How to fix Goole Play Store errors


Google Play Store කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ඔවුන්ට එදිනෙදා අවශ්‍යය වනු ලබන app සහ ගේම්ස් බාගත කරගන්නට ඇති ප්‍රධානම වෙබ් අඩවියයි. නමුත්, එසේ වූවත් සමහර වෙලාවන්වලට ඔබේ ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් උපකරණයට මෙයින් අවශ්‍යය කරනු ලබන යම් දෙයක් බාගත කරගන්නා අවස්ථාවේදී Error එකක්, නැතිනම් එය ඔබට බාගත කරගන්නට බාධාවක් ඇති කරනු ඇත. සමහරවිට ඔබත් එම අත්දැකීමට මුහුණ දී තිබිය හැක. කෙසේ වූවත් මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්ම මෙම ගූගල් ප්ලේ ස්ටෝර් එකේදී ඔබට අත්දකින්නට ලැබෙන error පණිවිඩයන් වලට ඔබ කල යුත්තේ කුමක්ද, එය විසඳගන්නේ කෙසේද යන්න පැහැදිලි කරනු ඇත.

Google Play - Error 491
ගැටළුව -:
බාගත කරගැනීම් සහ apps/games යාවත්කාලීන කරන්නට නොහැකිවීම.

විසඳුම -:
ඔබේ ජංගම/ටැබ්ලට් උපකරණයෙහි Settings වලට ගොස්, එහි ඇති Accounts යන්නෙන් Google යන්න තෝරා එහි ඇති Remove account යන්න මත ටැප් කරන්න. ඉන්පසුව ඔබගේ උපකරණය Reboot කර නැවත වතාවක් Settings → Accounts → Add account වෙතින් ඔබගේ ගූගල් ගිණුම එකතු කරන්න. ඉන්පසුව Settings වල ඇති Apps (applications) වෙත ගොස් All යන ස්ථානයට ඇඟිල්ලෙන් එහාට මෙහාට කරමින් පිවිසෙන්න. ඉන්පසු එයින් Google Services යන්න තෝරා, Clear Data යන්න මත ටැප් කර ඉන්පසු Force stop යන්න මතද ටැප් කරන්න.


Google Play - Error 498
ගැටළුව -:
ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් කරන බාගත කිරීම් ඔබගේ උපකරණයට බාගතවීමේදී එයට බාධා කිරීම.

විසඳුම -:
මෙයට හේතුව වනුයේ ඔබේ උපකරණයෙහි cache මට්ටම උපරිම අගයක් ගැනීමයි. ඔබට අවශ්‍යය නොමැති ඇප්ලිකේෂන් සහ ලිපිගොනු මකාදමන්න. ඔබේ උපකරණය ක්‍රියාවිරහිත කර Volume down, Home button සහ Power button යන තුන එක්වරම ඔබාගෙන සිටින්න. (බොහෝමයක් samsung උපකරණයන්හී recovery mode වෙත පිවිසෙන්නේ මේ අයුරිනි. සැම්සුන්ග් නොවන උපකරණයක්නම් බොහෝමයක් ඒවාගේ ඇත්තේ volume down සහ power button යන ඒවා එක්වරම ඔබාගෙන සිටීම පමණි.) එවිට ඔබගේ උපකරණය recovery mode වෙත පිවිසෙනු ඇත. එවිට ඔබට විස්තර කිහිපයක්ම දැකගත හැකිවනු අතර ඔබගේ උපකරණයෙහි ඇති ශබ්ධය අඩු හෝ වැඩි කරන කොටස් දෙක මඟින් Wipe cache partition යන්න මතට ගෙනවිත් power button එක ආධාර කරගෙන එය තුලට ඇතුලත්ව Yes යන්න තෝරා දෙන්න.

recovery 02


Google Play - Error 919
ගැටළුව -:
ඔබ බාගතකරගනු ලබන දෙය බාගත වූවත් එය බාගත වී අවසන් වූවාට පසුව ක්‍රියාත්මක නොවේ.

විසඳුම -:
මෙයට හේතුව වනුයේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයෙහි මතක ධාරිතාව නැතහොත් Storage එකෙහි තව දුරටත් ඉතුරු ඉඩක් නොමැති වීමයි. එනයි memory full වීමයි. මෙය විසදාගැනීමටනම් ඔබේ උපකරණයෙහි ඇති MP3, වීඩියෝ පට හෝ වැඩි ඉඩක් හෝ වැඩි ධාරිතාවයක් ඇති ඇප්ලිකේෂන් ඔබේ උපකරණයෙන් මකාදමන්න.


