ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් අත්හදා බැලීමේ සංස්කරණය ස්ථාපනය කරන හැටි


ගූගල් සමාගම විසින් Android 5.0 Lollipop (ලොලිපොප්) අත්හදා බැලීමේ තුන්වෙනි සංස්කරණය මේ වෙද්දී Nexus 5 සහ Nexus 7 යන උපකරණයන්ට නිකුත් කර තිබෙනවා. ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් L ගැන ගූගල් අයි/ඕ එකේදී කියපුවාහම, ගොඩක් අය හිතුවේ මේ අත්හදා බැලීමේ සංස්කරණයන් පවා එන්න ටික කාලයක් ගතවෙයි කියලා.

මෙයට සම්භන්ධ වෙනත් ලිපි:-
මේ අත්හදා බැලීමේ සංස්කරණයන් එහෙමත් නැත්නම් Developer preview images විශේෂිත වූ beta හෝ alpha ආකාරයේ සංස්කරණයන් වනු ලබනවා. නමුත් මේ අවස්ථාව වෙනකොටත් ඒ කියන්නේ beta අවස්ථාවේ තිබෙන මේ අත්හදා බැලීමේ සංස්කරණයට ඔවුන් 5.0 Lollipop යනුවෙනුයි නම් කරන්නේ. ජූනි වල නිකුත් කරපු පලවෙනි අත්හදා බැලීමෙන් පස්සේ ගූගල් සමාගම විසින් අගෝස්තු වල එකපාරක් මේ preview image එක යාවත්කාලීන (update) කරනු ලැබුවා. ඒ Google Fit මෘදුකාංගය ඒ සංස්කරණයට එකතු කරන්නටයි. දැන්, ගූගල් සමාගම තුන්වෙනි වතාවටත් මේ image එක, එහෙමත් නැත්නම් අත්හදා බැලීමේ සංස්කරණය යාවත්කාලීන කරලා තියෙනවා. බොහෝවිට මේ අන්තිම අත්හදා බැලීමේ සංස්කරණය වෙන්න පුලුවන්.

මේ සංස්කරණයේදී පසුගිය අත්හදා බැලීමේ සංස්කරණයන් දෙකෙහි තිබුන දෝෂ නිවැරදි කරමින් මනා ක්‍රියාශීලී බවක් එකතු කර තිබෙනවා. නමුත් මේ තුන්වෙනි අත්හදා බැලීමේ සංස්කරණයේ අලුත් වෙනස්කම් මොනවද කියලා තාම නිළඅයුරින් ගූගල් සමාගම කියලා නැති නිසා අලුතින් එකතුවුනේ මොනවද කියලා කියන්න බැහැ දැනට. නමුත්, මේ වෙනවිට ක්‍රියාකාරිත්වය අතින් ඉතා ගුණාත්මක තත්වයක මේ සංස්කරණය තිබෙනවා කියන්න පුලුවන්. නමුත් මේ සංස්කරණයේ පවා සමහර අවස්තාවලදී යම් යම් බිඳවැටීම් තිබෙනවා. මේ වන විට නිකුත් කර තිබෙන තුන්වෙනි සංස්කරණයේ ඛේතය වනුයේ LPX13D.


ඔබ සතුව ඇත්තේ Nexus 5 හෝ Nexus 7 යන දුරකථයක්ගෙන් එකක්නම්, ඔබට හැකියාව තිබෙනවා අලුත්ම Android 5.0 Lollipop developer preview එක බාගත කරගෙන ඔබේ උපකරණයට ස්ථාපනය කරන්න. පහත සඳහන් පියවරයන් නිවැරදිව අනුගමනය කරන්න.

අවශ්‍ය කරනු ලබන බාගත කරගැනීම්-:
ස්ථාපනය කරන අයුරු:-
  • Android SDK Manager විවෘත කරගන්න.
  • Tools යන ස්ථානයේ තියෙන SDK Tools, SDK Platform-tools සහ SDK Build-toold යන ඒවා select කරන්න.
  • Android 5.0 ස්ථානයට ගොස් එහි ඇති සෑම දෙයක්ම select කරන Install යන්න ක්ලික් කරන්න.
  • ඉන්පසුව ඔවුන්ගේ බලපත්‍රයට Agree ලබා දී Install යන්න ක්ලික් කරන්න.
විනාඩි කිහිපයක් ඇතුලත, LPX13D කියන Android 5.0 Lollipop Developer Preview image එක ඔබේ Nexus 5 හෝ Nexus 7 දුරකථනයේ ස්ථාපනය වී අවසන් වෙයි. ඔබ පළවෙනි වතාවටනම් මේ සංස්කරණයක් ස්ථාපනය කරන්නේ, ART ධාවන කාලයෙන් ඔබේ ඇති සියලුම ඇප්ස් පිළිබඳ විස්තර ලබාගන්න නිසා boot වෙන්න විනාඩි කිහිපයක් ගතවෙයි.


How To Install Android 5.0 Lollipop Developer Preview Image
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.