Tor Browser එක ගැන හැමදෙයක්ම (Tor Browser: The Ultimate Guide - Beginners to Advanced 2020)

Tor Browser (Alpha) - Apps on Google Play

Tor Browser කියන එක අන්තර්ජාලය ටිකක් වැඩියෙන් භාවිතා කරන ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ගොඩක් අය මේ ටෝර් බ්‍රවුසර් එක කියන්නේ Deep Web එක හොයාගන්න පුලුවන් වෙන බ්‍රවුසර් එකක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම ඒක ඊට එහා ගියපු බ්‍රවුසර් එකක්. ඔබට අවශ්‍යයනම් VPN භාවිතයකින් තොරව මේ Tor Browser එක හරහා block කරලා තියෙන වෙබ් සයිට් වලට පිවිසෙන්න උනත් පුලුවන්. ඉතින් අද මේ ලිපියෙන් ඔබට කියලා දෙන්නේ මේ Tor Browser එක ගැන 0 ඉදන් 100ට යනකම් හැමදෙයක්ම අඩංගුව. ඒ කියන්නේ මේ ගැන නොදන්න තැනින් පටන් ගෙන ඔයා මේ බ්‍රවුසර් එක ගැන උපරිමයටම දන්න කෙනෙක් බවට පත්වෙන විදිහේ ලිපියක් මේ ඔයා කියවන්න හදන්නේ. Tor Browser එක කොහොමද පාවිච්චි කරන්නේ, මේ බ්‍රවුසර් එකේ තියෙන ආරක්ෂාව කොයි වගේ එකක්ද, මේ හැම ඔයාට නැගෙන ප්‍රශ්ණයකටම උත්තරයක් මේ ලිපිය ඇතුලේ තියෙනවා. එහෙනම් ලිපිය පටන් ගමු.

මොකක්ද මේ Tor Browser (ටෝර් බ්‍රවුසර්) කියන්නේ?

සාමාන්‍යය බ්‍රවුසර් එකකදී ඔයා අන්තර්ජාලය පාවිච්චි කරනවානම් ඔයාගේ අනන්‍යතාවයක් අන්තර්ජාලය තුල ඔයා පිවිසෙන හැම වෙබ් පිටුවකම ඇතුලත් වෙනවා. ඒක හරියට අපි මඩ ගොඩක ඇවිදිනකොට අපේ අඩි පාර මඩගොඩේ තියෙනවා වගේ. හැබැයි මේ Tor Browser එකෙන් ඔයාට කිසිම අනන්‍යතාවයක් නැතුව අන්තර්ජාලය තුල සැරිසරන්න පුලුවන්. ඒක හරියට ඔයා මඩගොඩේ ගිහින් අඩිපාර තිබුනට ඔයාගේ හෙවනැල්ලේ අඩිපාර මඩගොඩේ නැහැ වගේ සිදුවීමක්.

මම කලින් කිව්වා වගේම ඔයා අන්තර්ජාලයේ සාමාන්‍යය කාලායක් හරි ගතකරනවානම් මේ ටෝර් බ්‍රවුසර් එක ගැන අහලා තියෙන්න පුලුවන්. ලොකුම හේතුව වෙන්නේ මේ Tor Browser එකට මිනිස්සු කියන ඕපාදූප ඇත්තටම කුතුහලය දනවන කාරණාවන්ගෙන් පිරිලා තියෙනවා. මේ හේතු නිසාම තමයි මේ Tor Browser එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් පුද්ගලයින් හොයලා බලන්නේ. ඇත්තටම නිර්ණාමික වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන එක, නැත්නම් අන්තර්ජාලය පිරික්සීමෙන් තමන්ගේ ආරක්ෂාව උපරිම මට්ටමට අරගෙන යන්න කවුද අකමැති? අනිත් කාරණේ තමයි කාටද මේ Dark Web එහෙමත් නැත්නම් අඳුරු වෙබ් අඩවි ගැන හොයලා බලලා දැනගන්න කුතුහලයක් නැත්තේ? කවුද අකමැති ඒ වගේ දෙයක් ගැන විමර්ශනය කරන්න?

Tor Browser එක නිර්මාණය කරපු සමාගම කියන්නේ මේ ටෝර් බ්‍රවුසර් එක පෞධ්ගලිකත්වයට තියෙන දොරටුවක් කියලයි. ඒ නිසාම අද මේ ලිපිය හරහා ටෝර් බ්‍රවුසරය ගැන සම්පූර්ණ දළ විශ්ලේෂණයක් ලබා දෙනවා.

Tor Browser එක නීති විරෝධීද?

