Best Android launchers for your smartphone & tablet

ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගේ ජංගම දුරකථනය, ටැබ්ලට් යන්ත්‍රය ලස්සනට තියාගන්න. දැනට ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙන හොඳම ොන්චර් කිහිපයක් මේ ලිපියෙන් දක්වලා තියෙනවා. ගූගල් ප්ලේ ස්ටෝර් හි ඔබට න්චර් රාෂියක් දැකගන්නට ලැබුනත්, බොහෝවෙලාවකට සමහර ඒවා බාගත කරගත්තත් ඔබට ඒවා නොගැලපෙන බවට විගසින් වැටහෙනු ඇත. ඩේටා කලමණාකරනය කරනවා වෙනුවට මේ වගේ වැඩකට නැති ඇප්ලිකේෂන් බාගතකරගෙන වලේ වැටෙන්නේ නැතිව, මේ ලිපියෙන් දක්වා තිබෙන න්චර් භාවිතා කර බලන්න. සමහරවිට ඔබ මේවාගෙන් කිහිපයක් හෝ සියල්ලම ඔබ භාවිතා කර තිබිය හැක. නමුත් මේ ලිපිය මේ පිළිබඳ නොදන්නා අයටයි.

Launcher (න්චර්) යනු ඔබේ home screen එක, app drawer එක, icons, fonts, folders සහ widget යන සියල්ලම පාහේ ඔබට අවශ්‍යය අයුරින් සකසා ගත හැක. එමෙන්ම දුරකථනයේ තිරයන් එහාට මෙහාට කරන විට (swipe) එයටද අලංකාරයක් ලබාදීමට මේවා මඟින් හැකියි. එමෙන්ම සමහර න්චර් මඟින් ඔබට දුරකථනය සමඟින් ලැබෙන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට වඩා වේගවත්ව ක්‍රියාකිරීමේ හැකියාවක් ලැබෙනු ඇත. පහතින් දක්වා ඇත්තේ දැනට පවතින විශිෂ්ඨ ගනයේ න්චර් කිහිපයකි.

Apex Launcher (ඇපෙක්ස්): දුරකථනය තනිකරම ස්සන කරගන්න කැමති පිස්සොන්ට!
ඇපෙක්ස් න්චර් කියන්නේ මේ වන විට ගූගල් ප්ලේ ස්ටෝර්හි තිබෙන වඩාත් ප්‍රචලිතම න්චර් එක කිවහොත් නිවැරදියි. මිලියනයකට වඩා වැඩිදෙනෙක් මෙම ඇප්ලිකේෂන් එක තමන්ගේ දුරකථනයට හෝ ටැප්ලට් යන්ත්‍රයට ස්ථාපනය කරගෙන ඇති අතර දැනට ලබා ඇති රේටින් අගය වනුයේ 4.5කි. මෙය මඟින් ඔබට සම්පූර්ණයෙන්ම පාහේ home screen, app drawer යන දෙකෙහිම පාලනය කරන්නට හැකියාවක් ඇත. එමෙසන්ම අයිකන් වල හැඩය, themes, ඇනිමේෂන් සහ transition effect යන සියලුම දේවල් මෙයට අයිතිවනු ඇත. මෙම ඇපෙක්ස් න්චර් එකෙහි නොමිලේ ලබාදෙන ඇප්ලිකේෂන් එකක් වාගේම මුදල් ගෙවා ලබාගත හැකි premium වර්ගයේ ඇප්ලිකේෂනයක්ද ඇත. මුදල් ලබාදී ස්ථාපනය කරගන්නට ඇති වැඩසටහෙනි නොමිලේ ලබාදෙන වැඩසටහනට වඩා වැඩි ක්‍රියාවලින් කිහිපයක්ම තිබෙනු දක්නට ලැබේ. 
AndoridpIT Apex Launcher KitKat
Download Apex launcher - from Play Store
Download Apex launcher - from Zippyshare


Buzz Launcher (බස්): ඔබේ දැනට ති න්චර් එකට අකමැතිනම්, ඔබගේ සිතැගි අයුරින් න්චර් එකක් තෝරාගන්න

බස් න්චර් එක පොඩ්ඩක් විතර අනිකුත් න්චර් වලින් වෙනස් එකක්. ඒ, එහි ඇති අමුතුමපාහේ ඇති නොයෙකුත් නිර්මාණ හැඩයන් නිසාවෙනි. මෙම න්චර් එකද මිලියනයකට වැඩි දෙනෙක් තමන්ගේ උපකරණයට ස්ථාපනය කරගෙන ඇති අතර, රේටින්ග් වශයෙන් 4.4ක් ලබාගෙන ඇත. මෙම බස් න්චර් එක මඟින් ඔබට ඔබගේ home screen එක නොයෙකුත් හැඩයන් වලට තබාගත හැක. මෙහිදී අනිකුත් බස් පාරිභෝගිකයන් නිර්මාණය කරන ලද custom home screen සහ themes ඔබට බාගත කරගත හැක. ඔබට ගැලපෙන තීම් එකක් ලැබෙනකම් ඔබට කරන්නට ඇත්තේ බස් න්චර් එක තුල සෙවීම පමනි. ඔබට අවශ්‍යයනම් ඔබටම කියා තීම් එකක් සාදාගන්නටද මේ මඟින් පුලුවන්.AndroidPIT Buzz Launcher
Download Buzz launcher - from Play Store
Download Buzz launcher - from Zippyshare


