How to Install Lollipop 5.0 to N9005 (Note 3)


මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්හි අලුත්ම සංස්කරණය වන ලොලිපොප් සංස්කරණය නිකුත්ව ඇත. නමුදු යම් උපකරණයන්ට මෙම නව සංස්කරණය ලැබුනත්, සමහර උපකරණයන් වලටත් තවමත් මෙම සංස්කරණය ලැබීමේ ප්‍රවණතාවයක් දක්නට නොමැත. මෙම ලිපිය මඟින් ඔබට ඔබගේ ඇති Galaxy Note 3 (SM-N9005) යන international version ජංගම දුරකථනයට ලොලිපොප් සංස්කරණය (official) ඇතුලත් කරන අයුරු පැහැදිලි කරදී ඇත.


මෙම ක්‍රියාවලිය මා විසින් අත්හදා බැලූ අතර, එය 100%ක්ම සාර්ථක විය. පහත සඳහන් කර ඇති පියවරයන්ට අනුව ඔබ ක්‍රියාකලහොත් ඔබගේ N9005 දුරකථනයට ලොලිපොප් සංස්කරණය සාර්ථකව යාවත්කාලීන කල හැක.

ප.ලි - මෙම ලිපියේ ඇත්තේ තවත් කෙනෙකුට දැනුම ලබා දීමක් පමණක් වන අතර, ඔබ අතින් සිඳුවන වැරදීම් වලින් ඔබගේ උපකරණයට වන අලාභහානී මා විසින් බාර නොගනිමි.

01. මුලින්ම පහතින් දක්වා ඇති අවශ්‍යය කරනු ලබන ගොනු කිහිපය බාගත කරගන්න.

02. ඉහත දක්වා ඇති ගොනු බාගත කරගැනීමෙන් පසුව, ඒවා extract කරගන්න.

03. ඔබ Samsung Galaxy Note 3 USB drivers පරිගණකයට ස්ථාපනය කර නොමැතිනම්, එම ඩ්‍රයිවර්ස් ස්ථාපනය කරන්න.

04. Settings වල ඇති Developer Options වෙත ගොස් එහි ඇති USB Debugging යන්න ඉඳිරියෙන් ඇති කොටුව තුල 'හරි ලකුණ' ඇත්දැයි බලන්න. එසේ නොමැතිනම් එය මත වරක් ටැප් කර හරි ලකුණ සනිටුහන් කරගන්න.

05. ඔබේ දුරකථනයේ 50%කට වැඩි බැටරි ආයුකාලයක් තිබිය යුතුයි.

06. ඔබ බාගත කරගනු ලැබූ Odin 3.09 මෘදුකාංගය විවෘත කරන්න.

07.ඉන්සපුව එහි ඇති PIT යන්න මත ක්ලික් කර ඔබ දෙවනියට extract කරගනු ලැබූ ෆෝල්ඩරය තුල ඇති PIT යනුවෙන් අවසන් වන ගොනුව තෝරාදෙන්න. (මෙහිදී ඔබ භාවිතා කරනුයේ 32GB දුරකථනයක්නම් ඔබ pit ගොනුව මෙම odin වෙත ඇතුලත් කල යුතුයි. ඔබ 16GB දුරකථනයක් භාවිතා කරන්නේනම් මෙම pit ගොනුව odin වෙත ඇතුලත් කිරීමෙන් වළකින්න.)

08. Bootloader යන්න මත ක්ලික් කර BL යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

09. PDA යන්න මත ක්ලික් කර AP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

10. CSC යන්න මත ක්ලික් කර CSC යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

11. Modem යන්න මත ක්ලික් කර CP යනුවෙන් මුලින් දැක්වෙන ගොනුව තෝරාදෙන්න.

12. Odin මෘදුකාංගයේ ඔබේ වම් පැත්තට වන්නට ඇති තීරුවෙහි Auto Reboot, Repartition, F.Reset Time සහ Phone Bootloader Update යන ඒවා තෝරාදී ඇත්දැයි බලන්න. එසේ තෝරා දී නොමැතිනම් එහි මත ඉදිරියේ ඇති කොටු මත වරක් ක්ලික් කර හරි සළකුණ යොදාගන්න.


13. ඔබගේ දුරකථනය ක්‍රියා විරහිත කර download mod වෙත ක්‍රියාකරවන්න. ඒ සඳහා, Volume Down + Home + Power යන බොත්තම තුන එකවර ඔබාගෙන සිටින්න. යම් කිසි හෙයකින් ඔබට එහිදී තෝරාගැනීමක් කරන්නට සිඳුවූවහොත්, Volume Up බොත්තම ඔබා continue යන්න ලබාදෙන්න.

14. ඔබගේ දුරකථනය කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරවන්න.

15. දුරකථනය නියමිත අයුරින් පරිගණකය හඳුනාගත්තානම් Odin මෘදුකාංගයේදී පළවෙනි ඇති කොටුවේ ID: COM යන්න නිල් පැහැති හෝ කහ පැහැයක් ගනු ලබයි.

16. Start යන්න ක්ලික් කරන්න.

17. විනාඩි දහයකට ආසන්න කාලයක් තුල ඔබගේ දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය වී අවස් වේවි. එතෙක් කේබලය ගලවන්නටවත්, දුරකථනයට කුමක් හෝ කරන්නට නොයන්න. එමෙන්ම දුරකථනය ස්වයංක්‍රීයවම boot වී ඔබට භාෂාව තෝරාදෙන්නට ඇති ස්ථානයට රැගෙන යනතෙක් කේබලය ගැලවීමෙන් වලකින්න.





සැම්සුන්ග් ගැලක්සි නෝට් 3 දුරකථනයට ලොලිපොප් සංස්කරණය ස්ථාපනය කරන අයුරු
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
 
Share on Google Plus

2 comments:

  1. Meka official da bn.dammata awlak venne nadda.poddak kiyapan tharaha nathiva.update ehema ganna puluvan neda.

    ReplyDelete
    Replies
    1. මේක තමයි මුලින්ම note 3 වලට ආපු ලොලිපොප් එක. sammobile එකෙන් තමයි මේක ලීක් කරේ. ඔෆීෂියල් එකක් තමයි මේක. නමුත්, අප්ඩේට් ලැබීම ගැනනම් කියන්න අමාරුයි.

      Delete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.