ටෝර් බ්‍රවුසරය නීති විරෝධී නැහැ. මේ හරහා හුදෙක් සිදුවන්නේ නිර්නාමිකව අන්තර්ජාලය හරහා ගවේෂණය කිරීමට අවස්ථාවක් උදාවීම පමණයි. ඉතින් මෙතනදී ස්තූතිවිය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි නිර්නාමිකත්වය යටතේ අන්තර්ජාලය හරහා සැරිසැරීම නීති විරෝධී දෙයක් නොවෙයි. 

ඔබේ අභිප්‍රාය වන්නේ Facebook (ෆේස්බුක්) වැනි වෙබ් අඩවි වලට වැඩි ආරක්ෂිත පසුබිමක් යටතේ පිවිසීමට නම් ඒ වෙනුවෙන් මෙම ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම නීතියට පටහැනි නොවේ. පෞද්ගලිකත්වය වෙනුවෙන් වැඩිපුර හිතන කෙනෙක්නම් ටෝර් බ්‍රවුසරය අනිවාර්යයෙන්ම හොද විකල්පයක්.

හැබැයි එහෙම කිව්වා කියලා ටෝර් බ්‍රවුසරයෙන් සිදු කරන හැම භාවිතයක්ම නීත්‍යානුකූලයි කියලා ඒකෙන් අදහස් කරන්න බැහැ. ඇත්තටම, 95%ක් පමණ මිනිස්සු මේ ටෝර් බ්‍රවුසරය භාවිතා කරන්නේ නීතියට අහුනොවී නීති විරෝධී ක්‍රියාවන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් දැන් ඔබට හිතෙන්න පුලුවන් මේ බ්‍රවුසරය කලින් කියපු තරම්ම නිර්නාමික දෙයක් නෙමෙයිනේ කියලා. මේ බ්‍රවුසරය භාවිතා කරන ඔබයි තෝරාගැනීමක් කල යුත්තේ. එක්කෝ ඔබ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නවා කියන කාරණය මත ටෝර් බ්‍රවුසරය භාවිතා කල යුතුයි. එසේ කලහොත් ඔබට කිසිම නීතිමය ගැටළුවක් ඇති වන්නේ නැහැ. නමුත් ඔබ ටෝර් බ්‍රවුසරය භාවිතා කරන්නේ නීතියේ රැහැනෙන් මිදී තමන්ගේ නීති විරෝධී කටයුතු කරගෙන යාමටනම්, නීති විරෝධී අරමුණු සඳහා නම් ඔබ නීතියේ රැහැනට අහුවීමට ඉඩ ඇති බව කිව යුතුමය.

Tor Browser එක ආරක්ෂිතද?

සමස්තයක් විදිහට ගත්තොත් මේ ටෝර් බ්‍රවුසරය ආරක්ෂිතයි. ඔබ විසින් එදිනෙදා අන්තර්ජාලය තුල සිදුකරන පිරික්සීමේ (search) කටයුතු වලදී ඔබගේ පෞද්ගලිකත්වය මෙම බ්‍රවුසරය හරහා අමතර ආරක්ෂාවක් ලබාදෙනු ලබනවා.

කොහොම වුනත්, ටෝර් බ්‍රවුසරයට තියෙන ආරක්ෂාව ගැන බලනකොට වාසි සහ අවාසි කියන වර්ග දෙකම ඇති බව ඔබ දැනගැනීම වැදගත්. මේ බ්‍රවුසරය භාවිතා කිරීම ආරක්ෂිත වූවත්, ඔබ විසින් කරනු ලබන සාමාන්‍යය පරිදි වෙබ් පිරික්සීමක් ඇරෙන්නට වෙනත් දෙයක් සඳහා ටෝර් බ්‍රවුසරය භාවිතා කරනවානම්, අහම්බයෙන් ඔබට නොදැනුවත්ම ඔබේ පරිගණකයට හානිදායක වන මෘදුකාංග හෝ වෙනත් යමක් බාගත කරගැනීමේ (download) අවදානමක් ඇත.

මේ Tor Browser එක කියන්නේ අපරාධ ක්‍රියාකාරකම් සඳහා ජනප්‍රියම මෘදුකාංගයක්. ඉතින් ඔබ ටෝර් බ්‍රවුසරය භාවිතා කරන අතරතුර ඔබට හැකි තරම් ආරක්ෂිත වීමට අවශ්‍යයනම් ඔබ කල යුත්තේ මෙම බ්‍රවුසරය එහි අපේක්ෂිත අරමුණු සඳහා භාවිතා කිරීම පමණයි. ඒ වෙබ් අඩවි හරහා පිරික්සීමේදී නිර්නාමිකව අන්තර්ජාලය පිරික්සීමයි. (Anonymity while browsing)

Tor Browser එක Install (ස්ථාපනය) කරන්නේ කොහොමද?

