How To Create Icon File From Image (using Photoshop)


බොහෝ දෙනෙකු දැක ඇති, අන්තර්ජාලයේ යම් යම් පුද්ගලයන්ගේ චිත්‍රපටි හෝ රූපවාහිණී කතා මාලාංග ඇති ෆෝල්ඩර් (Folder) වලට යම් පින්තූරයක් එකතු කර තිබෙනවා. අපටත් හැකියාවක් තිබෙනවා යම් පින්තූරයක් අදාල අයිකනයට යොදන්න. නමුත් එම අප නිකම්ම යොදනු ලබන පින්තූරයේ කිසිම තාත්තිවක බවක්නම් හැගී යන්නේ නැහැ. පසුගිය දිනයන්හීදී මා ෆේස්බුක් වෙබ් අඩවිය හරහා යොදන ලද පින්තූරයෙන් කිහිප දෙනෙකු මෙය සිඳු කරන අයුරු අසා තිබුන නිසාවෙන් අද දිනයේදී එම ක්‍රියාවලිය සිඳු කරන අයුරු මෙම ලිපියෙන් පැහැදිලි කරනු ඇත.

මෙහි දක්වා ඇත්තේ ඔබට කියාදෙන්නට යනු ලබන වර්ගයේ ෆෝල්ඩර් අයිකන් කිහිපයකි.

ලිපිය ආරම්භ කිරීමට ප්‍රථම මෙයට අවශ්‍යය කරනු ලබන උපාංගයන් කිහිපයක් අපට සොයාගත යුතුයි.
- ෆොටෝෂෝප් (Photoshop)
- අන්තර්ජාල සම්බන්දයක් (මෙය වැදගත් වනුයේ ඔබට ගැලපෙන අයුරින් පින්තූරයක් සොයාගැනීමටයි.)
- ෆෝල්ඩර් අයිකන් ටෙම්ප්ලේට් එකක් (Folder Icon Template)

බාගත කරගැනීම්-:
- Photoshop CS4 (Click here to download)
- Folder Icon Template (Click here to download)

මුලින්ම ඔබ කල යුත්තේ ෆොටෝෂෝප් මෘදුකාංගය විවෘත කර ගැනීමයි. ඉන්පසුව ඔබට ලබා දී ඇති අයිකන් ටෙම්ප්ලේට් එක ඔබගේ ෆොටෝෂෝප් මෘදුකාංගය හරහා විවෘත කරගන්න.

ඒ සඳහා ෆොටෝෂෝප් මෘදුකාංගයේ ඉහළ වම් කෙලවරේ ඇති "File" හි ඇති "Open" (අංක 01) යන්න මත ක්ලික් කරන්න.


ඉන්පසුව ඔබ එක්ස්ට්‍රැක්ට් (extract) කරගත් ගොනුව ඇති ස්ථානයට ගොස් ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල psd ගොනුව තෝරා(අංක 02)  "Open" (අංක 03) යන්න මත ක්ලික් කරන්න.


ඉන්පසුව ඔබට පහත පින්තූරයේ දැක්වෙන පරිදි ප්‍රතිරූපයක් දක්නට ලැබෙනු ඇති. එහි අඩංගු දෑ පිළිබඳව අංක පිළිවලට පින්තූරයට පහළින් සඳහන් කර ඇත.


04. Glass - මෙය මඟින් ඔබ ෆොල්ඩරයට දමනු ලබන පින්තූරයට යම් දිස්නයක් එකතු කරනු ලබයි.
05. Front - මෙය ෆෝල්ඩරයේ ඔබ පින්තූරය යොදනු ලබන කොටසෙහි සැලස්මයි.
06. Top Shadow - මෙය ෆෝල්ඩරයේ ඉහළ නම යොදන කොටසට අලංකාරයක් එක් කිරීම සඳහා යොදා ඇති සෙවනැලි ආවරණයකි.
07. Top Layer - මෙය ෆෝල්ඩරයේ ඉහළ නම යොදන කොටසෙහි සැලස්මයි.

හඳුනා ගැනීමේ කොටස අවසන්. දැන් බලමු මෙම ෆෝල්ඩරයට පින්තූරයක් යොදා අපට අවශ්‍යය ආකාරයට සකසා ගනු ලබන අයුරු.

මේ සඳහා ඔබට මුලින්ම අවශ්‍යය කරනු ලබන පින්තූරයක් තෝරාගැනීමට සිඳුවනු ඇත. මේ සඳහා මා තෝරාගනු ලබන්නේ "Let's Be Cops" යන 2014 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටියකි.

