බ්ලොගර් වල අලුත් ස්ටයිල් එකේදී ටෙම්ප්ලේට් අප්ලෝඩ් කරන්නෙ මෙහෙමයි

මෑතකදී Blogger (බ්ලොගර්) වලට නව පෙනුමක් ලබා දීලා තිබෙනවා. මෙම නව පෙනුමට සෑමදිනකම වාගේ තව තවත් අලුත් ගුණාංග එකතු වනු ලබනවා. එමනිසා පරණ බ්ලොගර් පෙනුමට හුරුවුනු අයටයි, නව පෙනුමෙහි කාලයක් ක්‍රියාකාරකම් කරමින් එය තාවකාලිකව නවතා දැමූ අයටයි, බ්ලොගර් වලට පැමිණෙන නවකයන්ටයි තිබෙන බරපතලම ගැටළුව වනුයේ බ්ලොගර් වෙබ් අඩවියට අලුතින් Template (ටෙම්ප්ලේට්) එකක් Upload (අප්ලෝඩ්) කරන්න අයුරු පිළිබඳව. ඉතාමත් පහසු දෙයක්. ඔබට ඇත්තේ පහතින් දක්වා ඇති පියවරයන් අනුගමනය කිරීම පමණි.


1. මුළින්ම බ්ලොග්ස්පොට් වෙබ් අඩවියට ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදය ලබා දී ඇතුලු වී, වම් පැත්තේ ඇති Template යන්න ක්ලික් කරන්න. ඉන්පසුව දකුණු පැත්තේ උඩ කෙලවරේ Backup/Restore යනුවෙන් ස්ථානයක් තිබෙනවා ඔබට දැකගත හැකියි. ඒ මත ක්ලික් කරන්න.

2. ඉන්පසුව popup window (පොප්අප් වින්ඩෝ) එකක් විවෘත වෙන අතර, එයින් Choose File යන ස්ථානය මත ක්ලික් කර ඔබගේ පරිගණකයේ ඇති ටෙම්ප්ලේට් එක තෝරා දෙන්න. ඉන් පසුව එහි ඇති Upload යන්න ක්ලික් කරන්න. මෙහිදී Download Template යනුවෙන් ඇත්තේ ඔබ දැනට භාවිතා කරනු ලබන ටෙම්ප්ලේට් එක ඔබේ පරිගණකයට බාගත කරගැනීමටයි. හේතුව, ඔබට සිතුනහොත් මෙම නව ටෙම්ප්ලේට් එක ඔබට ගැලපෙන්නේ නැහැ යනුවෙන්, ඔබට හැකියාවක් තිබෙනවා ඔබ බාගත කරගනු ලැබූ පෙර ටෙම්ප්ලේට් එක තිබූ අයුරින්ම නැවත යාවත්කාලීන කරන්නට.

3. අප්ලෝඩ් වූවාට පසුව ස්වයංක්‍රීයවම පොප්අප් වින්ඩෝව වැසෙනු ඇත. ඉන්පසුව ඔබට ඇත්තේ HTML සහ Layout යන ඒවා edit කිරීම පමණි.




Share on Google Plus

1 comment:

  1. වෙනසක් නෑ. ඒකෙන් වෙන්නේ අර ප්‍රීවිව් ටෙම්ප්ලේට් එකේ තියෙන හැම ජරාවක්ම ඒකට එකතු වෙන එකයි. සමහරවිට සමහර කෝඩ්ස් වැඩ නොවෙන්න පුලුවන්. :)

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.