ඔබට පරිගණකය මෘදුකාංග පිළිබඳ දැනුමක් එතරම් නොතිබුනත් මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම ඉතාමත් පහසුයි.

ඔබ භාවිතා කරන්නේ Windows මෙහෙයුම් පද්ධතිය නම්:
  1.  Tor Browser එක බාගත කරගැනීමට ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
  1. ඔබේ මෙහෙයුම් පද්ධතිය සහ ඔබට අවශ්‍යය කරනු ලබන භාෂාව කුමක්දැයි සොයාගන්න. සිංහල භාෂාවෙන් මෙම බ්‍රවුසරය නොමැති නිසා ඔබට English (ඉංග්‍රීසි) භාෂාව භාවිතා කිරීමට පුලුවනි.
  1. මෘදුකාංගය බාගත කිරීමෙන් අනතුරව ".exe" ගොනුව මත දෙපාරක් ක්ලික් කර (double click) එම මෘදුකාංගය විවෘත කරගන්න.
  1. එවිට වින්ඩෝ එකක් open වනු ලබන අතර එහි ඇති "Run" කියන තැන මත ක්ලික් කරන්න.
  1. ඉන්පසු අදාල සර්වර් සමඟ සම්බන්ධ වී ටෝර් බ්‍රවුසරය ඔබේ පරිගණකයට බාගත වීමට ආරම්භ වනු ලබනවා. බාගත වීම අවසන් වූවාට පසුව එහි දැක්වෙන "Finish" යන කොටස මත ක්ලික් කරන්න.

 ඔබ භාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය නම්:
  1. Tor Browser එක බාගත කරගැනීමට ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න
  1. ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංගය සොයාගන්න.
  1. ඔබේ පරිගණකයේ ඔබට අවශ්‍යය තැනක අදාල file එක save කරගන්න.
  1. බාගත කිරීම අවසන් වූවාට පසුව, අදාල බාගත කිරීම සිදුවූ ස්ථානයට යන්න.
  1. එම ගොනුව මත Right Click කරන්න. 
  1. "Extract Here" යන්න තෝරාදෙන්න.
  1.  ඉන්පසුව folder එකක් ඔබට දිස්වෙනු ඇත. එය මත ක්ලික් කරන්න. 
  1. "Tor Browser Setup" කියන තැන මත double click කරන්න. එවිට Tor Browser එක ඔබට දිස්වෙයි.

ඔබ භාවිතා කරන්නේ Mac මෙහෙයුම් පද්ධතිය නම්:
  1. Tor Browser එක බාගත කරගැනීමට ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
  1. ඔබේ මෙහෙයුම් පද්ධතියට හා භාෂාවට ගැලපෙන පරිදි අදාල බාගත කරගැනීමට සිදුකරගන්න. 
  1. බාගත කරගැනීම සම්පූර්ණ වූවාට පසුව, ඔබ එම මෘදුකාංගය save කරපු ස්ථානය විවෘත කරගන්න. (සාමාන්‍යයෙන් මෙය බාගත වන්නේ ඔබේ Download ඩිරෙක්ටරි එකටයි.)
  1. එහි තිබෙන ".dmg" ගොනු මත double click කරන්න. (බොහෝ වෙලාවට එම ගොනුව "TorBrowser-7.0.2-osx64_en-US.dmg" වැනි ආකාරයෙන් දිස්වනු ඇත.)
  1. ඔබේ මැක් මෙහෙයුම් පද්ධතිය විසින් මෙම ගොනුවෙහි කිසිදු අඩුපාඩුවක් නොමැතිව නියමිත ආකාරයට තිබෙනවාදැයි තහවුරු කරගනු ඇත.
  1. ඉන්පසු නව වින්ඩෝ එකක් open වන අතර, Tor Browser එක ඔබේ applications ෆෝල්ඩරයට ඇද දමන්නට උපදෙස් සපයනු ලබයි. එහි පවසන අයුරින් සිදුකරන්න.

ඔබ Tor Browser එක භාවිතා කරන්නේ කෙසේද?

  1. ඔබේ Tor Browser එකට අදාල folder එක තිබෙන ස්ථානයට යන්න.

    image

  2. එම folder එක විවෘත කරගන්න.

  3. Tor Browser යනුවෙන් සඳහන්ව ඇති ස්ථානය මත ක්ලික් කරන්න.

    image

  4. එවිට configuration වින්ඩෝ එකක් විවෘත වේවි. 