මුලින්ම කරන්නට අවශ්‍යය වනුයේ මෙම ෆෝල්ඩර් අයිකනයට ගැලපෙන අයුරින් පින්තූරයක් සොයාගැනීමයි. ඒ සඳහා, ගූගල් ඉමේජ් (Google Image) වෙතට ගොස් ඔබට අවශ්‍යය කරනු ලබන චිත්‍රපටියේ හෝ රූපවාහිනී කතා මාලාවේ නම එහි සඳහන් කරන්න. බොහෝවිට උසස් ප්‍රමිතියක පින්තූරයන් ලබා ගැනීමටනම් එහි අගට "Poster, HD Wallpaper" යන ආකාරයෙන් සඳහන් කිරීම මඟින් උසස් ප්‍රමිතියක පින්තූර ලබාගැනීමට හැක.

ඔබට අදාල පින්තූරය සොයාගත් පසුව එය ඔබගේ පරිගණකයේ ගබඩා කරගත යුතුය. එසේ ගබඩා කරගැනීමට අවශ්‍යයනම් අංක (09) පෙන්වා ඇති 'View image' යන්න මත ක්ලික් කර පසු ලැබෙන පින්තූරය මත 'Right Click' කර එයින් 'Save Image As' යන්න ලබා දෙන්න. අදාල පින්තූරය ඔබගේ පරිගණකයේ ගබඩා නොකර, කෙලින්ම ෆොටෝෂෝප් වෙතට ගෙන යාමට අවශ්‍යයනම් ඔබ කල යුත්තේ ඔබට අදාල පින්තූරය මත ක්ලික් කර පසු පහළ දක්වා ඇති පින්තූරයේ මෙන් එම පින්තූරය විවෘත වනු ඇත. ඉන් පසුව (08) වන ඉලක්කමෙන් පෙන්වා දී ඇති ආකාරයට එම පින්තූරය මත 'Right Click' කර 'Copy Image' යන්න ක්ලික් කරන්න.


ඉන්පසු ඔබ පින්තූරය බාගත කරගනු ලැබූයේනම්, අංක (01)හි දක්වා ඇති ආකාරයට 'File' වෙත ගොස් එහි 'Open' යන්න තෝරා අදාල පින්තූරය ෆොටෝෂෝප් හරහා විවෘත කරගන්න. ඔබ පින්තූරය කෙලින්ම අන්තර්ජාලය හරහා 'Copy Image' කරගනු ලැබූයේනම් 'Ctrl+N' යතුරු ප්‍රෙස් කිරීම මඟින් හෝ 'File → New' ක්ලික් කිරීම මඟින් ඔබට නව කවුලුවක් විවෘත කරගත යුතු වේ. එහි කිසිම වෙනස් කමක් නොකර අංක (10)න් පෙන්වා දී ඇති අයුරින් 'OK' යන්න මත ක්ලික් කරන්න. ඉන්පසුව ඔබට නව කවුලුවක් ලැබෙන අතර ඔබේ කී බෝඩ් එකේ 'Ctrl+P' යන යතුරු එකවර එබීම මඟින් අදාල පින්තූරය එම හිස් කවුලුවට පේස්ට් (paste) කරගත හැක. එසේත් නැතිනම්, ඉහළ වම් කෙලවරේ ඇති 'Edit' යන්න මත ක්ලික් කර එහි ඇති 'Paste' (අංක 11) යන කොටස මත ක්ලික් කරද අදාල පින්තූරය හිස් කවුලුවට ලැබෙනු ඇත.



දැන් ඔබට අවශ්‍යය කරනු ලබන පින්තූරය තෝරාගෙන අවසන්. ඔබට දැන් කරන්නට ඇත්තේ ෆෝල්ඩර් අයිකනයේ ඉහළ නම යොදන්නට ඇති ස්ථානයට අදාල නම යෙදීමයි. මේ සඳහා ඔබට ක්‍රම කිහිපයක් කල හැකියි.