Google Play - Error 413
ගැටළුව -:
ඇප්ලිකේෂන් බාගත කරගැනීමට හෝ යාවත්කාලීන කල නොහැක. ඔබ proxy භාවිතා කරන්නේනම්, එය සමහරවිට Google Play Storeහි ක්‍රියාකාරිත්වයට බලපෑමක් සිඳුවිය හැක.

විසඳුම -:
Settings වලට ගොස්, Apps (හෝ Application manager) සොයාගන්න. ඉන්පසු All යන කොටසට පිවිසෙන්න.  එහි ඇති Google Services යන්නෙහි ඇති Clear data සහ Force stop යන කොටස් දෙකම පිළිවෙලින් ටැප් කරන්න. ඉන්පසුව එහි ඇති Google Play Store ඇප්ලිකේෂන් එක සොයාගෙන එහිද Clear data සහ Force Stop ලබා දී ඔබගේ උපකරණයෙහි අන්තර්ජාලය පිවිසෙන වෙබ් පිරික්සකයේ නැතිනම් browser එකෙහි ඇති cache (කැෂ්) මකා දමන්න.


androidpit play store errors clear data cache




Google Play - Error 921
ගැටළුව -:
ඔබට ඇප්ලිකේෂන් බාගත කරගැනීමට නොහැකියි.

විසඳුම -:
Google Play Store ඇප්ලිකේෂන් එකෙහි ඇති කැෂ් මකාදමා උත්සාහ කරන්න. එයින් ඵලක් වූයේ නැතිනම්, සියලුම Play Store ඇප්ලිකේෂන් එකෙහි දත්ත මකා දමන්න. (ඔබ එසේ කල විට ඔබ විසින් සකසන ලද සියලුම විධානයන් ඉවත්ව යන අතර ඔබට නැවත එම විධානයන් ලබාදීමට සිඳුවනු ඇත.) එම ක්‍රියාවේදීත් ඔබ අසමත් වූයේනම් ඔබේ ගූගල් ගිණුම ඉවත්කර, ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය reboot කර නැවත ගූගල් ගිණුම ඇතුලත් කරන්න.


androidpit google play error remove account




Google Play - Error 403
ගැටළුව -:
බාගත කරගැනීමට නොහැකිවන අතර 'forbidden' යන්න අවශ්‍යය බව පවසයි. මෙය සාමාන්‍යයෙන් සිඳුවනුයේ ගූගල් ගිණුම් දෙකක් විසින් ඔබේ උපකරණයෙහි ඇති ඇප්ලිකේෂන් මිළඳී ගැනීමේදීයි.

විසඳුම 01 -:
ගූගල් Play Store වෙත ඔබ භාවිතා කරනු ලබන නිවැරදි ගූගල් ගිණුමෙන් පිවිසෙන්න. ඔබට මෙම ගැටළුව මතුවන ඇප්ලිකේෂන් එක uninstall කරදමන්න. ඉන්පසුව, නැවත වරක් Play Store මඟින් එම ඇප්ලිකේෂන් එක බාගතකිරීමට උත්සාහ කරන්න. (එවිට එන කවුලුවෙහි ඇති purchase යන්න මත ටැප් කරන්න.)

විසඳුම 02 -:
Play Store වෙත ගොස් එහි ඇති Settings යන්න තෝරා එතුල ඇති Clear search history යන්න තෝරාදෙන්න. මෙයින් ඔබ Play Store එක තුල සෙවුම් කල සියල්ලක්ම මැකී යනු ඇත.

විසඳුම 03 -:
නව ගූගල් ගිණුමක් සාදා එය Play Store සමඟ භාවිතා කරන්න. එම සඳහා Google Play වෙත ගොස් Menu button එක සිලෙක්ට් කරන්න. ඉන්පසුව Accounts යන්න තෝරා New Gmail account යන්න තෝරාදෙන්න. ඉන්පසුව ඇප්ලිකේෂන් එක නැවත ස්ථාපනය කරන්න.



Google Play - Error 923
ගැටළුව -:
ඇප්ලිකේෂන් බාගත කරගැනීමට නොහැක.

විසඳුම -:
ඔබගේ ගූගල් ගිණුම ඉවත් කර සහ ඔබ භාවිතා නොකරන ඇප්ලිකේෂන් ඉවත් කර උපකරණයෙහි මතක ධාරිතාව යම්තාක් දුරකට තබාගන්න. ඉන්පසුව, recovery mode වෙත ඔබගේ උපකරණය reboot කරන්න. Wipe cache partition යන්න තෝරා ඉන්පසුව ඔබේ උපකරණය සුපුරුදු ලෙස ක්‍රියාත්මක කරන්න. බිය නොවන්න. ඔබේ පෞද්ගලික දත්තයන් මැකී නොයනු ඇත. ඉන්පසුව නැවතත් වරක් ඔබේ ගූගල් ගිණුම ලබාදෙන්න.


 http://fs01.androidpit.info/userfiles/3190240/image/WipeCachePartition.jpg



Google Play - Error 492
ගැටළුව -:
ඇප්ලිකේෂන් ඔබේ උපකරණයට ඉන්ස්ටෝල් කල නොහැකියි.

