Samsung's ChatOn service will shut down next year


ChatON යනු සැම්සුන්ග් සමාගම විසින් නිපදවනු ලබන ස්මාර්ට් ජංගම දුරකථනයන් වලට පැමිණෙන ඔවුන්ගේ මැසෙන්ජර් වර්ගයේ වැඩසටහනකි. මීට කලින් සැම්සුන්ග් සමාගම විසින් නොයෙක් වතාවන්වල මෙම වැඩසටහන ක්‍රියාවිරහිත කර දමන බව පැවසුවත්, නැවත වරක් ඔවුන් මෙම ChatON මැසේජින් වැඩසටහන නවත්වා දමන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. අන්තර්ජාලයේ සනිටුහන් වන පරිදි 2015 පෙරවාරි 1වෙනිදා උදෑසන 9 වන විට මෙම වැඩසටහන අක්‍රීය කරන බවටයි. නමුත් සැම්සුන්ග් සමාගම විසින් පැවසූ අන්දමට "ඇමරිකාව" තුල මෙම වැඩසටහන අක්‍රීය කරන්නේ නැත.

දකුණු කොරියානු තාක්ෂණික මධ්‍යස්ථානය විසින් මෙසේ ඔවුන්ගේ අදහස ඉදිරිපත් කර තිබුනි.
"Under changes in the services operation policy, ChatOn will be closed as of 9 a.m. on Feb. 1, 2015. The move came in line with efforts to meet the changing demands in the market and provide differentiated services to users, focusing on other areas such as health and mobile commerce."
මෙම වැඩසටහන අක්‍රීය කිරීමට පෙර ඔබ මෙම වැඩසටහන භාවිතා කලේනම්, එහි ඇති ඔබට අවශ්‍යය දත්ත කලින්ම බාගත කරගන්න යැයි සැම්සුන්ග් සමාගම විසින් දැනුම් දී ඇත. 


 -------------------------------------
සැම්සුන්ග් සමාගම විසින් ChatOn නවතා දමයි
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.