Top 5 Battery Saver Android Apps


බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්ට ඇති ගැටළුවක් වන්නේ ඔවුන්ගේ දුරකථනයේ බැටරි ආරෝපණය ඉතාමත් වේගයෙන් බැස යාමයි. දැනට තිබෙන බැටරි ආරෝපණය යම් කාලයක් වැඩිපුර පවත්වාගැනීමට හැකියාවක් ඇති ඇප්ලිකේෂන් රාශියක් පෞද්ගලිකවම පරීක්ෂා කිරීමෙන් අනතුරුව දැනට තිබෙන හොඳම බැටරි ආරෝපණය රැකගැනීමේ ඇප්ලිකේෂන් පහක් දක්වා අඩු කරගැනීමට හැකිවිය. මෙම ලිපියෙන් දැක්වෙන්නේ එම ඇප්ලිකේෂන් පහයි.


DU Battery Saver:

මෙම DU Battery Saver යන ඇප්ලිකේෂන් එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයන් සහ ටැබ්ලට් වල ඇති බැටරියෙහි ආරෝපණය දිගටම පවත්වාගෙන සහ ආරක්ෂිත කරමින් වැඩි කාලයක් භාවිතා කරන්නට සුදුසු වන අයුරින් ක්‍රියාත්මක වන පරිදි නිර්මාණය කර ඇති අතර නොමිලේ බාගත කරගන්නට ලබාදෙන්නකි.  එමෙනම්, මෙය අනිකුත් සියලුම බැටරි ආරෝපණය දිගුකල් පවත්වාගැනීමට ඇති ඇප්ලිකේෂන් වලට වඩා ඉහළ අගයක් ගනු ලබයි. එමෙන්ම මෙහි ඇති නොයෙකුත් ක්‍රියාවිදි නිසා ඔබගේ බැටරියෙහි ආරෝපණය පවත්වාගැනීමට ඒ මඟින් නොයෙකුත් ප්‍රයෝජනයන් ලබාගත හැකිවනු ඇත.

DU-battery-saver

මෙහි නොයෙකුත් අන්දමින් ක්‍රියාත්මක කරවීමේ මාර්ගයන් තිබෙන නිසා ඔබට අවශ්‍යය සහ කැමති අයුරකින් බැටරියෙහි ආරෝපණ කාලය අඩු වැඩි කරගන්නට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම ඩීයූ බැටරි සර්වර් ඇප්ලිකේෂණයට එයටම කියා විජට්ටුවක් පැමිණෙන අතර එය භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම බැටරි ආරෝපණය සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ගයන් ඇප්ලිකේෂණය විවෘත නොකර ලබාදිය හැක.

Battery Doctor:

Battery Doctor යනු ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් යන උපකරණයන් දෙකටම නොමිලේ ලබාගත හැකි ඇප්ලිකේෂන් එකකි. මෙය Play Store එකේ මෙන්ම iTunes හීද බාගත කරගැනීමට ඇත. මෙම ඇප්ලිකේෂන් එක මඟින් ඔබ භාවිතා නොකරනු ලබන, එමෙන්ම ඔබට අනවශ්‍යය පසුබිමින් ක්‍රියාත්මක වන ඇප්ලිකේෂන්, ඔබ ක්‍රීඩාකරමින් සිට අතරමග නවතා දැමූ ගේම්ස්, Wi-Fi සහ අනෙකුත් අන්තර්ජාල සම්බන්දකයන්, තිරය අඟුලු දමන අවස්ථාවන්, තිරයේ දීප්තිමත් බව වැනි බොහෝමයක් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ස්වයංක්‍රීයවම ඒවාට අවශ්‍යය කරන පියවරයන් මෙම ඇප්ලිකේෂන් එක විසින් ලබාගනු ඇත.

Battery-Doctor-android-app

මෙම ඇප්ලිකේෂනය මඟින් ඔබට බැටරිය ආරෝපණය කරගත යුතු අන්තම ඔබටම තීරණය කරන්නට ලබාදී ඇති අතර, ඔබ බැටරිය 100%ක් වන තෙක් ආරෝපණය කලහොත් මෙම මෘදුකාංගය විසින් වැඩිපුර 10%ක ආරෝපණයක් ඔබේ බැටරියෙහි ගබඩා කරනු ලබයි.

