How to get android 5 (lollipop) on your PC


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් ලොලීන් ගොඩක්ම ඇහැ ගහගෙන ඉන්න දෙයක් තමයි කවද්ද තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම සංස්කරණය ලැබෙන්නේ කියලා. ඉතින් මේ අලුත්ම සංස්කරණය ලැබෙනකම් ඉවසං ඉන්න බැරි අයට පුලුවන් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. 

emulatore lollipop teaser

මේ ලිපියේ තියෙන විදිහටම කටයුතු කරොත්, අන්තිමට ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් සංස්කරණය ඔබේ පරිගණකයෙන් අත්විදගන්න පුලුවන්. මෙහිදී ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක පහසුකම ඒ හා සමාවන විදගන්නට හැකියාව ලැබෙන අතර, apps ක්‍රියාත්මක කිරීමටනම් Bluestack යන මෘද්‍රකාංගය ඔබට භාවිතා කරන්නට සිඳුවනු ඇත.

අවශ්‍යය කරන දේවල්-:
Android SDK: මෙම වැඩසටහන මඟින් ඔබට Android Lollipop සංස්කරණය සහ එයට අවශ්‍යය කරන අනෙකුත් මෙවලම් භාගත කරගත හැක.

ලොලිපොප් සංස්කරණය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා අයුරු:-
මෙම ක්‍රියාවලිය කොටස් දෙකකින් සමන්විත වේ.

1. අවශ්‍යය කරන දෑ ස්ථාපනය කරගැනීම
  • • Android SDK වෙබ් අඩවිය මඟින් ඔබගේ පරිගණකයට ගැලපෙන සංස්කරණය (32bit හෝ 64bit) බාගත කරගන්න.
  • • එය බාගත වී අවසානයේදී ඔබට ලැබෙනුයේ ZIP ගොනුවක් ලෙසයි. මෙම ගොනුව Win RAR, 7-Zip වැනි ZIP ගොනුවලින් නිදොස් කරගන්නා වැඩසටහනක් භාවිතා කර extract කරගන්න. එමෙන්ම extract විය යුතු ස්ථානය ලබාදීමේදී ඔබ එම ස්ථානය මතක තබා ගැනීම වැදගත්වනු ඇත.
  • • SDK Manager යන්න විවෘත කර ඉන්පසු android-sdk යන්නට යන්න. එය load වී අවසන් වන තෙක් සිටින්න.
  • • එම ලැබෙන තිරයේ ඇති අංග සියල්ලම select කර ඇතිනම් ඒ සිලෙක්ට් වී ඇති සියල්ලම deselect කරන්න. Tools යන ගොනුව තුල Android SDK Platform-tools යන්න සහ එයට පහළින් ඇති Android 5.0 (API 21) යන ගොනු දෙක පමණක් සිලෙක්ට් කර Install Packages යන්න මත ක්ලික් කරන්න. එහිදී මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ කැමතිදැයි අසන ලබන අතර එයට Accept යන්න ලබාදෙන්න. ඉන්පසුව බාගත කරගැනීම් ස්වයංක්‍රීයවම සිඳුවන අතර, ස්ථාපනයවීම්ද එසේම සිඳුවනු ඇත. 
emulatore lollipop 01
තෝරාගත යුතු ගොනු දෙක මෙහි රතුපැහැයෙන් වර්ණ ගන්වා ඇත.

2. ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් පරිගණක සංස්කරණය නිර්මාණය කරගැනීම
ස්ථාපනය වී අවසන් වූවාට පසුව, android-sdk ගොනුවට ගොස් එහි ඇති AVD Manager වැඩසටහන ක්‍රියාත්මක කරගන්න. එහි ඇති Create බට්න් එක තෝරා ලබාදුන් විට නව කවුලුවක් විවෘත වෙනු ඇත. එයට පහළින් දක්වා ඇති අයුරින් අදාල තොරතුරු ලබාදෙන්න.

emulatore lollipop 02

  • AVD Name: මෙම වැඩසටහනට යොදන්නට අවශ්‍යය නම මෙහි සටහන් කරන්න. ඔබ නම යොදන විට ඒ අතර හිස්තැන් නොතබන්න. (උදාහරණ - EmulatoreLollipop)
  • Device: වැඩසටහනෙහි පෙනුම කුමන සංස්කරණයක් ලෙස පෙනිය යුතුදැයි මෙයින් අසනු ලැබේ. මෙහිදී Nexus 5 හෝ ඊට පසුව පැමිණි දුරකථනයක් ලබා දීම හොඳයි.
  • Target: ස්ථාපනය කල යුතු වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය (Android 5.0 - API Level 21)
  • CPU: එහි ඇති "ARM" යන්න තෝරන්න.
  • Skin: "Skin with dynamic hardware controls" යන්න තෝරාදෙන්න.
  • RAM: පෞද්ගලිකව මම විසින් කියනුයේ 512 හෝ 1024 ලබාදෙන්න කියලයි. ඊට වැඩි සංඛ්‍යාවක් ලබාදුන්නොත් ඔබට පරිගණකයෙන් වැඩ කරන්නට අපහසුතාවයක් ඇතිවේවි. ( මෙම වැඩසටහන මඟින් ඔබේ පරිගණකයට අවශ්‍යය කරනු ලබන සංඛ්‍යාව ස්වයංක්‍රීය ලබාගනු ඇත.)
  • අනිකුත් සියල්ල එම තිබෙන ආකාරයටම තිබෙන්න ඉඩ හැර OK යන්න මත ක්ලික් කරන්න.

ඔබට දැන් AVD Manager යන්න තුලින් ඔබ නිර්මාණය කරගත් emulator එක දකින්නට ලැබෙනු ඇත. එය සිලෙක්ට් කර, Start යන්න මත ක්ලික් කරන්න. ඉන්පසුව Launch යන්න ලබාදුන් විට වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. මුල්ම ආරම්භයේදී එය ක්‍රියාත්මක වන්නට විනාඩි කිහිපයක කාලයක් ගතවනු ඇත. ඔබට අවශ්‍යය කරන size එක තෝරාදීමට, Launch Options වෙත ගොස් Start යන්නට පසුව, "Scale to display real size" යන්න තෝරා දී ඔබට අවශ්‍යය කරනු ලබන අගය ලබාදෙන්න.

emulatore lollipop 03

සුභපැතුම්! ඔබ දැන් සාර්ථකව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් emulatorයක් ඔබේ පරිගණකයට ස්ථාපනය කර හමාරයි. දැන් ඔබට මෙම සංස්කරණයට ලැබී ඇති සහ ලැබෙන සියලුම පහසුකම් අත්විදීමට හැක.



ඇන්ඩ්‍රොයිඩ් 5 (ලොලිපොප්) සංස්කරණය ඔබේ පරිගණකයෙන් අත්විදින්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

2 comments:

  1. androide onama software 1k install karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. ඔව් පුලුවන්.
      හැබැයි "Bluestack" මෘද්‍රකාංගය ස්ථාපනය කරගන්න වෙනවා ඒකට.
      ඒක ස්ථාපනයෙන් පසුව, ඒ හරහා මේ ලිපියේ ලබාදුන් වැඩසටහනෙන් විවෘත කරගන්න පුලුවන්.

      Delete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.