  5. බොහෝමයක් පුද්ගලයන්ට මෙහි ඇති Direct Connection එක අදාල වනු ඇත.

    image

  6. Connect යන්න තෝරා දීමෙන් පසුව ටෝර් බ්‍රවුසරය විසින් සම්බන්ධතාවය ස්ථාපිත කිරීමට ආරම්භ කරයි.

    image

  7. ඉන්පසුව Tor Browser එකෙහි home page එක නව වින්ඩෝවක් මගින් ඔබට දිස්වනු ඇත.

    image

  8. අන්තර්ජාල සම්බන්ධතාවය නිවැරදිව ක්‍රියාත්මක වනවාදැයි කියා දැනගැනීමට මෙතන ක්ලික් කර අදාල වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරගත හැකිය. (ipchicken.com)

  9. ඔබේ IP Address එක ස්වයංක්‍රීයවම එහි පෙන්වනු ලබයි. එහි ඔබේ location එක පෙන්වනු ලබනවාද?

    image

  10. නැතිනම් ඔබ නියමිත පරිදි සම්බන්ධතාවය ගොඩනගාගෙන ඇත. දැන් ඔබට නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරිය හැකිය.

Tor Browser එක VPN එකක්ද?

ටෝර් බ්‍රවුසර් එක Virtual Private Network (VPN - අත්‍යථ පුද්ගලික ජාලයක්) නෙමෙයි. VPN ගැන කතා කරනවනම් වෙනම ලිපියක් ලියන්න වෙනවා. නමුත් කෙටියෙන් VPN කියන එකේ අරමුණ වෙන්නේ ඔබේ පරිගණකයෙන් දුරස්ථ සේවාදායකයකට සංකේතාත්මක හා ආරක්ෂිත සම්බන්ධතාවයක් ඇති කරන එකයි.

මෙන්න මේ හේතුව නිසා ටෝර් බ්‍රවුසරය VPN එකක් වෙන්නේ නැහැ. ටෝර් බ්‍රවුසරයේ ප්‍රධාන කාර්යය වන්නේ ඔබේ දත්ත එක ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීමයි. ඔබේ දත්ත ස්ථානයකට ගමන් කරන සෑම අවස්ථාවකදීම ටෝර් බ්‍රවුසරය විසින් එය සංකේතනය (encrypt) කර නැවත වතාවක් සංකේතනය (re-encrypt) කරනු ලබයි.

Tor Browser එක VPN සමඟ භාවිතා කල හැකිද?

ඔව්, ඔබට VPN භාවිතා කරමින් Tor Browser එක භාවිතා කල හැක. ටෝර් බ්‍රවුසරය ඉහතින් සඳහන් කරා වගේම ආරක්ෂාව සහ වේගයට වඩා නිර්නාමිකභාවය සහ පෞද්ගලිකත්වය කියන කොටස් දෙකට තමයි වැඩි වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ආරක්ෂාව සහ වේගය කියන කොටස් දෙකත් ඔබට අවශ්‍යයනම්, එසේනම් ඔබට ටෝර් බ්‍රවුසර් එකට අමතරව VPN එකකුත් භාවිතා කරන්න පුලුවන්.

VPN එකක් ටෝර් බ්‍රවුසරය සමඟ භාවිතා කිරීමේදී අමතර වාසි කිහිපයක් ඇති අතරම, අවාසි ද තිබෙනවා. ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාස කල හැකි VPN සේවාවක් සොයා ගැනීම වැදගත් වන්නේ මේ නිසායි.

ඔබ ටෝර් බ්‍රවුසරය සමඟ VPN භාවිතා කරා හෝ නැතත් ඔබ විසින් VPN භාවිතා කරනවානම් එය වටින දෙයක්.

Tor Browser එක සමඟ VPN භාවිතා කරනවිට ඔබව සොයාගැනීමට හැකිද?

න්‍යායාත්මකව බැලුවොත් නැහැ. ඔබ ටෝර් බ්‍රවුසරයත් සමඟින් VPN භාවිතා කරනවනම් ඔබට ට්‍රැක් (track) කල නොහැක. කෙසේනමුත් ඔබට VPN පහසුකම සපයන සැපයුම්කරුට ඔබගේ සැබෑ IP ලිපිනයට ප්‍රවේශය තිබෙන නිසා යම් කිසි අවස්ථාවකදී දේවල් සංකීර්ණ විය හැකියි.