Action Launcher (ඇක්ෂන්): ඔබේ න්ඩ්‍රොයිඩ් පාංගය නියමිත ප්‍රමිතියකට තබාගන්න

ඇක්ෂන් න්චර් යනු බොහෝම ඉක්මනින් වැඩිදෙනෙක්ගේ අවධානය දිනාගත් වැඩසටහනක්. මේ වන විටත් පක්ෂ දහයකට වඩා වැඩි පිරිසක් ස්ථාපනය කරගෙන ඇති අතර, ලබා ඇති රේටින්ග් ගණන වනුයේ 4.5කි. මෙහි විශේෂත්වය වනුයේ එක් තිරයක සිට දුරකථනයේ සියල්ලක්ම පාලනය කරන්නට ඇති හැකියාවයි. දකුණු පැත්තට තිරය මත ඔබේ ඇඟිල්ල ගෙන ගියහොත් app drawer එකත් ලැබෙනු ඇත. එමෙන්ම මෙම වැඩසටහනටම කියා අලංකාරත්වයෙන් ඉහළ අගයක් ලබාගන්නා අයිකන් පැක් එකක් මෙන්ම, ඔබට වෙනස් කරගත ඇති විජට් රාශියක්ද ඇත. එමෙන්ම ඔබේ ඇති සියලුම ඇප්ලිකේෂන් වර්ග කර දක්වන්නට මෙම වැඩසටහන හපන්කම් දක්වයි. අදාල ෆෝල්ඩර මත කරන එක් ටැප් එකක් මඟින් ඔබට එම වර්ගයේ ඇති සියලුම දෑ ඔබට දැකගත හැක.

AndroidPIT Action Launcher 
Download Action launcher - from Play Store
Download Action launcher - from Zippyshare


Nova Launcher (නෝවා): සෑම පිරිමියෙක්ම භාවිතා කරනු බන න්චර් එක (හැමදෙයක්ම එකම තැනකින්)

කතා දෙකක් නොමැතිව දැනට තිබෙන න්චර් වලින් ඉහළින්ම වැජබෙන සහ න්චර් වල රජු ලෙස මෙම නෝවා න්චර් එක සැලකිය හැක. නෝවා න්චර් එක වෙනුවෙන් සෑම දුරකථනයකම ස්ථානයක් තිබෙනු ඇත. එය පොදු කතා ව්‍යවහාරයේ සියල්ලක්ම පාහේ කියනු ලබන දෙයකි. මිලියන පහකට අදික ප්ලේ ස්ටෝර් එකෙන් බාගතකරගනු ලැබූවන් අතර, 4.7ක රේටින්ග් අගයක් මෙයට ලැබී ඇත. නෝවා න්චර් එක ඇපෙක්ස් ලන්චරයට සමානයි. නමුත් නොයෙකුත් න්චර් වලින් බැට කෑ අය නෝවා ලන්චරය භාවිතා කලහොත් එයින් කිසිම දවසක ඉවත්ව නොයන මට්ටමේ සුපිරි වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දිය හැක. මෙම වැඩසටහෙනත් ඇපෙක්ස් න්චර් එකෙහි මෙන්ම මුදල් ගෙවා ලබාගැනීමට ඇති වැඩසටහනක් සහ නොමිලේ ලබාගත හැකි වැඩසටහනක් තිබේ.

AndroidPIT Nova Launcher Beta Home

Download Nova launcher - from Play Store
Download Nova launcher - from Play Store (paid)
Download Nova launcher - from Zippyshare 


Next Launcher 3D shell (නෙක්ස්ට්): දැනට තිබෙන හොම 3D න්චරය

නෙක්ස්ට් න්චර් එක දැනට තිබෙන හොඳම 3D න්චර් එක ලෙස සැලකිය හැක. අනිකුත් න්චර් සමඟ මෙම න්චර් එක සංසන්දනය කර බලා, නචව වලින් එම විස්තරය කරන්න අමාරුයි. සියලුම හොඳ ගුණාංගයන් මෙහි ඇති නොමිලේ දෙන වැඩසටහන මඟින් ඔබට ලබාගත නොහැකි අතර, සියලුම ගුනාංගයන් ලබාගන්නටම් ඔබට මුදල් ගෙවා ලබාගත යුතු වැඩසටහන මිළඳී ගන්නවට සිදුවනු ඇත. නමුත් පෙනුම අතින් ගතහොත් නොමිලේ ලබාදෙන වැඩසටහනද ප්‍රමාණවත්. 

next screen 

Download Next launcher 3D shell- from Play Store
Download Next launcher 3D shell- from Play Store (paid)
Download Next launcher 3D shell- from Zippyshare


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ලස්සනට තියං ඉන්න කැමති අයට
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.