක්‍රියාත්මක වෙයි. වෙබ් අඩවියට පිවිස එහි ඇති Run Check මත ක්ලික් කල විට ස්කෑන්රය ක්‍රියාත්මක වෙයි. අවශ්‍යතාවය අනුව කුයික් ස්කෑන් හෝ ෆුල් ස්කෑන් හෝ හරියටම අවශ්‍ය ආකාරයට පිරික්සුම් කෙරෙන මයි ස්ක්‍රීන් තේරිය හැකිය. සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න.


ෆයිල් ස්කෑනර්ස්

පරීක්ෂා කල යුතුයැයි සිතෙන මෙගාබයිට් විස්සක් දක්වා වූ ෆයිල් එකක් වයිරස්කෑන් සේවාව වෙත අප්ලෝඩ් කල හැකිය. වයිරස්කෑන් ඔස්සේ ජාලය තුල ඇති හොඳම ප්‍රතිවයිරස් වෙබ් අඩවි 30කදී පමණ මෙම ෆයිල් එක පරීක්ෂා කර බැලේ. කම්ප්‍රෙස්ඩ් අයිටම් විස්සක් දක්වා වූ ගණනකින් සමන්විත .zip  හෝ .rar ෆයිල්ද  එයට අප්ලෝඩ් කිරීමට පුලුවන්. එහිදී චූස් ෆයිල් ඔප්ෂන් එක ක්ලික් කර අවශ්‍ය ෆයිල් එක තෝරා අනතුරැව අප්ලෝඩ් ක්ලික් කල යුතුය. එවිට එම ෆයිල් එක ස්තෑන් වෙන්නටට පටන් ගනී. එහි ප්‍රතිපලය වෙබ් බ්රව්සරයෙන් දැක ගත හැකි වේ.


වෙනත් ෆයිල් ස්කෑන් අඩවි....

මේ සයිට් දෙක ගැනත් තොරතුරැ දැනගන්න ඕනිනම් කියන්න. එහෙනම් ඔන්න අදට ඉවරයි. එහෙනම් අදහස් උදහස් තියෙනවනම් කියන්නකෝ...
Share on Google Plus

2 comments:

  1. @නිකමා
    ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඊටපස්සේ හරි

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.