ඔබේ VPN සැපයුම්කරු විසින් ඔබේ පෞද්ගලිකත්ව අයිතිය අත්හැර දැමූවහොත්, ඔබගේ IP ලිපිනය රජයේ හෝ නීතියට සම්බන්ධ නිළධාරීන්ගේ අතට පත්විය හැකිය. ඔබව ලුහුබඳින එක පිළිබඳව ඔබ කරදර විය යුතු එකම පුද්ගලයන් ඔවුන් පමණක් නොවෙයි. ඔබ විසින් ටෝර් බ්‍රවුසරය නීති විරෝධී කටයුත්තක් සඳහා භාවිතා කරනවානම්, ඉතාමත් බලවත් හා ශක්තිමත් ස්ක්‍රිප්ට් (script) හෝ අනිෂ්ට මුදෘකාංග (malicious software) වැනි අවදානම් වලට නිරාවරණය වීමේ අවදානයක්ද තිබෙනවා.

වෙනත් විදිහකට කියනවනම්, ඔබ Tor Browser එක සමඟ VPN භාවිතා කලත් ඔබව නිරීක්ෂණය නැතිනම් ට්‍රැක් කරන්න හැකියාවක් තියෙනවා. ඔබට කරදරවලින් වැළකී නිර්නාමිකව සිටීමට අවශ්‍යය නම් ඔබ කල යුතු ප්‍රධානම දේ වන්නේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ අපරාධකරුවන්ට ඔබව ලුහුබැඳීමට අවශ්‍යය වන කිසිවක් නොකිරීමයි.

Tor Browser එක භාවිතා කිරීම නීත්‍යානුකූලද?

ඔව්, ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම නීත්‍යානුකූලයි. ඔබ විසින් මෙම ටෝර් බ්‍රවුසරය පිළිබඳ යම් තරමක් දුරකට හෝ සෙවීම් හෝ පරීක්ෂණයන් කරලා තියෙනවනම්, මේ ටෝර් බ්‍රවුසරයේ අරමුණ වෙන්නේ යම් පුද්ගලයෙකුට නිර්නාමික බව සැපයීමයි. රජයේ නිරීක්ෂණ මට්ටම (surveillance) කොයි විදිහට වුනත් සෑම රටකම වාගේ නිර්නාමිකභාවය (Anonymity) කියන්නේ නීත්‍යානුකූල දෙයක්. ලෝකයේ විශාලතම නිරීක්ෂණ වැඩසටහන් වල නිවහන ලෙස හැඳින්වෙන සමහර රටවල් තියෙනවා. නමුත් තවමත් ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම නීත්‍යානුකූල දෙයක්.

කොහොම නමුත්, වෙනත් ඕනෑම රටක වගේම පුරවැසියන් විසින් අපරාධ ක්‍රියාකාරකම් සඳහා ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීම තවමත් නීති විරෝධී ය. ඔබ කිසියම් රටක පදිංචිව සිට අපරාධයක් කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීමට අදහස් කරනවානම්, ටෝර් බ්‍රවුසරය පවා ඔබව හෝ ඔබේ අනන්‍යතාවය ආරක්ෂා නොකරනු ඇත.

Tor Browser එක ලබා දෙන්නේ නොමිලේද?

ඔව්, ටෝර් බ්‍රවුසරය නොමිලේ භාවිතා කල හැක. නමුත් ඔබට හැකියාවක් හෝ කැමැත්තක් තිබෙනවානම් ඔවුන්ගේ මෙම වැඩපිළිවෙලට මූල්‍යම අතින් සහයෝගය ලබාදෙන්න, ඔවුන් විසින් ඔවුන්ගේ ව්‍යාපෘතියේ අනාගත සංවර්ධනය සඳහා පරිත්‍යාග භාරගනු ලබනවා.

මොකක්ද මේ Dark Web (අඳුරු වෙබ් අඩවි) කියන්නේ?

මේ ගැන සම්පූර්ණයෙන්ම අපි වෙනම ලිපියක් මඟින් කතා කරමු. නමුත් කෙටි වශයෙන් හැඳින්වීමක් කරන්නම්. ඩාර්ක් වෙබ් කියන්නේ අන්තර්ජාලය තුළ සුචිගත නොකළ (non-indexed) කොටසක් වන අතරම එම කොටසට ප්‍රවේශ වීමට අවශ්‍යයනම් ඔබට ඒ වෙනුවෙන් නිශ්චිත මුදෘකාංග අවශ්‍ය වෙනු ලබනවා. ඒවගේම, ඔබට මේ ඩාර්ක් වෙබ් පිළිබඳව කුතුහලයක් තිබෙනවානම් එම කුතුහලය සංසිදුවා ගැනීමට හා ඒ හරහා ආරක්ෂා වීමට අවශ්‍යය නම් ඔබට ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීමට සිදුවෙනවා.