විසදුම -:
Settings වල Apps යන්නෙහි All වලට ගොස් Google Services යන්න තෝරාදෙන්න. ඉන්පසුව Clear Data සහ Force stop යන දෙක මත ටැප් කරන්න. එම ක්‍රියාවලියම Google Play Store ඇප්ලිකේෂනයටද කරන්න.
( ඔබේ ගැටළුව විසඳුනේ නැතිනම්, Dalvik cache මකා දමන්න. මෙය කිරීමට, Custom recovery mode වෙත යාමෙනි (මෙය සිඳුකල හැක්කේ ඔබේ උපකරණය රූට්(root) කර ඇතිනම් පමණි). තවත් විසඳුමක් ලෙස සම්පූර්ණයෙන්ම Data wipe/ Factory reset කිරීමයි. මෙම ක්‍රියාව සියලුම දෙනාට recovery mode මඟින් සිදුකර ගත හැක. මෙම ක්‍රියාව මඟින් ඔබේ උපකරණයෙහි ඇති සියලුම දත්තයන් මැකී යාහැකි අතර, ඔබට අවශ්‍යය කරනු ලබන දත්තයන්ගේ backup එකක් තබාගැනීමට කාරුණික වන්න.



Google Play - Error 927
ගැටළුව -:
බාගත කිරීම් කල නොහැකියි. හේතුව වනුයේ Play Store හි යාවත්කාලිනයන් සිදුවන බැවිනි.

විසඳුම -:
Google Play Store සම්පූර්ණයෙන්ම යාවත්කාලීන වී අවසන් වෙනතුරු ටික වේලාවක් සිටින්න. ගැටළුව තවදුරටත් තිබේනම්, Settings වලට ගොස් Appsහි All යන්නට ගොස් Google Services යන්න මත ටැප් කරන්න. එහි ඇති Clear Data සහ Force Stop යන දෙක මතද පිළිවෙලින් ටැප් කරන්න. එම ක්‍රියාවලියම Google Play Store ඇප්ලිකේෂන් එකටද කරන්න.



Google Play - Install Error 961
ගැටළුව -:
Play Store මඟින් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ස්ථාපනය කිරීමේදී මෙම ගැටළුව පැන නැගේ.

විසඳුම -:
මුලින්ම, ඔබ ඇප්ලිකේෂන් එකක් මිළඳී ගත්තේනම් එය නැවත refund කරන්න. මෙය ඔබ ඇප්ලිකේෂන් එක මිළඳී ගෙන විනාඩි 15ක් ගතවීමට ප්‍රථම කල හැක. මෙය සිඳුකිරීමට Play Store එකෙහි ඇති Repayment යන්න තෝරාදෙන්න. ඉන්පසුව, Settings වෙත ගොස් Application යන්නෙහි ඇති All යන්න තෝරාගන්න. ඉන්පසුව Google Play තෝරා එහි Cache මකාදමන්න. ගැටළුව දිගටම පවතීනම් delete the data යන්නද තෝරාදෙන්න.


මෙම ඉහත දක්වා ඇති විසඳුම් මඟින් ඔබට හැගීයනු ඇති, සියලුම ප්‍රධාන ගැටළු වලට කරන්නට ඇත්තේ එක හා සමාන ක්‍රියාවලි කිහිපයක් බවට. සෑමවිටකදීම ඔබ wipe data හෝ factory/data reset කරන විට පරිස්සම් වන්න. හේතුව, මෙම ක්‍රියාවලි මඟින් ඔබගේ උපකරණයෙහි ඇති පින්තූර, ලිපිගොනු, දුරකථන අංක.... ආදී නොයෙකුත් කරුණු ඔබට අහිමි වීමේ ප්‍රතිශතය ඉහළ අගයක ඇති බැවිනි. මෙම ක්‍රියාවලියන් කිරීමට ප්‍රථම ඔබට අවශ්‍යය කරනු ලබන සියල්ලක්ම පාහේ backup එකක් ලෙස තබාගන්න.


androidpit google play errors factory reset



මෙම ඉහත දක්වා ඇති ගැටළු වලට අමතරව ඔබට ගැටළු පැන නැගී හෝ පැන නැගෙනු ඇතිනම් මාහට දන්වන්න. හැකි අයුරින් ඔබට උදව් කරන්නට මා පොරොන්දු වෙමි.




ගූගල් ප්ලේ ස්ටෝර් එකේ ප්‍රධානතම වැරදි විසඳගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.