සියලුම ෆේස්බුක් යාවත්කාලීනයන් එකපාරින් මකන්න


ඔබේ ෆේස්බුක් ගිණුමෙහි යාවත්කාලීන කිරීම් (posts) බොහොමයක් තිබෙනවා විය හැක. ඔබට මේ සියල්ල මකාදැමීමට අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එය සිඳුකිරීම බෙහෙවින් දුෂ්කර කටයුත්තක් වනු ඇත. ඒ එකින් එක ගෙන මකා දැමීමට අවශ්‍ය බැවිනි. එම වෙහෙස කර කටයුත්ත වෙනුවට, එය පහසු කරවීමට වෙනත් ක්‍රියාවලියක් තිබේ. එය භාවිතා කිරීම මඟින් ඔබේ ගිණුමෙහි මේ දක්වා පලකර තිබෙන යාවත්කාලීන කිරීම් සියල්ලක්ම එකපාරින් මකාදැමිය හැක.

නමුත්, ඔබට මෙය භාවිතා කිරීමටනම් Google Chrome වෙබ් බ්‍රව්සරය හෝ Firefox වෙබ් බ්‍රව්සරය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි.

මෙම ලබාදෙන ඇඩෝන් (addon) එක ඔබගේ Chrome හෝ Firefox වෙබ් බ්‍රව්සරයට ස්ථාපනය කරගෙන මේ ක්‍රියාවලිය සිඳුකරගත හැක. පහතින් සඳහන් කර ඇති පටිපාටිය නිවැරදි අයුරින් සිඳුකිරීම මඟින් ඔබටද ඔබට අවශ්‍ය ෆේස්බුක් ගිණුමෙහි යාවත්කාලීන කිරීම් එකපාරින් මකාදමා ගත හැක.

ක්‍රියාවලිය:-
  • පහතින් ලබා දී ඇති ඇඩෝන් ඔබගේ වෙබ් බ්‍රව්සරයට ස්ථාපනය කරගන්න.
  • ස්ථාපනය කිරීමෙන් පසුව, ඔබේ වෙබ් බ්‍රව්සරයෙහි ඉහළ දකුණු පැත්තේ කෙලවරට වන්නට එම ඇඩෝනය පෙන්වනු ලබයි. 
  • දැන්, ඔබගේ ෆේස්බුක් ගිණුම විවෘත කරගෙන ඔබගේ කාලරේඛාවට (timeline) පිවිසෙන්න. ඉන්පසුව, ඔබේ බ්‍රව්සරයෙහි දකුණු පසෙහි කෙලවර පෙන්වනු ලබන ඇඩෝනය මත ක්ලික් කරන්න. එවිට pop-up වින්ඩෝවක් විවෘත වන අතර එහි OK යන්න ලබාදෙන්න.
  • ඉන්පසු ටික වේලාවකින් ඔබේ සියලුම ෆේස්බුක් යාවත්කාලීනයන් මැකීයනු ඇත.

HOW TO AUTOMATICALLY DELETE ALL POSTS FROM FACEBOOK TIMELINE
#sirkinaa - www.sirkinaa.blogspot.com
    Share on Google Plus