- ඔබට කැමති ෆොන්ට් එකක් තෝරාගෙන එම අදාල ස්ථානයේ නම ටයිප් කල හැකියි.
- අන්තර්ජාලයෙන් ඔබ ලබාගත් පින්තූරයේ ඇති එම චිත්‍රපටියට හෝ රූපවාහිනී කතාමාලවට ගැලපෙන නම එම පින්තූරයේ ඇති අයුරින්ම ලබාගත හැකියි.
- අන්තර්ජාලය තුල එම අදාලා චිත්‍රපටියෙහි හෝ රූපවාහීනි කතා මාලාවට ගැලපෙන නම එම අයුරින්ම ලබාගැනීමට අදාල චිත්‍රපටියේ නම ටයිම් කර ඉන් පසුව එහි ඉදිරියේ logo png යන්නෙන් ටයිප් කරන්න. ඉන්පසුව එය ඔබේ පරිගණකයට ගබඩා කරගන්න. මෙම png පින්තූර අන්තර්ජාලය තුල තිබියදීම කොපි කරගෙන ෆොටෝෂෝප් තුලට රැගෙන යාම සාර්ථක නැත.

ඔබට අවශ්‍යය කරනු ලබන නම, එසේත් නැතිනම් ලෝගෝ (logo) එක png වශයෙන් අන්තර්ජාලයේ නැතිනම්, ඔබ ටයිප් කරන්නටද අකමැතිනම් අපට පින්තූරයකින් එම අදාල ලෝගෝ එක ලබාගත යුතු වේ. එය සිඳු කරන අයුරු පහළ වීඩියෝව මඟින් බලාගන්න. (වීඩියෝවේ ඇසෙනු ලබන අන්තිමට විසිල් පාර ගැන සැලකිලිමත් නොවෙන්න :P)



දැන් කරන්නට ඇත්තේ අදාල පින්තූරය ෆෝල්ඩර් එක යොදාගැනීමටයි. එය සිඳුකරන අයුරු පහත දක්වා ඇති වීඩියෝව මඟින් බලාගන්න.





මේ වන විට ඔබට අවශ්‍යය කරනු ලබන ෆෝල්ඩර් අයිකනය නිර්මාණය කරෙගන අවසන්ව අැති. ඔබට දැන් කරන්නට අැත්තේ ඔබ නිර්මාණය කරගනු ලැබූ png පින්තූරය අයිකනයකට ගැලෙපන අයුරින් කන්වර්ට් (convert) කරගැනීමයි. ඒ සඳහා පහත දක්වා ඇති වීඩියෝව බලන්න.

මෙම ක්‍රියාවලිය සඳහා ConvertICO යන වෙබ් අඩවියේ සහය ලබාගැනීමට සිඳුවනු ඇත.



වීඩියෝවේ ඔබ කලයුතු සියලුම දෑ පිළිබඳව කතා කරනු ලැබුවා. මේ පිළිබඳව ඔබට තවත් ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳව පහළින් සටහනක් දාගෙන යන්න. ඒ වගේම මෙය ඔබට උපකාරයක් වූවානම් ඒ පිළිබඳව සටහනක් දා යන්න :D :P

මම විසින් නිර්මාණය කරනු ලැබූ අයිකන් කිහිපයක් ( 50කට ආසන්න) මෙම ගොනුවේ ඇතුලත් කර ඇත. හින්දි, දෙමළ, තෙලිඟු, මලයාලම් වැනි භාෂාවන්ගේ චිත්‍රපටි වලටද අයිකන් මෙහි අඩංගුව ඇත.
 • Click Here To Download (8MB)

(එමෙන්ම ඔබට මෙම අයිකන් සාදා ගැනීමට අවකාශයක් නැතිනම් ඔබට අවශ්‍යය කරනු ලබන අයිකනය කුමක්දැයි සටහන් කර, ඔබගේ ඊමේල් ලිපිනය සමඟින් සටහන් කරන්න. ඔබට එය ලබා දෙන්නට අපි සූදානමින් සිටිනවා.)


ඔබේ පරිගණකයේ ඇති ගොනු වලට ගැලපෙන අයුරින් ෆෝල්ඩර් අයිකන් එකක් නිර්මාණය කරගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

8 comments:

  1. එල එකක් මචන් :)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නම ගද්දි වටේ තියෙන ඒවත් සිලෙක්ට් වෙනවා කිව්වේ? තව ටිකක් පැහැදිලි කරානම් හොඳයි.

      ඔයා කියන්නේ පින්තූරයකින් නම වෙන් කරලා ගන්න එකනම් හරියටම වීඩියෝ එකේ විදිහට කරන්න. සමහරවිට ඔයාට එක පියවරයක් එකක් අතපසු වෙලා ඇති.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේක නම් නියමයි

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.