මෙම ටෝර් බ්‍රවුසරය කියන්නේ ඩාර්ක් වෙබ් අඩවි වල නිවහන විදිහට හැඳුන්වූවොත් නිවැරදියි. නැතිනම් අවම වශයෙන් එයින් කොටසක්වත් වනු ලබනවා. ".Onion" කියන ඩොමේන් (domain) එක භාවිතා කරමින් බොහෝ අය මේ ටෝර් බ්‍රවුසරය බාගත කරගෙන (download) තමන්ගේම කියලා සැඟවුණු සේවාවන් නිර්මාණය කරගන්නවා. මේ සේවාවන් අතර මත්ද්‍රව්‍ය, ව්‍යාජ භාණ්ඩ, ගිනි අවි වගේම නීති විරෝධී නිශ්පාදනයන් සහ ඝාතකයන්ද මේ අතර වෙනවා.

ටෝර් බ්‍රවුසරය නිර්මාණය කරලා තියෙන්නේ යම් පුද්ගලයෙකුට නිර්නාමිකභාවයක් අත්කරදීමේ අභිප්‍රාය මූලික කරගෙනයි. මේ නිසාම අපරාධකරුවන් පරිගණක තිරයක ආරක්ෂාවක් ලබාගෙන එහි පිටුපස ඔවුන්ගේ අපිරිසිදු, අශිෂ්ඨ ක්‍රියාකාරකම් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් මේ ටෝර් බ්‍රවුසරයේ සේවය ලබාගනු ලබනවා.

ඇත්තවශයෙන්ම, සමහර පරිශීලකයන් ඔවුන්ට මේ ඩාර්ක් වෙබ් එක ගැන තියෙන කුතුහලය තෘප්තිමත් කරගන්නත් මේ ඩාර්ක් වෙබ් එක ගවේෂණය කරනු ලබනවා.

Dark Web භාවිතා කිරීම නීති විරෝධීද?

ළමා කාමුක දර්ශන හෝ මිනිස් ජාවාරම වැනි නීති විරෝධී අන්තර්ගතයන් සපයන වෙබ් අඩවි ගවේෂණය නොකරන්නේ නම් අඳුරුවෙබ් අඩවි නැතිනම් ඩාරක් වෙබ් (Dark Web) භාවිතා කිරීම නීති විරෝධී නොවේ.

බ්ලැක් මාකට් (Black Market) භාණ්ඩ මිලදී ගැනීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ඩාර්ක් වෙබ් භාවිතා කිරීම නීති විරෝධී වෙනවා. ඔබ ඩාර්ක් වෙබ් විමර්ශනය කිරීමට තෝරා ගන්නේ නම්, වැදගත් දෙය වන්නේ වෙබ් අඩවි පිරික්සීසේදී ආරක්ෂිතව සිටීමයි. හැකිතාක් අවදානම් වළක්වා ගැනීම සඳහා සෑම අවස්ථාවකම ටෝර් බ්‍රවුසරයත් සමඟ VPN භාවිතා කළ යුතුය.

Dark Web එකට Tor Browser එක නොමැතිව පිවිසිය හැකිද?

තාක්ෂණික වශයෙන් බැලුවොත්, ඔව්. ඔබට ටෝර් බ්‍රවුසරය භාවිතා කරන්නේ නැතුව ඩාර්ක් වෙබ් වෙත පිවිසීමට හැකියාවක් තියෙනවා. ඔබ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවෙනවානම් ඔබට Tor2web කියන ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කරන්න පුලුවන්. මේ ව්‍යාපෘතිය හරහා ටෝර් බ්‍රවුසරයේ තියෙන ".onion" කියන ඩොමේන් එකට ප්‍රොක්සි (proxie) හරහා ප්‍රවේශ වීමට ඉඩ ලබාදෙනවා.

Tor2web කියන ව්‍යාපෘතිය පහසු දෙයක් වුනත් ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැහැ. අන්තර්ජාලය පිරික්සීමේදී ඔබට ඇති ඉලක්කයක් වන්නේ ඔබේ අන්තර්ජාල අනන්‍යතාවය (internet identity) සහ ඔබේ පද්ධතිය (system) අනිෂ්ඨ චේතනාවක් ඇති දේවල් වලින් (malicious intent) ආරක්ෂා කිරීමයි. Tor2web භාවිතා කරනවානම් ඔබට එම ඉලක්කයන් සපුරාගත  නොහැක. ප්‍රොක්සි (proxy) හරහා ඩාරක් වෙබ් වෙතය ප්‍රවේශ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම අදාල proxy ක්‍රියාකරුට ඔබ අන්තර්ජාලය තුල සිදුකරන සියළුම ක්‍රියාකාරකම් (web traffic) නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. නමුත් සියලුම proxy සේවාවන් ලබාදෙන ක්‍රියාකරුවන් ඔබේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කරන්නේ නැහැ. නමුත් යම් අවදානමක් තිබෙන බව මතකයේ තබාගැනීම වැදගත් කාරණයකි.


