Google Pay නිසා ඉන්දියාවේදී ගූගල් සමාගමට විශ්වාසභංග නඩුවකට මුහුණ දීමට සිදුවෙයි.

Google Pay set to tap into 12 million kirana stores in India ...

ගූගල් (Google) සමාගමේ කොටසක් වන Google Pay (ගූගල් පේ) කියන යෙදුම ඉන්දියාව තුළ වංචනික ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගූගල් සමාගමට ඉන්දියාව තුල විශ්වාසභංග නඩුවකට මුහුණ දීමට සිදුව ඇති පවට රොයිටර් පුවත් සේවය හරහා ලෝකයාට දැනගන්නට ලැබුනා.

රට තුළ ඇති තරඟකාරී තත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාව තුළ පිහිටුවා ඇති කොමිෂන් සභාව (The Competition Commission of India - CCI) විසින් Alphabet (ඇල්ෆබර්ට්) ආයතනයේ ගූගල් සමාගම විසින් තම ගූගල් පේ රටතුල ඉස්මතු කිරීම සඳහා සිය වෙළඳපල ආධිපත්‍යය ගසාකන බවට එල්ලවන චෝදනාවන් විමර්ශනය කරමින් සිටී.

මෙම ක්‍රියාදාමය තුලින්, ඇමරිකානු ජනපදයේ තාක්ෂනික දැවැන්තයා ලෙස සැලකෙන ගූගල් සමාගම විසින් ඉන්දියාවේ ඇති මේ හා සමගාමීව තිබෙන ඇප්ලිකේෂන් වලට අසාධාරණයක් වෙන අන්දමින් තමන්ගේ ගූගල් පේ වෙත වාසියක් ලබාදීම නිසා ඒ මඟින් ඉන්දියාවේ පාරිභෝගිකයන්ට සහ අනිකුත් මුදල් ගෙවීමේ ක්‍රමවලට දැඩි හානියක් සිඳුවනු ඇත.

මෙම පැමිණිල්ල පෙබරවාරි මාසයේදී ගොනු කරනු ලද අතර, ගූගල් සමාගම විසින් ඔවුන්ගේ Google Pay යෙදුම ඉන්දියාව තුලදී වැඩිවශයෙන්ම ප්‍රවර්ධනය කර ඇත්තේ ඉන්දියාව තුල ක්‍රියාත්මක වන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල ඇති ගූගල් සමාගමේම Play Store (ප්ලේ ස්ටෝර්) හරහායි. මේ නිසා මෙම Google Pay ලෙසට ක්‍රියාත්මක වන අනිකුත් තරඟකරුවන්ගේ ජංගම ගෙවීම් යෙදුම් වලට අවාසියක් සිදුවනු ඇත. ගූගල් හරහා කරනු ලබන සෙවීම් (search) හැසිරවීම භාවිතා කරමින් Google Pay ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙම විශ්වාසභංගයට චෝදනා ලබන හේතුවක් වනු ලබනවා.

CCI විසින් ගූගල් සමාගම වෙත මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර, නියමිත කාල පරාසය තුල මේ වෙනුවෙන් ගූගල් සමාගමින් පිළිතුරු ලබාදීම සිදු කල යුතුයි. එමෙන්ම වාර්තා වන අන්දමට CCI විසින් මෙම පැමිණිල්ල කරනු ලැබූ පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ අනන්‍යතාවය රහසිගතව තබාගෙන ඇත.

මේ වන විට CCI හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් මෙම නඩුව සමාලෝචනය කරමින් සිටින අතර එයින් අදහස් කරන්නේ ගූගල් සමාගමට ප්‍රතිපිළිතුරු සැපයීමෙන් පසුව ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙල පිළිබඳව තීරණය කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

CCI විසින් මෙම විශ්වාසභංගය මෙහෙයවනු ලබන ඔවුන්ගේ සාමාජිකයන්ට වඩාත් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට උපදෙස් ලබාදී ඇත. මේ පිළිබඳව පරීක්ෂණයන් ආරම්භ කෙරූ දවසේ සිට මේ වනතෙක් CCI ආයතනය විසින් තමන් සොයාගත් කිසිම දෙයක් පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

ඉන්දියාව තුලදී ගූගල් සමාගමට එරෙහිව විශ්වාසභංග පැමිණිල්ලක් ගොනු කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 වසරේදී CCI විසින් ගූගල් සමාගමට ඩොලර් මිලියන 21.17ක දඩයක් නියම කරනු ලැබුවා. ඒ ගූගල් සෙවීම තුලින් සිදුකරනු ලැබූ අනිසි භාවිතයන් නිසා එය භාවිතා කරන තරඟකරුවන්ට මෙන්ම පරිශීලකයන්ටද හානියක ලෙසයි. මෙසේ ක්‍රියාවන් සිදුවී තිබියදීත් ගූගල් සමාගම විසින් කිසිම ගණනකට නොගෙන එම ක්‍රියාපටිපාටියන් නැවත නැවත කිරීම සිත්ඇදගන්නා සුළු කරුණකි.

w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.