රැපිඩ්ෂෙයාර් වලින් කාලේකාගන්නේ නැතිව බාගන්න



කාලය කියන්නේ මුදල්. ඒ නිසා ඒක බෙහෙවින්ම අපේ සාමාන්‍ය ජීවිතයට බලපානවා. හැබැයි, අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයෙක් බොහෝවිට කාලය මිඩංගු කරන්නේ මුද්‍රකාංග බාගත (download) කරගැනීමට හෝ චිත්‍රපටි බාගත කරගැනීමට විය හැකිය. දැන්, අපේ මේ ලිපිය පැත්තට හැරුනොත් රැපිඩ්ෂෙයාර් (Rapidshare) කියන්නෙන් එක් පරිගණකය තිබෙන දත්ත අන්තර්ජාලයට එකතු කිරීමක්. ඒ මඟින් තවකෙකුට එම දේ බාගත කරගැනීමේ හැකියාවක් පවතිනවා.

අන්න ඒ විදිහේ වෙබ් අඩවියක් තමයි මේකත්. හැබැයි Mediafire, zShare, Megaupload යන වෙබ් අඩවිවල වාගේම මෙම වෙබ් අඩවියේත් මුදල් ගෙවා සාමාජිකත්වය ලබා නොගන උදවියට යම් කිසි කාලයක් එම අදාල බාගතකරගැනීම සිඳුකිරීමට වැය කල යුතුවේ. ඒ එම බාගතකිරීම ආරම්භවීමට ප්‍රමාද කරනුයේ එම අඩවියට මුදල් ගෙවා ගිණුමක් නිර්මාණය කරගැනීමට පාරිභෝගිකයා පෙලඹවීමේ අදහසින් විය හැකිය. නමුත් මෙම බාගතකර ගැනීම ඔබට නොමිලේ සිඳුකරගත හැක.

නමුත් මේ මුදල් ගෙවා ගිණුමක් ආරම්භ නොකර විනාඩි ගානක් බලාසිට බාගතකරගන්නා පිරිසට තියෙන ලොකුම ගැටළුව වන්නේ මේ කාලය අපතේ යැවීමයි. එම ගැටලුවට එක් විසඳුමක් මෙම ලිපියෙන් ඉඳිරිපත් කරනු ඇත.

සටහන් :-
  • මෙම මුද්‍රකාංගය භාවිතා කල හැකිවනුයේ Google Chrome වෙබ් පරීක්ෂකයේ පමණයි.
  • මෙම මුද්‍රකාංගය මඟින් රැපිඩ්ෂෙයාර් හි පමණක් නොව මෙගාඅප්ලෝඩ් (Megaupload), සීෂෙයාර් (zShare), මීඩියාෆයර් (Mediafire) වැනි වෙබ් අඩවි වලද බාගත කරගැනීම ආරම්භ වීමට ගණන් වල කාලය නවතාදැමිය හැක.

ක්‍රියාවලිය :-
  • මෙම ක්‍රියාවලිය ආරම්භවීමටනම් ඔබගේ ක්‍රෝම් වෙබ් පරීක්ෂකයට මෙම ඇඩෝනය එක් කරගත යුතුවේ. (ඇඩෝනය පහතින් බාගත කරගන්න)
  • මෙම ඇඩෝනය ඔබගේ වෙබ් පරීක්ෂකයේ නිවැරදි ස්ථාපනය කර ගත්තානම්, ඉන්පසුව අදාල යම්කිසි වෙබ් අඩවියකට ගොස් බාගත කරගැනීම මත ක්ලික් කල වට, රැඳී සිටින්නට කියන කාලය තත්පරයක් වගේ කාලයක් තුල නැතිවී ගොස් ඔබට අවශ්‍ය කරන බාගතකර ගැනීම ආරම්භ වනු ඇත.

බාගතකර ගැනීම් :-
HOW TO BYPASS WAIT TIME IN RAPIDSHARE WEBSITES FOR QUICK DOWNLOAD
#sirkinaa - www.sirkinaa.blogspot.com
Share on Google Plus