අයිෆෝන් 6 දුරකථනය ගිණිගෙන අයිතිකාරයාට තුවාල


පහුගිය දවස් කිහිපයේම අහන්න ලැබුනේ iPhone 6 Plus (අයිෆෝන් 6 ප්ලස්) ස්මාර්ට් ජංගම දුරකථනය දෙකට නැමෙනවා කියලයි. නමුත් ඊයේ දිනය වෙද්දී අහන්න ලැබුන තවත් දෙයක් තමයි මේ අයිෆෝන් 6 ස්මාර්ට් ජංගම දුරකථනයටත් මේ සිඳුවීමම වෙනවා කියලා. කෙසේ නමුත්, මෙම සිඳුවීමේදී අයිෆෝන් 6 ප්ලස් දුරකථනයට වඩා වැඩි හානියක් සිඳුවෙලා තිබෙනවා.

මේ ජංගම දුරකථනය දෙකට කැඩීම සිඳුවෙලා තිබෙනවාක් මෙනම් දුරකථනයේ ඇතිවුන ගිණ්නක් නිසාවෙන් මේ දුරකථනය අයිතිකරුගේ කකුලකුත් පිලිස්සිලා තිබෙනවා. දැන් ඉතිං iPhone 6 plus එකටම බැන බැන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව, දැන් ඔවුන්ගේ iPhone 6 දුරකථනයත් ඒ අයුරින්ම විනාශ වෙන නිසාවෙන්. 

බොහෝ දෙනෙක් මේ පිළිබඳව අදහස්, උදහස් දක්වනු ලැබුවා. දැනට තියෙන ආරංචි වලට අනුවනම් බොහොමයක් ඇපල් පාරිභෝගිකයින් මේ අලුත්ම ඇපල් සංස්කරණයන් දෙක මිළඳී ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හේතුව, අධික වියදමක් දරලා දුරකථනය අරගත්තත්, ඔවුන්ටත් මෙවැනි සිඳුවීමක් වුවහොත් යන බිය ඔවුන් තුල ඇති නිසාවෙනි. අනික් කරුණ තමයි මෙම නිෂ්පාදනයට ඇපල් සමාගම වෙනදු කිසිම දෙයක් නොකරන එක. යම් වෙනස්කමක් සිඳුකරනවානම් ඔවුන් කරන්නේ ඔවුන්ගේ ඊලඟ iPhone 7 දුරකථනයට මිස මේ ඇති iPhone 6 හෝ iPhone 6 plus දුරකථනයන්ට නොවේ.


iPhone 6 plus එක නැමෙනවා කියලා ලෝකේ වටින්ම තොරතුරු ඇහිලා මාසයක් විතර ගියාට පස්සේ iPhone 6 එකත් නැමෙනවා කියන ආරංචිය දැන් ඇවිත් තියෙනවනේ. ඉතින් දැන් iPhone 6 දුරකථනය iPhone 6 plus එකට තිබුන "චාටර්" තත්වය හිමිකරගෙන තියෙනවා. හේතුව, මේ පාර සිඳුවීමෙන් අයිෆෝන් එක අයිතිකාරයාගේ කකුලත් පිච්චිලා තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක සිද්ධ උනේ කොහොමද කියලා. මෙහෙමයි ඒක උනේ.

මේ පුද්ගලයාගේ නම පිලිප් ලෙචර්. මේ මනුස්සයා තමන්ගේ සයිකල් රික්ෂෝ එක පැදගෙන යද්දී අනතුරකට මුහුණපාලා තියෙනවා. රික්ෂෝ එකෙන් බිමට වැටෙනවා වෙනුවට මේ මනුස්සයා ඒ ඉස්සරහා තිබුන බිත්තියක වැදිලා තියෙනවා. ඒ පුද්ගලයාට ඒකෙන් කිසිම හානියක් උනේ නැතිවුනාට එයාගේ සාක්කුවේ තිබුන මේ iPhone 6 දුරකථනයෙන් එයාට හිනායක් කරලා තියෙනවා. 


මොකද ඒ හැප්පුන පාරට දුරකථනය දෙකට නැමිලා තියෙනවා. මේ හේතුවෙන් බැටරියෙහි යම් දෝෂයක් ඇතිවෙලා ගිණ්නක් ඇතිවෙලා තියෙනවා. ඒ ගිණ්නෙක් මේ පිලිප්ගේ කකුලේ සුදු හම පේනකම්ම පිච්චිලා කියලයි ආරංචියනම්. මෙයා ලෙදර් කේස් එකකුත් මේ දුරකථනය ආරක්ෂා කරන්න දාලා තිබිලා තිබුනට ඒකෙනුත් දුරකථනයෙන්වත් දුරකථනයවත් ආරක්ෂා කරගන්න බැරිවෙලා තියෙනවා.

ඇපල් සමාගම මේ ජංගම දුරකථන දෙක වෙළඳපොළට නිකුත් කරද්දිම බොහෝ විශ්ලේෂකයන් කිව්වේ, ඒ දුරකථන වල තියෙන තුනීකම නිසා ප්‍රශ්ණ ගොඩකට ඔවුන්ට මුහුණ පාන්නට සිඳුවන බවයි. ඔවුන් ඒ ඉඳිරිපත් කරනු ලබපු මතයන් මේ වනවිට නිවැරදි බව ඔප්පු වෙමින් පවතියි.


iPhone 6 Gets Bent, Catches On Fire & Explodes Hurting Its Owner
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.