Tor Browser එක වෙනුවට විකල්ප තිබෙනවාද?

ටෝර් බ්‍රවුසරයට සමාන වෙනත් විවිධ ජාල තිබෙනවා. ඔබ ටෝර් වැනි සමාන ව්‍යාපෘති ගැන උනන්දුවක් දක්වනවානම් Freenet සහ I2P යන ව්‍යාපෘති ගැනත් සොයා බලන්න.

මේ ව්‍යාපෘති දෙක අතර යම් යම් සමානකම් දකින්න ලැබුනත් එම ව්‍යාපෘති දෙකම ටෝර් ව්‍යාපෘතියට වඩා වෙනස් බව මතකයේ තබාගන්න. කෙසේ වෙතත්, ඔබ විසින් පර්යේෂණයන් සිදුකරනවානම් හැකි තරම් අන්තර්ජාලය තුල ආරක්ෂිතව සිටීමට වගබලා ගන්න.

Tor Browser එක තුලදී JavaScript අක්‍රීය කිරීම (disable) වැදගත් වෙන්නේ ඇයි?

ජාවාස්ක්‍රිප්ට් අක්‍රීය කිරීම මගින් ඔබ විසින් ටෝර් බ්‍රවුසරය ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තු වන ආකාරයට ක්‍රියාකරන බව සහතික කරන අමතර ආරක්ෂිත පියවරක් වනු ලබනවා. Java (ජාවා) කියන්ෙන් සාමාන්‍යෙයන් "ග්‍රාහක පාර්ශවීය ස්ක්‍රිප්ට් ලිවිය හැකි භාෂාවක්" (client side scripting language). වෙනත් ආකාරයකින් කියනවානම් මෙහි කේත ලියා ඇත්තේ HTML පිටුවලයි.

ඒ කියන්නේ ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරයට අනිෂ්ඨ ස්ක්‍රිප්ට් (malicious scripts) ක්‍රියාත්මක කරන පරිශීලකයින්ට ජාවාස්ක්‍රිප්ට් පහසුෙවන්ම වෙනස් කල හැකි බවයි. ටෝර් බ්‍රවුසරයේ සම්පූර්ණම අරමුණ වෙන්නේ ඔබව නිර්නාමිකව සිටීමයි. ඉතින් එම අනිෂ්ඨ ස්ක්‍රිප්ට් වල නිර්මාතෘකරුවන්ට ඔබගේ අනන්‍යතාවය සොයා ගැනීමට සහ අනිසි ලෙස භාවිතා කිරීමට හැකියාවක් තියෙනවානම් ඔබට නිර්නාමික විය නොහැක.

ජාවාස්ක්‍රිප්ට් ක්‍රියාත්මක නොවීම නිසා සමහර වෙබ් අඩවි නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකරාවි. එවිට ඔබට අවශ්‍යයනම් නැවතත් ජාවාස්ක්‍රිප්ට් තාවකාලිකව සක්‍රීය කරගත හැකියි.

මටම කියලා Tor Hidden Service (සැගවුණු සේවාවක්) පවත්වාගත හැකිද?

ඔව්, ඉතා කුඩා ක්‍රියාකාරකම් කිහිපයකින් අනතුරව ඔබටම කියලා ටෝර් සැගවුණු සේවාවක් පවත්වාගෙන යන්න පුලුවන්. ඔබ අභියෝගයක් භාරගැනීමට සූදානම් නම්, Tor: Hidden Service Protocol (සැඟවුනු සේවා ප්‍රොටොකෝලය) සහ Configuring Hidden Services for Tor (සැඟවුණු සේවා වින්‍යාස කිරීම) යන කොටස් කියවීමෙන් හා තේරුම් ගැනීමෙන් ඔබට එම සේවාවන් ආරම්භ කල හැකියි.

Tor Browser එක Uninstall (අස්ථාපනය) කරන්නේ කෙසේද? 

ටෝර් බ්‍රවුසර් එක uninstall කරනවා කියන එක ඔබේ මෙහෙයුම් පද්ධතියේ තිබෙන folder එකක් මකා දමනවා හා සමාන ලෙස පහසුයි.