Juice Defender:

මෙම මෘදුකාංගයද හොඳම බැටරි ආරෝපණ මෘදුකාංගයන් අතරට වැටෙන තවත් එක ඇප්ලිකේෂන් එකකි. මෙහි නොයෙකුත් ක්‍රමවේදයන් රාශියක්ම පවතිනවා. මෙය විසින් ස්වයංක්‍රීයවම Wi-Fi, GPS, ගේම්ස්, තිරය අඟුලු දැමීම වැනි බැටරි ආරෝපණය වැඩිපුරම භාවිතා වන ඒවා පිළිබඳව ඉතා ඉහළ මට්ටමක හැසිරවීමක් සිඳුකරනු ලබයි.

Juice-defender-android-app

මෙම මෘදුකාංගයටම අයත් වන විකල්පයක් වනුයේ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයෙහි CPU එකේ භාවිතය වැඩිවන විටම මෙම මෘදුකාංගය විසින් ස්වයංක්‍රීයවම ප්‍රොසෙසරය තුල ක්‍රියාත්මක වන සියල්ලම සීමාසහිත කරනු ලබයි. මෙම ඇප්ලිකේෂන් එක විසින් ලබා දෙන විජට්ටුවක් හරහා එක ටැප් එකකින් බැටරි ආරෝපණයට බාධා කරන සියිලුම අනිකුත් ඇප්ලිකේෂන් වසාදමන්නට හැකියාවක් ඇත. 

Easy Battery Saver:

Easy Battery Saver යනු ඔබගේ බැටරි ආරෝපණ කාලය වැඩිකරගැනීමට සුදුසු වන තවත් එක ඇප්ලිකේෂනයකි. මෙය ක්‍රියාත්මක වනුයේ DU Battery Server එක ක්‍රියාත්මක වන අයුරින්මයි. නමුත් මෙය විසින් ඔබගේ ප්‍රධාන පිටුවෙහි විගසින්ම ඔබගේ දැනට ඇති බැටරි ආරෝපණ මට්ටම පිළිබඳව ඔබට දන්වනු ලබයි.

Easy-Battery-Saver 

මෙම ඇප්ලිකේෂනයේ බැටරි ආරෝපණය පවත්වාගෙන යෑම සඳහා ආකාර පහක් තිබෙනවා දක්නට ලැබේ. General Saving mode, Intelligent Saving mode, Super Power Saving mode, Advanced Customized mode සහ Normal mode යනු එම ආකාර පහයි. මෙම ඇප්ලිකේෂන් එක නියමිත අයුරින් භාවිතා කිරීම සඳහා උපදෙස්ද මෙය විසින්ම ඔබට ලබාදෙනු ඇත. මෙය විසින් දුරකථනයේ නෙට්වර්ක් සම්බන්දතාවය, තිරයෙහි දීප්තිමත්බව සහ පසුබිමෙහි ක්‍රියාත්මක වන ඇප්ලිකේෂන් පිළිබඳවද සැලකිල්ලක් දක්වනු ලබයි.

Battery Widget Reborn:

මෙම ඇප්ලිකේෂනයට ලක්ෂණයන් බොහෝමයක් අඩංගුව තිබෙන අතරම, නොටිෆිකේෂන් අයිකනයක් සහ ප්‍රියමනාප විජට්ටු පවා මෙයට අඩංගු කර තිබෙනවා. මෙම මෘදුකාංගය මඟින් රාත්‍රී කාලය තුලදී ඔබගේ දුරකථනය ස්වයංක්‍රීයවම Airplane mode එකට යෙදවිය හැක.


ප්‍රධාන මුහුනත් තිරයේ උබගේ උපකරණයෙහි උෂ්ණත්වය මෙන්ම බැටරිය ආරෝපණය වන සහ ආරෝපණය ගිලිහී යන මාපකයන්ද පෙන්වනු ලබයි. මෙම ඇප්ලිකේෂනයට ඇති විජට්ටු මඟින් විදුලි පන්දම, dash clock extension, සැකසුම් යනාදියද ඇතුලත් කර ඇත. ඇප්ලිකේෂන් එකෙන් සිඳුකරනු ලබන ක්‍රියාවන් හේතුකරගෙන එය යම් කිසි මුදලකට විකුණන්නට ඔවුන් සිතන්නට ඇත්තේ මුදලට සරිලන සේවාවක් මෙය මඟින් සිඳුකරන නිසා විය හැක.



- බැටරි ආරෝපණය වැඩිකරගත හැකි හොඳම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයන් පහ -
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.