Log On Screen එකේ තියෙන පින්තූරෙ හැක් කරමු. {මාර ආතල්}


ඔන්න ඉතිං සති දෙකකට විතර පස්සේ ආයෙත් post එකක් දෙන්න හිතුවා. ගොඩක් දවසකින් windows වලට වැඩ කෑල්ලක් දුන්නු නැති නිසා අද දෙන්න යන්නේ පොඩි tool එකක්. මේකෙන් කරන්නේනම් ඉතිං ඔයාලගෙ Windows Log On Screen එකේ තියෙන පින්තූරෙ වෙනස් වෙන එක තමයි. තව දෙයක් කියන්න ඕනි. මේක වැඩ කරන්නේ Windows 7 වලට විතරයි. හරි එහෙනම් අපි දැන් බලමුකෝ මේකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා...

ඉස්සෙලල්ම ඔයාල මම පහලින් දීළ තියෙන Link එකට ගිහින් software එක download කරගන්න. ඊට පස්සේ ඒක තියෙන්නේ RAR file එකක් විදිහට. ඔයාට ඒක Extract කරගන්න වෙනවා. Extract කරලා ඉවර උනාට පස්සේ Folder එක ඇතුලට ගියපුවහම ඔයාට පේයි Windows 7 Logon Changer කියලා Software එක තියෙනවා. ඉතිං මුලින්ම ඒක උඩ double click කරලා හරි මොනයම් ක්‍රමයකට ඒක open කරගන්න. ඊට පස්සේ Change Logon Screen කියන එක උඩ click කරන්න.  එතනින් අලුත් ඩයලොග් බොක්ස් එකක් open වෙලා ඔයාට අවශ්‍ය කරන පින්තූරය තෝරලා දීල Open කියන එක උඩ click කරන්න. සමහර විට ඔයා තෝරගත්තු පින්තූරයේ size එක ලොකු වැඩියි කියලා Message එකක් එන්න පුලුවන්. එතකොට ඒ එන එක YES කරන්න. ඊට පස්සේ ඉතිං ඔයාට Test එකක් බලාගන්න ඕනිනම් පහළින් තියෙන Test කියන එක click කරලා ඔයාගෙ අලුත් Logon screen එක බලාගන්න පුලුවන්.

ඒ වගේම ආයෙත් පරණ එහෙමත් නැත්නම් Windows install කරපුවහම එන Screen එක ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ Revert To Default Logon Screen කියන එක Click කරන්න. එතකොට හරි.

ඔන්න එහෙනම් පහලින් Software එක බාගන්න. 1MB එකක්වත් නෑ.


Share on Google Plus

2 comments:

  1. අඩෝ එල මචං. සුපිරියටම වැඩ.. බොහොම පිං..

    ReplyDelete
  2. xp වලත් මෙ වැඩෙ කරන්න පුලුවන්

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.