(වින්ඩෝස් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා)
ටෝර් බ්‍රවුසරය install කරන විට ඔබේ පද්ධතිය තුල folder එකක් නිර්මාණය කරනු ලබනවා. එමඟින් අවශ්‍යය විටෙක මෙම ටෝර් ජාලය භාවිතා කිරීමට ඉඩ ලබාදෙනු ලබනවා. ඉතින් මෙයින් අදහස් වෙන්නේ ඔබට ටෝර් බ්‍රවුසරය uninstall කිරීමට අවශ්‍යය නම් ඔබට එම Tor Browser එක තිබෙන folder එක මකා දැමිය හැකියි. 
(මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා)
ඔබට Mac මෙහෙයුම් පද්ධතිය තුලදී අදාල පද්ධතියෙන් හෝ තෙවන පාර්ශවීය මෘදුකාංගයක් භාවිතා කිරීම මඟින්ද මෙම ටෝර් බ්‍රවුසරය uninstall කරගත හැක. නමුත් මැක් මෙහෙයුම් පද්ධතියෙන් ටෝර් බ්‍රවුසරය ඉවත් කිරීම වින්ඩෝස් සහ ලිනක්ස් භාවිතා කරන්නන්ට පහසු නැත. 
ඔබට ටෝර් බ්‍රවුසරයෙන් ඉවත්ව අදාල folder එක තිබෙන ස්ථානයට ගොස් එම folder එක මකා දමා මෙම uninstall කිරීම සිදු කල හැක. නමුත් මැක් මෙහෙයුම් පද්ධතිය විසින් ඔබ uninstall කරන වැඩසටහන් වල සේවා ලිපිගොනු (service files) සැඟවුනු folder මත වෙන්කර තිබීම හේතුවෙන් ඔබට එයිනුත් ටෝර් බ්‍රවුසරයේ සේවා ලිපිගොනු ඉවත් කිරීමට සිදුවනවා. එම ක්‍රියාවලිය කිරීමට පහත පරිදි අනුගමනය කරන්න.

  •  Finder මෙනු එක භාවිතා කරමින් ඔබගේ තිරයේ ඉහළින් ඇති Go මෙනුව තෝරන්න.
  •  Go to Folder යන්න තෝරන්න.

  •  එවිට වින්ඩෝ එකක් open වේවි. එතනට "~/Library" යන්න ඇතුලත් කර Go කියන සිලෙක්ට් කරන්න.
  • ඉන්පසු ටෝර් බ්‍රවුසරයේ ඉතුරුව ඇති පහත folder කිහිපය ද සොයාගෙන ඒවාද මකා දමන්න.
  • ~/Library/Application Support/TorBrowser-Data
  • ~/Library/Preferences/org.mozilla.tor browser.plis

  • අමතර ආරක්ෂාව සඳහා පහත දැක්වෙන උප ෆෝල්ඩර් වල ටෝර් බ්‍රවුසරයෙහි කොටස් ඉතිරිව නොමැති බව දෙවරක් පරීක්ෂා කර බලන්න.
  • ~/Library/Caches/…
  • ~/Library/Containers/…
ඔබේ මැක් මෙහෙයුම් පද්ධතියෙන් Tor Browser එක ඉවත් කිරීමට ඇති අනෙක් ක්‍රමය වන්නේ තෙවන පාර්ශවීය වැඩසටහනකි (third-party program). මේ සඳහා ඔබට App Cleaner & Uninstaller Pro කියන මෘදුකාංගය නොමිලේ භාවිතා කල හැකියි. මෙම මෘදුකාංගය ටෝර් බ්‍රවුසරය ඉවත් කිරීමට පමණක් නොව ඕනෑම මෘදුකාංගයක් සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් ඉවත් කිරීමට භාවිතා කල හැකිය.

අවසානයට පෙර

මුලින් සඳහන් කරා වගේම ටෝර් බ්‍රවුසරය කියන්නේ ඔබේ සබැඳි ආරක්ෂාවට අමතර ආරක්ෂාවක් එක් කල හැකි අපූරු ක්‍රමයක්. අන්තර්ජාලයෙහි ඇති වෙබ් පිටු පිරික්සීමට ටෝර් බ්‍රවුසරය භාවිතා කිරීමෙන් අන්තර්ජාලය තුල ඔබට ඇති පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිය හැක. එමෙන්ම බුද්ධි/ නිරීක්ෂණ සංවිධාන ලොව පුරා ප්‍රචලිත වීමත් සමඟම ඔබට හැකිතාක් කාලයක් ඔබවම අන්තර්ජාලය තුලදී ආරක්ෂා කරගැනීම වැදගත් කරුණකි. වාසනාවකට මෙන් ඔබ විසින් මෙම Tor Browser එක භාවිතා කරනවානම්, ඔබ දැනටමත් ඔබේ පෞද්ගලිකත්වයට ඇති නෛතික අයිතිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර රැගෙන ඇත.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

2 comments:

  1. වැදගත් පෝස්ට් එකක්

    ReplyDelete
  2. හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.